Monday, October 9, 2017

Adobe Illustrator - Basic Tutorial – 3 - Creating 3D looking 'Soft Toy' ඇඩෝබි ඉලස්ට්‍රේටර් - මූලික පාඩම් මාලා - 03 - ත්‍රිමාන ලෙස පෙනෙන සොෆ්ට් ටෝයි එකක් නිර්මාණය.

මෙවර ඉදිරිපත් කරන්නේ Adobe Illustrator මෘදුකාංගයේ සැඟවී ඇති විශ්මිත හැකියාව විදහා දක්වන සරල අභ්‍යාසයකි. මේ මගින් ඔබට ත්‍රිමාන ලෙස පෙනෙන ඉතාමත් අලංකාර සොෆ්ට් ටෝයි එකක් නිර්මාණය කරගන්නා අන්දම කියාදෙයි. මෘදුකාංගයේ වැඩිදෙනා භාවිතා නොකරන ටූල් හා විධාන කීපයක් ඇසුරෙන් මෙම පාඩම සකසා ඇත. පළමු හා දෙවන පාඩමේ මූලික විස්තර දැක්වූ නිසාත් අදාල වීඩියෝව ඉදිරිපත් කරන නිසාත් මෙම පාඩම කෙටි සටහන් ඇසුරෙන් ලියා ඇත. 

අදාල යූ ටියුබ් වීඩියෝව
https://www.youtube.com/watch?v=RwOL53cPVsY

පියවර 1 – Illustrator අළුත් පිටුවක් විවෘත කරන්න. (Ctrl+N)

එහි ඇති Width, Height සඳහා පිළිවෙළින් 800,600 යොදා OK කරන්න.

පියවර 2 - Tool Pellet එකේ “වෘත්ත” අඳින ලැයිස්තුවේ පහළ ඇති 'තරු' බොත්තම ('star') Select කරන්න.

කර්සරය Artboard එකට තියල ඇද්දොත් තරුවක් නිර්මාණ වෙයි. (Click and Drag) නමුත් මෙතැනදී එහෙම කරන්න එපා. ඒ වෙනුවට Tool Pellet එකේ 'star' Select කළ පසු කර්සරය Artboard එක මත Click විතරක් කරන්න. එවිට තරු සඳහා වන සංස්කරණ කොටුව විවෘත වෙයි. එහි Radius 1 හා Radius 2 යන්නෙහි කුමක් තිබුණත් Points සඳහා 32 ඇතුලත් කර OK කරන්න.

පියවර 3 - තරුව Artboard එකට සර්ව සම සමපාත කරන්න. (Align to artboard >Horizontal Align Center/ Vertical Align Center)

පියවර 4 – තරුව ප්‍රමාණයෙන් (පරිමාණයට) ටිකක් විශාල කරන්න. (Shift+Alt, and drag)

පියවර 5 - තරුවේ Outline එක (රේඛාවේ ඝනකම) 0.5pt ට කුඩා කරන්න.

පියවර 6 - තරුව එසේම තබා පැත්තකින් තරුවට වඩා ටිකක් කුඩාවට වෘත්තයක් ඇඳගන්න. (මෙසේ කරන්නේ තරුවට වර්ණ යෙදීම වෙනුවට පළමුව වෘත්තයට වර්ණ යොදා පසුව එය තරුවටද ආදේශ කිරීම සඳහාය.).

පියවර 7 – වෘත්තයේ Outline එක නැතිකර fill එකට Default , Gradient එක දාන්න.

පියවර 8 – Gradient පැලට් එකේ පළමු වර්ණය CMYK ලෙස ලබාගන්න. එහි අගයන් C=0,M=94,Y=20,K=0 එම වර්ණය 71% ක් දකුණට ගෙනියන්න. දෙවන වර්ණයත් CMYK ලෙස ලබාගන්න. අගයන් C=28,M=96,Y=100,K=34

පියවර 9 - වෘත්තයේ Gradient වර්ණය තරුවට ආදේශ කරන්න. ක්‍රමය වීඩියෝවේ දක්වා ඇත. තරුවේ Outline එක ඇතොත් එය අයින් කරන්න.

පියවර 10 - තරුවේ පිට මායිමේ හැඩය වෙනස් කිරීමට Effect>Stylize>Round Corners යටතේ එන Box එකේ Radius වල 34pt දාන්න.

පියවර 11 - තරුවේ පිටපතක් එහි මතම අරගන්න. (Ctrl+C) සහ (Ctrl+F)

පියවර 12 - මතුපිට තරුව මධ්‍ය ලක්ෂයේම තබා සමමිතිකව ඉති කුඩා කරන්න.

පියවර 13 – තරු දෙකම එකවර Select කර Object>Blend>Blend Options යටතේ එන Box එකට අදාල අගයන් ඇතුළු කරන්න. Specified Steps 100 සහ Align to Path.


පියවර 14 - නැවතත් Object>Blend>Make

පියවර 15 - දැන් තරු දෙකම එකට Blend වී ඇත.

පියවර 16 – Effect>Distort & Transform>Pucker & Bloat යටතේ එන Box එකට ඇතුළු කරන් අගයන් මෙසේය. Pucker -සඳහා (-17% )

පියවර 17 – Effect>Distort & Transform>Roughen යටතේ එන Box එකට ඇතුළු කරන් අගයන් මෙසේය. Option යටතේ Size සඳහා 17% යි. 'Relative'. Details=0 සහ Points සඳහා Smooth.

එවිට රෝස පැහැයෙන් ඔබගේ සොෆ්ට් ටෝයි එකේ මතුපිට නිර්මාණය වෙයි.

පියවර 18 – Direct Selection Tool එකෙන් කුඩා තරුව පමණක් ප්‍රවේසමෙන් තෝරා එය තරමක් උඩට ගෙනියන විට සොෆ්ට් ටෝයි එකේ හැඩය මනාව නිර්මාණය වෙයි.

පියවර 19 - කැමති ආකාරයට ඇස් දෙකක් සහ නහයක් සාදා නිර්මාණය අලංකාර කරගන්න. ත්‍රිමාණ බව උළුප්පා පෙන්වීමට ටෝයි එක යටට ෂැඩෝ එකක් සහ පසුබිමට Gradient Back එකක් යොදන්න.



- අයෝම ජයසිංහ 2017 ඔක්තෝබර්
ayolanka@gmail.com

2 comments:

  1. නියමයි සහෝ. නියම ලිපි පෙලක්. කරුණු එකතු කරගෙන ක්‍රමවත්ව ලියන ලිපි පෙලක්.
    මේ වගේ වටිනාම වටිනා බ්ලොග් එකක් ඇයි කාටත් මඟ හැරිලා තියෙන්නේ.
    රයින්හාඩ් හයිඩ්‍රිච් ඝාතනය ගැන හොයද්දී තමයි මට මේ බ්ලොග් එක හමුවුනේ.
    වටිනා කරුණු රැසකින් පිරුණු මේ බ්ලොග් එක සින්ඩිකේටර් වලට එකතු කරන්න සහෝ.
    නියම ලිපියක්. ජයෙන් ජය.

    ReplyDelete
    Replies
    1. ඔව්ල සහෝ මං වැඩියෙන්ම ලියන්න කැමති මේ සොෆ්ට්වෙයා පාඩම් වලට වඩා ඉතිහාස කරුණු වලට අදාල ලිපි. ඒවා මාර ගති. එවැනි ලිපි ලියන්න කරුණු හොයන විට ඇඟටම වදිනවා. මනසින් ඒ ඒ තැන් වලට යනවා. ස්තුතියි ඔබේ වදන් වලට. මං ඔය සින්ඩිකේට් ක්‍රමය තවම අල්ලගත්තෙ නෑ. පසුව මට කියාදෙන්න. නැවතත් ස්තුතියි.

      Delete

මේවාත් බලන්න

Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර

Alive (එලයිව්) “පණපිටින් ”/ “ජීවතුන් අතර ” 1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින ...