Tuesday, August 12, 2014

මාටෙලෝ කුළුන

මාටෙලෝ කුලුන


බ්‍රිතාන්‍ය සහ ඕලන්ද සමයේ ඉදිකරන ලද ඓතිහාසික ස්මාරකයන් රැසක් හම්බන්තොට කච්චේරි භූමියෙහි පිහිටා ඇත. (මෙම සමස්ත භූමියම එදා හම්බන්තොට කොටුව ලෙස සැලකුණි.) පැරණි ප්‍රදීපාගාරය, පැරණි කච්චේරිය, දිසාපති බංගලාව, උසාවිය, තානායම, අශ්වගාල, එල්ලුම් ගස හා සොහොන් භූමිය ඉන් කීපයකි.



මාටෙලෝ කුලුනද ඉන් එකකි. මෙය හම්බන්තොට නගරයට ඉතා සමීපව වරාය දෙසට මුහුණලා භූමි මට්‌ටමින් තරමක්‌ උස්‌වූ කුඩා කඳු මුදුනක්‌ මත ස්‌ථාපිත කර ඇති ගොඩනැගිල්ලකි.

මාටෙලෝ කුලුනේ අද පෙනුම

මාටෙලෝ කුලුන යනු අතීත කාලයේ එනම් ලන්දේසි හා ඉංග්‍රීසි පාලන සමයේ ඉදිකරන ලද යුධ අට්ටාලයකි. මෙය සිලින්ඩරාකාර ගොඩනැගිල්ලකි. මහල් 3කින් සමන්විතවූ මෙහි ඉහළ මාලයේ දැවැන්ත කාලතුවක්කුවක් සවිකොට තිබී ඇත. (එම කාලතුවක්කුව සවිකර තිබූ වෘත්තාකාර වේදිකාව අදද දක්නට ඇත.)

මාටෙලෝ කුලුනේ ඉහල මාලය. දකුණු පසින් ඇත්තේ මැද පිහිටි වෘත්තාකාර වේදිකාවයි.

මෙම කාලතුවක්කුව එකල භාවිතා කොට ඇත්තේ හම්බන්තොට ඈත මුහුදේ දර්ශනය වන සතුරු නෞකාවලට පහරදීම පිණිසය. කාලතුවක්කුව අංශක 360 කින් වෘත්තාකාරව කරකැවීමට හැකි පරිදි යම් යාන්ත්‍රණයක් එහි තිබූ බව කියවේ. 


වෙනත් රටක ඉදිකර තිබූ මාටෙලෝ කුලුනක මුදුනේ සවිකර ඇති වටේට කරකැවිය හැකි යාන්ත්‍රණයක් සහිත කාලතුවක්කුව. ලංකාවේ මාටෙලෝ කුලුනේ මෙම කාලතුවක්කුව නැති අතර එහි මැද රවුම් වේදිකාව පමණක් ඉතිරිව ඇත.

අඩි 25ක් උස්වූද අඩි 40ක විෂ්කම්භය ඇත්තාවූද සිලින්ඩරාකාර තාප්පයකින් හා වෘත්තාකාර පාදමකින් සමන්විතවූ මෙම යුධ කඳවුරේ ඉහළම මහල කොන්ක්‍රීට් වලින් නිමවා ඇත. කලින් සදහන් කළ කාලතුවක්කුව රදවා ඇත්තේ මෙම තට්ටුවේය. එයට ප්‍රවිෂ්ට වීම සඳහා ඉනිමං සකසා ඇත. මැද මහල නිමවා ඇත්තේ ලෑලි තට්ටුවකින්ය. එය යුධ භටයින්ගේ නවාතැන විය. අභ්‍යන්තරයේ ඇති ඉනිමං ආධාරයෙන් තට්ටුවෙන් තට්ටුව ඉහළට ගමන් කළ හැකිය. බිම් මහලට ඇතුළුවීමට මැද මහලේ සිට වෙනම දොරටුවක් ඇත. බිම් මහළේ ගබඩා කර තිබී ඇත්තේ වෙඩි බෙහෙත් හා පුපුරණ ද්‍රව්‍යයයි. නිරීක්‍ෂණ කටයුතු සිදු කිරීමට හැකි වන අයුරින් බිත්තියේ විවිධ ස්ථානවල කුඩා වා කවුළු ඉදිකර ඇත. එසේම කුලුන අභ්‍යන්තරයට ප්‍රවේශ වීම සඳහා ඉදිරිපසින් තරප්පු පෙලක් සහිත එක්‌ දොරටුවක්‌ පමණක්‌ ඉදිකර තිබේ. 

  
වෙනත් රටක ඉදිකර තිබූ මාටෙලෝ කුලුනක ආකෘතිය.එහි කාලතුවක්කුව අංශක 360 කින් කරකැවිය හැකි යාන්ත්‍රණය බලන්න.

වෙනත් රටක ඉදිකර තිබූ මාටෙලෝ කුලුනක තවත් ආකෘතියක්.

හම්බන්තොට මාටෙලෝ කුළුණ උච්ඡත්වයෙන් ඉහළ කුඩා කඳු මුදුනක්‌ කේන්ද්‍ර කර ගනිමින් හාත්පස නගරය හෝ මහ සයුර පෙනෙන අයුරින් සහ නගරයට ඇතිවන බාහිර උපද්‍රවයන් කල් තබා හඳුනා ගැනීමට හැකිවන අයුරින් ගොඩනගා ඇත. මෙම කුළුණේ ස්‌වරූපය මත එය සතුරු ප්‍රහාරයකින් පහසුවෙන් බිඳහෙළිය නොහැකිය. තවද මුදුන් මහලේ සිට එල්ල කරනු ලබන කාලතුවක්‌කු ප්‍රහාර මගින් සතුරු යාත්‍රා වලට දරුණු ප්‍රහාර එල්ල කිරීමට හැකි වීම ද මෙහි විශේෂ ලක්‍ෂණයකි.


මාටෙලෝ කුලුන මුදුනේ සිට පෙනෙන හම්බන්තොට මහ සයුර. මෙහි ඈත දිස්වූ සතුරු නෞකා වලට මෙහි සිට පහර දෙන ලදී.


ප්‍රතිසංස්කරණය

හම්බන්තොට කච්චේරි භූමියෙහි පිහිටි ඓතිහාසික ස්මාරක දශක කිහිපයකට පෙර එනම් 1999 වසරේදී නෝර්විජීයානු රජයේ නෝරාඩ් NORAD ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ධීවර කෞතුකාගාරය පිහිටුවීම පිණිස ය. මේ නිසා 1999 වසරේ මාටෙලෝ කුලුනද ප්‍රතිසංස්කරණයට භාජනය විය. නමුත් මේ සියල්ල මෙතෙක් කාලයක් බරපතළ ලෙස ගරා වැටෙමින් තිබී ඇත. මාටෙලෝ කුලුනට නැගීම පවා සංචාරකයන්ට තහනම් කර තිබී ඇත්තේ එහි ඉහළ මාලයේ පැරණි තුනී කොන්ක්‍රීට් තට්ටුව අබලන් තත්වයක පැවති නිසාය. (පැරණි තට්ටුව සාදා තිබී ඇත්තේ ලෑලි තට්ටුවක් සාදා ඒ මත තුනී කොන්ක්‍රීට් තට්ටුවක් ඇසිරීමෙනි.)

දැනට අවුරුද්දකට පමණ පෙර එක් දිනක මධ්‍යම රාත්‍රීය පුරා ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව මැද්දේ මෙහි ඉහළ මාලය කඩා වැටුණු ශබ්දය එහි ආරක්ෂාවට සිටි සේවක මහතෙකුට ඇසුණු බව අප එහි ගිය සංචාරයකදී දැනගන්නට ලැබුණි. ඉන්පසු 2013දී මෙහි තුනවන වරටත් ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගිනි.


2013- ප්‍රතිසංස්කරණයේදී.


ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පසු 2014දී.

නොබෝදා අප එහි යන විට මෙහි සියළු තට්ටු යකඩ බාල්ක සහ කොන්ක්‍රීට් යොදා ඉතා ශක්තිමත්ව නිමවා තිබුණි. දැන් සංචාරකයන්ට එහි මුදුනටම නැග අවට සිරි නැරඹිය හැක.

මාටෙලෝ කුලුන ලංකාවට පමණක් අවේනික දෙයක් නොවේ. එය යටත් විජිත පාලන සමයන්හිදී (පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි) වෙනත් යටත් විජිත රටවලද ඉදිකරන ලද හමුදා ආරක්ෂක අට්ටාල වර්ගයකි. ලෝකයේ එවැනි සමහර රටවල ඉදිකර තිබූ මාටෙලෝ කුලුනු අදටත් දක්නට ඇත. නමුත් ඒවා බොහොමයක් නටබුන් බවට පත්ව තිබේ. ඇතැම් කුලුනු තවමත් හොඳින් ආරක්ෂා වී ඇත. 




අදටත් හොදින් ආරක්ෂාවී ඇති වෙනත් රටවල ඇති මාටෙලෝ කුලුනු

නැඟෙනහිර කෝසිකෝවේ මාටෙලෝ කුලුනෙහි සැලැස්ම අනුගමනය කරමින් ලංකාවේ මාටෙලෝ කුලුන ගොඩනඟන ලද බව සඳහන් වේ. ලංකාවටම ඇති එකම මාටෙලෝ කුලුන මෙයවේ. දකුණු ආසියානු රටවල් ගත්විට හොඳින් ඉතිරිව ඇති එකම කුලුනද මෙය වේ. තවද එය ලෝකයේ මෙතෙක්‌ ශේෂව ඇති එවැනි නිර්මාණ කිහිපය අතුරින් පැරණිතම ස්‌මාරකය‌ ද වන්නේය. ඒ නිසා එය අද අපට ඇති හොඳ කෞතුක වස්තුවකි. දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ඇද ගත හැකි හොඳ ඉල්ලමක් බවට පත්කිරීම වගකිවයුත්තන්ගේ කාර්යයකි.

මෙම කුලුන ගොඩනැගීම පිළිබඳ මත 2ක් පවතී. එකක් ඕලන්ද හෙවත් ලන්දේසි ජාතිකයන් 1796 දී මෙය ගොඩනගන ලද බවකි. අනික ඉංග්‍රීසි ජාතික හමුදාවේ ඉංජිනේරු බලකායේ කැප්ටන් ගෝපාර් නමැත්තා විසින් 1803දී මෙය ගොඩනගා ඇති බවයි. මෙම මත දෙකම සනාථ කළහැකි ඉතිහාසගත කරුණු සොයාගත හැකිය. මේ නිසා 1796 දී ඕලන්ද පාලන බලය මෙරටින් තුරන් කිරීමට පෙරාතුව ඉදිකරන ලදුව කැප්ටන් ගෝපර් විසින් පසුව සංවර්ධනය කරන ලද්දක්‌ විය හැකි යැයි සිතීම වඩාත් සාධාරණ තර්කයක්‌ ලෙස පෙනීයයි. ඉංග්‍රීසීන් ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ අල්ලාගත් පසු අත්අඩංගුවට ගත් අවසන් ලන්දේසි සෙබළුන් සිරකරුවන් විදිහට මෙම කුලුන තුළ රඳවාගෙන සිටි බවටද මතයක් ඇත. 

ප්‍රදීපාගාරය

කච්චේරි භූමියෙහි පිහිටා ඇති තවත් ස්මාරකයක් වන්නේ අඩි 35ක් පමණ උස ප්‍රදීපාගාරයයි. ප්‍රදීපාගාරයේ පහනක් දල්වා එම ආලෝකය මුහුද වෙත යොමු කරන ලද බව සඳහන්ය.

වසර 105කට පමණ පෙර ඉදිකරන ලදැයි සැලකෙන දිසාපති බංගලාව එවකට උප දිසාපතිවරයෙකු හා ගත්කතුවරයෙකු ලෙස ප්‍රකටව සිටි ලෙනාඩ් වුල්ෆ් මහතාගේ නිවහන විය.

මෙය වරින් වර ප්‍රතිසංස්කරණය කිරීම හේතුවෙන් අදත් ඉතාමත් සතුටුදායක පවතින අතර වත්මන් දිසා ලේකම් වරයාගේ නිවහන වී ඇත.

හම්බන්තොට කච්චේරි ගොඩනැඟිල්ල ද අවුරුදු 110කට වඩා පැරණිය.මෑතක් වනතුරුම හම්බන්තොට දිසා අධිකරණය පිහිටියේ මෙහි ය.

තානායම

අදටත් සංචාරකයන් නවාතැන් ගන්නා හම්බන්තොට රජයේ තානායම එදා දවස ලෙනාඩ් වුල්ෆ් මහතාද නවාතැන් ගත් තානායම විය.


තානායම අද

එල්ලුම්ගහ

ඉංග්‍රීසි පාලන සමයේදී මරණීය දණ්‌ඩනයට ලක්‌කළ පුද්ගලයන් එල්ලා මරා දමනු ලැබූ "එල්ලුම් ගහ" තවමත් මේ කොටුව තුළ පිහිටා තිබේ. එය දකුණු මුහුද අයිනෙ පාලු, හුදකලා ස්‌ථානයක සවිකර තිබේ. මේ එල්ලුම් ගහේ කොටසක්‌ අදවන විට විනාශවී ඇතත් යකඩ පාදමත් ඊට සවිකළ ඕක්‌ අරටු කඳේ අඩි 30-35 ක කොටසකුත් තවම සංරක්‍ෂණය වී පවතී. මේ එල්ලුම් ගහේ මෙතෙක් පුද්ගලයින් 7 දෙනෙකු එල්ලා මරා දමා ඇති බව කියවේ. ඔවුන්ට මරණීය දණ්ඩනය ලබාදෙන අයුරු ලෙනාඩ් වුල්ෆ් තමන්ගේ නිල නිවසේ සිට එදා බලාගෙන හිටිය බවට මතයක්ද පවතී.


හම්බන්තොට දකුණු තුඩුවේ කෙළවරම පිහිටි එල්ලුම් ගස. මෙහි එල්ලා මරන ලද මිනිසුන් හත් දෙනාගේ අවසන් හුස්ම පොද එදා මුහුදු සුළගත් සමග මුසුවන්නට ඇත. මෙම ප්‍රදේශයේ ඉතා අධික සුලං හැමීමක් පවතී.


එල්ලුම් ගසේ  පාදම යකඩින් නිමවා ඇත. ගසේ මුල විශාල කොටසක් දිරාපත්ව ඇති නිසා අද හෙටම මෙය සුළගත් සමග කඩා වැටෙන්නට ආසන්න බව පෙනේ. මෙය වහා සංරක්ෂණය කළයුතු පුරාවිද්‍යා ස්මාරකයකි.


මෙම සමස්ථ භූමි ප්‍රදේශයම ඓතිහාසික ස්මාරක වලට හානියක් නොවන පරිද්දෙන් මේ දිනවල සංවර්ධනය කෙරෙමින් පවතී. 
* මෙම බ්ලොග් ලිපියේ පළවී ඇති ඡායාරූප මත ක්ලික් කිරීමෙන් ඒවා ඔබට විශාල කර බැලිය හැක.

Thursday, July 24, 2014

Captain Phillips - කැප්ටන් පිලිප්ස් කතාවේ පසුබිම

Captain Phillips - කැප්ටන් පිලිප්ස් කතාවේ පසුබිම



කැප්ටන් පිලිප්ස් - සත්‍ය කතාවක පසුබිම

මුහුදු මංකොල්ලකරුවන් (Pirates) කියූ සැණින් අප කුඩා කල මතකයට නැගුණේ අපූරු චිත්‍රයකි. මිනී ඔළුවක් සහ ඇට කැබලි දෙකක් සහිත ලාංඡනයක් යෙදූ කොඩියක් රැගත් නෞකාවක ගමන් ගන්නා එකැසක් කළු රෙදි පටියකින් වසා සිටින පුද්ගලයෙකි. ඔහු විශාල තොප්පියක් හිසෙහි ලාගෙන දෙඅත්හිම තුවක්කු රඳවා ගෙන සිටී. මොවුහු මුහුදේ ගමන් ගන්නා වෙනත් නෞකා වලට පහරදී ඒවායෙහි ඇති වස්තුව කොල්ලකා පලායති. මුහුදු කොල්ලකරුවන් පිලිබඳ මෙවැනි මතකයන් එන්නේ අප කුඩා කාලයේදී කියැවූ සහ බැලූ ඉංග්‍රීසි චිත්‍රකතා හෝ එවැනි චිත්‍රපට නිසාය. එසේම එවැනි කතා ගෙතීමට පාදක වූ ක්‍රි.වර්ෂයට පෙර යුගය තරම් ඈත සිදුවූ සත්‍ය කතා වලද මුහුදු කොල්ලකරුවන් සැරසී ඇත්තේ ඉහත කී ආකාරයටම බව ඉතිහාසයේ සඳහන්ව ඇත. මෑතක නිපදවූ හොලිවුඩ් චිත්‍රපටයක් වන “පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්” (Pirates of the Caribbean) වල ප්‍රධාන චරිතයද මා ඉහත කියූ මුහුදු කොල්ලකරුවෙකි. 


ජැක් ස්පැරෝ රඟන පයිරේට්ස් ඔෆ් ද කැරිබියන් චිත්‍රපටයේ පෝස්ටරයක්


නමුත් වර්තමානයේ මුහුදු කොල්ලකරුවන් පිළිබඳ ප්‍රවෘත්ති අපට පුවත්පත්, රූපවාහිනී හෝ අන්තර්ජාලයෙන් ලැබේ. ඒ සෑම ප්‍රවෘත්තියකින්ම ලැබෙන තොරතුරු නිසා මුහුදු කොල්ලකරුවන් (Pirates) කියූ සැණින් අද මතකයට එන්නේ අප්‍රිකානු රටක් වන සෝමාලියාවේ සිට බෝට්ටු මගින් ගැඹුරු මුහුදට පැමිණ, ඒ අසලින් ගමන් ගන්නා මගී හා භාණ්ඩ ප්‍රවාහන නෞකා කොල්ලකා පලා යන මුහුදු කොල්ලකරුවන් පිරිසකි. ඔවුන් ඇතැම්විට නෞකාවල භාණ්ඩ හෝ මුදල් කොල්ලකන අතර තවත් විටක නැව් පිටින් ප්‍රාණ ඇපයට ගනී. එම නැව් නිදහස් කිරීම සඳහා අදාල බලධාරීන් හෝ සමාගම් වලින් කොල්ලකරුවන් විශාල කප්පම් මුදල් ඉල්ලයි. නෞකාවල මෙන්ම කුඩා යාත්‍රා වල ගමන් ගන්නා වැදගත් පුද්ගලයින්ව හෝ ධීවරයින්ව පැහැරගෙන ගොස් ඔවුන් වෙනුවෙන් විශාල කප්පම් මුදල් ඉල්ලා සිටීම සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ නව ප්‍රවණතාවයි. මේ අනුව දැන් සෝමාලියානු කොල්ලකරුවන්ගේ මුඛ්‍ය අරමුණ ඩොලර් කෝටි ගණන් මුදල් උපයා ගැනීමය. 2009 වසරේ සිදුවූ මෙවැනි පුද්ගල පැහැරගැනීමක් ලොව පුරා පුවත් මැවූ විශේෂ සිද්ධියක් බවට පත්විය. ඒ 2009 අප්‍රේල් 08 දින “මාර්ස්ක් ඇලබාමා” (Maersk Alabama) නම් අමෙරිකාවට අයත් කන්ටේනර් නෞකාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් සිව්දෙනෙකු විසින් පැහැරගෙන පසුව එහි සිටි කපිතාන්ව ප්‍රාණ ඇපයට තබා මුදල් ඉල්ලා සිටීමේ සිද්ධියයි. ත්‍රාසජනක සිද්ධි මාලාවකින් පිරි මෙම කතාන්දරය 2013 දී (Captain Phillips) ලෙස සිනමාවට නැගිණි. එම කතාව පසුබිම් විස්තර සහිතව මෙසේ ඉදිරිපත් කරමි.

“මාර්ස්ක් ඇලබාමා (Maersk Alabama) යනු (කලින් මෙහි නාමය - “අල්වා මාර්ස්ක්”) ලෝ ප්‍රකට “මාර්ස්ක් ලයින්” සමාගමට අයත් කර්ටේනර් ප්‍රවාහන නෞකාවකි. එහි මෙහෙයුම් කටයුතු සිදුකරනු ලැබුවේ “වෝටර්මන් ස්ටීම්ෂිප්” සමාගම විසිනි.


මාර්ස්ක් ඇලබාමා නෞකාව

(*“මාර්ස්ක් ලයින්” සමාගමට අයත් කර්ටේනර් සහිත ට්‍රක් රථ ශ්‍රී ලංකාවේද ගමන්කරනවා ඔබද දැක ඇතිවාට සැක නැත.) 
මාර්ස්ක්  ලයින් සමාගමට අයත් කන්ටේනර් ට්‍රක් රථයක්

නෞකාවේ බඳ සෙසු මාර්ස්ක් නෞකා මෙන්ම ලානිල් සහ බේජ් පැහැයෙන් පින්තාරු කොට තිබුණි. 

නැවේ ඉතිහාසය 

අල්වා මාර්ස්ක් නෞකාව තායිවානයේ පිහිටි චීන නෞකා නිර්මාණ සමාගම (China Shipbuilding Corporation) මගින් නිපදවා 1998 දී දියඹට මුදාහැර තිබේ. එකල නෞකාව අයත්ව තිබුණේ ඩෙන්මාකයටය. 2004 දී නැවේ නම “මාර්ස්ක් ඇලබාමා” වූ අතර අයිතිය අමෙරිකාවට පැවරුණි. එහි මෙහෙයුම් කටයුතු සිදුකළේ අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ නෝ‍ෆෝක් හි (Norfolk, Virginia) මූලස්ථානය කරගත් “මාර්ස්ක් ලයින්” සමාගමයි. නෞකාවේ සුපුරුදු ගමන් මාර්ගය වන්නේ කෙන්යාවේ “මොම්බාසා” වරායේ සිට ඕමානයේ “සලාලා” වරායටත් එතැනින් “ජිබුටි” වලටත් ගමන්කර නැවතත් මොම්බාසා වලට ගමන් කිරීමය. 


2009 දී නෞකාව ග්‍රහණයට ගැනීමට මුහුදු කොල්ලකරුවන් ගත් උත්සාහය

2009 දී නේටෝ සංවිධානයේ උපදෙස් පරිදි අමෙරිකානු සමුද්‍රාසන්න කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සෝමාලියාවට ආසන්නයෙන් ගමන් කරන සියළුම නෞකාවන්ට ආරක්ෂක රීතියක් නිකුත් කරනු ලැබීය. එය නම් එම නෞකා අවම වශයෙන් සෝමාලියානු වෙරළේ සිට නාවුක සැතපුම් 600ක් (කිලෝමීටර් 1,100ක්) වත් ඈතින් ගමන් කළයුතු බවයි. මෙම උපදෙස් හො‍ඳින් ක්‍රියාත්මකව තිබියදීත්, ඇලබාමා නෞකාව මුහුදු කොල්ලකරුවන් අතට පත්වෙද්දී, එය සෝමාලියා වෙරළේ සිට නාවුක සැතපුම් 240 ක් (කිලෝ මීටර් 440ක් හෙවත් සැතපුම් 280ක්) ඈත දියඹේ ස්ථානගත වී තිබී ඇත. එවිට එය සිය ගමන් වාරයක් සම්පූර්ණ කිරීමට කෙන්යාවේ මොම්බාසා වරාය වෙතට පැමිණෙමින් සිට ඇත. එම අවස්ථාවේදී නෞකාවේ මෙට්රික් ටොන් 17,000 ක භාණ්ඩ (කන්ටේනර්) තිබී ඇති අතර ඉන් මෙට්රික් ටොන් 5,000කම තිබී ඇත්තේ කෙන්යාවට, උගන්ඩාවට හා සෝමාලියාවට රැගෙන යමින් තිබූ සහනාධාර අඩංගු බහාලුම්ය.

දිනය 2009 අප්‍රේල් 7 දිනය. මුහුදු මංකොල්ලකරුවන් යම් විටක පැමිණියහොත් ගතයුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව කපිතාන් රිචඩ් පිලිප්ස් ප්‍රමුඛ නැවේ කාර්ය මණ්ඩලය පෙරහුරුවක නිරත වෙමින් සිටියහ. පෙරහුරුව නිමාවන්නටත් පෙර ඔවුන්ගේ රේඩාර් තිරයේ පුංචි තිත් දෙකක් සටහන් විය. කුමක් හෝ වස්තුවක් තම නෞකාව දෙසට වේගයෙන් පැමිණෙන බැව් නැවේ කපිතාන්වූ පිලිප්ස්ට වැටහිණි. කපිතාන් එය කුමක්දැයි සැක හැර දැනගැනීමට නැව් තට්ටුවට විත් දුර බලන කණ්නාඩියෙන් ඒ දෙස බැලීය. සැබවින්ම මුහුදු මංකොල්ලකරුවන් රැගත් යාත්‍රා දෙකක් තමන් වෙත පැමිණෙනු ඔහු දුටුවේය. නමුත් මෙවැනි අවස්ථාවක පිළිගත නොහැකි දෙයක් නම් නැවේ කිසිම අවි ආයුධයක් නොතිබීමයි. කපිතාන් විසින් වහාම අමෙරිකානු සමුද්‍රාසන්න කළමනාකරණ මධ්‍යස්ථානයට මේ බව දන්වා ආරක්ෂක උපදෙස් පැතීය. නමුත් එම මධ්‍යස්ථානටද ඉක්මණින් කළ හැකි දෙයක් නොවීය. කෙසේ වෙතත් ඔවුන් නැවේ කාර්ය මණ්ඩලයට උපදෙස් දුන්නේ හමුදා ක්‍රියාන්විතයක් සිදු කරනතුරු කලින් ලබාදී ඇති උපදෙස් වලට අනුව ක්‍රියාත්මක වන ලෙසය. 

මේ අනුව ගුවනින් ප්‍රහාරයක් සිදුවන බව (ගුවන් යානයක් පැමිණ කොල්ලකරුවන්ට බෝම්බ හෙලන බව) නැවේ කාර්ය මණ්ඩලය කොල්ලකරුවන්ට ඇසෙන සේ ව්‍යාජ ගුවන් විදුලි පණිවිඩ හුවමාරුවක නිරතවුණි. මෙය සවන් දුන් එක බෝට්ටුවක සිටි කොල්ලකරුවන් බියට පත්වී තම බෝට්ටුව ආපසු හරවා යන්නට ගියේය. ඉතිරිවුනේ එක බෝට්ටුවක් පමණි. එහි කොල්ලකරුවෝ සිව් දෙනෙක් සිටියහ. ඔවුන් නොනවත්වා ඉදිරියට පැමිණෙන්නට විය. ඊළග උපක්‍රමය ක්‍රියාත්මක විය. නැවේ සුක්කානම ඒ මේ අතට හරවා නැව වේගයෙන් දෙපසට පැද්දීම එයයි. එමගින් දියඹේ විශාල රැලි ඇතිවිය. කුඩා බෝට්ටුවක සිටි කොල්ලකරුවනට එම රැලි වලට මුහුණදීගත නොහැකිව අඩපණ විය. අධික වෙහෙසට පත් ඔවුන් නිසංසල වූහ. රාත්‍රිය ගෙවී පසුදාට එළිවිය. දිනය 2009 අප්‍රේල් 8 ය. කොල්ලකරුවෝ අවි අමෝරාගෙන යළිත් සටනට ආහ. ඔවුන් නැව අසළටම ආවිට නැවේ සිටියවුන් තවත් උපක්‍රමයක් දියත් කළහ. එය නම් නැවේ හතර වටින්ම අධික පීඩනයකින් යුත් නළ වලින් ජලධාරා නිකුත් කිරීමයි. 


ඇලබාමා නැවෙන් කොල්ලකරුවන්ගේ බෝට්ටුවට
පීඩක ජලධාරා විදින අන්දම. මෙය චිත්‍රපටයෙන් උපුටාගත් පිංතූරයකි.


චිත්‍රපටයෙන් උපුටාගත් පිංතූරයකි.

ජලපහරවල් විදීමේ අරමුණ කොල්ලකරුවන්ට නැව අසලට ඒම වැළැක්වීම හා ඔවුන් සමගම බෝට්ටුව ගිල්වා දැමීමයි. කෙසේ හෝ ජල පහරවල් කපාගෙන ගොස් නැවේ එල්ලීමට කොල්ලකරුවෝ මහත් උත්සාහයක් ගත්හ. ඔවුන් නිසැක ලෙසම නැවට ගොඩවන බව දැනගත් නැව් කාර්ය මණ්ඩලය පාලක මැදිරියේ තිබූ පාලක යතුරු කඩා දැමීය. කොල්ලකරුවෝ ඉනිමගක් ආධාරයෙන් නැවට ගොඩවූ පසුයි ඔවුන් පැමිණි බෝට්ටුව මුහුදු රැලි වලට ගිලී ගියේ. 

කාර්ය මණ්ඩලය පහළ එන්ජින් කාමරයේ සැඟවී එහි දොර වසාගත් අතර කපිතාන් පිලිප්ස් හා සගයින් දෙදෙනෙක් පමණක් පාලක මැදිරියේ තනිවිය. කොල්ලකරුවෝ පැමිණ කපිතාන් පිලිප්ස් හා සගයින් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත්හ.

එන්ජින් කාමරයේ හුන් ඉංජිනේරුවන් ඇතුළු පිරිස පහළ සිටම නෞකාවේ පාලනය සියතට ගත් නිසා ඉහළ පාලක මැදිරියෙන් සිදුවූ නැවේ පාලනය ක්‍රියා විරහිතව තිබිණි. මේ නිසා කොල්ලකරුවනට නැව පැහැර ගැනීමට නොහැකි විය. කොල්ලකරුවෝ සුපුරුදු පරිදි මුදල් ඉල්ලා සිටියහ. නැවේ එතරම් මුදලක් නොමැති බව පැවසූ විට නැවේ රැගෙන යන භාණ්ඩ පිළිබ‍ඳව විමසා සිටියහ. නැවේ ඉතිරිව තිබූ ඩොලර් 30,000 ක මුදලද ඔවුන් කොල්ලකෑහ. 

මේ අතර පහළ සිටි නැවේ කාර්ය මණ්ඩලය කොල්ලකරුවන්ගෙන් එකෙකු අල්ලා ගැනීමට සමත්වූහ. පැය 12ක් තිස්සේ රඳවා තබාගත් ඔහු නිදහස් කිරීමට නම් අත්අඩංගුවේ පසුවූ කපිතාන්ව නිදහස් කළ යුතු බව කාර්ය මණ්ඩලය කොල්ලකරුවනට දැන්වීය. කොල්ලකරුවෝ එම ගනුදෙනුවට එකඟවූහ. 

මෙහිදී කොල්ලකරුවෝ කපිතාන්ව රැගෙන හදිසි ගලවාගැනීමේ බෝට්ටුවට ගොඩවූහ. නමුත් එම යාත්‍රාව ක්‍රියාත්මක නොවුණි. පසුව කාර්ය මණ්ඩලය විසින් නැවේ තිබූ ජීවිතාරක්ෂක බෝට්ටුව කොල්ලකරුවන්ට භාවිතා කිරීමට ඉඩ දුන්නේ ප්‍රාණ ඇපකරු හුවමාරුව සිදුවූ පසු කොල්ලකරුවනට පලායාමට ඉඩදීමේ බලාපොරොත්තුව ඇතිවය. අල්ලාගත් කොල්ලකරුවා නිදහස් කළත් ඒ වෙනුවට කපිතාන් පිලිප්ස්ව කොල්ලකරුවෝ නිදහස් නොකළහ. ජීවිතාරක්ෂක බෝට්ටුව නැවේ සිට මුහුදට දියත් කලේ කපිතාන්වද ප්‍රාණ ඇපයට තබාගෙනය. ඔවුන් කපිතාන්ව රැගෙන සෝමාලියාවට පලායාමට අදහස් කළේ පසු දිනක විශාල කප්පම් මුදලක් ලබාගැනීමේ අදහසිනි. මෙම ජීවිතාරක්ෂක බෝට්ටුවේ දින දහයකට සෑහෙන්න ආහාර, ජලය හා වෙනත් අත්‍යාව්‍යශ ද්‍රව්‍යයන් ගබඩා කොට තිබුණි.


සෝමාලි කොල්ලකරුවන් සිව්දෙනා හා නැවේ කපිතාන් ගමන්ගත් දිගින් අඩි 28ක් වූ ජීවිතාරක්ෂක බෝට්ටුව. මෙම පිංතූරය ගන්නා ලද්දේ අමෙරිකානු නාවුක හමුදාවෙන් ගුවන්ගත කළ නියමුවන් රහිත කුඩා ගුවන්යානයක් මගිනි. මෙහි දිනය සහ වේලාව ලෙස සටහන්වී ඇත්තේ
2009-04-09    අළුයම 03.59 ලෙසය.


සත්‍ය ජීවිතාරක්ෂක බෝට්ටුෙවහි හැඩය පැති කීපයකින්


මේ සියළු සිදුවීම් නැවේ ඉතිරිවූ කාර්ය මණ්ඩලය විසින් අමෙරිකානු සමුද්‍රාසන්න කළමනාකරණ මධ්‍යස්ථානයටත් නාවුක හමුදාවටත් වාර්තා කරන ලදී. 

මේ අතර අමෙරිකානු නාවුක හමුදාවට අයත් මිසයිල නාශක යුධනැව (USS Bainbridge) සහ රාජ්‍ය ආරක්ෂක යුධ නැවක්වූ “හැලිබර්ටන්” (USS Halyburton) නෞකාව ගල්ෆ් මුහුද බලා යාත්‍රා කරමින් තිබුණි. ඒ අමෙරිකානු පුරවැසියෙක්වූ කපිතාන් පිලිප්ස්ව කොල්ලකරුවන්ගෙන් බේරාගැනීමේ මෙහෙයුම සඳහාය. අප්‍රේල් 9 දින අළුයම අමෙරිකානු යුධ නැව් වලින් ගුවන් ගතකළ නියමුවන් රහිත කුඩා ගුවන් යානයක් කොල්ලකරුවන් ගමන්ගත් ජීවිතාරක්ෂක බෝට්ටුව අසලට යවා තොරතුරු එක්රැස් කරගන්නා ලදී. එම නෞකා දෙකම එදින දහවල් වනවිට මාර්ස්ක් ඇලබාමා නෞකාව අසලට ළඟාවිය. මාර්ස්ක් ඇලබාමා නැව යුධ ආරක්ෂාව මධ්‍යයේ එහි ගමනාන්තය වන කෙන්යාවේ මොම්බාසා වෙත හරවා යවනු ලැබීය. 

USS Bainbridge නෞකාව 


USS Halyburton නෞකාව 

ක්‍රමයෙන් යුද නැව් දෙකම කොල්ලකරුවන් හා කපිතාන් රැගත් ජීවිතාරක්ෂක බෝට්ටුව දෙසට ළංවිය. කපිතාන්ගේ ජීවිතයට හානිවිය හැකි නිසා හමුදාව මුලදී ප්‍රහාරයක් එල්ල කළේ නැත. ඔවුන් මුලින් කළේ කපිතාන් තවමත් යහතින් සිටී දැයි සැක හැර දැනගැනීමය. ඒ සඳහා කොල්ලකරුවන් ඇමතීමට හමුදාවට සිදුවිය. කපිතාන් සමගත් කොල්ලකරුවන් සමගත් අදහස් හුවමාරු කරගැනීමට සාම මැදිහත්කරුවෙකු යොදා ගන්නා ලදී. නාවුක හමුදා භටයින් කොල්ලකරුවන්ට අවශ්‍ය කප්පම් මුදල් ඉක්මණින් පිළියෙල කරන බව මැදිහත්කරුවා ඔවුන්ට දැන්වීය. පැය කීපයක් ඉක්මයාමෙන් පසු මුදල් සූදානම්ව ඇතැයිද ඒ ස‍ඳහා කොල්ලකරුවන්ගෙන් එක් නියෝජිතයෙක් හමුදාව සමග පැමිණිය යුතු යැයිද දන්වා සිටින ලදී. මේ සඳහා කොල්ල කල්ලි නායක මූසේ ඉදිරිපත්විය. මූසේව නිරායුධ කරගත් හමුදා නිලධාරින් ඔහුව මුදල් ගනුදෙනුව සිදුවන ස්ථානයට කැඳවා ගෙන යන ලදී. නමුත් මෙය ඔහුව අල්ලා ගැනීම සඳහා වූ උපක්‍රමයක් විය. අනික් කොල්ලකරුවන්ට නොදැනෙන්නට මූසේව අත් අඩංගුවට ගෙන ඉවතට ගෙනයන ලදී. 

එළියට ගිය තම නායකයා නැවත පැමිණීම ප්‍රමාදවීමෙන් කලබලයට පත් ඉතිරි කොල්ලකරුවන් තිදෙනා කපිතාන්ව නිරුවත් කර දරුණු වධහිංසා පමුණුවන්නට විය. නමුත් ජීවිතාරක්ෂක බෝට්ටුවේ ඇතුලත සිදුවන සියළු දේ එළියේ සිටින නාවුක භටයෝ හොඳින් නිරීක්ෂණය කරමින් සිටියහ. නැවතත් සාකච්ඡා ආරම්භ විය. 

කොල්ල කල්ලි නායක මූසේ නැවත ඉක්මණින් පැමිණෙන බව කියා සිටි මැදිහත්කරුවා නැවතත් කපිතාන්ව තමාට බැලීමට අවශ්‍ය බව කියා සිටියේය. කොල්ලකරුවෝ නැවතත් කපිතාන්ව ජීවිතාරක්ෂක බෝට්ටුවේ දොරටුව වෙත රැගෙන ආහ. මේ අවස්ථාවේ හමුදා භටයින් විසින් කපිතාන්ට ඇඳගැනීමට තැඹිලි පැහැති කබායක් ලබාදෙන ලදී. මෙයද සියුම් උපක්‍රමයක් විය. කපිතාන් එම කබාය ඇඳගත් පසු කොල්ලකරුවන් තිදෙනාගෙන් කපිතාන් කව්දැයි දුර තියා හඳුනා ගැනීම එම උපක්‍රමයයි. එසේම කපිතාන්ට බෝට්ටුවේ නියමිත අසුනේම වාඩිවී සිටීමටද උපදෙස් දෙන ලදී. 

එදින රාත්‍රීය මුළුල්ලේම Bainbridge නෞකාවේ සිටි නාවුක ස්නයිෆර් වෙඩික්කරුවන් තිදෙනෙකුගේ ඉලක්ක 3ක් කොල්ලකරුවන් තිදෙනා වෙත එල්ල වෙමින් තිබුණි. නයිට් විෂන් කැමරා සහිත එම තුවක්කු වලින් නිවැරදි එල්ලය ලබා ගැනීමට සෑහෙන කාලයක් ගතවිය. එයට හේතුව කොල්ලකරුවන් තිදෙනාගේ එල්ල තුනම එකම මොහොතක ලබාගැනීමට අත්‍යාවශ්‍ය වූ නිසාය. මධ්‍යම රාත්‍රියට ආසන්න වෙද්දී ඔවුන්ගේ උත්සාහය සඵල විණි. 2009 අප්‍රේල් 12 දින කොල්කරුවන් තිදෙනා වෙඩිතබා මරා කපිතාන් පිලිප්ස්ව නිදහස් කරගන්නා ලදී. වෙඩික්කරුවන් විසින් කොල්කරුවන්ගේ හිසටම එල්ලකරන ලද වෙඩි ප්‍රහාරයන්ගෙන් ඔවුන් තිදෙනාම ජීවිතාරක්ෂක බෝට්ටුව තුළ මැරී වැටුණහ. 

ඔවුන් තිදෙනාගෙන් කෙනෙකු අලි ඒදන් එල්මි (Ali Aden Elmi) ලෙසද, අනෙකාගේ නම නජී (Najee) ලෙසද හඳුනාගත් අතර තුන්වැන්නා බිලාල් (Bilal) විය. හමුදාව විසින් පිටතට රැගෙන යාම නිසා ජීවිතය බේරුණු සිව්වැන්නා හෙවත් කොල්ල කල්ලියේ නායකයා අබ්දුවාලි (Abduwali Muse) මූසේ නම් විය. මූසේ හමුදාවට බාරවූ අතර ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී. 


සැබෑ මූසේව අත්අඩංගුවට පත්වූ මොහොත. ඔහුගේ වම් අත 
වෙලා ඇත්තේ ජීවිතාරක්ෂක බෝට්ටුව තුළ ඇතිවූ අනතුරකදී 
ලත් තුවාලයක් නිසාය. 


මූසේ ගේ තවත් පිංතූර

සිද්ධිය වන අවස්ථාවේ මූසේට වයස අවුරුදු 16ක් හෙවත් ඔහු බාල වයස්කරුවෙක් බව මූසේගේ දෙමව්පියන් අධිකරණයට කියා සිටියේ ඒ මගින් මූසේට යම් සමාවක් ලැබේ යැයි බලාපොරොත්තුවූ නිසාය. නමුත් අධිකරණයේදී ඔහු බාල වයස්කරුවෙක් බව ඔප්පු කිරීමට සාධක නොමැති විය. අධිකරණයේදී වරක් ඔහු ඉකිගසා හඬාවැටී ඇත. තමාට මුදල් නැති නිසා මෙවැනි දෙයකට පෙළඹුනු බව එහිදී ඔහු පැවසීය. පුද්ගලයන් පැහැරගැනීම හා නැව් කොල්ලකෑම ආදී චෝදනාවන්ට වරදකරුවූ අබ්දුවාලි මූසේ වසර 33 ක සිර දඬුවමකට යටත්විය. මේ මොහොතේත් අමෙරිකානු සිරගෙදරක ඔහු එම දඬුවම විඳිමින් සිටී. ඔහු නිදහස් වියයුත්තේ වසර 2044 දීය. හිරේට යනවිට ඔහුට අවුරුදු 20ක් නම්, හිරගෙදරදින් නිදහස් වන මොහොතේ ඔහුගේ වයස අවුරුදු 53ක් පමණ විය හැකිය. 

ඒකේ-47 රයිෆලයකින් කොල්ලකරුවෙකු විසින් පිටකොන්දට පහර දීම නිසා අවදානම් තත්වයේ පසුවූ කපිතාන් පිලිප්ස්ට වහා ප්‍රථමාධාර ලබාදෙන ලදී.

කපිතාන් පිලිප්ස්ව ප්‍රාණ ඇපයේ තබා සිටි ජීවිතාරක්ෂක බෝට්ටුව මහජන ප්‍රදර්ශනය සඳහා දැනට අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පියර්ස් හි නැෂනල් නේවි සීල් කෞතුකාගාරයේ (National Navy SEAL Museum) තබා ඇත. ඒ සමගම ගුවනින් ගොස් ඔත්තු බැලූ නියමුවන් රහිත යානයද ප්‍රදර්ශනයට තබා ඇත.


ජාතික නාවුක කෞතුකාගාරයේ දැනට මහජන ප්‍රදර්ශනයට තබා ඇති මාර්ස්ක් ඇලබාමා ජීවිතාරක්ෂක බෝට්ටුව.


මාර්ස්ක් ඇලබාමා නෞකාවට තවත් පහරදීම්

විශේෂ සිදුවීම වන්නේ මෙම මාර්ස්ක් ඇලබාමා නෞකාව 1979 සිද්ධියෙන් පසු සිව් වතාවක්ම මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රහාරයට ලක්වීමයි. 2009 නොවැම්බර් 18, 2010 සැප්තැම්බර් 29, 2011 මාර්තු 8 හා 2011මැයි 14 දිනවල සිදුවූ සිද්ධින් වලදී කොල්ලකරුවන්ට ජයග්‍රහණයක් අත් නොවූයේ නෞකාව ආයුධ සන්නද්ධව සිටි නිසාය. 2014 පෙබරවාරි 19 දින නෞකාව මතදී ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකු මරුමුවට පත්ව සිටියේ මුහුදු කොල්ලකරු සිද්ධියක් නිසා නොව ඔවුන් මත්පැන් සමග අධිකව හෙරොයින් පානය කර ඇති නිසාය. මේ සම්බන්ධ පරීක්ෂණ තවමත් පැවැත්වේ.

පිලිප්ස් මුහදේදී තමාව බේරාගත් නාවිකයින්ට ප්‍රසිද්ධියේ ස්තූති කළේය. එම ත්‍රාසජනක සිද්ධියෙන් පසු රිචඩ් පිලිප්ස් තම අත්දැකීම අලළා A Captain's Duty (නාවිකයෙකුගේ රාජකාරිය) යන මැයෙන් ග්‍රන්ථයක් සම්පාදනය කළේය. 



රිචඩ් පිලිප්ස් විසින් රචිත ග්‍රන්ථය

2010 දී කොළොම්බියා පික්චර්ස් සමාගම එම පොතේ කතාව සිනමාවට නැගීමට අවසරය ලබාගත්තේය. “කැප්ටන් පිලිප්ස්” (Captain Phillips)ලෙස සිනමාවට නැගුණේ එම කතාවයි. 2011 මාර්තුවේදී ප්‍රවීන නළු “ටොම් හෑන්ක්ස්” රිචඩ් පිලිප්ස්ගේ චරිතයටද, “බාකඩ් අබ්දි” අබ්දුවාලි මූසේගේ චරිතයටද පෙනීසිටින බවට නිවේදනය කෙරිණි. නජීගේ චරිතයට “ෆයිසාල් අහමඩ්” පනදුන් අතර බිලාල්ගේ චරිතය නිරූපනය කළේ “බාකඩ් අබ්දිරහමන්”ය. එසේම එල්මි ගේ චරිතය “මහත් එම් අලි” නිරූපණය කළේය. මේ කොල්ලකරු චරිත නිරූපණය කළ නළුවන් සිව්දෙනාම සෝමාලි ජාතිකයින් වීමත් ඔවුන් සියළු දෙනා ආධුනිකයින් වීමත් (ඔවුන් කිසිවෙක් මින් පෙර කිසිම චිත්‍රපටයක රඟපා නැත.) විශේෂත්වයකි. 



කැප්ටන් පිලිප්ස් චිත්‍රපටයේ ප්‍රචාරක පෝස්ටරයක්.මෙහි අධ්‍යක්ෂවරයාගේ නම වෙනුවට ප්‍රධාන නළුවාගේ නම දක්වා ඇත.


චිත්‍රපටයේ අධ්‍යක්ෂ පෝල් ග්‍රීන්ග්‍රාස් (Paul Greengrass)



කැප්ටන් පිලිප්ස්ගේ චරිතයට පන පොවන ටොම් හෑන්ක්ස් 
පෙනී සිටින රූප රාමුවක්.


ටොම් හෑන්ක්ස් ගේ සාමාන්‍ය පෙනුම .


සැබෑ කැප්ටන් පිලිප්ස්


සැබෑ කැප්ටන් පිලිප්ස් සහ ටොම් හෑන්ක්ස් 


මූසේ ගේ චරිතයට පනපොවන බාකඩ් අබ්දි


බාකඩ් අබ්දි ගේ සැබෑ පෙනුම


2013 සැප්තැම්බර් 27 අමෙරිකාවේ ලින්කන් මධ්‍යස්ථානයේ පැවති
51 වන නිව්යෝක් චිත්‍රපට උළෙලේ දී කැප්ටන් පිලිප්ස් චිත්‍රපටයේ 
මුහුරත් උළෙලද පැවැත්විණි. එයට සහභාගිවීමට පැමිණ සිටි චිත්‍රපටයේ
නළුවන්. වමේ සිට දකුණට, බාකඩ් අබ්දි ,මහත් එම් අලි, ටොම් හෑන්ක්ස් සහ ෆයිසාල් අහමඩ්


සිද්ධියෙන් පසු ගුවන් මගින් අමෙරිකාවට පැමිණි රිචඩ් පිලිප්ස්
ගුවන් තොටුපළේ සිට පවුලේ සාමාජිකයන් කැදවාගෙන ගිය අයුරු. 



සිද්ධියෙන් පසු රිචඩ් පිලිප්ස් අමෙරිකා ජනාධිපති 
බැරැක් ඔබාමා හමුවූ අවස්ථාව


රිචඩ් පිලිප්ස් ගැන තොරතුරු ටිකක්

රිචඩ් පිලිප්ස් (උපත 1955 මැයි 16) යනු අමෙරිකානු ජාතිකයෙකි. ඔහු ව්‍යාපාරිකයෙක්, නාවිකයෙක් වගේම කතුවරයෙක්ද වේ. 2009 අප්‍රේල් සිදුවූ සෝමාලි මුහුදු කොල්ලකරු සිද්ධියේදී මාර්ස්ක් ඇලබාමා නෞකාවේ කපිතාන් වරයා ලෙසද සේවය කළේය. 

පිලිප්ස් උපත ලද්දේ මැසචුසෙට්ස් (Massachusetts) ප්‍රාන්තයේ වින්චෙස්ටර් (Winchester) නුවරය. 1973 වින්චෙස්ටර් උසස් පාඨශාලාවෙන් අධ්‍යාපනය ලබා ජාත්‍යන්තර නීතිය පිළිබද හැදෑරීමට මැසචුසෙට්ස් සරසවියට ඇතුළුවිය. නමුත් පසුව මැසචුසෙට්ස් නාවුක ඇකඩමියට ඇතුළුවූ හේ ඒ පිළිබඳ උපාධිය 1979 දී ලබාගත්තේය. අධ්‍යාපනය ලබන අවධියේ ඔහු බොස්ටන්වල කුලීරථ රියැදුරෙකු ලෙසද රැකියාවක් කළේය. 

සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ ඉතිහාසයෙන් බිඳක්‌

1990 ගණන්වල පැවති සෝමාලියානු සිවිල් යුද්ධය ආරම්භවීමත් සමග සෝමාලියානු වෙරළ තීරයේ මුහුදු මංකොල්ලකෑමේ ක්‍රියාවන් ආරම්භවූවා යැයි සැලකේ. නමුත් ජාත්‍යන්තර නෞකා කොල්ලකෑම පටන්ගත්තේ වසර 2005 සිටය. එනම් ලංකාවටත් බලපෑ 2004 සුනාමියටත් පසුවය. (මේ සුනාමියත්, මුහුදු මංකොල්ල ආරම්භවීමත් අතර යම් සම්බන්ධයක් ද ඇත.)

සෝමාලි ජනතාව මුහුදු කොල්ලකරුවන් බවට පත්වූ හේතුව

සෝමාලියාව පිහිටා ඇත්තේ අප්‍රිකානු මහාද්වීපයේ නැගෙනහිර කොටසේය. එසේම එම රට අසලින් අරාබි හා ආසියා රටවලට දිවෙන ප්‍රධාන මුහුදු මාර්ගය වැටී ඇත. මෙම කලාපය ඒඩන් බොක්ක (Gulf of Aden) ලෙස හැඳින්වේ.මේ නිසා දිනකට ලොකු කුඩා නැව් සියගණනක් සෝමාලියාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවේ ගමන් කරයි. මෙම ඇතැම් නෞකා නීති විරෝධීව සෝමාලියාවට අයත් මුහුදු සීමාවේ මාළු ඇල්ලීම සහ විෂ ද්‍රව්‍ය (Toxic Waste) මුහුදට එක්‌ කිරීම කාලයක් තිස්සේ සිදුකර තිබේ. විෂ ද්‍රව්‍ය එක්කිරීම සෝමාලියාවට එදිරිව ඕනෑකමින් සිදුකලාද නැතහොත් නෞකාවල එකතුවන විෂ අපද්‍රව්‍ය සාමාන්‍ය ලෙස මුහුදට එකතු කලාද යන්න පැහැදිලි නැත. මෙම විෂ ද්‍රව්‍ය නිසා සෝමාලියාවේ විවිධ ලෙඩ රෝග හා පරිසර දූෂණය වීම් පවා ඇතිවිය. 2004 සිදුවූ සුනාමියෙන් මෙතෙක් ගැඹුරු මුහුදේ පාවෙමින් තිබූ විෂ රසායන ද්‍රව්‍ය ටොන් ගණන් සෝමාලියානු වෙරළ තීරයට පාවී ගියේය. මේ නිසා වෙරළාසන්න සෝමාලියානු ජනතාව මේ ව්‍යසනය ප්‍රථමවරට දැනගත්හ. ලෙඩ රෝග හා පරිසර දූෂණය ඇතිවීමටත්, මත්ස්‍ය සම්පත වේගයෙන් අඩුවීමටත් හේතු අවබෝධකරගත් ඔවුහු කල්ලි වශයෙන් එකතුවී තමනට හිංසා කරන නැව් වලට පහර දෙන්නට වූහ. මුලින්ම මෙලෙස කල්ලි ගැසී ඇත්තේ අනවසරයෙන් තමන්ගේ මුහුදු සීමාවේ මත්ස්‍ය සම්පත ගෙන යන නැව් හා බෝට්ටුවලටත්, ඒවායින් තම මුහුදු සීමාවට එකතු කරන අපද්‍රව්‍ය දැමීම වැලැක්වීමටත් එරෙහිවයි. පසුව එය ඉතා ලාභදායි ව්‍යාපාරයක් ලෙස දැනීමත් සමග වෙරළ ප්‍රදේශයේ ජීවත් වන 70% ක පිරිසක් ඔවුන්ගේ මූලික ජීවනෝපායවූ ධීවර කර්මාන්තය අතහැර මුහුදු කොල්ලකරුවන් බවට පත්විය. 

කොල්ලකෑම් සිදුවන ආකාරය

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ අරමුණ වී ඇත්තේ තම රටේ වෙරළ තීරයට ළඟාවන නැව් මෙන්ම නැව්වල ගමන් ගන්නා මගීන්, නාවුක නිලධාරීන්, එසේම කුඩා යාත්‍රා වලින් සෝමාලියා මුහුදු කලාපයට පැමිණෙන ධීවරයින් සිරභාරයට ගෙන එම නැව් හෝ යාත්‍රා අයත් සමාගම් වලින් මෙන්ම ඒවා අයත් රටවල් වලින් කප්පම් මුදල් ලබා ගැනීමය. මෙසේ නාවුකයන්, ධීවරයන් මෙන්ම මගීන් ද සෝමාලි කොල්ලකරුවන්ගේ ප්‍රාණ ඇපයට පත්වෙයි. මෙමගින් තම ආර්ථිකය ශක්‌තිමත් කරගැනීමට ඔවුන් පෙළඹී සිටී. 2009 - 2010 කාල වකවානුවේදී නීති විරෝධී පැහැරගැනීම් වලින් ඔවුන් ලබාගත් මුළු ආදායම යුරෝ මිලියන 39 කි.

කොල්ලකෑම් වර්ධනයවූ ආකාරය

සෝමාලියානු සිවිල් යුද්ධය හා ආර්ථිකයේ බිඳවැටීම නිසා සෝමාලියාව ලෝකයේ දුප්පත්ම රටක්‌ බවට පත්විය. වර්ෂ 2008 වන විට සෝමාලියාවේ ආහාර අර්බුදය දරුණු අතට පත්වූ අතර ආහාර සඳහා ආධාර මත යැපෙන තත්වයකට පත්ව තිබිණි. ලෝක බැංකුවට අනුව මෙම වසර වන විට සෝමාලියානු ජනගහණයෙන් 73% ක ප්‍රමාණයකගේ දෛනික ආදායම ඇමරිකානු ඩොලර් 02 ක්‌ පමණ විය. මෙම හේතුන් නිසා සෝමාලියානු තරුණ ජනකාය මුදල් සොයාගැනීම සඳහා පැහැර ගැනීම් ආදී නීති විරෝධී ක්‍රියා වලට යොමුවූහ. උපයන මුදලින් කොටසක් වැයකර මංකොල්ලකෑම් සඳහා යොදාගන්නා නවීන අවි ආයුධද ඔවුන් යේමන රජයෙන් මිළට ගනී. ජනගහනයෙන් වැඩි කොටසක් අන්ත දුප්පතුන් ලෙස ජීවත්වන විටක දී තවත් කොටසක් මුහුදු මංකොල්ලකෑම් වලින් උපයන මුදලින් පෙහොසතුන් ලෙස ජීවත්වීමට උත්සාහ ගත්හ. පොහොසතුන් ලෙස දිවි ගෙවන්නවුන්ගේ ක්‍රියාකාරකම් දෙස බලා සිටි දුප්පත් නූගත් බාල පරම්පරාවද නිරායාසයෙන්ම සමාජ විරෝධී ක්‍රියාවන්ට පෙළඹෙන්නට විය. මේ නිසා වසරින් වසර මුහුදු මංකොල්කරුවන්ගේ ප්‍රමාණයද, මංකොල්ලකෑම්ද ඉහළ ගියේය. 

ඇත්තෙන්ම සෝමාලියාව මෙලෙස කප්පම්කරුවන්ගේ හා මුහුදු කොල්ලකරුවන්ගේ රජදහනක්‌ බවට පත්වූයේ එරට නීතිය හා සාමය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසාය. සෝමාලියාවේ රජයට එරට නීතිය හා සාමය ක්‍රියාත්මක කළ නොහැකි අතර එහි අගනුවර වන මොගඩිෂු නුවර පවා පාලනය කරන්නේ ආයුධ සන්නද්ධ කණ්‌ඩායම් විසිනි. 1990 සිට සෝමාලියාවේ හරියාකාරව නොතිබුනු දේශපාලන තත්වයත් දැනටත් රට කොටස් වලට බෙදී තිබීමත්, රටේ ආරක්ෂාව සඳහා සිටින හමුදා නිලධාරීනුත් මේ කල්ලිවලට සහයෝගය දීමත් හා සමාජිකයන්වී සිටීමත් නිසා මෙම තත්වය මර්ධනය කිරීම එරටටම ඉතා අපහසු වී ඇත. 

පසුවදන

ඉන්දියානු සාගරය, රතු මුහුද, අරාබි මුහුද, මධ්‍යධරණීය මුහුද හා සුවස් ඇළ මාර්ගයට කේන්ද්‍ර වන ස්ථානයක් වන මේ ඒඩ්න් බොක්ක හරහා නෞකා හා යාත්‍රා මගින් වසරකට ආසන්න වශයෙන් පුද්ගලයින් 22,000 ක් වත් ගමන් කරයි. දැනට අවුරුදු 20 කට ආසන්න කාලයක සිට මෙම ප්‍රදේශයේ කොල්ලකෑම් හා කප්පම් ගැනීම් සිදුවේ. පසුගිය වසර දෙක ඇතුලත ශ්‍රී ලාංකික නාවුකයින් හා ධීවරයින් සෝමාලි කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ගත් අවස්ථා රැසක් ද වාර්තා විය.

ඇත්තෙන්ම සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් නිසා සමස්‌ත ලෝකයේම නාවික ප්‍රවාහන කටයුතුවලට මහත් බාධාවක්‌ ඇතිව තිබේ. 1982 දී සම්මත කරගනු ලැබූ එක්‌සත් ජාතීන්ගේ මුහුදු නීතිය පිළිබඳ සම්මුතිය අනුවද මුහුදු මංකොල්ලකෑම බරපතල අපරාධයකි. 2008 වසරේදී සෝමාලියානු කොල්ලකරුවන් නැව් 111 කට පහරදුන් අතර එයින් 42 ක්‌ පැහැරගත්හ. සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ බහුතර වයස අවුරුදු 20-35 ත් අතර වේ. කොල්ලකරුවෝ ආර්. පී. ජී. අවි වල සිට ස්‌වයංක්‍රීය රිවෝල්වර දක්වාද අත්බෝම්බ මෙන්ම තවත් නවීන ස්‌වයංක්‍රීය ආයුධද (AK47) භාවිතා කරති. 

අවධානයට

ඉහත විස්තර අනුව සෝමාලියාව කිසිම රටක් උදව් නොකරන අසරණ ජාතියක් බවට පත්ව ඇත්තේ නූගත්කම, දුප්පත්කම, වර්ගවාදය හා බාහිර ජාතීන්ගේ නොමනා ක්‍රියාවන් නිසා බව පෙනේ. බලය යොදා ඔවුන් වෙඩිතබා මරා දැමීමෙන් ගැටළුව නිරාකරණය නොවන බව මගේ හැඟීමයි. මේ අවස්ථාවේ සියළුම බලවත් ජාතීන් එකතුවී සෝමාලියාව ජාත්‍යන්තර වශයෙන් හුදකලා නොකොට ඔවුන්ට හැම අතින්ම උදව් කළහොත් ගෞරවනීය ජාතියක් ලෙස යළි හිස එසවිය හැකි බව මගේ විශ්වාසයයි. පළමුව කළ යුත්තේ සෝමාලියාව අවට මුහුදේ නෞකා මගින් සාගරයට අපද්‍රව්‍ය දැමීම හා සෝමාලියානු මත්ස්‍ය සම්පත සූරාකෑම වහාම නැවැත්වීමයි. ඊළඟට බලය යොදා සියළුම ආයුධ සන්නද්ධ කල්ලි නිරායුධ කළ යුතුය. තෙවනුව රජය සමග සාකච්ඡා කොට එරටට මූල්‍ය පහසුකම් සපයා රට සංවර්ධනය කිරීමට ආධාර සැපයීමයි. නමුත් මේ ආකාරයටම බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් කීපයක් විසින් මෙයට පෙර සෝමාලියාවට ආධාර උපකාර ලබාදෙන ලදී. අවාසනාවකට සිවිල් යුද්ධයක් ආරම්භ වී ඔවුන්ගේ එම උත්සාහය නිෂ්ඵල විණි. නැවතත් එවන් උත්සාහයක් කළොත් සාර්ථකවීමටද බැරි නැත. එසේ වුවහොත් මූසේ වැනි තරුණ ජීවිත අකාලයේ විනාශ වන්නේ හෝ තම වටිනා තරුණ කාලය සිරකුටි තුළ ගෙවී යන්නේද නැත.

Friday, May 23, 2014

World Records of Sri Lanka Cricket Team - අපේ සිංහ පැටවුන්ගේ ලෝක ක්‍රිකට් වාර්තා

















ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුල් කාලයේ විවිධ ජාත්‍යන්තර තරග රැසකට මුහණදී ඇති අතර ඒවායින් බොහොමයක් පරාජයට පත්වී ඇත. කාලයක් තිස්සේ සිදුවූ මේ තත්වය නිසා ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට ක්‍රිකට් එපාවන තත්වයක් ඇතිවී තිබුණි. නමුත් 1996 ලෝක ක්‍රිකට් කුසලානය දිනාගැනීමෙන් පසු අපේ ක්‍රිකට් ලෝලින් අතර මෙන්ම ලොව පුරා ක්‍රිකට් ලෝලින් අතරද අපගේ කණ්ඩායම ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ අතර අපේ රටටද ඉන් විශාල කීර්තියක් අත්විය. එතැන් සිට කවුරුත් ක්‍රිකට් ගැන කතාකරන්නට උනන්දු වූහ. ලංකාවටම විශේෂිතවූ ක්‍රිකට් වාර්තා බොහොමයක් බිහිවෙන්නට පටන්ගත්තේ එතැන් සිටය. ඉන් වැඩිහරියක් ලෝක වාර්තා විය. සමහරක් කිසිවෙකුටත් පහසුවෙන් බිඳිය නොහැකි වාර්තාය. එසේම තවත් වාර්තා එතරම් ප්‍රචලිත නොවූවත් ක්‍රිකට් ලෝලියෙකු වශයෙන් ඔබ දැන සිටිය යුතු වාර්තාය. ආසියානු කුසලාන හා 20යි 20 ලෝක කුසලානයද  ශ්‍රී ලංකාවට හිමිවීමෙන් පසු ඇතැම් පැරණි වාර්තා බි හෙළමින් අළුත් වාර්තා පිහිටුවනු ලැබිණි. එවැනි වාර්තා මෙන්ම ලෝක වාර්තාද ඇතුලත් කොට සැකසූ පුංචි වාර්තාවක් ඔබගේ සාමාන්‍ය දැනුමට එක්කිරීමට ඉදිරිපත් කරමි.

මෙම වාර්තා කියවා බැලීමෙන් සනත් ජයසූරිය, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, අජන්ත මෙන්ඩිස්, ලසිත් මාලිංග, කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ඇතුළු අපේ ක්‍රිකට් වීරයන් ලංකාවේ ක්‍රිකට් වලට මොන තරම් සේවයක් කර ඇත්දැයි ඔබටම පෙනේ.

අපගේ වීරයන් ගැන ලද හැමවිටම ජාත්‍යන්තරයට අප හඬගා කිව යුතුය. ඒ ඇයි දැයි පෙන්වාදීමට කැමැත්තෙමි. පසුගිය කාළයේ මා ක්‍රිකට් පිළිබඳව ලියැවී ඇති විදෙස් වෙබ් අඩවි කීපයක් පරිශීලනය කෙළෙමි. ජාත්‍යන්තරව පිළිගත් මුල්පෙළේ ක්‍රිකට් වෙබ් අඩවිවල පවා යම් සුවිශේෂී කරුණක් දැක්කෙමි. එනම් ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබ ප්‍රචාරයට ඔවුන් කුඩම්මාගේ සැලකිල්ලක් දක්වන බවයි. උදාහරණයක් ලෙස බටහිරට ලැදි එම වෙබ් අඩවිවල එංගලන්තයේ, ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ හෝ දකුණු අප්‍රිකාවේ ක්‍රීඩකයෙකුගේ සුළු හෝ දස්කමක් මහ ලොකුවට පුම්බා පිටු ගණන් පුරා, දින ගණන් පුරා ඒ පිළිබ වාද විවාද සහිතව ප්‍රචාරය වන බවත් ශ්‍රී ලංකාවේ අපේ වීරයෙකුගේ විශාල දස්කමක් ඉතා සුළුවට ආවාට ගියාට දක්වන බවත් ඉතා පැහැදිලිව දක්නට ලැබුණි. ඔවුන් ඊෂ්‍යා සහගත ලෙස එවැනි දේ කළත් කිසිදා සත්‍ය වසන්කළ නොහැකිය. වාර්තාවලට බොරු කළ නොහැකි නිසා සත්‍ය සොයන්නාට සත්‍ය සොයාගත හැකි වුවත් අපට පුළුවන් හැටියට විවිධ මාධ්‍යයන් ඔස්සේ අපේ වීරයන්ගේ දස්කම් ලෝකයාට පෙන්විය යුතු බව මගේ විශ්වාසයයි.

(මෙම වාර්තා උපුටා ගත්තේ ESPN වෙබ් අඩවියෙනි)

ටෙස්ට් ක්‍රිකට් තරග වාර්තා









01. මෙතෙක් ටෙස්ට් ඉනිමකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් කණ්ඩායම
ශ්‍රී ලංකාව - කඩුළු 6 කට ලකුණු 952

















එය 1997 අගෝස්තු 2 දින කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ඉංදියාවට එරෙහිව පැවති තරගයයි.
සනත් ජයසූරිය (340) /රොෂාන් මහානාම (225)/අරවින්ද ද සිල්වා (126)



02. මෙතෙක් ටෙස්ට් ඉනිමකදී වැඩිම හතරේ පහරවල් එල්ලකළ කණ්ඩායම
ශ්‍රී ලංකාව - හතරේ පහරවල් 109 යි.

1997 අගෝස්තු 2 දින කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ඉංදියාවට එරෙහිව පැවති තරගය


1.ශ්‍රී ලංකාව      - හතරේ පහර  -  109යි.  (1997)
2.ඉන්දියාව      - හතරේ පහර  -  101යි.  (2004) 
3.ඉන්දියාව      - හතරේ පහර  -    91යි.  (2001) 
4.බ.ඉ.කො.     - හතරේ පහර  -    90යි.  (1995)
5.බ.ඉ.කො.     - හතරේ පහර  -    88යි.  (1995)
6.ශ්‍රී ලංකාව     - හතරේ පහර  -    88යි.  (2004)
7.ඉන්දියාව      හතරේ පහර  -    88යි.  (2007)


03. ටෙස්ට් තරගයකදී එක්දිනක් තුළ ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයට හිමිකම් කියන කණ්ඩායම
*මෙම ලැයිස්තුවේ තුන්වන ස්ථානය - ශ්‍රී ලංකාව - දිනක ගත් උපරිම ලකුණු ප්‍රමාණය - 509



2002 ජූලි 21 දින කොළඹ පී.සරවනමුත්තු ක්‍රීඩාංගනයේ දී බංග්ලාදේශයට එරෙහිව පැවති ටෙස්ට් තරගයේ දෙවැනි දිනය.


1.එංගලන්තය      - ලකුණු ප්‍රමාණය  -    588යි.  (1936) 
2.එංගලන්තය      - ලකුණු ප්‍රමාණය  -    522යි.  (1924) 
3.ශ්‍රී ලංකාව          - ලකුණු ප්‍රමාණය  -    509යි.  (2002) 



04. ටෙස්ට් ඉනිමකදී හතරේ සහ හයේ පහරවල් වලින් පමණක් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් කණ්ඩායම
*ශ්‍රී ලංකාව - ලබාගත් ලකුණු ප්‍රමාණය - 448


1997 අගෝස්තු 2 දින කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ඉංදියාවට එරෙහිව පැවති තරගය

1.ශ්‍රී ලංකාව          - ලකුණු ප්‍රමාණය  -    448යි.  (952/6) 
   හයේ පහර -2යි.හතරේ පහර 109යි. (6 X2=12 +4 X109=436)
2.ඕස්ට්‍රේලියාව      - ලකුණු ප්‍රමාණය  -    434යි.  (735/6) 
3.පාකිස්ථානය      - ලකුණු ප්‍රමාණය  -    422යි.  (643) 












01. මෙතෙක් ටෙස්ට් ඉනිමකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා
 
*මෙම ලැයිස්තුවේ හතරවන ස්ථානය - මහේල ජයවර්ධන - ලකුණු 374
හත්වන ස්ථානය සනත් ජයසූරිය - ලකුණු 340


1.බ්‍රයන් ලාරා (බ.ඉ.කො.)                      - ලකුණු -400  -  (2004)
2.මැතිව් හේඩන් (ඕස්ට්‍රේලියාව)             - ලකුණු -380  -  (2003)  
3.බ්‍රයන් ලාරා (බ.ඉ.කො.)                      - ලකුණු -375  -  (1994)  
4.මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව)            - ලකුණු -374  -  (2006) 
5.සර් ගාෆීල්ඩ් සෝබර්ස් (බ.ඉ.කො.)      - ලකුණු -365  -  (1958)
6.සර් ලෙනාඩ් හටන් (එංගලන්තය)        - ලකුණු -364  -  (1938)
7.සනත් ජයසූරිය (ශ්‍රී ලංකාව)                 - ලකුණු -340  -  (1997)

 * 1997 අගෝස්තු 2 දින කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති ඉංදියාවට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේදී ඒ වනවිට ඉනිමකදී ලබාගත් වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණය වන ලකුණු 375 ක් ලබා බ්‍රයන් ලාරා විසින් පිහිටුවා තිබූ ලෝක වාර්තාව සනත් බිඳ දමනු ඇතැයි ලක්වාසී සියළු දෙනා මහත් බලාපොරොත්තු තබා සිටියත් ඔහුට ලබාගත හැකිවූයේ ලකුණු 340 ක් පමණි. ඉන්දියාවේ ගංගුලි අතට උඩ පන්දුවක් දීමෙන් ඔහු දැවී ගියේය. එනමුදු ඔහු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ටෙස්ට් ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට කලක් හිමිකම් කිවේය. මෙම අනභිබවනීය වාර්තාව බි දැමූයේද ශ්‍රී ලාංකිකයෙකි. ඒ මහේල ජයවර්ධනයි. 2006දී දකුණු අප්‍රිකාවට එරෙහි පැවති තරගයකදී මහේල ලකුණු 374ක් ලබාගත්තේය. එය ශ්‍රී ලංකා වාර්තාවකි. (බ්‍රයන් ලාරාගේ නව ලෝක වාර්තාව ලකුණු 400කි.)

02. මෙතෙක් ටෙස්ට් ඉනිමකදී වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා

මහේල ජයවර්ධන - ලකුණු 374



03. මෙතෙක් ටෙස්ට් තරගවලදී වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ ක්‍රීඩකයා
 
*මෙම ලැයිස්තුවේ හයවන ස්ථානය - මහේල ජයවර්ධන - ලකුණු 11319
නම වන ස්ථානය කුමාර් සංගක්කාර - ලකුණු 11151


1.සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව)       - ලකුණු -15921    
2.රිකී පොන්ටිං (ඕස්ට්‍රේලියාව)             - ලකුණු -13378    
3.ජැක් කලිස් (ද.අප්‍රිකාව)                     - ලකුණු -13289    
4.රාහුල් ඩ්‍රාවිඩ් (ඉන්දියාව)                   - ලකුණු -13288   
5.බ්‍රයන් ලාරා (බ.ඉ.කො.)                    - ලකුණු -11953  
6.මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව)          - ලකුණු -11319  
7.ශිවනේරි චන්ද්‍රපෝල් (බ.ඉ.කො.)     - ලකුණු -11219  
8.ඇලන් බෝඩර් (ඕස්ට්‍රේලියාව)          - ලකුණු -11174  
9.කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)          - ලකුණු -11151  

04. ටෙස්ට් ලකුණු 11,000ට වේගයෙන් ළඟාවූ ක්‍රීඩකයා

* කුමාර් සංගක්කාර - ඉනිම 208 කදී


1.කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)          - ඉනිම 208 කදී
2.බ්‍රයන් ලාරා (බ.ඉ.කො.)                   - ඉනිම 213 කදී
3.රිකී පොන්ටිං (ඕස්ට්‍රේලියාව)             - ඉනිම 222 කදී    
4.සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව)       - ඉනිම 223 කදී 
5.රාහුල් ඩ්‍රාවිඩ් (ඉන්දියාව)                   - ඉනිම 234 කදී   
6.ජැක් කලිස් (ද.අප්‍රිකාව)                     - ඉනිම 234 කදී
7.මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව)          - ඉනිම 237 කදී  

05. ටෙස්ට් ලකුණු 9,000ට වේගයෙන් ළඟාවූ ක්‍රීඩකයා

* කුමාර් සංගක්කාර - ඉනිම 172 කදී


1.කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)          - ඉනිම 172 කදී
2.රාහුල් ඩ්‍රාවිඩ් (ඉන්දියාව)                   - ඉනිම 176 කදී  
3.බ්‍රයන් ලාරා (බ.ඉ.කො.)                   - ඉනිම 177 කදී
4.රිකී පොන්ටිං (ඕස්ට්‍රේලියාව)             - ඉනිම 177 කදී    
5.මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව)          - ඉනිම 178 කදී  

06. ටෙස්ට් ලකුණු 8,000ට වේගයෙන් ළඟාවූ ක්‍රීඩකයා

* කුමාර් සංගක්කාර - ඉනිම 152 කදී

1.කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)          - ඉනිම 152 කදී
2.සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව)       - ඉනිම 154 කදී
3.සර් ගාෆීල්ඩ් සෝබර්ස් (බ.ඉ.කො.)    - ඉනිම 157 කදී
4.රාහුල් ඩ්‍රාවිඩ් (ඉන්දියාව)                   - ඉනිම 158 කදී  

07. තම ටෙස්ට් දිවිය තුළ වැඩිම හතරේ පහරවල් එල්ල කළ ක්‍රීඩකයා
 
*මෙම ලැයිස්තුවේ හයවන ස්ථානය - කුමාර් සංගක්කාර - හතරේ පහරවල් - 1362
හත්වන ස්ථානය - මහේල ජයවර්ධන - හතරේ පහරවල් - 1329

1.සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව)       හතරේ පහර 2058
2.රාහුල් ඩ්‍රාවිඩ් (ඉන්දියාව)                   හතරේ පහර 1654  
3.බ්‍රයන් ලාරා (බ.ඉ.කො.)                   හතරේ පහර 1559
4.රිකී පොන්ටිං (ඕස්ට්‍රේලියාව)             හතරේ පහර 1509    
5.ජැක් කලිස් (ද.අප්‍රිකාව)                     හතරේ පහර 1488
6.කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)          - හතරේ පහර 1362 
7.මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව)          හතරේ පහර 1329






01. ටෙස්ට් තරගවල වැඩිම කඩුළු ලබාගත් ක්‍රීඩකයා 








* මුත්තයියා මුරලිදරන් - කඩුළු 800යි.

1.මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව)       කඩුළු 800යි.
2.ෂේන් වෝන් (ඕස්ට්‍රේලියාව)              කඩුළු 708යි.  
3.අනිල් කුම්බ්ලේ (ඉන්දියාව)              කඩුළු 619යි.
4.ග්ලෙන් මැක්ග්‍රාත් (ඕස්ට්‍රේලියාව)       කඩුළු 563යි. 

මුත්තයියා මුරලිදරන් මෙම අනභිභවනීය වාර්තාව පිහිටෙව්වේ ඉතාමත් තීරණාත්මක අවස්ථාවකය. ඒ ඔහු සහභාගිවූ අවසාන ටෙස්ට් තරගයේ අවසන් දිනයේ වීම සහ ප්‍රතිවාදී ඉනිමේ අවසාන විකට්ටුව වීම ඇදහිය නොහැකි සිදුවීමකි. 2010 ජූලි 18 දින ගාල්ලේදී ආරම්භවූ ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර පළමු ටෙස්ට් තරගයෙන් පසු තමා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව මුරලිදරන් ප්‍රකාශයට පත්කළේය. තරගය ආරම්භ වනවිට ඔහු ටෙස්ට් විකට් 792 ක් ලබාගෙන තිබුණි. එයද ඒවනවිට ලෝක වාර්තාවක් වුවත් විකට් 800 වන්නට තිබුණේ තවත් විකට් 8ක අඩුවකි.ඉන්දියාව පළමු ඉනිමේ ක්‍රීඩාකරන විට ඔවුන්ගෙන් කඩුළු 5ක් ලබාගැනීමට මුරලි සමත්විය. දැන් මුරලිට දෙවන ඉනිමේ ලබාගත යුතුවන්නේ තවත් විකට් 3කි. දෙවන ඉනිමේ මුරලි තවත් විකට් 2ක් ලබාගැනීමෙන් පසු  (එනම් මුරලි ටෙස්ට් කඩුළු 799 වනවිට) ඉන්දියානු පිලේ සමස්ත කඩුළු 9ක් දැවී ගොස් අවසන්ය. අවසන් මොහොතේ මුරලිට මෙම අනගි අවස්ථාව නූලෙන් මගහැරී යන්නටද තිබුණි. නමුත් මුරලි ඉන්දියානු පිලේ අවසන් පිතිකරුවූ ප්‍රායන් ඕජාව දවාගත්තේ මහේල ජයවර්ධන අතට උඩපන්දුවක් අල්ලා ගැනීමට අවස්ථාව දෙමිනි. කඩුළු 10ක ජයග්‍රහණයක් ශ්‍රි ලංකාවට ලබාදෙමින් එම තරගය අවසන් විය. මුරලිගේ විශිෂ්ඨ ජයග්‍රහණය බලා ගැනීමට යූ ටියුබය මෙන්න.
https://www.youtube.com/watch?v=Ridawm1Dwbs


02. ටෙස්ට් ඉනිමකදී පෙන්නුම් කළ හොදම පන්දු යැවීම සිදුකළ ක්‍රීඩකයා 

*මෙම ලැයිස්තුවේ පස්වන ස්ථානය - මුත්තයියා මුරලිදරන් - ලකුණු 51කට කඩුළු 9යි.

1.ජිම් ලේකර් (එංගලන්තය)                 කඩුළු 10යි. (ලකුණු 53කට)
2.අනිල් කුම්බ්ලේ (ඉන්දියාව)              කඩුළු 10යි. (ලකුණු 74කට)  
3.ජෝර්ජ් ලෝමන් (එංගලන්තය)         කඩුළු 9යි.  (ලකුණු 28කට)
4.ජිම් ලේකර් (එංගලන්තය)                 කඩුළු 9යි.  (ලකුණු 37කට)
5.මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව)       කඩුළු 9යි.  (ලකුණු 51කට)
(2002/01/04 දින සිම්බාබ්වේට එරෙහිව මහනුවරදී)

03. ටෙස්ට් තරගයකදී පෙන්නුම් කළ හොදම පන්දු යැවීම සිදුකළ ක්‍රීඩකයා 

*මෙම ලැයිස්තුවේ පස්වන ස්ථානය - මුත්තයියා මුරලිදරන් - ලකුණු 220කට කඩුළු 16 යි.

1.ජිම් ලේකර් (එංගලන්තය)                 කඩුළු 19යි. (ලකුණු 90කට)
2.සිඩ්නි බාන්ස් (එංගලන්තය)              කඩුළු 17යි.  (ලකුණු 159කට)
3.නරේන්ද්‍ර හිර්වානි (ඉන්දියාව)            කඩුළු 16යි.(ලකුණු 136කට)
4.බොබ් මැසී (ඕස්ට්‍රේලියාව)                 කඩුළු 16යි. (ලකුණු 137කට)
5.මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව)       කඩුළු 16යි. (ලකුණු 220කට)
(1998/08/27 දින එංගලන්තයට එරෙහිව ඕවල් ක්‍රීඩාංගණයේදී)


04එක් වසරකදී වැඩිම ටෙස්ට් කඩුළු ලබාගත් ක්‍රීඩකයා 
*මෙම ලැයිස්තුවේ දෙවන හා පස්වන ස්ථානය - මුත්තයියා මුරලිදරන් - කඩුළු 90 සහ 80 යි.

1.ෂෙන් වෝන් (ඕස්ට්‍රේලියාව)              කඩුළු 96යි. (වසර 2005)
2.මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව)       කඩුළු 90යි. (වසර 2006)
3.ඩෙනිස් ලිලී (ඕස්ට්‍රේලියාව)                කඩුළු 85යි. (වසර 1981) 
4.ඇලන් ඩොනල්ඩ් (ද.අප්‍රිකාව)            කඩුළු 80යි.  (වසර 1998)
5.මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව)       කඩුළු 80යි.  (වසර 2001)

05. එකම ක්‍රීඩාංගණයකදී වැඩිම ටෙස්ට් කඩුළු ලබාගත් ක්‍රීඩකයා 

මුත්තයියා මුරලිදරන් - කඩුළු 166 යි.
(කොළඹ, සිංහල ක්‍රීඩා සමාජ පිටිය - SSC)


1.මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව)            කඩුළු 166යි.
   කොළඹ, සිංහල ක්‍රීඩා සමාජ පිටිය
2.මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව)            කඩුළු 117යි.
   මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණය
3.මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව)            කඩුළු 111යි.
   ගාල්ල, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
4.හීත් ස්ට්‍රීක් (සිම්බාබ්වේ)                          කඩුළු 83යි.
   හරාරේ ක්‍රීඩා සමාජ පිටිය
5.ඩෙනිස් ලිලී (ඕස්ට්‍රේලියාව)                    කඩුළු 82යි.
   ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් පිටිය

06. ටෙස්ට් ඉනිමකදී කඩුළු 5 බැගින් වැඩිම වාර ගණනක් ලබාගත් ක්‍රීඩකයා 

මුත්තයියා මුරලිදරන් - කඩුළු 5 බැගින් වාර 67යි.

1.මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව)       කඩුළු 5 බැගින් වාර 67 යි.
2.ෂේන් වෝන් (ඕස්ට්‍රේලියාව)              කඩුළු 5 බැගින් වාර 37 යි.
3.සර් රිචඩ් හැඩ්ලි (නවසීලන්තය)         කඩුළු 5 බැගින් වාර 36 යි. 
4.අනිල් කුම්බ්ලේ (ඉන්දියාව)              කඩුළු 5 බැගින් වාර 35 යි.
5.ග්ලේන් මැක්ග්‍රාත් (ඕස්ට්‍රේලියාව)      කඩුළු 5 බැගින් වාර 29 යි.

07. ටෙස්ට් ඉනිමකදී කඩුළු 10 බැගින් වැඩිම වාර ගණනක් ලබාගත් ක්‍රීඩකයා 

මුත්තයියා මුරලිදරන් - කඩුළු 10 බැගින් වාර 22යි.


1.මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව)       කඩුළු 10 බැගින් වාර 22 යි.
2.ෂේන් වෝන් (ඕස්ට්‍රේලියාව)              කඩුළු 10 බැගින් වාර 10 යි.
3.සර් රිචඩ් හැඩ්ලි (නවසීලන්තය)         කඩුළු 10 බැගින් වාර   9 යි. 
4.අනිල් කුම්බ්ලේ (ඉන්දියාව)              කඩුළු 10 බැගින් වාර   8 යි.
5.සිඩ්නි බාන්ස් (එංගලන්තය)               කඩුළු 10 බැගින් වාර   7 යි.

08. මෙතෙක් ටෙස්ට් ක්‍රිකට් දිවියේ වැඩිම පන්දු ප්‍රමාණයක් යැවූ ක්‍රීඩකයා 

මුත්තයියා මුරලිදරන් - පන්දු 44039යි.


1.මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව)       පන්දු 44039 යි. (තරග 133යි)
2.අනිල් කුම්බ්ලේ (ඉන්දියාව)              පන්දු 40850 යි. (තරග 132යි)
3.ෂේන් වෝන් (ඕස්ට්‍රේලියාව)             පන්දු 40705 යි. (තරග 145යි)
4.කර්ට්නි වොල්ෂ් (බ.ඉ.කො.)             පන්දු 30019 යි. (තරග 132යි)
5.ග්ලේන් මැක්ග්‍රාත් (ඕස්ට්‍රේලියාව)      පන්දු 29248 යි. (තරග 124යි)


09. කඩුල්ලටම පන්දුව වැදීමෙන් වැඩිම ටෙස්ට් කඩුළු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා

මුත්තයියා මුරලිදරන් - කඩුළු 167යි.


1.මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව)   කඩුළු 167 යි. (තරග 133යි)
3.ෂේන් වෝන් (ඕස්ට්‍රේලියාව)          කඩුළු 116 යි. (තරග 145යි)
3.ෆ්‍රෙඩ් ටෘෘමන් (එංගලන්තය)           කඩුළු 103 යි. (තරග 67යි)
4.බ්‍රයන් ස්ට්‍රෙතම්  (එංගලන්තය)      කඩුළු 102 යි. (තරග 70යි)
5.වකාර් යූනිස් (පාකිස්ථානය)          කඩුළු 102 යි. (තරග 87යි)
6.වසීම් අක්‍රම් (පාකිස්ථානය)            කඩුළු 102 යි. (තරග 104යි)

10. (තමා හැර) වෙනත් ක්‍රීඩකයෙකු පන්දුව අල්ලා  ගැනීමෙන් වැඩිම ටෙස්ට් කඩුළු සංඛ්‍යාවක් ලබාගත්  ක්‍රීඩකයා

*මුත්තයියා මුරලිදරන් - කඩුළු 435 යි. 

1. මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව)   කඩුළු 435 යි.
2. ෂේන් වෝන් (ඕස්ට්‍රේලියාව)          කඩුළු 418 යි.
3. ග්ලෙන් මැක්ග්‍රාත් (ඕස්ට්‍රේලියාව)  කඩුළු 373 යි.
4. කර්ට්නි වොල්ෂ් (බ.ඉ.කො.)         කඩුළු 349 යි.
5. අනිල් කුම්බ්ලේ (ඉන්දියාව)          කඩුළු 345 යි.



11. පන්දුව යවා තමාම එය නැවත රැකගැනීමෙන් වැඩිම ටෙස්ට් කඩුළු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා 


*මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය - මුත්තයියා මුරලිදරන් - කඩුළු 35 යි.

1. අනිල් කුම්බ්ලේ (ඉන්දියාව)             කඩුළු 35 යි.
2. මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව)     කඩුළු 35 යි.
3. ඩැනියල් වෙටෝරි (නවසීලන්තය)   කඩුළු 21 යි.
4. ෂේන් වෝන් (ඕස්ට්‍රේලියාව)            කඩුළු 21 යි.
5. ඩෙරික් අන්ඩර්වුඩ් (එංගලන්තය)     කඩුළු 20 යි.


12. පන්දුව යවා එය පන්දු රකින්නෙකු විසින් රැක ගැනීමෙන් වැඩිම ටෙස්ට් කඩුළු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා 

මුත්තයියා මුරලිදරන් - කඩුළු 388 යි. 

1. මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව)      කඩුළු 388 යි.
2. ෂේන් වෝන් (ඕස්ට්‍රේලියාව)             කඩුළු 345 යි.
3. අනිල් කුම්බ්ලේ (ඉන්දියාව)             කඩුළු 313 යි.
4. හර්බජාන් සිං (ඉන්දියාව)                  කඩුළු 253 යි.
5. බෙට්‍ර් ලී (ඕස්ට්‍රේලියාව)                     කඩුළු 238 යි.

13. ටෙස්ට් කඩුළු 350 සීමාවට වේගයෙන් ළඟාවූ ක්‍රීඩකයා 

මුත්තයියා මුරලිදරන් - තරග 66කදී.

2001 සැප්. 06 දින කොළඹ SSC ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශයට එරෙහිව පැවති ටෙස්ට් තරගයේදී  මෙම සීමාව පසුකළේය. (ගතවූ කාලය - අවු 9යි. දින9 යි.)

14. ටෙස්ට් කඩුළු 400 සීමාවට වේගයෙන් ළඟාවූ ක්‍රීඩකයා 

මුත්තයියා මුරලිදරන් - තරග 72කදී.

2002 ජනවාරි 12 දින ගාල්ල ක්‍රීඩාංගණයේදී සිම්බාබ්වේට එරෙහිව පැවති ටෙස්ට් තරගයේදී  මෙම සීමාව පසුකළේය. (ගතවූ කාලය - අවු 9යි. දින137 යි.)


15. ටෙස්ට් කඩුළු 450 සීමාවට වේගයෙන් ළඟාවූ ක්‍රීඩකයා 
මුත්තයියා මුරලිදරන් - තරග 80කදී.

2003 මැයි 03 දින මහනුවර ක්‍රීඩාංගණයේදී නවසීලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගයේදී  මෙම සීමාව පසුකළේය. (ගතවූ කාලය - අවු 10යි. දින248 යි.)


16. ටෙස්ට් කඩුළු 500 සීමාවට වේගයෙන් ළඟාවූ ක්‍රීඩකයා 

මුත්තයියා මුරලිදරන් - තරග 87කදී.

2004 මාර්තු 16 දින මහනුවර ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති ටෙස්ට් තරගයේදී  මෙම සීමාව පසුකළේය. (ගතවූ කාලය - අවු 11යි. දින201 යි.)

17. ටෙස්ට් තරගවල කඩුළු රකින්නෙකු ලෙස වැඩිම ස්ටම්ප් කිරීම් සිදුකළ ක්‍රීඩකයා 


*මෙම ලැයිස්තුවේ හයවන ස්ථානයට ප්‍රසන්න ජයවර්ධනත් නමවන ස්ථානයට රොමේෂ් කළුවිතාරණත් සිටී.

1.බර්ට් ඕල්ඩ්ෆීල්ඩ් (ඕස්ට්‍රේලියාව)    (1920-1937)       - ස්ටම්ප් -52    
2.ගොඩ්ෆ්‍රි එවන්ස් (එංගලන්තය)      (1946-1959)       - ස්ටම්ප් -46    
3.සයිඩ් කිර්මානි (ඉන්දියාව)            (1976-1986)       - ස්ටම්ප් -38    
4.මහේන්ද්‍රසිං දෝනි (ඉන්දියාව)       (2005-2014)       - ස්ටම්ප් -37   
5.ඇඩම්ස් ගිල්ක්‍රිස්ට් (ඕස්ට්‍රේලියාව)  (1999-2008)       - ස්ටම්ප් -37  
6.ප්‍රසන්න ජයවර්ධන (ශ්‍රී ලංකාව)     (2000-2014)      - ස්ටම්ප් -32  
7.ඉයන් හීලි (ඕස්ට්‍රේලියාව)              (1988-1999)       - ස්ටම්ප් -29  
8.වසිම් බාරි (පාකිස්ථානය)              (1967-1984)       - ස්ටම්ප් -27  
9.රොමේෂ් කළුවිතාරණ (ශ්‍රී ලංකාව(1992-2004)      - ස්ටම්ප් -26  

18. ටෙස්ට් තරගවල පන්දු රකින්නෙකු ලෙස වැඩිම පන්දු සංඛ්‍යාවක් රැකගත් ක්‍රීඩකයා 

*මෙම ලැයිස්තුවේ හතරවන ස්ථානයට මහේල ජයවර්ධන පැමිණ සිටී.
1.රාහුල් ඩ්‍රාවිඩ් (ඉන්දියාව)          (1996-2012)       - පන්දු රැකීම් -210   
2.ජැක් කාලිස් (ද.අප්‍රිකාව)           (1995-2013)       - පන්දු රැකීම් -200   
3.රිකී පොන්ටින් (ඕස්ට්‍රේලියාව) (1995-2012)        - පන්දු රැකීම් -196
4.මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව) (1997-2014)       - පන්දු රැකීම් -194 

19. මෙතෙක් ටෙස්ට් තරගවල ඕනෑම විකට්ටුවක් සදහාවූ ඉහළම ලකුණු සම්බන්ධතාව
  

   


 *මෙම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන - ලකුණු 624 දෙවන ස්ථානය සනත් ජයසූරිය සහ රොෂාන් මහානාම - ලකුණු 576


1.කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව)     - ලකුණු 624 
  2006 ජූලි 27 ද. අප්‍රිකාවට එරෙහිව කොළඹ ssc ක්‍රීඩාංගණයේ පැවති       තරගයේදී 3 වැනි විකට්ටුව සඳහා මෙම ලකුණු ප්‍රමාණය එකතුවිය. 

2.සනත් ජයසූරිය සහ රොෂාන් මහානාම (ශ්‍රී ලංකාව)     - ලකුණු 576 
  1997 අගෝ.02 ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්.ප්‍රේමදාස        ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී 2 වැනි විකට්ටුව සඳහා මෙම ලකුණු     ප්‍රමාණය එකතුවිය.  

3. ඇන්ඩෘෘ ජෝන්ස් සහ මාටින් ක්‍රෝ (නවසීලන්තය) -  467
    1991/01/30 නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර වෙලිංටන්හි පැවති           තරගයේදී 3 වැනි විකට්ටුව සහා

4. බිල් පොන්ස්ෆෝඩ් සහ සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් (ඕස්ට්‍රේලියාව)  - 451
    1934/08/18 එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර ඕවල්හි පැවති               තරගයේදී 2 වැනි විකට්ටුව සහා

5. මුඩාසර් නසාර් සහ ජාවඩ් මියැන්ඩාඩ් (පාකිස්ථානය)   - 451
    1983/01/14 පාකිස්ථානය හා ඉන්දියාව අතර හයිද්‍රාබාද්හි පැවති             තරගයේදී 3 වැනි විකට්ටුව සහා
  
6. සර් කොන්රාඩ් හන්ටේ සහ සර් ගාෆීල්ඩ් සෝබර්ස් (බ.ඉ.කො.) - 446
    1958/02/26 බ.ඉ.කො. හා පාකිස්ථානය අතර කිංග්ස්ටන්හි පැවති           තරගයේදී 2 වැනි විකට්ටුව සහා 

7. මාවන් අතපත්තු සහ කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)  -  438 
    2004/05/14 ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර බුලාවයෝහි පැවති               තරගයේදී 2 වැනි විකට්ටුව සහා

8. මහේල ජයවර්ධන සහ තිලාන් සමරවීර (ශ්‍රී ලංකාව)  -  437 
    2009/02/21 ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර කරච්චිහි පැවති                 තරගයේදී 4 වැනි විකට්ටුව සහා

20. මෙතෙක් ටෙස්ට් තරගවල දෙවන විකට්ටුව සදහාවූ ඉහළම ලකුණු සම්බන්ධතාව
 
සනත් ජයසූරිය සහ රොෂාන් මහානාම - ලකුණු 576

    සනත් ජයසූරිය සහ රොෂාන් මහානාම (ශ්‍රී ලංකාව)  -  576 
   1997 අගෝ.02 ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්.ප්‍රේමදාස                    ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී 2 වැනි විකට්ටුව සඳහා

21. මෙතෙක් ටෙස්ට් තරගවල තුන්වන විකට්ටුව සදහාවූ ඉහළම ලකුණු සම්බන්ධතාව
 
කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන - ලකුණු 624 

1.කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව)     - ලකුණු 624 
  2006 ජූලි 27 ද. අප්‍රිකාවට එරෙහිව කොළඹ ssc ක්‍රීඩාංගණයේ පැවති       තරගයේදී 3 වැනි විකට්ටුව සඳහා මෙම ලකුණු ප්‍රමාණය එකතුවිය. 

22. මෙතෙක් ටෙස්ට් තරගවල හතරවන විකට්ටුව සදහාවූ ඉහළම ලකුණු සම්බන්ධතාව

මහේල ජයවර්ධන සහ තිලාන් සමරවීර - ලකුණු 437 

මහේල ජයවර්ධන සහ තිලාන් සමරවීර (ශ්‍රී ලංකාව)  -  437 
    2009/02/21 ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර කරච්චිහි පැවති           තරගයේදී 4 වැනි විකට්ටුව සහා

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග වාර්තා

















01. මෙතෙක් එක්දින ඉනිමකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් කණ්ඩායම
ශ්‍රී ලංකාව - කඩුළු 9 කට ලකුණු 443



















2006 ජූලි 4 දින නෙදර්ලන්තයේ ඇම්ස්ටෙල්වීන් (Amstelveen) 
ක්‍රීඩාංගනයේ දී නෙදර්ලන්තයට එරෙහිව මෙම එක්දින තරගය පැවැත්වුණි.

02. මෙතෙක් එක්දින තරගයක දෙවනුව පන්දුවට පහරදී (මුලින් පන්දු රැක) වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් කණ්ඩායම
*මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය - ශ්‍රී ලංකාව - ලකුණු 411/විකට් 8ට


1.ද.අප්‍රිකාව              - ලකුණු -438/9    
2.ශ්‍රී ලංකාව              - ලකුණු -411/8
 2009/12/15 ඉන්දියාවට එරෙහිව රාජ්කොට්හි පැවති තරගය. මෙම    තරගයෙදී ශ්‍රී ලංකාව පරාජයට පත්වීම විශේෂත්වයකි.  
3.ඉන්දියාව               - ලකුණු -362/1  

03. මෙතෙක් එක්දින ඉනිමකදී අඩුම ලකුණු  සංඛ්‍යාවක් ලබාගත් කණ්ඩායම
*මෙම ලැයිස්තුවේ පළමු, දෙවන හා තුන්වන රටවල් අඩු ලකුණු සංඛ්‍යාවලට දවාගනු ලැබුවේ ශ්‍රී ලංකාව විසින් වීම විශේෂත්වයකි.


1. සිම්බාබ්වේ - ලකුණු  35 ශ්‍රී ලංකාවට එරෙහිව
2. කැනඩා      - ලකුණු  36 ශ්‍රී ලංකාවට එරෙහිව
3. සිම්බාබ්වේ - ලකුණු  38 ශ්‍රී ලංකාවට එරෙහිව
4. ශ්‍රී ලංකාව   - ලකුණු  43 ද.අප්‍රිකාවට එරෙහිව

04. මෙතෙක් එක්දින ඉනිමකදී වැඩිම ලකුණු වේගයක් පවත්වාගත් කණ්ඩායම   
ශ්‍රී ලංකාව - වේගය -ඕවරයකට ලකුණු 8.86


1. ශ්‍රී ලංකාව - ඕවරයකට ලකුණු 8.86 (ඕවර 50දී ලකුණු 443/9)
    2006/7/4 නෙදර්ලන්තයට එරෙහිව ඇම්ස්ටල්වීන්හිදී පැවති තරගය
2. ඕස්ට්‍රේලියාව - ඕවරයකට ලකුණු 8.68 (ඕවර 50දී ලකුණු 434/4)
3. ද.අප්‍රිකාව - ඕවරයකට ලකුණු 8.36 (ඕවර 50දී ලකුණු 418/5)
4. ඉන්දියාව - ඕවරයකට ලකුණු 8.36 (ඕවර 50දී ලකුණු 418/5)

05. මෙතෙක් එක්දින ඉනිමකදී වැඩිම හතරේ පහරවල් එල්ලකළ කණ්ඩායම
ශ්‍රී ලංකාව - ඉනිමකදී හතරේ පහරවල් 56


1. ශ්‍රී ලංකාව - ඉනිමකදී හතරේ පහරවල් 56 
    2006/7/4 නෙදර්ලන්තයට එරෙහිව ඇම්ස්ටල්වීන්හිදී පැවති තරගය
     443/9
2. ඉන්දියාව     - ඉනිමකදී හතරේ පහරවල් 48 
3. එංගලන්තය - ඉනිමකදී හතරේ පහරවල් 44 
4. ද.අප්‍රිකාව     - ඉනිමකදී හතරේ පහරවල් 44

06. මෙතෙක් එක්දින ඉනිමකදී හතරේ පහරවල් සහ හයේ පහරවල් වලින් පමණක් වැඩිම ලකුණු ලැබූ කණ්ඩායම
ශ්‍රී ලංකාව - ලකුණු 256
හතරේ පහරවල් 43/හයේ පහරවල් 14
(4X43 =172, 6X14 =84 මුළු 256)


1. ශ්‍රී ලංකාව - ඉනිමකදී හතරේ සහ හයේ පහරවල් එකතුව 256 
    1996/3/6 කෙන්යාවට එරෙහිව මහනුවරදී පැවති තරගය
     398/5
2. ඕස්ට්‍රේලියාව     - ලකුණු 256 
3. නවසීලන්තය    - ලකුණු 252 
4. ද.අප්‍රිකාව          - ලකුණු 248 









01. මෙතෙක් එක්දින තරගවලදී වැඩිම හතරේ පහරවල් එල්ලකළ ක්‍රීඩකයා

*මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය - ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය -  හතරේ පහරවල් 1500 යි.

1.සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව)  - 4 පහර -2016 (තරග 463කදී) 
2.සනත් ජයසූරිය (ශ්‍රී ලංකාව)          - 4 පහර -1500 (තරග 445කදී)
3.රිකී පොන්ටින් (ඕස්ට්‍රේලියාව)      - 4 පහර -1231 (තරග 375කදී)
4.කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)      - 4 පහර -1202 (තරග 369කදී)

02. මෙතෙක් එක්දින තරගවලදී වැඩිම හයේ පහරවල් එල්ලකළ ක්‍රීඩකයා (අයි.සී.සී. හා ඒසියා කුසලානද ඇතුළුව)

*මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය - ශ්‍රී ලංකාවේ
සනත් ජයසූරිය -  හයේ පහරවල් 270 යි.

1.ශහිඩ් අෆ්රිඩි (පාකිස්ථානය)         - හයේ පහරවල් 333 යි.
2.සනත් ජයසූරිය (ශ්‍රී ලංකාව)         - හයේ පහරවල් 270 යි.   
3.ක්‍රිස් ගේල් (බ.ඉ.කො.)                - හයේ පහරවල් 204 යි.  
4.සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව- හයේ පහරවල් 195 යි.
  
03. මෙතෙක් එක්දින තරගවලදී වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ ක්‍රීඩකයා

*මෙම ලැයිස්තුවේ තුන්වන ස්ථානය - සනත් ජයසූරිය

1.සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව) - ලකුණු -18426
2.රිකී පොන්ටින් (ඕස්ට්‍රේලියාව) -    ලකුණු -13704
3.සනත් ජයසූරිය (ශ්‍රී ලංකාව) -        ලකුණු -13430


04. මෙතෙක් එක්දින තරගවලදී වැඩිම ශතක ප්‍රමාණයක් රැස්කළ ක්‍රීඩකයා

*මෙම ලැයිස්තුවේ තුන්වන ස්ථානය - සනත් ජයසූරිය

1.සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව) - ලකුණු -49
2.රිකී පොන්ටින් (ඕස්ට්‍රේලියාව) -    ලකුණු -30
3.සනත් ජයසූරිය (ශ්‍රී ලංකාව) -        ලකුණු -28


05. මෙතෙක් එක්දින ඉනිමකදී වැඩිම හයේ පහරවල් එල්ලකළ ක්‍රීඩකයා 

*මෙම ලැයිස්තුවේ පස්වන ස්ථානය - ශ්‍රී ලංකාවේ
සනත් ජයසූරිය -  හයේ පහරවල් 11 යි.

1.රෝහිත් ෂර්මා (ඉන්දියාව)                  - හයේ පහරවල් 16 යි. 
2.ෂේන් වොට්සන් (ඕස්ට්‍රේලියාව)         - හයේ පහරවල් 15 යි.
3.කොරේ ඇන්ඩර්සන් (නවසීලන්තය)  - හයේ පහරවල් 14 යි.   
4.ක්ෂේවියර් මාෂල් (බ.ඉ.කො.)           - හයේ පහරවල් 12 යි.  
5.සනත් ජයසූරිය (ශ්‍රී ලංකාව)               - හයේ පහරවල් 11 යි. 
  (1996 අප්‍රේ ල් 2 සිංගප්පූරුවේ පැවති පාකිස්ථානයට එරෙහි තරගය)

06. මෙතෙක් එක්දින ඉනිමකදී වැඩිම හතරේ පහරවල් එල්ලකළ ක්‍රීඩකයා

*මෙම ලැයිස්තුවේ තුන්වන ස්ථානය - ශ්‍රී ලංකාවේ
සනත් ජයසූරිය -  හතරේ පහරවල් 24 යි.

1.සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව)       - හතරේ පහරවල් 25 යි. 
2.විරේන්ද්‍ර ෂෙවාග් (ඉන්දියාව)             - හතරේ පහරවල් 25 යි.
3.සනත් ජයසූරිය (ශ්‍රී ලංකාව)               - හතරේ පහරවල් 24 යි.
   (2006/7/4 නෙදර්ලන්තයේ ඇම්ස්ටල්වීන් ක්‍රීඩාංගණයේ පැවති     නෙදර්ලන්තයට එරෙහි තරගය)
4.සයිඩ් අන්වර් (පාකිස්ථානය)             හතරේ පහරවල් 22 යි. 

07. මෙතෙක් එක්දින ඉනිමකදී වේගවත්ම අර්ධ ශතකය ලබාගත් ක්‍රීඩකයා








සනත් ජයසූරිය - පන්දු 17 කදී ලකුණු 76ක්
1996 අප්‍රේල් 6 දින සිංගප්පූරුවේදී පාකිස්ථානයට එරෙහිව මෙම එක්දින තරගය පැවැත්වුණි.

08. මෙතෙක් එක්දින ඉනිමකදී වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයා

*මෙම ලැයිස්තුවේ අටවන ස්ථානය - සනත් ජයසූරිය

1.විරේන්ද්‍ර ෂෙවාග් (ඉන්දියාව)         - ලකුණු -219 
2.රෝහිත් ෂර්මා (ඉන්දියාව)             - ලකුණු -209   
3.සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව)   - ලකුණු -200   
4.චාල්ස් කවෙන්ට්‍රි (සිම්බාබ්වේ)       - ලකුණු -194   
5.සයිඩ් අන්වර් (පාකිස්ථානය)          - ලකුණු -194 
6.සර් විවියන් රිචර්ඩ්ස් (බ.ඉ.කො.)    - ලකුණු -189 
7.මාටින් ගුප්ටිල් (නවසීලන්තය)       - ලකුණු -189 
8.සනත් ජයසූරිය (ශ්‍රී ලංකාව)            - ලකුණු -189 - 2000/10/29 දින සාජාහි පැවති ඉන්දියාවට එරෙහි එක්දින තරගය

09. මෙතෙක් (එක්දින තරග) ඕවරයකදී ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයට හිමිකම් කියන ක්‍රීඩකයා

*මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය - තිසර පෙරේරා

1.හර්ෂෙල් ගිබ්ස් (ද.අප්‍රිකාව)            - ලකුණු -36 (6,6,6,6,6,6)
2.තිසර පෙරේරා (ශ්‍රී ලංකාව)            - ලකුණු -35 (6,වයිඩ්,6,6,6,4,6) 2013 පල්ලේකැලේදී ද.අප්‍රිකාවට එරෙහිව පැවති එක්දින තරගය. පන්දු යැව්වේ රොබින් පීටර්සන් 


ක්‍රිකට් ගැන දැනුමැති වැඩිහිටි කවුරුත් දන්නා කරුණකි, ලෝකයේ ප්‍රථම වරට ඕවරයේ පන්දු 6ට හයේ පහරවල් 6ක් ගැසූ එකම ක්‍රීඩකයා ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් බව. අප මෙහිදී ඔහුගේ මෙම වික්‍රමය සිහිපත් කළ යුතුය. නමුත් ටෙස්ට් හෝ එක්දින වාර්තාවලට ඔහුගේ වාර්තාව ඇතුලත් නොවන්නේ ඔහු එය සිදුකළේ පළමු පෙළේ තරගයකටවී ම නිසාය. ඒ  1968 අගෝ. 31 දාය.
තිසර පෙරේරාගේ මේ වික්‍රමය නැරඹීමට යූ ටියුබය
https://www.youtube.com/watch?v=5F5xmlh2cg0
ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්ගේ වාර්තාව බලාගැනීමට යූ ටියුබය
https://www.youtube.com/watch?v=KZUVL3SqqZo

10. මෙතෙක් එකම ක්‍රීඩා පිටියක වැඩිම එක්දින ලකුණු ප්‍රමාණයක් රැස්කළ ක්‍රීඩකයා
*සනත් ජයසූරිය - ලකුණු 2514


1.සනත් ජයසූරිය (ශ්‍රී ලංකාව)                       - ලකුණු -2514
කොළඹ කෙත්තාරාමා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය 
2.ඉන්සමාම් උල් හක් (පාකිස්ථානය)            - ලකුණු -2464
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණය
3.සයිඩ් අන්වර් (පාකිස්ථානය)                      - ලකුණු -2179
සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණය
4.රිකී පොන්ටින් (ඕස්ට්‍රේලියාව)                   - ලකුණු -2108
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය

11. වේගවත්ම එක්දින ශතකයට හිමිකම් කියන ක්‍රීඩකයා
*මෙම ලැයිස්තුවේ හත්වන ස්ථානය - සනත් ජයසූරිය
  පන්දු 48ට ලකුණු 134 යි.

1.කොරේ ඇන්ඩර්සන් (නවසීලන්තය) - පන්දු 36ට   - ලකුණු -131 
2.ශහිඩ් අෆ්රිඩි (පාකිස්ථානය)              - පන්දු 37ට   - ලකුණු -102   
3.මාක් බුචර් (ද.අප්‍රිකාව)                      - පන්දු 44ට   - ලකුණු -147   
4.බ්‍රයන් ලාරා (බ.ඉ.කො.)                    - පන්දු 45ට   - ලකුණු -117   
5.ශහිඩ් අෆ්රිඩි (පාකිස්ථානය             - පන්දු 45ට   - ලකුණු -102 
6.ජෙසී රයිඩර් (නවසීලන්තය)              - පන්දු 46ට  - ලකුණු -104 
7.සනත් ජයසූරිය (ශ්‍රී ලංකාව)               - පන්දු 48ට  - ලකුණු -134 

සනත් ජයසූරිය විසින් 1996 අප්‍රේල් 2 දින  දී පාකිස්ථානයට එරෙහිව සිංගප්පූරුවේදී පැවති එක්දින තරගයේදී මෙම වාර්තාව පිහිටුවනු ලැබීය. එය 1996 දී ලෝක වාර්තාවක් විය. වේගවත්ම ලෝක එක්දින ශතකලාභියා වූ සනත්ගේ මෙම අද්විතීය වාර්තාව එම වසරේම ඔක්තෝබර් 4 දින නයිරෝබි නුවර ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවති එක්දින තරගයේදී පාකිස්ථානු ක්‍රීඩක ශයිඩ් අෆ්රිඩි විසින් බිඳහෙළනු ලැබීය. එහිදී ඔහු පන්දු 37ට ලකුණු 102 ක් ලබාගත්තේය. අද වනවිට ලෝක වාර්තාවට උරුමකම් කියන්නේ නවසීලන්තයේ කොරේ ඇන්ඩර්සන්ය. 













01. මෙතෙක් එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම කඩුළු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා
මුත්තයියා මුරලිදරන් - කඩුළු 534යි.








1.මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව)     කඩුළු 534 යි. (තරග 350යි)
2.වසීම් අක්‍රම් (පාකිස්ථානය)              කඩුළු 502 යි. (තරග 356යි)
3.වකාර් යුනුස් (පාකිස්ථානය)            කඩුළු 416 යි. (තරග 262යි)
4.චමින්ද වාස් (ශ්‍රී ලංකාව)                  කඩුළු 400 යි. (තරග 322යි)

02. මෙතෙක් එක්දින ඉනිමක හොම පන්දු යැවීම









චමින්ද වාස් - ලකුණු 19 කට කඩුළු 8ක්.

1.චමින්ද වාස් (ශ්‍රී ලංකාව)                  - ලකුණු 19කට කඩුළු 8ක්.
1.ශහිඩ් අෆ්රිඩි (පාකිස්ථානය)            ලකුණු 12කට කඩුළු 7ක්.
2.ග්ලෙන් මැක්ග්‍රාත් (ඕස්ට්‍රේලියාව)    ලකුණු 15කට කඩුළු 7ක්.
3.ඇන්ඩි බිචෙල් (ඕස්ට්‍රේලියාව)         ලකුණු 20කට කඩුළු 7ක්.
4.මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව)    - ලකුණු 30කට කඩුළු 7ක්.

03. මෙතෙක් එක්දින තරගාවලියක වැඩිම කඩුළු ලබාගත් ක්‍රීඩකයා

*මෙම ලැයිස්තුවේ පස්වන ස්ථානය - චමින්ද වාස් කඩුළු 23 යි. හයවන ස්ථානය මුත්තයියා මුරලිදරන් කඩුළු 23 යි. 

1.ග්ලෙන් මැක්ග්‍රාත් (ඕස්ට්‍රේලියාව)  - කඩුළු 27 යි.
2.ග්ලෙන් මැක්ග්‍රාත් (ඕස්ට්‍රේලියාව) කඩුළු 26ක්.
3.ඩෙනිස් ලිලී (ඕස්ට්‍රේලියාව)          කඩුළු 25ක්.
4.ජොයෙල් ගානර් (බ.ඉ.කො.)       කඩුළු 24ක්.
5.චමින්ද වාස් (ශ්‍රී ලංකාව)               - කඩුළු 23ක්.
6.මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව - කඩුළු 23ක්.

04. එක් ක්‍රීඩාංගණයකදී වැඩිම එක්දින කඩුළු ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයා

*මෙම ලැයිස්තුවේ තුන්වන ස්ථානය - මුත්තයියා මුරලිදරන් - කඩුළු 82 ක්. 

1.වසීම් අක්‍රම් (පාකිස්ථානය)           කඩුළු 122 ක්.
2.වකාර් යූනිස් (පාකිස්ථානය)         කඩුළු 114ක්.
3.මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව කඩුළු 82ක්.
   (1993-2011 අතර සාජා ක්‍රීඩාංගණයේදී)
4.ජොයෙල් ගානර් (බ.ඉ.කො.)        කඩුළු 75ක්.

05. ඉනිමකට එක්දින කඩුළු 5 බැගින් ලබාගත් වැඩිම වාර ගණනක් හිමි ක්‍රීඩකයා


*මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය - මුත්තයියා මුරලිදරන් - කඩුළු 5 බැගින් වාර 10 ක්. 


1.වකාර් යුනුස් (පාකිස්ථානය)           කඩුළු 5 බැගින් වාර 13ක්.
2.මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව)   කඩුළු 5 බැගින් වාර 10ක්.
3.බෙට්‍ර් ලී (ඕස්ට්‍රේලියාව                 කඩුළු 5 බැගින් වාර 9ක්.
4.ශහිඩ් අෆ්රිඩි (පාකිස්ථානය)           කඩුළු 5 බැගින් වාර 9ක්.
5.ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව)              කඩුළු 5 බැගින් වාර 7ක්.


06. ඉනිමකට එක්දින කඩුළු 4 බැගින් ලබාගත් වැඩිම වාර ගණනක් හිමි ක්‍රීඩකයා



*මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය - මුත්තයියා මුරලිදරන් - කඩුළු 4 බැගින් වාර 25 ක්. 


1.වකාර් යූනිස් (පාකිස්ථානය)           කඩුළු 4 බැගින් වාර 27ක්.
2.මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව)   කඩුළු 4 බැගින් වාර 25ක්.


07. තම ක්‍රිකට් දිවියේ වැඩිම එක්දින පන්දු ප්‍රමාණයක් යැවූ ක්‍රීඩකයා (ලෝක හා ආසියානු කුසලාන ක්‍රිකට් ද ඇතුළුව)


*මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව) - පන්දු - 18811

1.මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව)   පන්දු 18811 යි.
2.වසීම් අක්‍රම් (පාකිස්ථානය)            පන්දු 18186 යි.
3.ශහිඩ් අෆ්රිඩි (පාකිස්ථානය)          පන්දු 16610 යි.
4.චමින්ද වාස් (ශ්‍රී ලංකාව)                පන්දු 15775 යි.
5.ෂෝන් පොලොක් (ද.අප්‍රිකාව)       පන්දු 15712 යි.
6.සනත් ජයසූරිය (ශ්‍රී ලංකාව)           පන්දු 14874 යි.

08. කඩුල්ලටම පන්දුව වැදීමෙන් වැඩිම එක්දින කඩුළු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා

*මෙම ලැයිස්තුවේ තුන්වන ස්ථානය - මුත්තයියා මුරලිදරන් - කඩුළු 122 යි. 

1.වසීම් අක්‍රම් (පාකිස්ථානය)            කඩුළු 176 යි.
2.වකාර් යූනිස් (පාකිස්ථානය)           කඩුළු 151 යි.
3.මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව)   කඩුළු 122 යි.


09. (තමා හැර) වෙනත් ක්‍රීඩකයෙකු පන්දුව අල්ලා ගැනීමෙන් වැඩිම එක්දින කඩුළු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා 

*මුත්තයියා මුරලිදරන් - කඩුළු 290 යි. 

1. මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව)   කඩුළු 290 යි.
2. ෂෝන් පොලොක් (ද.අප්‍රිකාව)       කඩුළු 262 යි.
3. බෙට්‍ර් ලී (ඕස්ට්‍රේලියාව)                  කඩුළු 250 යි.
4. ග්ලෙන් මැක්ග්‍රාත් (ඕස්ට්‍රේලියාව)   කඩුළු 245 යි.
5. චමින්ද වාස් (ශ්‍රී ලංකාව)                 කඩුළු 239 යි.

10. පන්දුව යවා තමාම එය නැවත රැකගැනීමෙන් වැඩිම එක්දින කඩුළු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා 


*මුත්තයියා මුරලිදරන් - කඩුළු 35 යි. 


1. මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව)      කඩුළු 35 යි.
2. ක්‍රිස් හැරිස් (නවසීලන්තය)                කඩුළු 29 යි.
3. ශහිඩ් අෆ්රිඩි (පාකිස්ථානය)              කඩුළු 23 යි.
4. සක්ලේන් මුස්ටාක් (පාකිස්ථානය)    කඩුළු 20 යි.

11. පන්දුව යවා එය පන්දු රකින්නෙකු විසින් රැක ගැනීමෙන් වැඩිම එක්දින කඩුළු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා 

*මුත්තයියා මුරලිදරන් - කඩුළු 246 යි. 

1. මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව)      කඩුළු 246 යි.
2. ෂෝන් පොලොක් (ද.අප්‍රිකාව)          කඩුළු 192 යි.
3. චමින්ද වාස් (ශ්‍රී ලංකාව)                   කඩුළු 168 යි.
4. බෙට්‍ර් ලී (ඕස්ට්‍රේලියාව)                     කඩුළු 158 යි.

12. පන්දුව යවා එය කඩුළු රකින්නා විසින් රැක ගැනීමෙන් වැඩිම එක්දින කඩුළු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා 






*මෙම ලැයිස්තුවේ හයවන ස්ථානය - චමින්ද වාස් - කඩුළු 71 


1. වසීම් අක්‍රම් (පාකිස්ථානය)          කඩුළු 93 යි.
2. බෙට්‍ර් ලී (ඕස්ට්‍රේලියාව)                කඩුළු 92 යි.
3. ග්ලෙන් මැක්ග්‍රාත් (ඕස්ට්‍රේලියාව) කඩුළු 89 යි.
4. වකාර් යූනිස් (පාකිස්ථානය)         කඩුළු 78 යි.
5. මකායා න්ටිනි (ද.අප්‍රිකාව)            කඩුළු 76 යි.
6. චමින්ද වාස් (ශ්‍රී ලංකාව)               කඩුළු 71 යි.

13. පන්දුව යවා එය කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරමින් වැඩිම එක්දින කඩුළු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා 
 

*මෙම ලැයිස්තුවේ හතරවන ස්ථානය - චමින්ද වාස් - කඩුළු 69 යි. පස්වන ස්ථානය මුත්තයියා මුරලිදරන් - කඩුළු 65 යි.


1. වසීම් අක්‍රම් (පාකිස්ථානය)          කඩුළු 92 යි.
2. බෙට්‍ර් ලී (ඕස්ට්‍රේලියාව)                කඩුළු 73 යි.
3. ග්ලෙන් මැක්ග්‍රාත් (ඕස්ට්‍රේලියාව) කඩුළු 71 යි.
4. චමින්ද වාස් (ශ්‍රී ලංකාව)               කඩුළු 69 යි.
5. මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව)  කඩුළු 65 යි.

14. පන්දුව යවා එය ස්ටම්ප් කිරීමකට හසුකරමින් වැඩිම එක්දින කඩුළු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා 

මුත්තයියා මුරලිදරන් - කඩුළු 56 යි.


1. මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව)  කඩුළු 56 යි.
2. ෂේන් වෝන් (ඕස්ට්‍රේලියාව)         කඩුළු 50 යි.
3. සනත් ජයසූරිය (ශ්‍රී ලංකාව)           කඩුළු 42 යි.


ජාත්‍යන්තර 20යි20 ක්‍රිකට් තරග වාර්තා












01. මෙතෙක් 20යි20 තරග ඉනිමකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් කණ්ඩායම
ශ්‍රී ලංකාව - කඩුළු 6 කට ලකුණු 260





















2007 සැප් 14 දින දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග්

ක්‍රීඩාංගනයේ දී කෙන්යාවට එරෙහිව මෙම 20යි20 තරගය පැවැත්වුණි.

02. මෙතෙක් 20යි20 තරග ඉනිමකදී අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවීගිය කණ්ඩායම
නෙදර්ලන්තය-ලකුණු 39යි. මෙහිදී නෙදර්ලන්තය අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගියත් එහි ගෞරවය හිමිවන්නේ ශ්‍රී ලංකාවටය.

2014 මාර්තු 24 දින ශ්‍රී ලංකාව, බංග්ලාදේශයේ චිතගොං ක්‍රීඩාංගණයේ නෙදර්ලන්තයට එරෙහිව පැවති 20යි20 ලෝක කුසලාන තරගයකදී නෙදර්ලන්තය ලකුණු 39කට දවාලමින් මෙම දස්කම දැක්වීය.

03. මෙතෙක් 20යි20 තරග ඉනිමකදී වැඩිම ලකුණු වේගයක් පවත්වාගත් කණ්ඩායම

ශ්‍රී ලංකාව - වේගය -ඕවරයකට ලකුණු 13

1. ශ්‍රී ලංකාව - ඕවරයකට ලකුණු 13 (ඕවර 20දී ලකුණු 260/6)
    2007/9/14 කෙන්යාවට එරෙහිව ජොහැනස්බර්ග්හි පැවති තරගය
2. ඕස්ට්‍රේලියාව - ඕවරයකට ලකුණු 12.40 (ඕවර 20දී ලකුණු 248/6)
3. ද.අප්‍රිකාව - ඕවරයකට ලකුණු 12.05 (ඕවර 20දී ලකුණු 241/6)
4. අයර්ලන්තය - ඕවරයකට ලකුණු 11.25 (ඕවර 20දී ලකුණු 225/7)   



04. මෙතෙක් 20යි20 ඉනිමකදී වැඩිම හතරේ පහරවල් එල්ලකළ කණ්ඩායම
ශ්‍රී ලංකාව - හතරේ පහරවල් 30 යි.

2007/9/14 කෙන්යාවට එරෙහිව ජොහැනස්බර්ග්හි පැවති තරගය

1.ශ්‍රී ලංකාව      - හතරේ පහර  -  30යි.  (2007)  
2.ශ්‍රී ලංකාව      - හතරේ පහර  -  29යි.  (2009)
    2009/12/9 ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ නාග්පූර්හිදී පැවති තරගය
3.ද.අප්‍රිකාව      - හතරේ පහර  -    24යි.  (2007) 
4.ද.අප්‍රිකාව      - හතරේ පහර  -    24යි.  (2009)


05. 20යි20 ඉනිමකදී හතරේ සහ හයේ පහරවල් වලින් පමණක් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් කණ්ඩායම
*ශ්‍රී ලංකාව - ලබාගත් ලකුණු ප්‍රමාණය - 186යි.


2007/9/14 කෙන්යාවට එරෙහිව ජොහැනස්බර්ග්හි පැවති තරගය


1.ශ්‍රී ලංකාව          - ලකුණු ප්‍රමාණය  -    186යි.  (260/6) 
   හයේ පහර -11යි.හතරේ පහර 30යි. (6 X11=66 +4 X30=120)
2.ඕස්ට්‍රේලියාව      - ලකුණු ප්‍රමාණය  -    184යි.  (248/6) 
3.ද.අප්‍රිකාව           - ලකුණු ප්‍රමාණය  -    178යි.  (241/6) 










06. 20යි 20 තරගවලදී මෙතෙක් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා
  
*මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය - මහේල ජයවර්ධන - ලකුණු 1493යි. 
තුන්වන ස්ථානය - තිලකරත්න ඩිල්ෂාන් - ලකුණු 1466යි. 
පස්වන ස්ථානය - කුමාර් සංගක්කාර - ලකුණු 1382යි. 

1.බ්‍රෙන්ඩන් මැකලම් (නවසීලන්තය)     - ලකුණු -2044  
2.මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව)            - ලකුණු -1493    
3.තිලකරත්න ඩිල්ෂාන් (ශ්‍රී ලංකාව)        - ලකුණු -1466    
4.ඩේවිඩ් වෝනර් (ඕස්ට්‍රේලියාව)            - ලකුණු -1391  
5.කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)             - ලකුණු -1382     

07. එක් වසරක් තුල 20යි 20 තරගවලදී  වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා
 
*මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය - තිලකරත්න ඩිල්ෂාන් - ලකුණු 471යි. හයවන ස්ථානය - කුමාර් සංගක්කාර - ලකුණු 434යි.


1.මාටින් ගුප්ටිල් (නවසීලන්තය)          - ලකුණු - 472
2.තිලකරත්න ඩිල්ෂාන් (ශ්‍රී ලංකාව)      - ලකුණු - 471    
3.විරාට් කෝලි (ඉන්දියාව)                  - ලකුණු - 471
4.බ්‍රෙන්ඩන් මැකලම් (නවසීලන්තය)   - ලකුණු - 459
5.උමාර් අක්මාල් (පාකිස්ථානය)          - ලකුණු - 441    
6.කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)          - ලකුණු - 434  


08. මෙතෙක් එකම ක්‍රීඩා පිටියක වැඩිම 20යි20 ලකුණු ප්‍රමාණයක් රැස්කළ ක්‍රීඩකයා
*මෙම ලැයිස්තුවේ තුන්වන ස්ථානය - මහේල ජයවර්ධන - ලකුණු 277යි. 


1.ග්‍රේම් ස්මිත් (ද.අප්‍රිකාව)                            - ලකුණු -341 
ජොහැනස්බර්ග්හි වොන්ඩරස් ක්‍රීඩාංගණය (කාලය 2005-2011)
2.විරාට් කෝලි (ඉන්දියාව)                          - ලකුණු -319
ඩැකා මිර්පූර්හි ෂියර් බංග්ලා ජාතික ක්‍රීඩාංගණය (කාලය 2014-2014)
3.මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව)            - ලකුණු -277
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය  (කාලය 2011-2013)

09. මෙතෙක් (20යි20) ඕවරයකදී ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයට හිමිකම් කියන ක්‍රීඩකයා

මෙය ශ්‍රී ලංකා වාර්තාවක් නොවූවත් ඔබගේ දැනුමට එක්කර ගත හැකිය.

1.යුවරාජ් සිං (ඉන්දියාව)            - ලකුණු -36 (6,6,6,6,6,6)
   2007/9/19 එංගලන්තයට එරෙහිව ඩර්බන් නුවර පැවති තරගය. පන්දු යැව්වේ ස්ටුවර්ට් බ්‍රේා්ඩ් 
(*තමන්ගෙ රටට මේ වගේ කීර්තියක් අත්කරදුන් යුවරාජ් සිංගේ දේපළ වලට තමයි පසුගියදා පොඩ්ඩ වැරදිච්ච ගමන් ඉන්දියානු එවුන් පහර දුන්නේ. යුවරාජ් සිං ලංකාවෙ ඉපදුනා නම්...)
යූ ටියුබය
https://www.youtube.com/watch?v=SNQm4-InMqI

10. මෙතෙක් (20යි20) අර්ධ ශතක වැඩිම ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයා
 

  *මෙම ලැයිස්තුවේ පස්වන ස්ථානය - මහේල ජයවර්ධන - අර්ධ ශතක 10යි. හයවන ස්ථානය - තිලකරත්න ඩිල්ෂාන් - අර්ධ ශතක 10යි.


1.බ්‍රෙන්ඩන් මැකලම් (නවසීලන්තය)   - අර්ධ ශතක -15
2.ක්‍රිස් ගෙල් (බ.ඉ.කො.)                     - අර්ධ ශතක -12    
3.ෂේන් වොට්සන් (ඕස්ට්‍රේලියාව)        - අර්ධ ශතක -10
4.ඩේවිඩ් වෝනර් (ඕස්ට්‍රේලියාව)         - අර්ධ ශතක -10
5.මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව)          - අර්ධ ශතක -10    
6.තිලකරත්න ඩිල්ෂාන් (ශ්‍රී ලංකාව)      - අර්ධ ශතක -10   


11. මෙතෙක් (20යි20) තරගවලදී වැඩිම හතරේ පහරවල් එල්ලකළ ක්‍රීඩකයා
  

*මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය - මහේල ජයවර්ධන - හතරේ පහර 173යි. තුන්වන ස්ථානය - තිලකරත්න ඩිල්ෂාන් - හතරේ පහර 171යි. හතරවන ස්ථානය - කුමාර් සංගක්කාර - හතරේ පහර 139යි. 



1.බ්‍රෙන්ඩන් මැකලම් (නවසීලන්තය)   - හතරේ පහර -192
2.මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව)          - හතරේ පහර -173
3.තිලකරත්න ඩිල්ෂාන් (ශ්‍රී ලංකාව)     හතරේ පහර -171    
4.කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)          හතරේ පහර -139
















12. මෙතෙක් (20යි20) තරගවලදී වැඩිම කඩුළු ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයා



*මෙම ලැයිස්තුවේ හතරවන ස්ථානය - ලසිත් මාලිංග - කඩුළු 68යි. පස්වන ස්ථානය - අජන්ත මෙන්ඩිස් - කඩුළු 66යි. 


1.සයිඩ් අජ්මාල් (පාකිස්ථානය)   - කඩුළු -85
2.උමා ගුල් (පාකිස්ථානය         - කඩුළු -80
3.ශහිඩ් අෆ්රිඩි (පාකිස්ථානය)     කඩුළු -77    
4.ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව)        කඩුළු -68
5.අජන්ත මෙන්ඩිස් (ශ්‍රී ලංකාව)  කඩුළු -66


13. මෙතෙක් (20යි20) ඉනිමකදී හොදම පන්දු යැවීම (කඩුළු ලබාගැනීම)  සිදුකළ ක්‍රීඩකයා
 

*මෙම ලැයිස්තුවේ අංක 1හා 2 ස්ථාන අජන්ත මෙන්ඩිස් - ලකුණු 8 කට විකට් 6ක් හා ලකුණු 16 කට විකට් 6ක් බිදහෙළීම. තුන්වන ස්ථානය රංගන හේරත් ලකුණු 3 කට විකට් 5ක් 
අජන්ත මෙන්ඩිස්ගේ ලෝක වාර්තාව නැරඹීමට යූ ටියුබය
https://www.youtube.com/watch?v=t8FGIts7-Gk


1.අජන්ත මෙන්ඩිස් (ශ්‍රී ලංකාව)   - ලකුණු 8 කට   කඩුළු -6
(සිම්බාබ්වේට එරෙහිව හම්බන්තොටදී 2012/9/18)
2.අජන්ත මෙන්ඩිස් (ශ්‍රී ලංකාව)   ලකුණු 16 කට කඩුළු -6
(ඕස්ට්‍රේලියාවට එරෙහිව පල්ලෙකැලේදී 2011/8/8)
3.රංගන හේරත් (ශ්‍රී ලංකාව)        ලකුණු 3 කට    කඩුළු -5
(නවසීලන්තයට එරෙහිව චිතගොංහිදී 2014/3/31)  
4.උමා ගුල් (පාකිස්ථානය)           ලකුණු 6 කට    කඩුළු -5
(නවසීලන්තයට එරෙහිව ඕවල්හිදී 2009/6/13)
5.උමා ගුල් (පාකිස්ථානය)           ලකුණු 6 කට    කඩුළු -5
(ද.අප්‍රිකාවට එරෙහිව සෙන්චූරියන්හිදී 2013/3/3)  


14. මෙතෙක් 20යි20 ඉනිමකට කඩුළු 4 බැගින් වැඩිම වාර ගණනක් ලබාගත් ක්‍රීඩකයා 








*මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය අජන්ත මෙන්ඩිස් - කඩුළු 4 බැගින් අවස්ථා 5යි. 

1.උමා ගුල් (පාකිස්ථානය          කඩුළු 4 බැගින් වාර 6ක්
2.අජන්ත මෙන්ඩිස් (ශ්‍රී ලංකාව)   කඩුළු 4 බැගින් වාර 5ක්



15. මෙතෙක් 20යි20 එක් ඉනිමකදී පිට පිටම කඩුළු 4 බැගින් වැඩිම වාර ගණනක් ලබාගත් ක්‍රීඩකයා  


*අජන්ත මෙන්ඩිස් - පිට පිට කඩුළු 4 බැගින් අවස්ථා 2යි.

1.අජන්ත මෙන්ඩිස් (ශ්‍රී ලංකාව)   - පිට පිට කඩුළු 4 බැගින් අවස්ථා 2ක්
(පළමු අවස්ථාව - 2008/10/10 සිම්බාබ්වේට එරෙහිව කිංසිටිහිදී ලකුණු 15ට පිට පිට කඩුළු 4ක් -  දෙවන අවස්ථාව - 2008/10/12 කැනඩාවට එරෙහිව කිංසිටිහිදී ලකුණු 17ට පිට පිට කඩුළු 4ක් )

2.උමා ගුල් (පාකිස්ථානය          - පිට පිට කඩුළු 4 බැගින් වාර 2ක්



16. මෙතෙක් 20යි20 තරගවල වැඩිම පන්දු ගණනක් යැවූ ක්‍රීඩකයා 









*මෙම ලැයිස්තුවේ තුන්වන ස්ථානය ලසිත් මාලිංග - පන්දු 1187යි.

1.ශහිඩ් අෆ්රිඩි (පාකිස්ථානය     පන්දු 1610යි.
2.සයිඩ් අජ්මාල් (පාකිස්ථානය   පන්දු 1410යි.
3.ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව)         පන්දු 1187යි.



17. මෙතෙක් 20යි20 තරගවල වැඩිම නොඉදුල් ඕවර ගණනක් යැවූ ක්‍රීඩකයා
  

*මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය නුවන් කුලසේකර - ඕවර 5යි. තුන්වන ස්ථානය අජන්ත මෙන්ඩිස් - ඕවර 5යි.

1.ට්‍රෙන්ට් ජොන්සන් (අයර්ලන්තය- ඕවර 5යි.
2.නුවන් කුලසේකර (ශ්‍රී ලංකාව)      ඕවර 5යි.
3.අජන්ත මෙන්ඩිස් (ශ්‍රී ලංකාව)       ඕවර 5යි.

18. කඩුල්ලටම පන්දුව වැදීමෙන් වැඩිම 20යි20 කඩුළු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා









*මෙම ලැයිස්තුවේ තුන්වන ස්ථානය ලසිත් මාලිංග - කඩුළු 28යි.

1.ශහිඩ් අෆ්රිඩි (පාකිස්ථානය     - කඩුළු 32යි.
2.උමා ගුල් (පාකිස්ථානය          -  කඩුළු 29යි.
3.ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව)         කඩුළු 28යි.

19. පන්දුව යවා එය කඩුල්ල මුවා කිරීමේ වරදට (lbw) හසුකරමින් වැඩිම 20යි20 කඩුළු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා 

*අජන්ත මෙන්ඩිස් - lbw 16 ක්. 

1.අජන්ත මෙන්ඩිස් (ශ්‍රී ලංකාව)   - lbw 16 යි.
2.උමා ගුල් (පාකිස්ථානය          - lbw 11 යි.
3.ශහිඩ් අෆ්රිඩි (පාකිස්ථානය     lbw 11 යි.
4.සයිඩ් අජ්මාල් (පාකිස්ථානය   lbw   9 යි.


20. මෙතෙක් 20යි 20 තරගවල ඕනෑම විකට්ටුවක් සදහාවූ ඉහළම ලකුණු සම්බන්ධතාව
 
*මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන - ලකුණු 166 යි. 


1.ග්‍රේම් ස්මිත් සහ ලූට්ස් බොස්මන් (ද.අප්‍රිකාව)     - ලකුණු 170 
  2009 නොවැ.15 දින එංගලන්තයට එරෙහිව සෙන්චූරියන්හිදී පැවති තරගයේදී පළමු විකට්ටුව සඳහා මෙම ලකුණු ප්‍රමාණය එකතුවිය. 

2.කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව) - ලකුණු 166 
  2010 මැයි 7  දින බ.ඉ. කොදෙව්වන්ට එරෙහිව  බ්‍රිජ්ටවුන්හිදී  පැවති තරගයේදී 2 වැනි විකට්ටුව සඳහා මෙම ලකුණු ප්‍රමාණය එකතුවිය.  


21. මෙතෙක් 20යි 20 තරගවල දෙවන විකට්ටුව සදහාවූ ඉහළම ලකුණු සම්බන්ධතාව
 
*ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන - ලකුණු 166 යි. 


1.කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව) - ලකුණු 166 
  2010 මැයි 7  දින බ.ඉ. කොදෙව්වන්ට එරෙහිව  බ්‍රිජ්ටවුන්හිදී  පැවති තරගයේදී 2 වැනි විකට්ටුව සඳහා මෙම ලකුණු ප්‍රමාණය එකතුවිය.  

** ලංකාවෙ තවත් මෙවැනි අප්‍රකට වාර්තා තිබුණත් උපුටා දක්වා ඇත්තේ තෝරා බේරාගත් වාර්තා පමණක් බව සලකන්න. අතින් ටයිප් කරපු නිසා මෙම වාර්තාහි අගයන්වල දෝෂ තිබෙන්නට ද පුළුවන. නමුත් හැකිතාක් දුරට නිවැරදි තොරතුරු ඉදිරිපත් කර ඇත. අවශ්‍ය අයෙකුට නිවැරදිතාව පරීක්ෂා කිරීමට ESPN වෙබ් අඩවියේ records වෙත යා හැකිය.

මේවාත් බලන්න

Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර

Alive (එලයිව්) “පණපිටින් ”/ “ජීවතුන් අතර ” 1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින ...