නව ලොව නිපැයුම්

ඔබේ ස්මාට් ෆෝන් එකේ ඉඩ මදිද?
මෙන්න කදිම පිළිතුරක්

 බොහෝ ස්මාට්ෆෝන් ඇත්තන්ට ඇති බරපතල ගැටළුවක් වන්නේ තම දත්ත ගබඩාකිරීමට ප්‍රමාණවත් තරම් මෙමරි එකක් තම ස්මාට්ෆෝන් එකේ නොමැති කමයි. සාමාන්‍යයෙන් ස්මාට්ෆෝන් එකක් මිලදී ගැනීමේදී එයටම අවේනික මෙමරි එකක් පවතී. එයට ගබඩා කළ හැක්කේ සීමිත දත්ත කීපයකි. ටිකක් මිළ අධික ෆෝන් එකක නම් අවේනික මෙමරි එකට අමතරව (ඉන්ටර්නල් USB මෙමරි එකක් පවතී.) කෙසේ වෙතත් මේ දැක්වූ කුමන ෆෝන් එකකට වුවත් තවත් මෙමරි වැඩි කරගැනීමට කවුරුත් එක්ස්ටර්නල් මෙමරි කාඩ් එකක් හෙවත් SD Card එකක් සවිකර ගනී. නමුත් එයටද සීමාවක් පවතී. ෆෝන් එකේ වර්ගය අනුව උපරිම ඉඩක් සහිත SD Card එකක් පමණි එසේ සවිකරගත හැක්කේ. මේ සියළු සීමාවන් බිඳ දමමින් මොබයිල් ෆෝන් ලෝකයේ පෙරලියක් ඇතිකිරීමට සමත් නිර්මාණයක් Scandisk සමාගමෙන් එළි දක්වා තිබේ. 

ඒ වයර්ලස් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකකි. මේ මගින් සීමිත මෙමරි එකක් ඇති ස්මාට්ෆෝන් එකක ධාරිතාව 32 GB දක්වා වැඩිකරගත හැකිය. මෙම ඩිවයිස් එක ෆෝන් එක ඇතුලට සවිකර නොගෙන ඔබට අතේ තියාගෙන හෝ සාක්කුවේ දමාගෙන ඔබ යන යන තැන ගෙනයා හැකිය. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ස්මාට්ෆෝන් කීපයකින් වුවද දත්ත එකවර මෙයට ගබඩා කළ හැකි වීමත් ගබඩා කළ දත්ත එකවර ෆෝන් කීපයක් මගින් ලබාගත හැකිවීමත්ය. මේ නිසා දැන් ඔබට ඔබගේ වීඩියෝ ක්ලිප්, සිංදු ගබඩාවන්, චිත්‍රපට හා ඡායාරූප ආදී විශාල මෙමරියන් ෆෝන් එකෙන් නිදහස් කරගෙන ඒ නිසා ෆෝන් එකේ වේගයත් වැඩිකරගෙන එසේම ෆෝන් එක සමගම ඒවාද ඔනෑම තැනක රැගෙන යා හැකිය.



No comments:

Post a Comment

මේවාත් බලන්න

Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර

Alive (එලයිව්) “පණපිටින් ”/ “ජීවතුන් අතර ” 1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින ...