Sunday, January 12, 2014

Old Sinhala Movie Songs - පැරණි සිංහල චිත්‍රපට ගීත වලට පාදකවූ හින්දි ගීත



පැරණි සිංහල චිත්‍රපට ගීතවලට උප්පත්තිය දුන්

මුල් හින්දි ගීත 57 ක් යූ ටියුබ් ලින්ක් සමග




මෙන්න ඒ ආශ්‍රිත හින්දි චිත්‍රපට ගී ලැයිස්තු දෙකක්. 
(සිංහල ජනප්‍රිය ගුවන් විදුලි ගීතවල මුල් හින්දි ගීත) http://ayoma-jayasinghe.blogspot.com/2013/12/blog-post.html

(සිංහල ජනප්‍රිය චිත්‍රපට ගීතවල මුල් හින්දි ගීත) http://ayoma-jayasinghe.blogspot.com/2013/10/blog-post.html

මෙවර ඉදිරිපත් කරන්නේ අපේ පැරණි සිංහල චිත්‍රපටවල ඇතැම් ගීතවලට මුල්වූ හින්දි ගීතයි. මෙයද ඔබ රස විදිනු ඇතැයි බලාපොරොත්තුවෙමි.



01.

සිංහල ගීතය-

මට නටන්න හිතුනා.. මට නටන්න හිතුනා..

සිංහල ගීතය ගායනය - එඩී ජයමාන්න/ ජෙමිනි කාන්තා

සිංහල චිත්‍රපටය - පෙරලෙන ඉරණම (වර්ෂය - 1949)

සිංහල ගීතයේ රංගනය - එඩී ජයමාන්න

සිංහල සංගීතය - බී.එස්. පෙරේරා

හින්දි ගීතය- චල් චල් රෙනාඋ ජාන් (Chal Re Nau Jawan)

හින්දි චිත්‍රපටය - බන්දන් (Bandhan) වර්ෂය - 1940

හින්දි ගීතය ගායනය- අශෝක් කුමාර්/ලීලා චිට්නි

හින්දි ගීතයේ රංගනය - ?

හින්දි සංගීතය - සරස්වතී දේවි

හින්දි ගීතයේ යූ ටියුබය -
02.

සිංහල ගීතය-

කොළොම් පුරේ ශ්‍රියා.. කොළොම් පුරේ ශ්‍රියා..

සිංහල ගීතය ගායනය - එඩී ජයමාන්න

සිංහල චිත්‍රපටය - උමතු විශ්වාසය (වර්ෂය - 1952)

සිංහල ගීතයේ රංගනය - එඩී ජයමාන්න

සිංහල සංගීතය - එස්.එස්. වේදා

හින්දි ගීතය- කුසූර ආප කා..හුසූර ආප කා.. (Kusoor Apka Huzoor Apka)

හින්දි චිත්‍රපටය - බහාර් (Bahar) වර්ෂය - 1951

හින්දි ගීතය ගායනය- කිෂෝර් කුමාර්

හින්දි ගීතයේ රංගනය - වෛජයන්ති මාලා/ කරන් දේවා

(වෛජයන්ති මාලා රගපෑ ප්‍රථම චිත්‍රපටය)

හින්දි සංගීතය - එස්.ඩී. බර්මන්

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=j4Zd3foU594




03.

සිංහල ගීතය-

සුදට සුදේ සිරිය දිලේ පුන්ස‍ඳේ

සිංහල ගීතය ගායනය - රුක්මණී දේවී/ මොහිදීන් බෙග්

සිංහල චිත්‍රපටය - උමතු විශ්වාසය (වර්ෂය - 1952)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - එස්.එස්. වේදා

හින්දි ගීතය- නේන මිලේ නේන හුවේ (Nein Mil Nain Hue)

හින්දි චිත්‍රපටය - තරන (Tharana) වර්ෂය - 1951

හින්දි ගීතය ගායනය- තලාද් මහමුද්/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - දිලිප් කුමාර්/ මධුබාලා

හින්දි සංගීතය - අනිල් බිස්වාස්

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=tw_eXsG9fVU



04.

සිංහල ගීතය-

කෝ සැපතා මේ සංසාරේ (මායා)

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්

සිංහල චිත්‍රපටය - කැලෑ හඳ (වර්ෂය - 1953)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - එස්.එස්. වේදා

හින්දි ගීතය- ඕ දුනියා කේ රඛවාලේ (O Duniya Ke Rakhwale)

හින්දි චිත්‍රපටය - බයිජු බව්රා (Baiju Bawra) වර්ෂය - 1952

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - භාරත් භුෂාන්

හින්දි සංගීතය - නෞෂාඩ් අලි

හින්දි ගීතයේ යූ ටියුබය -

05.

සිංහල ගීතය-

අන්න සුදෝ අර පාට වලා

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්/ රුක්මණි දේවි

සිංහල චිත්‍රපටය - කැලෑ හඳ (වර්ෂය - 1953)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - එස්.එස්. වේදා

හින්දි ගීතය- අප්නී කහෝ කූචි මෙරේ (Apni Kaho Kuchh Meri)

හින්දි චිත්‍රපටය - පාච්චයාන් (Parchhaiyan) වර්ෂය - 1952

හින්දි ගීතය ගායනය- තලාද් මහමුද්/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - වී. ශාන්තරාම්/ ජය ශ්‍රී

හින්දි සංගීතය - සී. රාමචන්ද්‍ර

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=SpH4RyfObSw



06.

සිංහල ගීතය-

මැවීලා පෙනේවි රූපේ

සිංහල ගීතය ගායනය - රුක්මණී දේවී

සිංහල චිත්‍රපටය - කැලෑ හඳ (වර්ෂය - 1953)

සිංහල ගීතයේ රංගනය - රුක්මණී දේවී

සිංහල සංගීතය - එස්.එස්. වේදා

හින්දි ගීතය- මේරා කරාරෙ ලේජා (Mera Qarar Le Ja)

හින්දි චිත්‍රපටය - ආෂියානා (Ashiana) වර්ෂය - 1952

හින්දි ගීතය ගායනය- තලාද් මහමුද්/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - රාජ් කපූර්/ නාගිස් දත්

හින්දි සංගීතය - මදන් මොහාන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=owf7pglsMGI



07.

සිංහල ගීතය-

මගේ ප්‍රේම මාලිනී

සිංහල ගීතය ගායනය - එඩී ජයමාන්න/ ජෙමිනි කාන්තා

සිංහල චිත්‍රපටය - කැලෑ හඳ (වර්ෂය - 1953)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - එස්.එස්. වේදා

හින්දි ගීතය- අඩා සේ ජුම්තෙ හෝ (Ada Se Jhoomte Hue)

හින්දි චිත්‍රපටය - සින්බෑඩ් ද සේලර් (Sinbad the Sailor) වර්ෂය - 1952

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි/ ශ්‍යාම්ශෙඩ් බෙගම්

හින්දි ගීතයේ රංගනය - රන්ජන්/නසීම්

හින්දි සංගීතය - චිත්‍රගුප්ත

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=HYyyUh26tvo



08.

සිංහල ගීතය-

පරණ පිනක් මගෙ හිසේ කඩාගෙන වැටුනා

සිංහල ගීතය ගායනය - එඩී ජයමාන්න/ මේබල් බ්ලයිත්

සිංහල චිත්‍රපටය - කැලෑ හඳ (වර්ෂය - 1953)

සිංහල ගීතයේ රංගනය - එඩී ජයමාන්න/ මේබල් බ්ලයිත්

සිංහල සංගීතය - එස්.එස්. වේදා

හින්දි ගීතය- දේ බී චුකෙ හම් (De Bhi Chooke Hum)

හින්දි චිත්‍රපටය - ජාල් (Jaal) වර්ෂය - 1952

හින්දි ගීතය ගායනය- කිශෝර් කුමාර්/ගීතා දත්

හින්දි ගීතයේ රංගනය - දේව් ආනන්ද්/ ගීතා බාලි

හින්දි සංගීතය - එස්.ඩී. බර්මන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=v3fDMgCiX0I



09.

සිංහල ගීතය-

ප්‍රේමා ලෝකය නිවී ගියා

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්/ ජමුනා රානි

සිංහල චිත්‍රපටය - සුජාතා (වර්ෂය - 1953)

සිංහල ගීතයේ රංගනය -

සිංහල සංගීතය - එස්. දක්ෂිණමූර්ති

හින්දි ගීතය- හා යේ යේ තූනේ ක්‍යා කියා (Haye Yeh Tune Kya Kia)

හින්දි චිත්‍රපටය - දුනියා (Duniya) වර්ෂය - 1949

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි/ සුරයියා

හින්දි ගීතයේ රංගනය - ?

හින්දි සංගීතය - සී. රාමචන්ද්‍ර

හින්දි ගීතයේ යූ ටියුබය -
10.

සිංහල ගීතය-

පෙම් රැල්ල නගී

සිංහල ගීතය ගායනය - ධර්මදාස වල්පොල / කේ. රානි

සිංහල චිත්‍රපටය - සුජාතා (වර්ෂය - 1953)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - එස්. දක්ෂිණමූර්ති

හින්දි ගීතය- හුම් තුම්යෙ බහාර් (Hum Tum Yeh Bahar Dekho Rang Laya)

හින්දි චිත්‍රපටය - ඇම්බර් (Amber) වර්ෂය - 1952

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - බිපින් ගුප්තා/ කුකූ

හින්දි සංගීතය - ගුලාම් මොහොමඩ්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=IqQkuy3aU4M



11.

සිංහල ගීතය-

පියලී කැඩිලා වැටුනා මේ මුල් සමන් මලේ

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්

සිංහල චිත්‍රපටය - වරද කාගෙද (වර්ෂය - 1954)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - එස්. දක්ෂිණමූර්ති

හින්දි ගීතය- බගවාන් දෝ ගදී සරා (Bhagwaan Do Ghadi Zara Insaan)

හින්දි චිත්‍රපටය - බහාර් (Bahar) වර්ෂය - 1951

හින්දි ගීතය ගායනය- ගීතා දත්

හින්දි ගීතයේ රංගනය - වෛජයන්ති මාලා

හින්දි සංගීතය - එස්.ඩී. බර්මන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=L1p6KwDZ_dw



12.

සිංහල ගීතය-

තරු පායන ආකාසේ

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්/ රුක්මණි දේවී

සිංහල චිත්‍රපටය - අයිරාංගනී (වර්ෂය - 1954)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - එස්.එස්. වේදා

හින්දි ගීතය- දින් ප්‍යාර් කේ අයේ රේ (Din Pyaar Ke Aaye Re)

හින්දි චිත්‍රපටය - ආන්සු (Aansoo) වර්ෂය - 1953

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - ?

හින්දි සංගීතය - හසන්ලාල් බගත්ත්‍රම්

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=2w_Cbd4KCvg


13.

සිංහල ගීතය-

කඳුකරයේ ශාන්ත සන්ධ්‍යාවේ.. සොබා සිරියා

සිංහල ගීතය ගායනය - ධර්මදාස වල්පොල

සිංහල චිත්‍රපටය - සුරංගනී (වර්ෂය - 1955)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ටී.ආර්. රප්පා
සිංහල ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=j9EIcQUB3VM

හින්දි ගීතය- තුජෙ අපනේ පාස්බු ලාතීහේ (Tujhe Apne Paas Bulati Hai)

හින්දි චිත්‍රපටය - පතිතා (Patita) වර්ෂය - 1953

හින්දි ගීතය ගායනය- තලාද් මහමුද්

හින්දි ගීතයේ රංගනය - දේව් ආනන්ද්/ඌෂා කිරන්

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=JhN4ucpcOOA



14.

සිංහල ගීතය-

තනිවයි උපන්නේ.. තනිවයි මැරෙන්නේ

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්

සිංහල චිත්‍රපටය - අසෝකා (වර්ෂය - 1955)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

හින්දි ගීතය- ආයෙ බී අකේලා (Aaye Bhi Akela)

හින්දි චිත්‍රපටය - දෝස්ත් (Dost) වර්ෂය - 1954

හින්දි ගීතය ගායනය- තලාද් මහමුද්

හින්දි ගීතයේ රංගනය - ?

හින්දි සංගීතය - හංසරාජ් බේල්

හින්දි ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=u_oy3hwqU4k



15.

සිංහල ගීතය-

පෙම් පහන නිවී පෙම් මල් පරවී..

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්/ ජී.එස්.බී. රානි පෙරේරා

සිංහල චිත්‍රපටය - අසෝකා (වර්ෂය - 1955)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

හින්දි ගීතය- ජා නේන නසර් (Jane Na Nazar)

හින්දි චිත්‍රපටය - ආහ් (Aah) වර්ෂය - 1953

හින්දි ගීතය ගායනය- මුකේෂ්/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - රාජ් කපූර්/ නාර්ගිස්

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=90ooNta8icg



16.

සිංහල ගීතය-

සීයා මනමාලයා
සිංහල ගීතය ගායනය - ධර්මදාස වල්පොල/ මොහිදීන් බෙග්

සිංහල චිත්‍රපටය - අසෝකා (වර්ෂය - 1955)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

හින්දි ගීතය- ලා ඩෙ මොහේ බාලමා (La De Mohe Balma Aasmani Churiyan)

හින්දි චිත්‍රපටය - රෙල් කා දිබ්බා (Rail Ka Dibba) වර්ෂය - 1953

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි/ ශ්‍යාම්ශෙඩ් බෙගම්

හින්දි ගීතයේ රංගනය - ?

හින්දි සංගීතය - ගුලාම් මොහොමඩ්

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=DMRSt7r6MWM



17.

සිංහල ගීතය-

පෙම් සිහින ලෝකේ මායා

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්/ රුක්මණි දේවී

සිංහල චිත්‍රපටය - මතභේදය (වර්ෂය - 1955)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන

හින්දි ගීතය- බගවාන් තෙරේ ගර්කා (Bhagwaan Tere Ghar Ka)

හින්දි චිත්‍රපටය - නාග් පංචාමි (Naag Panchami) වර්ෂය - 1953

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි/ ආශා බෝස්ලේ

හින්දි ගීතයේ රංගනය - මන්හාර් දේසායි/ නිරූපා රෝයි

හින්දි සංගීතය - චිත්‍රගුප්ත

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=VzBdSsvzDD8



18.

සිංහල ගීතය-

ආදර පාන සුදා// පෙම් ලෝකේ මාගෙ රජා
කොහෙද ගියේ මාව දමා.. ආදර පාන සුදා


සිංහල ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=49oKqRT9XdQ

සිංහල ගීතය ගායනය - රුක්මණි දේවී

සිංහල චිත්‍රපටය - මතභේදය (වර්ෂය - 1955)

සිංහල ගීතයේ රංගනය - රුක්මණි දේවී

සිංහල සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන

හින්දි ගීතය- ජායෙතො ජායෙ කහාන් (Jayen to Jayen Kahan)

හින්දි චිත්‍රපටය - ටැක්සි ඩ්‍රයිවර් (Taxi Driver) වර්ෂය - 1954

හින්දි ගීතය ගායනය- (පිරිමි ගීතය) - තලාද් මොහොමඩ්
                                 (කාන්තා ගීතය) - ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - දේව් ආනන්ද්/ කල්පනා කැත්‍රික් (ඇය දේව් ආනන්ද්ගේ බිරිඳ වේ)

හින්දි සංගීතය - එස්.ඩී. බර්මන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=scbk1GCUIAI



19.

සිංහල ගීතය-

පෙම් මල් මාලා - නෙලා ගොතාලා
සිංහල ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=elDm-Xb5QLI

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්/ රුක්මණි දේවී

සිංහල චිත්‍රපටය - මතභේදය (වර්ෂය - 1955)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන

හින්දි ගීතය- ගයා අන්දේරා හුවා උජාලා (Gaya Andhera Hua Ujala)

හින්දි චිත්‍රපටය - සුබාකා තරා (Subah Ka Tara) වර්ෂය - 1954

හින්දි ගීතය ගායනය- තලාද් මහමුද්/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - ප්‍රදීප් කුමාර්/ ජය ශ්‍රී

හින්දි සංගීතය - සී. රාමචන්ද්‍ර

හින්දි ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=LHjzCQiW_JI




20.

සිංහල ගීතය-

පෙම් කැකුළ පීපී එනවිට මහදේ
සිංහල ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=F_iCr2mjJfU

සිංහල ගීතය ගායනය - ඒ.එම්. රාජා/ ජමුනා රානි

සිංහල චිත්‍රපටය - සැඩසුළං (වර්ෂය - 1955)

සිංහල ගීතයේ රංගනය - ප්‍රේම් ජයන්ත්/ෆ්ලොරිඩා ජයලත්

සිංහල සංගීතය - එස්. දක්ෂිණමූර්ති

හින්දි ගීතය- බෙහෙ අකියොන්සෙ ධාරා (Bahe Ankhiyon Se Dhaar)

හින්දි චිත්‍රපටය - හුම් ලොග් (Hum Log) වර්ෂය - 1951

හින්දි ගීතය ගායනය- ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - ?

හින්දි සංගීතය - රොෂාන්

හින්දි චිත්‍රපට ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=ePHyIbPF00E




21.

සිංහල ගීතය-

ජීවන මේ ගමන සංසාරේ
සිංහල චිත්‍රපටයේ එකම ගීතය දෙතැනක දිර්ශනය වෙයි.
සිංහල (ළමා කාලයේ) ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=dyky6e0UTVY
සිංහල (වැඩිහිටි කාලයේ) ගීතය- පැරණි ගීතයට අලුත් දර්ශන යොදා 2006 වසරේ තැනූ යූ ටියුබයක් -
https://www.youtube.com/watch?v=NKVqP7Dsn34

සිංහල ගීතය ගායනය(ළමා) - කේ.රානි/ ජමුනා රානි
සිංහල ගීතය ගායනය(වැඩිහිටි) - ඒ.එම්. රාජා/ ජමුනා රානි

සිංහල චිත්‍රපටය - සැඩසුළං (වර්ෂය - 1955)

සිංහල ගීතයේ රංගනය (ළමා)- ?
සිංහල ගීතයේ රංගනය (වැඩිහිටි)ප්‍රේම් ජයන්ත්/ෆ්ලොරිඩා ජයලත්

සිංහල සංගීතය - එස්. දක්ෂිණමූර්ති

හින්දි ගීතය- දෝ නයින තුම හාරේ (Do Naina Tumhare Pyare Pyare)

හින්දි චිත්‍රපටය - ශ්‍රීමත්ජි (Shrimatiji) වර්ෂය - 1952

හින්දි ගීතය ගායනය- හේමන්ත් කුමාර්/ ගීතා දත්

හින්දි ගීතයේ රංගනය - නසීර් ඛාන්/ ශ්‍යාමා

හින්දි සංගීතය - ජිමී/ එස්. මොහින්දර්/බසන්ට් ප්‍රකාශ්

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=fodB0E7HlQs



22.

සිංහල ගීතය-

ඉදිරියටා යමු සැවොමා
සිංහල ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=8OqdPmF51eU

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්/ ලතා වල්පොල

සිංහල චිත්‍රපටය - සැඩසුළං (වර්ෂය - 1955)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - එස්. දක්ෂිණමූර්ති

හින්දි ගීතය- ගයෙ චාලා (Gaye Chala Ja)

හින්දි චිත්‍රපටය - හුම් ලොග් (Hum Log) වර්ෂය - 1951

හින්දි ගීතය ගායනය- ජී.එම්. දුරානි/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - බාල්රාජ් සහිනි/ නූතාන්/ ශ්‍යාමා

හින්දි සංගීතය - රොෂාන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=5QqaGAF5YS0



23.

සිංහල ගීතය-

වාසනාවන්ත කල ලබා
සිංහල ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=MPNoT6_f4ms

සිංහල ගීතය ගායනය - ධර්මදාස වල්පොල/ රුක්මණි දේවි

සිංහල චිත්‍රපටය - දොස්තර (වර්ෂය - 1956)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ආර්. සුදර්ශනම්

හින්දි ගීතය- ඒ සබා උන්සෙ කේ සරා (Ae Saba Unse Keh Zara Kyon)

හින්දි චිත්‍රපටය - අලි බබා සහ හොරු 40 (Ali Baba and 40 Thieves) වර්ෂය - 1954

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි/ ආශා බෝස්ලේ

හින්දි ගීතයේ රංගනය - මහිපල්/ ශකිලා

හින්දි සංගීතය - එස්.එන්. ත්‍රිපති/ චන්ද්‍රගුප්ත

හින්දි ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=e4NztuhGLJQ



24.

සිංහල ගීතය-

සාගර හිමිය සොයා රූබර නදිය ගියා

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්/ ෂර්ලි බ්ලයිත්

සිංහල චිත්‍රපටය - දෛව විපාකය (වර්ෂය - 1956)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ආර්. ඒ. චන්ද්‍රසේන

හින්දි ගීතය- රමයා වසාවයා (Ramaiya Vastavaiya)

හින්දි චිත්‍රපටය - ශ්‍රී 420 (Shree 420) වර්ෂය - 1955

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි/ මුකේෂ්/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - රාජ් කපූර්/ නාර්ගිස්

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=Vpq7YrgKNVs



25.

සිංහල ගීතය-

සුදෝ සුදු රන් ...කඳේ මගෙ පෙම්
සිංහල ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=V7j8IlWQm6w

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්

සිංහල චිත්‍රපටය - දෛව විපාකය (වර්ෂය - 1956)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ආර්. ඒ. චන්ද්‍රසේන

හින්දි ගීතය- රුලා කා චල් දියේ එක දින් (Rula Kar Chal Diye Ek Din)

හින්දි චිත්‍රපටය - බඩ්ෂා (Badshah) වර්ෂය - 1954

හින්දි ගීතය ගායනය- හේමන්ත් කුමාර්/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - ප්‍රදීප් කුමාර්/ මාලාසිංහ

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=UkyzDj146NQ



26.

සිංහල ගීතය-

සුරතලියේ
සිංහල ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=zh2igfAoUlI

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්/ ෂර්ලි බ්ලයිත්

සිංහල චිත්‍රපටය - දෛව විපාකය (වර්ෂය - 1956)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ආර්. ඒ. චන්ද්‍රසේන

දෙමළ ගීතය- කලගමිල්ල කාදලේ (Kalangamilla Kadhale)

දෙමළ චිත්‍රපටය - ඉලාර ජෝති (Illara Jothi) වර්ෂය - 1954

දෙමළ ගීතය ගායනය- ඒ.එම්. රාජා/ ජික්කි

දෙමළ ගීතයේ රංගනය - ශිවාජි ගනේෂන්/ පද්මිණි

දෙමළ සංගීතය - ජී. රාමනාදන්

දෙමළ ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=EsvmVuH_23Y


27.

සිංහල ගීතය-

චන්ද්‍රාකාන්ති සාගරේ

සිංහල ගීතය ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා

සිංහල චිත්‍රපටය - දුප්පතාගෙ දුක (වර්ෂය - 1956)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - එස්. දක්ෂිණමූර්ති

හින්දි ගීතය- චන්දාමාමා දූරකේ (Chandamama Door Ke)

හින්දි චිත්‍රපටය - වචන් (Vachan) වර්ෂය - 1955

හින්දි ගීතය ගායනය- ආශා බෝස්ලෙ

හින්දි ගීතයේ රංගනය - ගීතා බාලි

හින්දි සංගීතය - රවි

හින්දි ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=U4zZbpGR778



28.

සිංහල ගීතය-

සිරියමේ සාරා.. නැගේ හද මෝරා
සිංහල ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=7b7zWpsFVqw

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල

සිංහල චිත්‍රපටය - සුරතලී (වර්ෂය - 1956)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ටී.ආර්. රප්පා

හින්දි ගීතය- දුනියාකේ සාරේ (Duniya Ke Saare)

හින්දි චිත්‍රපටය - මස්තානා (Mastana) වර්ෂය - 1954

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - මෝතිලාල්

හින්දි සංගීතය - මදන් මොහාන්

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=oe3KH0bR9aI



29.

සිංහල ගීතය-

හෝ... ප්‍රේමසිරි හෝ.. ප්‍රභාවතී
සිංහල ගීතයේ යූ ටියුබය - 


සිංහල ගීතය ගායනය - ධර්මදාස වල්පොල/ ලතා වල්පොල

සිංහල චිත්‍රපටය - රම්‍යලතා (වර්ෂය - 1956)

සිංහල ගීතයේ රංගනය - අරුණ ශාන්ති/ ක්ලැරිස් ද සිල්වා

සිංහල සංගීතය - ආර්. මුත්තුසාමි

තෙළිඟු ගීතය- ඕ..දේවදා (Oh Devadaa)

තෙළිඟු චිත්‍රපටය - දේවදාස් (Devadas) වර්ෂය - 1953

තෙළිඟු ගීතය ගායනය- ගන්තසාලා/ කේ. ජමුනා රානි

තෙළිඟු ගීතයේ රංගනය - එස්.වී. රංග රාඕ/ සාවිත්‍රි

තෙළිඟු සංගීතය - සී.ආර්. සබ්බුරාමන්

තෙළිඟු ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=H32hEUNdQN0



30.

සිංහල ගීතය-

හිතන්නකෝ අයියේ .. දැන්වත් හැදෙන්නකෝ අයියේ
සිංහල ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=lg84GXxtdCU

සිංහල ගීතය ගායනය - ඉන්ද්‍රානි පෙරේරා

සිංහල චිත්‍රපටය - සූරයා (වර්ෂය - 1957)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - එස්. දක්ෂිණමූර්ති

තෙළිඟු ගීතය- තෙලි සින්දා බාබු (Theli sinda Babu)

තෙළිඟු චිත්‍රපටය - දොංගා රමුදු (Donga Ramudu) වර්ෂය - 1955

තෙළිඟු ගීතය ගායනය- පී. සුශීලා

තෙළිඟු ගීතයේ රංගනය - අක්කිනෙනි නාගේස්වර රාඕ/සාවිත්‍රි

තෙළිඟු සංගීතය - පෙන්ඩ්‍යාල නාගේස්වර රාඕ

තෙළිඟු ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=izpHFkbyK-o



31.

සිංහල ගීතය-

සැනසිල්ල නැලවිල්ල මාගේ හිතේ

සිංහල ගීතය ගායනය - ධර්මදාස වල්පොල

සිංහල චිත්‍රපටය - සූරයා (වර්ෂය - 1957)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - එස්. දක්ෂිණමූර්ති

හින්දි ගීතය- යේ හාය බොම්බේ මෙරී ජාය හා (Yeh Hai Bombay Meri Jaan)

හින්දි චිත්‍රපටය - සීඅයිඩී (CID) වර්ෂය - 1956

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - ජොනී වෝකර්

හින්දි සංගීතය - ඕ.පී. නයියාර්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=HlAOZrst6fQ



32.

සිංහල ගීතය-

දුටුදා ඉඳලා ලුහු බැන්දා
සිංහල ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=1CERixFaxJk

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්/ජමුනා රානි

සිංහල චිත්‍රපටය - සූරයා (වර්ෂය - 1957)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - එස්. දක්ෂිණමූර්ති

තෙළිඟු ගීතය- චිගුරා කුලලෝ චිලකම්මා (Chigura kulalo Chilakamma)

තෙළිඟු චිත්‍රපටය - දොංගා රමුදු (Donga Ramudu) වර්ෂය - 1955

තෙළිඟු ගීතය ගායනය- ගන්තසාලා/ ජික්කි

තෙළිඟු ගීතයේ රංගනය - අක්කිනෙනි නාගේස්වර රාඕ/සාවිත්‍රි

තෙළිඟු සංගීතය - පෙන්ඩ්‍යාල නාගේස්වර රාඕ

තෙළිඟු ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=65gt3xXLNtM



33.

සිංහල ගීතය-

මනරම් රැඟුමන්

සිංහල ගීතය ගායනය - කේ.රානි/ ජමුනා රානි

සිංහල චිත්‍රපටය - සූරසේන (වර්ෂය - 1957)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - එස්.එම්. සුබයියා නයිදු

හින්දි ගීතය- අපලම් චපලම් (Aplam Chaplam)

හින්දි චිත්‍රපටය - අසාඩ් (Azaad) වර්ෂය - 1955

හින්දි ගීතය ගායනය- ලතා මංගේෂ්කාර්/ ඌෂා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - මීනා කුමාරි සමග තවත් නිළියක්

හින්දි සංගීතය - සී. රාමචන්ද්‍ර

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=QqouGx8l3vc



34.

සිංහල ගීතය-

වනමල ඔයාද මේ වනයේ

සිංහල ගීතය ගායනය - මේබල් බ්ලයිත්/ෂර්ලි බ්ලයිත්

සිංහල චිත්‍රපටය - වනලිය (වර්ෂය - 1958)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන

හින්දි ගීතය- ජානෙ කහන් මෙරා -ජි ගයා(Jaane Kahan Mera Jigar Gaya)

හින්දි චිත්‍රපටය - මිස්ටර් ඇන්ඩ් මිසිස් 55 (Mr. and Mrs. 55) වර්ෂය - 1955

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි/ ගීතා දත්

හින්දි ගීතයේ රංගනය - ජොනී වෝකර්/ මධුබාලා

හින්දි සංගීතය - ඕ.පී. නයියාර්

හින්දි ගීතයේ යූ ටියුබය -
35.

සිංහල ගීතය-

වැල්ලේ කිරි වැල්ලේ

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්/ ජී.එස්.බී. රානි

සිංහල චිත්‍රපටය - දෙයියන්ගෙ රටේ (වර්ෂය - 1958)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගීතය - සුන්ලෝ ජී සුන් ලෝ පාටේ කී බා (Sunlo Ji Sunlo Pate Ki Baat)

හින්දි චිත්‍රපටය - දෝ රොටි (Do Roti) වර්ෂය - 1957

හින්දි ගීතය ගායනය- ශන්කර් දාස්ගුප්ත/සුමන් කල්යාන්පුර්

හින්දි ගීතයේ රංගනය - නිරූපා රෝයි/ ජොනී වෝකර්?

හින්දි සංගීතය - රොෂාන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=HW20YiUWLoQ



36.

සිංහල ගීතය-

සීත සුනිල් දිය දහරා ලා නිල් කඳු මනහාරා

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල

සිංහල චිත්‍රපටය - දෙයියන්ගෙ රටේ (වර්ෂය - 1958)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

හින්දි ගීතය- සාරේ ජෝ තේරා (Sar Jo Tera Chakaraye)

හින්දි චිත්‍රපටය - ප්‍යාසා (Pyaasa) වර්ෂය - 1957

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - ජොනී වෝකර්

හින්දි සංගීතය - එස්.ඩී. බර්මන්

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=rJiohcg-gKo



37.

සිංහල ගීතය-

හිම බිම පාලන සුරිඳේ

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්

සිංහල චිත්‍රපටය - දෙයියන්ගෙ රටේ (වර්ෂය - 1958)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

හින්දි ගීතය- සුන් සුන් පාලන හාරේ (Sun Sun Paalan Hare)

හින්දි චිත්‍රපටය - ලක්ෂ්මී පූජා (Lakshmi Pooja) වර්ෂය - 1957

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - ?

හින්දි සංගීතය - චන්ද්‍රගුප්ත

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=xkIfo-yAYi8



38.

සිංහල ගීතය-

සිරිපාද හිමේ දෙයියන්ගෙ රටේ

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්

සිංහල චිත්‍රපටය - දෙයියන්ගෙ රටේ (වර්ෂය - 1958)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

හින්දි ගීතය- යේ මාඩ් බඩේ දිල් සාඩ් බඩේ (Yeh Mard Bade Dil Sard Bade)

හින්දි චිත්‍රපටය - මිස් මාරි (Miss Mary) වර්ෂය - 1957

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - ජෙමිනි ගනේෂන්/ මීනා කුමාරි

හින්දි සංගීතය - හේමන්ත් කුමාර්

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=Pj3En6RiI8I



39.

සිංහල ගීතය-

අන්දරේ මැරිල නෑ
සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්

සිංහල චිත්‍රපටය - දෙයියන්ගෙ රටේ (වර්ෂය - 1958)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

හින්දි ගීතය- සින්දගී ක්වාබහේ (Zindagi Khwaab Hai)

හින්දි චිත්‍රපටය - ජග්තේ රාඕ (Jagte Raho) වර්ෂය - 1956

හින්දි ගීතය ගායනය- මුකේෂ්

හින්දි ගීතයේ රංගනය - මෝතිලාල් රාජ්වාන්ෂ්

හින්දි සංගීතය - සලිල් චෞද්රි

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=GQZaG5SZRYk



40.

සිංහල ගීතය-

සැංගී සැංගී ආයෙ සූරියා දිලෙන්නා

සිංහල ගීතය ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා ඇතුළු පිරිස

සිංහල චිත්‍රපටය - සුන්දර බිරිඳ (වර්ෂය - 1960)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ටී.ආර්. රප්පා

හින්දි ගීතය- බන්කී පංචී (Ban Ke Panchhi)

හින්දි චිත්‍රපටය - අනාරි (Anari) වර්ෂය - 1959

හින්දි ගීතය ගායනය- ලතා මංගේෂ්කාර් ඇතුළු පිරිස

හින්දි ගීතයේ රංගනය - නූතාන් ඇතුළු පිරිස

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=KDMJoAPMwtk



41.

සිංහල ගීතය-

වාංග මචං වාංග

සිංහල ගීතය ගායනය -

සිංහල චිත්‍රපටය - වීර විජය (වර්ෂය - 1960)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - රාජන් නාගේන්ද්‍ර

දෙමළ ගීතය- වාංග මචං වාංග (Vaanga Machan Vaanga)

දෙමළ චිත්‍රපටය - මධුරෙයි වීරාන් (Madurari Veeran) වර්ෂය - 1956

දෙමළ ගීතය ගායනය- පී. ලීලා

දෙමළ ගීතයේ රංගනය - එම්.ජී.රාමචන්ද්‍රන් (එම්.ජී.ආර්.) ඇතුළු පිරිස

දෙමළ සංගීතය - ජී. රාමනාදන්

දෙමළ ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=fxGWilCwNeM



42.

සිංහල ගීතය-

ප්‍රේමේ දීපශිකා

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල/ඇන්ජලින් ගුණතිලක

සිංහල චිත්‍රපටය - දීපශිකා (වර්ෂය - 1964)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

හින්දි ගීතය- නීලි නීලි ගතා (Neeli Neeli Ghata)

හින්දි චිත්‍රපටය - හුම් හින්දුස්ථානි (Hum Hindustani) වර්ෂය - 1960

හින්දි ගීතය ගායනය- මුකේෂ්/ ආශා බෝස්ලෙ

හින්දි ගීතයේ රංගනය - සුනිල් දත්/ ආශා පරේක්

හින්දි සංගීතය - ඌෂා ඛන්නා

හින්දි ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=XjRiujaoKZA



43.

සිංහල ගීතය-

මං මුලාවෙලා

සිංහල ගීතය ගායනය - ධර්මදාස වල්පොල

සිංහල චිත්‍රපටය - දීපශිකා (වර්ෂය - 1964)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

හින්දි ගීතය- සින්දගී ක්යා සුන් මෙරී (Zindagi Hai Kya Sun Meri)

හින්දි චිත්‍රපටය - මායා (Maya) වර්ෂය - 1961

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - දේව් ආනන්ද්

හින්දි සංගීතය - සලිල් චෞද්රි

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=YvK4JVLWCWk



44.

සිංහල ගීතය-

ලස්සන රත්තරන් බබෝ

සිංහල ගීතය ගායනය - රුක්මණී දේවි

සිංහල චිත්‍රපටය - සැමියා බිරිඳගේ දෙවියාය (වර්ෂය - 1964)

සිංහල ගීතයේ රංගනය - රුක්මණී දේවි/එඩී ජයමාන්න/බේබි සන්ධ්‍යා

සිංහල සංගීතය - මොහොමඩ් සාලි

දෙමළ ගීතය- මුත්තානා මුත්තලවෝ (Muthana Muthalavo)

දෙමළ චිත්‍රපටය - නෙන්ජි ඔරු අලයාම් (Nenjil Oru Aalayam) වර්ෂය - 1962

දෙමළ ගීතය ගායනය- පී. සුෂිලා

දෙමළ ගීතයේ රංගනය - දේවිකා

දෙමළ සංගීතය - විශ්වනාදන් රාමමූර්ති

දෙමළ ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=t5zV9id2QP4



45.
සිංහල ගීතය-

උම්බෑ කිය කියා මරණ බයේ

සිංහල ගීතය ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා

සිංහල චිත්‍රපටය - හතර මහ නිධානය (වර්ෂය - 1965)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පි.එල්.ඒ. සෝමපාල

හින්දි ගීතය- ඔනුමා පුරියලේ (Onnumae Puriyule)

හින්දි චිත්‍රපටය - කුමාර රාජා (Kumara Raja) වර්ෂය - 1957

හින්දි ගීතය ගායනය- චන්ද්‍රබාබු

හින්දි ගීතයේ රංගනය - ?

හින්දි සංගීතය - ටී.ආර්.රප්පා (මොහු සිංහල ගීත සඳහාද සංගීතය සපයා ඇත)

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=L0PIhl4LVrk



46.
සිංහල ගීතය-

අද අපි ඉන්නේ විනෝදයෙන් මත්වී

සිංහල ගීතය ගායනය - මිග්නෝන් රත්නම් (Mignonne Ratnam)

සිංහල චිත්‍රපටය - සත පනහ (වර්ෂය - 1965)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ආර්. මුත්තුසාමි

ඉංග්‍රීසි ගීතය- අන්ඩර්නීත් ද මැන්ගෝ ට්‍රී (Underneath the Mango Tree)

ඉංග්‍රීසි චිත්‍රපටය - ඩොක්ටර් නෝ (Dr. No) වර්ෂය - 1962 (මෙය ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයකි.)

ඉංග්‍රීසි ගීතය ගායනය- ඩයනා කප්ලන්ඩ් (Diana Coupland)

ඉංග්‍රීසි ගීතයේ රංගනය - සීන් කොනරි/ උර්සුලා ඇන්ඩ්‍රස්

ඉංග්‍රීසි සංගීතය - මොන්ටි නෝමන් (Monty Norman)

ඉංග්‍රීසි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=b-3Qtu6YA9s



47.

සිංහල ගීතය-

කොමල පපා

සිංහල ගීතය ගායනය - ඇන්ටන් ජෝන්ස්

සිංහල චිත්‍රපටය - ඔහොම හොඳද (වර්ෂය - 1970)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - එම්.කේ. රොක්සාමි

දෙමළ ගීතය- වන්ස්අ පපා මේට්ට මමා (Once a Pappa, Met a Mamma)

දෙමළ චිත්‍රපටය - අන්බෙ වා (Anbe Vaa) වර්ෂය - 1966

දෙමළ ගීතය ගායනය- ඒ.එල්. රඝවාන්

දෙමළ ගීතයේ රංගනය - එම්.ජී.ආර්./සරෝජා දේවි

දෙමළ සංගීතය - එම්.එස්. විශ්වනාදන්

දෙමළ ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=ZKNal_zN2-c



48.

සිංහල ගීතය-

පායාවි ඈත සූර්ය රැස් මාලා

සිංහල ගීතය ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා

සිංහල චිත්‍රපටය - සුළි සුළං (වර්ෂය - 1970)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ටී.එෆ්. ලතීෆ්

දෙමළ ගීතය- රාජාවි පාර්වි (Rajaavin Paarvai)

දෙමළ චිත්‍රපටය - අන්බෙ වා (Anbe Vaa) වර්ෂය - 1966

දෙමළ ගීතය ගායනය- පීත සුෂිලා/ ටී.එම්. සෞන්දරරාජම්

දෙමළ ගීතයේ රංගනය - එම්.ජී.ආර්./සරෝජා දේවි

දෙමළ සංගීතය - එම්.එස්. විශ්වනාදන්

දෙමළ ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=dBuAD62LTxA


49.

සිංහල ගීතය-

ඔය හද පතාල ආමි

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්

සිංහල චිත්‍රපටය - ?

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ?
හින්දි ගීතය- ජබ ජබ බහාර ආයේ (Jab Jab Bahar AAyi)

හින්දි චිත්‍රපටය - තක්දීර් ( Taqdeer) වර්ෂය - 1967

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි/ ලතා මංගේෂ්කාර් (වෙන වෙනම ගීත 2ක් ඇත)

හින්දි ගීතයේ රංගනය - භාරත් භුෂාන්/ ශලිනි

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරේලාල්

හින්දි ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=zrKOev8F0SM



50.

සිංහල ගීතය-

දුෂ්මන්ත අහෝ කිමදෝ

සිංහල ගීතය ගායනය - රුක්මණි දේවී

සිංහල චිත්‍රපටය - (මෙය ගුවන්විදුලි ගීතයක් විය හැක)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ?
හින්දි ගීතය- බචපන් කි මොහාබත් කෝ (Bachapan Ki Mohabbat Ko)
හින්දි චිත්‍රපටය - බයිජු බව්රා ( Baiju Bawra ) වර්ෂය - 1952

හින්දි ගීතය ගායනය- ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - භාරත් භුෂාන්/ මීනා කුමාරි

හින්දි සංගීතය - නෞෂාඩ්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=VwstgFQHvhk



පැරණිම නොවන තව ගීත කීපයක්

51.

සිංහල ගීතය-
සදේ එන්නම් ඔබේ ලෙනටා

සිංහල ගීතය ගායනය - රූපා ඉන්දුමතී

සිංහල චිත්‍රපටය - (මෙය ගුවන්විදුලි ගීතයක් විය හැක)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ?
හින්දි ගීතය- මුජේ තුම් මිල් ගයේ හුම්දුම් (Mujhe tum mil gaye humdum)
හින්දි චිත්‍රපටය - ලව් ඉන් ටෝකියෝ ( Love in Tokyo ) වර්ෂය - 1966

හින්දි ගීතය ගායනය- ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - ජෝයි මුකර්ජි/ ආශා පරේක්

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය - 

52.

සිංහල ගීතය-

මගෙ නාමලී බැඳි ආදරේ

සිංහල ගීතය ගායනය - හරූන් ලන්ත්‍රා

සිංහල චිත්‍රපටය - ගොපළු හඩ

සිංහල ගීතයේ රංගනය - ටෝනි රණසිංහ

සිංහල සංගීතය - ?
හින්දි ගීතය- මුජෙ දර්දෙ දිල් (Mujhe darde dil )

හින්දි චිත්‍රපටය - අකාශ්දීප් ( Akashdeep) වර්ෂය - 1965

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - ධර්මේන්ද්‍ර

හින්දි සංගීතය - චිත්‍රගුප්ත

හින්දි ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=SqyyEuoZ3pc



53.

සිංහල ගීතය-

කොඩිගහ යට මම උපන්නේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල/ එම්.එස්. ප්‍රනාන්දු

සිංහල චිත්‍රපටය - හතරදෙනාම සූරයෝ (වර්ෂය - 1971)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

ඉංග්‍රීසි ගීතය- (Ob-La-Di, Ob-La-Da)

ඉංග්‍රීසි චිත්‍රපටය - ද වයිට් ඇල්බම් (The White Album) වර්ෂය - 1968

ඉංග්‍රීසි ගීතය ගායනය- බීට්ල්ස් සංගීත කණ්ඩායම

ඉංග්‍රීසි ගීතයේ රංගනය - ?

ඉංග්‍රීසි සංගීතය - බීට්ල්ස් සංගීත කණ්ඩායම

ඉංග්‍රීසි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=nUOmX7CRRFk



54.

සිංහල ගීතය-

ඈත දිලිසෙන හිරුසඳු රන්තරු

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල/ ඇන්ජලින් ගුණතිලක

සිංහල චිත්‍රපටය - අභිරහස (වර්ෂය - 1971)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

හින්දි ගීතය- මේරේ සප්නොකී රානි (Mere Sapnon Ki Rani)

හින්දි චිත්‍රපටය - ආරාධනා (Aradhana) වර්ෂය - 1969

හින්දි ගීතය ගායනය- කිෂෝර් කුමාර්

හින්දි ගීතයේ රංගනය - රාජේශ් ඛන්නා/ ෂර්මිලා තාගෝර්

හින්දි සංගීතය - එස්.ඩී. බර්මන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=vo1MykK4u8U



55.

සිංහල ගීතය-

ජීවිතයේ කාන්තාරේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල/ ඇන්ජලින් ගුණතිලක

සිංහල චිත්‍රපටය - සුහද පැතුම (වර්ෂය - 1973)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

හින්දි ගීතය- කංචීරේ (Kanchi Re)

හින්දි චිත්‍රපටය - හරේ රාමා හරේ ක්‍රිෂ්ණා (Hare Rama Hare Krishna) වර්ෂය - 1971

හින්දි ගීතය ගායනය- කිෂෝර් කුමාර්/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - කිෂෝර් සාහු/ අචලා සදේව්

හින්දි සංගීතය - ආර්.ඩී. බර්මන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=FOXkYrP3D2g



56.

සිංහල ගීතය-

පුතුනේ මේ අහගන්න
සිංහල ගීතය ගායනය - සුජාතා අත්තනායක

සිංහල චිත්‍රපටය - කල්යාණි ගංගා (වර්ෂය - 1974)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

හින්දි ගීතය- සෝජා මෙරේ ලාල් (Soja Mere Lal)

හින්දි චිත්‍රපටය - දර්කන් (Dharkan) වර්ෂය - 1972

හින්දි ගීතය ගායනය- ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - ?

හින්දි සංගීතය - රවි

හින්දි ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=WVUXl0bRfpg


57.

සිංහල ගීතය-

මේ ජීවනයේ මුළු සංසාරේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල

සිංහල චිත්‍රපටය - ඔන්න බබෝ බිල්ලෝ එනවා (වර්ෂය - 1974)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

හින්දි ගීතය- යේ ජීවන් හේ (Yeh Jeevan Hai)

හින්දි චිත්‍රපටය - පියා කා ගාර් (Piya Ka Ghar) වර්ෂය - 1972

හින්දි ගීතය ගායනය- කිෂෝර් කුමාර්

හින්දි ගීතයේ රංගනය - ?

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරේලාල්

හින්දි ගීතයේ යූ ටියුබය - 

අන්තර්ජාලයේ වෙබ් අඩවි ගණනාවක් ඇසුරින් කරුණු එක්තැන්කොට සැකසුවෙමි. මෙම ලැයිස්තුවේ සමහර තැන්වල හිස්තැන් ඇත්තේ ඇතැම් කරුණු නිවැරදිව සොයාගැනීමට දුෂ්කරවූ බැවිනි.

අන්තර්ජාලය ඇසුරෙන් සැකසුවේ
අයෝම ජයසිංහ - ayolanka@gmail.com

Thursday, January 9, 2014

ෂින්ඩ්ලර්ගේ ලැයිස්තුව පිලිබඳ අද සිහිවටන - Schindler's List

මෑත අතීතයේ සිදුවූ සත්‍ය සිදුවීම් - 07
World major events in recent history in Sinhala language. Most of them were based for Hollywood movies.
බොහෝවිට සිනමාවට නැගී ඇති ලෝකයේ මෑත අතීතයේ සිදුවී ඇති ත්‍රාසජනක සත්‍ය කථා...සිංහලෙන්...



අදින් වසර 11කට පෙර, එනම් 1993දී හොලිවුඩ් සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂ ස්ටීවන් ස්පිල්බර්ග් විසින් නිපදවූ ෂින්ඩ්ලර්ස් ලිස්ට් (Schindler's List) චිත්‍රපටය සිනමා ලෝකයේ පෙරළියක් කළ නිර්මාණයකි. අමෙරිකානු ඇකඩමි සම්මාන 7කින් පිදුම් ලැබූ එම විශිෂ්ඨ සිනමා පටයට පාදකවූ 1945 සිදුවූ එම සත්‍ය කතාව නැවත ඔබට කීමට වෙහෙස නොවෙමි. එනමුත් එම කතාවට සම්බන්ධ ඔබ නොදන්නා කරුණු, ඇස නොගැටුණු ඡායාරූප සහ අද ඉතිරිව ඇති එහි සජීවි සිහිවටන කීපයක් ඉදිරිපත් කරමි.


චිත්‍රපටය පිළිබඳ කෙටි සඳහනක්

දෙවන ලෝක සංග්‍රාමය පිළිබඳ මෙතෙක් නිපදවා ඇති බොහෝ චිත්‍රපට නිපදවා ඇත්තේ යුද්ධයට පසු දශකවල එනම් 1950 සිට 1960 අතර කාල සීමාවලය. එමනිසා ඒවා එකල තාක්ෂණය වූ කළු සුදු තාක්ෂණයෙන් නිපදවිණි. යුධ චිත්‍රපට බොහොමයක් කළු සුදු වී ඇත්තේ එම නිසාය. වර්ණ චිත්‍රපට නිපදවන අද යුගයේ ස්පිල්බර්ග් විසින් කළු සුදු චිත්‍රපටයක් ලෙස (Schindler's List) නිපදවා ඇත්තේ එයට පැරණි බවක් වගේම තාත්වික බවක් ලබාදීම සඳහාය.

චිත්‍රපටයේ වැය - ඩොලර් දෙකෝටි විසිලක්ෂයක් ($22,000,000) (රුපියල් කෝටි දෙසිය විස්සක් පමණ)
චිත්‍රපටයේ මුළු ලාභය පමණක් - (අමෙරිකාවෙන් සහ විදේශවලින් ලැබූ) – ඩොලර් තිස්දෙකෝටි දහතුන්ලක්ෂ හයදාස් තුන්සිය පහක් ($321,306,305) (රුපියල් තුන්දාස් දෙසිය දහතුන් කෝටි හයලක්ෂ තිස්දාස් පන්සීයක් පමණ)

චිත්‍රපටයේ හෙවත් සත්‍ය කතාවේ අන්තර්ගතය කෙටියෙන්

මෙය සත්‍ය කතාවකි.1945 දෙවන ලෝක යුධ සමයේ මුළු ලොවම යටත් කරගැනීමේ මුග්ධ ආශාවෙන් පෙළුණු නාසි ජර්මනිය විසින් (1939දී) ආක්‍රමණය කළ මුල්ම රට පෝලන්තයයි. ජර්මනියේ අනෙක් අභිප්‍රාය වූයේ මුළු යුරෝපයෙන්ම යුදෙව් ජාතිය අතුගා දැමීමයි. ඔවුන් විසින් යටත් කරගත් රටවල විශාල වශයෙන් යුදෙව් ජාතීන් ජීවත් වූහ. ජර්මනිය පෝලන්තය ආක්‍රමණය කිරීමේදී එහි ජනාවාසව සිටි යුදෙව්වන් විශාල සිර කවුරු වලට ගාල් කරන ලදී. ඔවුන්ගෙන් බරපතල ලෙස වැඩ ගෙන වධ හිංසා කොට අවසානයේ ගෑස් කාමරවල සිරකොට දමා මරාදැමීම ජර්මාන් නාසිවාදීන්ගේ අවසාන අරමුණ විය. ආක්‍රමණ අවස්ථාවේ ජර්මන් ජාතික කෝටිපති ව්‍යාපාරිකයෙක් ද සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සහා ජර්මානුන් සමග පෝලන්තයට ගියේය. ඔහු නමින් ඔස්කාර් ෂින්ඩ්ලර්ය. ඔහුගේ එක් ව්‍යාපාරයක් එරට ඇරඹීය. ඒ බෙලෙක් භාණ්ඩ නිපදවන විශාල කම්හලකි. මෙහි සේවයට ගත්තේ ඒ වනවිටත් සිරකරුවන් බවට පත්ව සිටි යුදෙව් ජාතික කම්කරුවන්ය. යුදෙව් ජාතිකයින් යුද්ධයේදී මරාදමනු සියැසින් දුටු ඔස්කාර් ෂින්ඩ්ලර් සන්ත්‍රායට පත්වූ අතර ඔහු සිතේ  යුදෙව්වන් කෙරෙහි දයානුකම්පාවක් හටගැණින. අනෙක් සිරකවුරුවල සිටි යුදෙව්වන්ව මරාදැමීම සහා ඝාතකාගාර වලට ගෙනගියත් ෂින්ඩ්ලර්ගේ කම්හලේ යුදෙව් සේවක පිරිසට එසේ නොවූයේ කම්හලේ සේවය කළ නිසාය. පසුව යුද්ධයට අවශ්‍ය නොවන කම්හල් වසාදැමීමට ජර්මන් බලධාරීන් තීරණය කළෙන් ෂින්ඩ්ලර්ද තම කම්හල වැසීයාම වැළැක්වීමට  වහාම තම කම්හලේ නිෂ්පාදන භාණ්ඩය වෙනස් කළේය. එනම් ඉන්පසු කම්හලේ නිෂ්පාදනය කළේ යුද්ධයට අවශ්‍ය අවි ආයුධ  ය. ඒ තම සේවකයන් බේරා ගැනීම සහාය. එසේ නොවන්නට කම්හල වැසී සේවක පිරිසගේ ජීවිතද අනතුරේ වැටීමට ඉඩ තිබුණි.නමුත් ටික කලකදී ජර්මන් සොල්දාදුවන් විසින් මෙම යුදෙව් පිරිසද ඝාතකාගාර වෙත ගෙනයාමට සැලසුම් කරන ලදී. ෂින්ඩ්ලර් තම සේවකයින්ව මරණයෙන් ගලවාගැනීමට මහා මෙහෙයුමක් දියත් කළේය. ඒ සඳහා ජර්මන් හමුදාවේ ඉහළ නිලධාරින් සමග ඔහු පැවැත්වූ කිට්ටු ඇසුර ද හේ අවියක් කර ගත්තේය. ජර්මන් හමුදාවේ ඉහළ නිලධාරින්ට අල්ලස් පවා ලබා දුන්නේය. මේ නිසා තමා සතු විශාල මුදල් සම්භාරයද සේවකයින් බේරාගැනීමේ මෙහෙයුමට යෙදවීය. කම්හලේ සේවය කළ පිරිසගේ නම් ඔහු ලේඛනයකට ඇතුලත් කොට ජර්මන් බලධාරින්ට යැව්වේය. Schindler's List හෙවත් ෂින්ඩ්ලර්ගේ ලැයිස්තුව ලෙස පසුකාලයේ ප්‍රකට වූයේ මෙම ලැයිස්තුවයි. ඔහුගේ වෑයම සඵල කරමින් ඝාතකාගාරයට ගෙනගිය ඔහුගේ සේවක පිරිස යළි කම්හල වෙත රැගෙන ඒමට සමත් විය. යුද්ධය අවසන්වන තෙක් (ජර්මනිය මිත්‍ර හමුදාවට යටත් වන තෙක්) සේවක පිරිස කම්හල තුළ රඳවා ගැනීමට ෂින්ඩ්ලර් සමත් විය. මේ ආකාරයට ඔහු විසින් බේරාගත් යුදෙව්වන්ගේ ප්‍රමාණය 1200ක් පමණ විය. චිත්‍රපටයට පාදක වූ කතා වස්තුව එයයි.

සැබෑ ඔස්කාර් ෂින්ඩ්ලර්



ඔස්කාර් ෂින්ඩ්ලර්ගේ චරිතයට පනදුන් නළු ලියම් නීසන්




ලියම් නීසන් අද

Schindler's List  චිත්‍රපටයේ දර්ශනයක්. ලියම් නීසන් (ෂින්ඩ්ලර්) හා බෙන් කිංග්ස්ලි (ඉට්ෂැක් ස්ටර්න්) ෂින්ඩ්ලර්ගේ ලැයිස්තුව පිළියෙළ කරමින්

ෂින්ඩ්ලර්ගේ ලැයිස්තුවේ මුල් පිටපතේ මුල් පිටුව

යුද්ධයෙන් පසු
මිත්‍ර හමුදා විසින් යුධ අපරාධ කළ නාසි ජර්මන් නායකයින්ව එල්ලා මරන ලදී. නාසි ජර්මන් කරුවෙක් වූ ෂින්ඩ්ලර්ට යුධ අපරාධ චෝදනා එල්ල කිරීමට නොහැකිවූයේ ඔහු විසින් යුදෙව්වන් 1200ක් බේරාගන්නා ලද බව හෙළිවීම නිසාය. යුදෙව්වන්ගේ දේශය වන ඊශ්‍රායලය විසින් දැන් ඔහු ජාතික වීරයෙක් ලෙස පිළිගනු ලබයි. මුළු මහත් යුද්ධයෙන් නාසින් විසින් යුදෙව්වන් හැට ලක්ෂයක් මරා දමනු ලැබුවත් යුදෙව්වන් ආදරය කරන එකම නාසිවාදියා ෂින්ඩ්ලර් පමණි. ෂින්ඩ්ලර්ගේ ඉල්ලීමක් මත ඔහුගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇත්තේ ඊශ්‍රායලයේ ජෙරුසලමේය. වසරක් පාසා ඔහුගේ සොහොන් කොතට බුහුමන් දක්වන්නේ ෂින්ඩ්ලර්ගේ ලැයිස්තුවේ සිට එකල දිවි බේරාගත් අදටත් ජීවත්වන කීපදෙනා සහ ඔවුන්ගේ දරු මුණුබුරන්ය. මෙම පිරිස “ෂින්ඩ්ලර්ගේ යුදෙව්වෝ” ලෙස හැඳින්වේ. ෂින්ඩ්ලර්ස් ලිස්ට් චිත්‍රපටය ඔබ නැරඹුවේ නම් එහි අවසානයේ දැක්වෙන ෂින්ඩ්ලර්ගේ සොහොන් කොතට අවසන් ගෞරව දක්වන්නේද “ෂින්ඩ්ලර් යුදෙව්වවන්” පිරිසකි.

ෂින්ඩ්ලර් සමග සිටින්නේ “ෂින්ඩ්ලර් යුදෙව්වන්” පිරිසකි.

අදවන විට ෂින්ඩ්ලර් යුදෙව්වන්ගෙන් පැවත එන්නන් 6000කට වඩා වාසය කරන්නේ අමෙරිකාවේ, යුරෝපයේ හා වැඩිහරියක් ඊශ්‍රායලයේය. දෙවන ලෝක යුද්ධයට පෙර පෝලන්තයේ යුදෙව්වන් ලක්ෂ 35ක් සිටි අතර අදවන විට එහි වසන්නේ යුදෙව්වන් 3000 සිට 4000ක් දක්වා අඩු සංඛ්‍යාවකි.

යුද්ධයෙන් පසු ෂින්ඩ්ලර්ට මොකද වුණේ?

යුද්ධයෙන් පසු ෂින්ඩ්ලර්ගේ ව්‍යාපාර ජීවිතය බොහෝ අසාර්ථක විය. එසේම යුද්ධයෙන් පසු ජර්මනියේ රැඳී සිටීම ඔහුට අනතුරුදායක විය. එයට හේතුව ඉතිරිව සිටි නාසිවාදීන්ගෙන් ඔහුගේ ජීවිතයට තර්ජනයක් තිබූ නිසාය. මේ නිසා අමෙරිකාවේ පදිංචි වීමට හේ අවසර පැතීය. ඔහු නාසි පක්ෂයේ සාමාජිකයෙක් නිසා අමෙරිකාව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. මේ නිසා පදිංචිය සඳහා ඔහු ආර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් නුවරට පැමිණියේ තම භාර්යාව වූ එමිලී ෂින්ඩ්ලර් හා “ෂින්ඩ්ලර් යුදෙව්වවන්” පිරිසක්ද සමගය. චිත්‍රපටය අවසානයේ දැක්වෙන ෂින්ඩ්ලර්ගේ සොහොන් කොතට අවසන් ගෞරව දක්වන පිරිස අතර එවකට ජීවමානව සිටි සැබෑ එමිලී ෂින්ඩ්ලර් ද වූවාය.

චිත්‍රපටය අවසානයේ දැක්වෙන ෂින්ඩ්ලර්ගේ සොහොන් කොතට අවසන් ගෞරව දක්වන පිරිස අතර එවකට (1993) ජීවමානව සිටි ඔස්කාර් ෂින්ඩ්ලර් ගේ භාර්යාව, එමිලී ෂින්ඩ්ලර්

1946දී එමිලී ෂින්ඩ්ලර් සමග ඔස්කා ෂින්ඩ්ලර් පෙනී සිටින දුර්ලභ ඡායාරූපයක්

එමිලී ෂින්ඩ්ලර් තරුණ වයසේදී

එමිලී ෂින්ඩ්ලර් ජීවිතයේ සැදෑ සමයේදී. ඔස්කා ෂින්ඩ්ලර්ගේ ආදරණීය භාර්යාව වූ එමිලී ෂින්ඩ්ලර් ඔස්කා ෂින්ඩ්ලර්ගේ මරණයෙන් අවුරුදු 27 කට පසු එනම් 2001 ඔක්තෝබර් 5 දින ජර්මනියේ බර්ලින් නුවරදී සදහටම දෙනෙත් පියාගත්තාය.


එම ප්‍රදේශයේ කෘෂිකාර්මික ව්‍යාපාරයක් ගෙනගිය ඔහුට මුදල් ආධාර ලබාදුන්නේ යුදෙව් සංවිධානයකින් හා ඔහුව කිසිදා අමතක නොකරන මිත්‍රශීලී යුදෙව් ජාතිකයින් විසිනි. නමුත් එම ව්‍යාපාරයද බංකොලොත් වූයෙන් හේ ආපසු යුරෝපය (ජර්මනිය) බලා ගියේ තම ප්‍රිය භාර්යාවද නොමැතිවය. ආර්ජන්ටිනාවේ ජීවත්වූ එමලී ෂින්ඩ්ලර්ට නැවත කිසිදාක ඔස්කාර්ව හමු නොවීය. ඔස්කාර් ෂින්ඩ්ලර් මෙවර පදිංචි වූයේ බටහිර ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නුවර කුලී නිවස්නයකය. යුදෙව් සංවිධානයක ආධාර ඇතිව ඔහු මෙහි සිමෙන්ති නිෂ්පාදන කම්හලක් ආරම්භ කළේය. සුපුරුදු පරිදි 1961දී මෙයද අසාර්ථක ව්‍යාපාරයක් බවට පත්විය. 1962දී ඊශ්‍රායල් රජය විසින් ඔස්කා ෂින්ඩ්ලර්ට ධර්මිෂ්ඨ පුද්ගලයා යන ගෞරව සම්මානය පුද කරන ලදී. මේ සම්මානය නිසා ජර්මනියේ සිටි ඔස්කාගේ ව්‍යාපාර හවුල්කරුවා කුපිත විය. ඔහු ඔස්කාට පැවසුවේ “දැන් හොඳටම පැහැදිලියි. ඔබ යුදෙව්වන්ගේ මිත්‍රයෙක් කියලා. මින්පසු මාත් එක්ක හවුල් ව්‍යාපාර ඉවරයි” කියාය. ඉන්පසු ඔහුගේ ජීවිතය යැපුනේ ඔහු විසින් බේරාගන්නා ලද යුදෙව්වන් විසින් ඔහුට විටින් විට ලබාදුන් මුදල් හා තෑගිබෝග වලිනි.

ඔහුගේ කිට්ටුම මිතුරාවූ ලියෝපෝල්ඩ් ප්‍රිෆර්බ් තම මිතුරා වෙනුවෙන් හොඳ යෝජනාවක් ගෙන ආවේය. අවුරුද්දකට එක්දින වැටුපක් ෂින්ඩ්ලර් වෙනුවෙන් පරිත්‍යාග කිරීම සදහා සෑම ෂින්ඩ්ලර් යුදෙව්වෙකුටම ඔහු උපදෙස් දුන්නේය. තවත් ෂින්ඩ්ලර් යුදෙව්වෙකු හා ෂින්ඩ්ලර්ගේ මිතුරෙකුවූ මෝෂේ බෙස්කි (මොහු පසුකලෙක ඊශ්‍රායලයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු විය) ෂින්ඩ්ලර්ට සතියකට ඩොලර් 3000ක මාසික දීමානාවක් ගෙවීමටද යෝජනා කළේය.

ඔස්කාර් ෂින්ඩ්ලර්ට ඔහු යන එන සෑමතැනකින්ම ඔහුගේ යුදෙව් මිතුරන්ගෙන් ගරු බුහුමන් ලැබිණි. වයස 66ක් ව තිබියදී ෆ්රැන්ක්ෆර්ට් නුවරදී 1974 ඔක්තෝබර් 9 දින ඔස්කාර් ෂින්ඩ්ලර් සදහටම දෙනෙත් පියාගත්තේ අක්මාව අක්‍රියවීමෙන් හටගත් රෝගී තත්වයක් හේතුවෙනි. 1939 සිට මියයන තෙක්ම ඔහු යුදෙව්වන්ට ආදරය කළ නිසා තමා මිහිදන් කළ යුත්තේ ජෙරුසලමේ බව ඔහු කල් තියා ප්‍රකාශ කොට තිබුණි. ඔහුගේ මිතුරු පොල්ඩෙක් ප්‍රිෆර්බ් ඔහු මියයාමට මොහොතකට පෙර ඔහුගෙන් ඇසුවේ එහෙම තීරණයක් ගත්තේ ඇයිද කියාය. ඔහුගේ පිළිතුර වූයේ “මගේ ළමයි සිටින්නේ එතැන” කියාය. ඔහුගේ ඉල්ලීමට අනුව ඔහුගේ භෂ්මාවශේෂ ඊශ්‍රායලයට රැගෙන යන ලදී. එයට පෙර ඔහුගේ දේහය මහජන ගෞරවය සඳහා ජෙරුසලමේ වීදි පුරා රැගෙන ගොස් තිබේ. 

1974 ඔක්. 09 - ෂින්ඩ්ලර්ගේ දේහය දිවිගලවාගත් යුදෙව් ජාතීන් (ෂින්ඩ්ලර් යුදෙව්වන්) විසින් ජෙරුසලමේ වීදි පුරා ඔසවාගෙන ගිය අයුරු 

ජෙරුසලමේ සියොන් කන්දේ පිහිටි කතෝලික දේවස්ථාන භූමියේදී සුවහසක් ෂින්ඩ්ලර් යුදෙව්වන්ගේ සෝසුසුම් මැද ඔස්කාර් ෂින්ඩ්ලර් මිහිදන් කෙරිණි.

ජෙරුසලමේ  පිහිටි ඔස්කාර් ෂින්ඩ්ලර්ගේ සොහොන්කොත 


එකල වැඩි දෙනෙකුගේ කතාබහට ලක් නොවූ ෂින්ඩ්ලර්ගේ කතාව චිත්‍රපටයක් නිමවීම සඳහා මහා සිනමාකරු ස්ටීවන් ස්පිල්බර්ග් අතට ලැබුණු අපූරු කතාන්දරය 

කලින් සඳහන් කළ ෂින්ඩ්ලර්ගේ කළණ මිතුරු ලියෝපෝල්ඩ් ප්‍රිෆර්බ් යුද්ධයෙන් පසු කලක් හංගේරියාවෙත් ඉන්පසු ජර්මනියෙත් පදිංචි විය. 1948දී සිය භාර්යාව වූ මිලා ප්‍රිෆර්බ් සමග හේ අමෙරිකාවට පැමිණියේය. හෙතෙම ලොස් ඇන්ජලිස් නුවර බෙවර්ලි හිල්ස්හි සම්භාණ්ඩ වෙළදසැලක් ආරම්භ කළේය. තම ව්‍යාපාරය හරහා මිතුරුකමක් ඇතිකරගත් තිරකතා රචකයින් හා සිනමාකරුවන් සහභාගිවන විවිධ උත්සව වලට යාමට ප්‍රිෆර්බ් ඇළුම් කළේය. මෙහිදී ප්‍රිෆර්බ් ෂින්ඩ්ලර් විසින් නාසින්ගෙන් පෝලන්ත යුදෙව්වන් බේරාගත් කතාව කලාකරුවන්ට විස්තර කිරීමට පසුබට වූයේ නැත. ප්‍රිෆර්බ්ගේ අරමුණවූයේ ඔවුන් ලවා ෂින්ඩ්ලර් පිළිබඳව චිත්‍රපටයක් නිපදවා ගැනීමටය. තවද මේ කාලය වනවිට ජීවත්ව සිටි ඔස්කාර් ෂින්ඩ්ලර් සමග අමෙරිකානු රූපවාහිනී වැඩසටහන් වලටද ඔහු සහභාගි විය. 

තරුණ ලියෝපෝල්ඩ් ප්‍රිෆර්බ්  සමග ඔස්කාර් ෂින්ඩ්ලර්

ලියෝපෝල්ඩ් ප්‍රිෆර්බ් මැදි වියේදී

1974දී ඔස්කාර් ෂින්ඩ්ලර්ගේ අභවයත් සමග ඔහු ගැන චිත්‍රපටයක් කිරීම පිළිබ සිහිනය බොව ගියේය. මෙසේ කාලය ගෙවී යද්දී 1980වේ දිනක ප්‍රිෆර්බ්ගේ සාප්පුවට තෝමස් කෙනලි නම් පුද්ගලයෙකු ගොඩවිය. හෙතෙම නවකතාකරුවකු බව දැනගත් ප්‍රිෆර්බ් ඔහු සමග මිතුරුවී ෂින්ඩ්ලර් පිළිබ සවිස්තරාත්මක වාර්තාවක් ඔහු අත තැබීය. මෙය බැලූ කෙනලි වඩාත් සතුටට පත්ව එම කතාව නවකතාවක් ලෙස එළිදක්වන්නට අදිටන් කර ගත්තේය. එතැන් සිට මෙම නවකතාවේ උපදේශකයා වූයේ ප්‍රිෆර්බ්ය. ඒ සදහා ප්‍රිෆර්බ් කෙනලිව පෝලන්තයට රැගෙන ගොස් ඔහුට සිද්ධියට සම්බන්ධ ස්ථාන පෙන්වීය. 1982දී එළිදුටු මෙම ඓතිහාසික නවකතාවේ නම ෂින්ඩ්ලර්ස් ආක් (Schindler's Ark) වේ.පොතේ පිදුම ප්‍රිෆර්බ් වෙනුවෙන් ලියැවී ඇත්තේ මෙසේය. “මොහුගේ උනන්දුව හා අප්‍රතිහ ධෛර්යය නිසා මෙම පොත නිර්මාණයවී ඇත.” ප්‍රිෆර්බ් තමා තුළ ඇතිවූ මෙම අප්‍රතිහ ධෛර්යයට හේතුව ලෙස දක්වන්නේ මේ ආකාරයෙනි. “ෂින්ඩ්ලර් මට ජීවිතය ලබාදුන්නා. මා ඔහුට අමරණීයත්වය ලබාදෙන්න වෙහෙසුණා.” යනුවෙනි. 

තෝමස් කෙනලිගේ පොත

ලේඛක තෝමස් කෙනලි

ෂින්ඩ්ලර්ස් ආක් (Schindler's Ark) පොත නිකුත්වීමෙන් පසු ප්‍රිෆර්බ්ගේ වෑයම වූයේ එම පොත ඇසුරින් චිත්‍රපටයක් නිපදවීමට ස්ටීවන් ස්පිල්බර්ග්ව නම්මවාගැනීමයි. ඒ සඳහා මුලින්ම හමුවූයේ ස්පිල්බර්ග්ගේ මවයි. ඒ ඔහු ඇය හොඳින් හඳුනන නිසාය. ඉන්පසු එනම් 1982 සිට 1992 දක්වා වසර 11ක්ම සතියකට වරක් ස්පිල්බර්ග්ගේ කාර්යාලයට ඇතළුවී ඔහු හමුවීමට ප්‍රිෆර්බ් පුරුදු විය. අවසානයේ (1992දී ) ස්පිල්බර්ග් එම චිත්‍රපටය නිපදවීමට එකඟ විය. චිත්‍රපටය සඳහා ද උපදේශකයා වූයේ ප්‍රිෆර්බ්ය. එසේම ප්‍රිෆර්බ් පෝලන්තයට චාරිකාවක් සංවිධානය කොට ස්පිල්බර්ග්වද එහි රැගෙන ගොස් චිත්‍රපටය සඳහා උචිත ස්ථාන පෙන්වීය. චිත්‍රපටයේ අවසන් දර්ශනයකටද ලියෝපෝල්ඩ් ප්‍රිෆර්බ් පෙනී සිටියේය.

චිත්‍රපටය අවසානයේ දැක්වෙන ෂින්ඩ්ලර්ගේ සොහොන් කොතට අවසන් ගෞරව දක්වන පිරිස අතර එවකට (1993) ජීවමානව සිටි ලියෝපෝල්ඩ් ප්‍රිෆර්බ්

ඇකඩමි සම්මාන රාත්‍රියේදී ස්පිල්බර්ග්ගේ ආරාධිත අමුත්තන් වූයේද ප්‍රිෆර්බ් යුවලයි. එහිදී සිය කතාවේදී ඔහු ලියෝපෝල්ඩ් ප්‍රිෆර්බ් පිලිබව කතා කළේය. “ ඔහු දිවි ගලවාගත්තෙක්. ප්‍රිෆර්බ්ට මා ණය ගැතියි. ඔහු ඔස්කාර් ෂින්ඩ්ලර් පිළිබ කතාව අප සියළු දෙනා වෙත ගෙන ආවා. ” 
2001 මාර්තු 9 දින වයස 87දී ලියෝපෝල්ඩ් ප්‍රිෆර්බ් සිය භාර්යාව දියණිය හා පුත්‍රයා හැරදමා අවසන් ගමන් ගියේය. 

රතුකබා හැඳි දැරිය


කළු සුදු චිත්‍රපටයේ පෙන්වන එකම වර්ණ ගැන්වූ චරිතය රතුපාට කබායකින් සැරසී සිටින මේ කුඩා දැරිවියයි. ඇය කවුරුදැයි හෝ එසේ ඇය පෙනී සිටින්නේ කුමක් සඳහාදැයි චිත්‍රපටය බැලූ බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් මතුවිය. ජර්මන් නිලධාරින් විසින් යුදෙව් ජාතිකයින්ව පෙළගස්වා වීදියක රැගෙන යද්දී මෙම රතුකබා හැඳි දැරියද ගමන් කරනු චිත්‍රපටයේ පෙන්වයි. එම දැරිය ගමන් කරනු දුර සිට බලාසිටින ෂින්ඩ්ලර්ට ඇයව හොඳින් මතක තබාගත හැකිවන්නේ ඇගේ රතු කබාය නිසාය. නිවාසයක සැඟවී සිටියදී ජර්මානු හමුදා අතින් ඇයට වෙඩිවැදෙන අයුරුද පෙන්වයි. පසුව මියගිය ඇගේ සිරුර අහම්බෙන් මෙන් යළි දකින ෂින්ඩ්ලර් කම්පනයට පත්වේ. චිත්‍රපටය බැලූ බොහෝදෙනා මේ පිළිබඳව නොයෙක් මත පළකරන්නට විය. ඇතැමෙක් පැවසුවේ එය මනඃකල්පිත චරිතයක් බවත්, සංකේතාත්මකව එම දර්ශනය චිත්‍රපටයට ඇතුළු කර ඇත්තේ යුදෙව්වන්ටවූ කෲර ඉරණම තීව්‍ර කිරීම සඳහා බවත්ය. පසුකලෙක මෙයට පැහැදිලි පිළිතුරක් සපයා ඇත්තේ එම සැබෑ දැරියගේ ඥාතියෙකි. ඔහුගේ වදන් මෙසේය. 

“ඒක නිෂ්පාදකතුමා විසින් චිත්‍රපටයට එකතුකළ මනඃකල්පිත චරිතයක් නොවේ. එය සැබෑ සිද්ධියක්. මමද සමූහ ඝාතනයෙන් මිදුනු අයෙක්මි. ඇය මගේ මාමාගේ ඥාති සොහොයුරියක්. කවුරුත් නොදන්නවට ඇගේ නියම නම ‘ගිට්ල් චිල්’. ‘ජීනියා‘ කියලත් කියනව. ඇගේ මව්පියන් ‘ඩේවිඩ් චිල්‘ හා ‘ඊවා චිල්‘. යුද්ධය ඇරඹුනාට පසු ඇගේ මව්පියන් ගම්බදට පලායන්නේ ඇයව ක්‍රාකොව් යුදෙව් ජනාවාසයේ හැරදමාය. මව්පියන් සමග ඇය නොගියේ දුෂ්කර ගම්බද ප්‍රදේශවලදී ඇයට දුක්ගැහැට පැමිණේවි යැයි තිබූ බියක් නිසයි. ඇයව රැකබලාගත්තේ මගේ මාමා. (එකල ඔහු ක්‍රාකොව් ජනාවාසයේ දොස්තර කෙනෙක්.) නිතරම රතු පැහැති කබායක් ඇඳ සිටි ඇයව ජර්මානුන්ගෙන් බේරීමට සගවාගෙන සිටියා. අන්තිමේදී ඇයව ජර්මානුන්ට අහවුනා. 1943 මාර්තු 13 දින ජනාවාසය විනාශ කිරීමේදී ඇය මියයන්නට ඇතැයි අපි විශ්වාස කරනවා. ” 

ඔලිවියා දබ්රොස්කා එදා සහ අද

දැරියගේ චරිතය රඟපෑ පෝලන්ත ජාතික ඔලිවියා දබ්රොස්කාට එකල වයස අවුරුදු 3කි. චිත්‍රපට අධ්‍යක්ෂ ස්පිල්බර්ග් ඇයව පොරොන්දු කරගත්තේ ඇයට අවුරුදු 18 පිරුනාට පසු මෙම චිත්‍රපටය නරඹන ලෙසය. නමුත් එම පොරොන්දුව කැඩූ ඔලිවියා අවුරුදු 11දී චිත්‍රපටය නැරඹුවාය. එය බැලීමෙන් තමා මහත් කම්පනයට පත්වූ බව ඇය පවසයි.

ෂින්ඩ්ලර් කතාවේ අද සිහිවටන හා මතක සටහන්

1940දී ලබාගත් මෙම ඡායාරූපයේ වමේ සිට දෙවැන්නා ෂින්ඩ්ලර්ය. අනෙක් අය ඔහුගේ යුදෙව් හා පෝලන්ත සේවක පිරිසකි.


චෙක් රජයේ ස්වේටිව් නගර උද්‍යානයේ පිහිටුවා ඇති ෂින්ඩ්ලර් ස්මාරකය

ඔස්කාර් ෂින්ඩ්ලර් (මැද) ක්‍රාකොව් හිදී ජර්මානු හමුදා නිලධාරින් සමග දිවා භෝජන සංග්‍රහයකදී .

ෂින්ඩ්ලර්ගේ ලැයිස්තුවේ සිටි ලාබාලතම පුද්ගලයා ද පසුගියදා මියගියේය. 1945 සමූල ඝාතනයෙන් ෂින්ඩ්ලර් නිසා දිවි ගලවාගත් පිරිසේ එවකට 13 හැවිරිදිව සිටි ලියොන් ලීසන් අවුරුදු 83ක් ආයු වළඳා පසුගිය වසරේ එනම් 2013 ජනවාරි 12 දින අභාවප්‍රාප්ත විය.

ඔස්කා ෂින්ඩ්ලර් තම ලෝහ කර්මාන්තශාලාව තුළ සිය සේවකයින් සමග සිටින දුර්ලභ ඡායාරූපයක්.

චිත්‍රපටයේ අවසන් දර්ශනයට පෙනී සිටීම සහා ස්පිල්බර්ගේ කැමරාව ඉදිරියට පැමිණි ෂින්ඩ්ලර් විසින් දිවි ගලවාගත් පිරිසෙන් දැනට ඉතිරිව සිටින පිරිස හා ඔවුන්ගේ නූතන පරම්පරාව ඡායාරූපයකට පෙනී සිටි අයුරු

සුප්‍රසිද්ධ ෂින්ඩ්ලර්ගේ ලැයිස්තුව පිළියෙළ කිරීමට හා එය ටයිප් කිරීමට සහාය වූ ෂින්ඩ්ලර්ගේ ගණකාධිකාරීවූ ඉට්ෂැක් ස්ටර්න් සමග ෂින්ඩ්ලර් පෙනී සිටින මෙම ඡායාරූපයද දුලබ එකකි.

යුද්ධය අවසානයේ සමුගෙන යාමට පෙර කළ උදව්වට තුටු පඩුරක් ලෙස යුදෙව් ජාතිකයින් විසින් ෂින්ඩ්ලර්ගේ ඇඟිල්ලේ පළන්දවනු ලබන මුදුව මෙයයි. එහි යුදෙව් බසින් කොටා ඇත්තේ එක ආත්මයක් බේරාගන්නා තැනැත්තා මුළු ලොවම බේරාගනියි යන්නය.

1962දී ඊශ්‍රායලය විසින් ෂින්ඩ්ලර්ට ගෞරව සම්මානය ප්‍රකාශයට පත්කළාට පසු ෂින්ඩ්ලර් ජෙරුසලමට පැමිණ පැළයක් රෝපණය කළේය.

වසර 8 කට පෙර තමා රෝපණය කළ ගස ඉදිරිපිට ෂින්ඩ්ලර් (1970දී)


ෂින්ඩ්ලර්ගේ ලෝහ භාණ්ඩ කම්හලේ අද තත්වය.


ෂින්ඩ්ලර්ගේ ලෝහ භාණ්ඩ කම්හලට ඇතුළුවන දොරටුව අද. මෙම ගේට්ටුව නවීකරණය නොකොට පැරණි තත්වයෙන්ම මහජනතාවට දැක බලාගැනීම සහා පවත්වාගෙන යයි. 

චිත්‍රපටය පිළිබඳ මාගේ විචාරය
මෙය කලකට පසු නිපදවූ ඉතා හොඳ චිත්‍රපටයක් බව මගේ හැඟීමයි. ප්‍රධාන නළු “ලියම් නීසන්” ඉතා විශිෂ්ඨ රංගනයක යෙදුනත් ඊට නොදෙවෙනි අද්විතීය රංගනයක යෙදෙන්නේ සහාය නළු හා ෂින්ඩ්ලර්ගේ ගණකාධිකාරිවරයා වන “ඉට්ෂැක් ස්ටර්න්” ලෙස රඟන “බෙන් කිංස්ලිය”. කතාවෙන් හා මුහුණේ ඉරියව් වලින් ඔහු නිතරම ත්‍රස්තයෙන් සිටින බව ඉතා කදිමට නිරූපණය කරයි. ජර්මානු හමුදා නිලධාරි අමෙන් ගොතෙක්ගේ චරිතයට පන පොවන නළු “රැල්ෆ් ෆිනෙස්” තමා අමානුෂික පුද්ගලයෙකු බව මුහුණින් පෙන්වයි. දෙවන ලෝක යුද්ධයේ කුරිරු බව ප්‍රේක්ෂකයාගේ සිතට කාවදින අතර යළි කිසි දිනක මෙවන් තත්වයක් ඇති නොවේවායි යන ප්‍රාර්ථනයක් ඔවුන් තුළ ඇති කරයි.

ඇතැම් දර්ශන කීපයක් නිසා මෙම චිත්‍රපටය වැඩිහිටියන්ට වඩාත් සුදුසු ලෙස වර්ග කර ඇති නිසා එය දරුවන් සමග එකට නැරඹීමට සුදුසු නොවන බව මගේ විශ්වාසයයි.


මේවාත් බලන්න

Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර

Alive (එලයිව්) “පණපිටින් ”/ “ජීවතුන් අතර ” 1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින ...