Friday, May 2, 2014

Current Cricket Players of World - ලෝක ක්‍රිකට් තරු 309 දෙනා

2014දී ලෝකයේ ටෙස්ට් ක්‍රිකට් තත්වය හිමි රටවල් දහයේ ජාතික කණ්ඩායමට අයත් ක්‍රීඩකයෝ 309 දෙනා එකම තැනකින් හඳුනාගන්න.


අද ලොව ඕනෑම ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් දෙකක් ලෝකයේ ඕනෑම පිටියක ටෙස්ට්, එක්දින හෝ 20යි 20 ක්‍රීඩා කරන අවස්ථාවක් ඔබ සජීවිව හෝ රූපවාහිනී නාලිකාවක හෝ නරඹන්නේ නම් එම තරගයේදී ක්‍රීඩාකරන්නේ අනිවාර්යෙන්ම මෙම ලැයිස්තුවේ ඡායාරූප වල දක්වා ඇති ක්‍රීඩකයින් වේ. මෙම පිංතූර ලැයිස්තුවේ ඇති ක්‍රීඩකයින් ඔබේ නෙතට හුරුකරගත්විට එවැනි තරගයකදී දකින දසුනෙන්ම ඔබට එම ක්‍රීඩකයින්ව පහසුවෙන් හඳුනාගත හැකි වනු ඇත. (මෙහි දක්වා ඇත්තේ ඒ ඒ රටවල ජාතික ක්‍රිකට් කමිටු හෝ මණ්ඩලවල 2014 මාර්තු වන විට කොන්ත්‍රාත් ගිවිසුම් වලට එළඹ ඇති ක්‍රීඩකයින් බව කරුණාවෙන් සලකන්න)

Sri Lanka
ශ්‍රී ලංකාව - ජාතික කණ්ඩායමට අයත් ක්‍රීඩකයින් -27 යි.

Test and ODI Captain; All Rounder

ටෙස්ට් හා එක්දින නායක/ තුන් ඉරියව් ක්‍රීඩක
Angelo Mathews - ඇන්ජලෝ මැතිව්ස්
















Test ,ODI and Twenty20 Vice-captain; Opening Batsman
ටෙස්ට් හා එක්දින උප නායක/ 20යි 20 උප නායක/ ආරම්භක පිතිකරු
Lahiru Thirimanne - ලහිරු තිරිමාන්න




















Twenty20 Captain; Fast Bowler
20යි 20 නායක/ වේග පන්දු යවන්නා
Lasith Malinga - ලසිත් මාලිංග



















Opening Batsmen
ආරම්භක පිතිකරුවෝ
Tillakaratne Dilshan - තිලකරත්න ඩිල්ශාන්
Upul Tharanga - උපුල් තරංග



Dimuth Karunaratne - දිමුත් කරුණාරත්න

Middle-Order Batsmen 
මැද පෙල පිතිකරුවෝ
Mahela Jayawardene - මහේල ජයවර්ධන
Thilan Samaraweera - තිලාන් සමරවීර



Wicket-keepers
කඩුළු රකින්නෝ
Kumar Sangakkara - කුමාර් සංගක්කාර
Dinesh Chandimal - දිනේශ් චන්දිමාල්




Prasanna Jayawardene - ප්‍රසන්න ජයවර්ධන
Kusal Perera - කුසල් පෙරේරා



Kaushal Silva - කෞෂාල් සිල්වා



All Rounders
තුන් ඉරියව් ක්‍රීඩකයෝ
Angelo Perera - ඇන්ජලෝ පෙරේරා
Dilruwan Perera - දිල්රුවන් පෙරේරා


Thisara Perera - තිසර පෙරේරා
Jeevan Mendis - ජීවන් මෙන්ඩිස්



Sachithra Senanayake - සචිත්‍ර සේනානායක



Pace Bowlers
වේග පන්දු යවන්නෝ
Nuwan Kulasekara - නුවන් කුලසේකර
Suranga Lakmal - සුරංග ලක්මාල්



Chanaka Welegedara - චානක වෙලගෙදර
Shaminda Eranga - ශමින්ද එරංග


Nuwan Pradeep - නුවන් ප්‍රදීප්



Spin Bowlers
දඟ පන්දු යවන්නෝ
Seekkuge Prasanna - සීක්කුගේ ප්‍රසන්න
Rangana Herath - රංගන හේරත්










Ajantha Mendis - අජන්ත මෙන්ඩිස්
Suraj Randiv - සුරාජ් රන්දිව්





England
එංගලන්තය - ජාතික කණ්ඩායමට අයත් ක්‍රීඩකයින් -34 යි.

Test and ODI Captain; Opening Batsman
ටෙස්ට් හා එක්දින නායක/ ආරම්භක පිතිකරු
Alastair Cook - ඇලෙස්ටයර් කුක්














Twenty20 Captain; Pace Bowler
20යි 20 නායක/ වේග පන්දු යැවීම
Stuart Broad - ස්ටුවර්ට් බ්‍රෝඩ්



Batsmen
පිතිකරුවෝ
Gary Ballance - ගැරී බැලන්ස්
Ian Bell - ඉයන් බෙල්



Michael Carberry - මයිකල් කාබෙරි
Nick Compton - නික් කොම්ප්ටන්



Alex Hales - ඇලෙක්ස් හේල්ස්
Michael Lumb - මයිකල් ලම්බ්



Eoin Morgan - එඔන් මෝර්ගන්
Kevin Pietersen - කෙවින් පීටර්සන්



Joe Root - ජෝ රූට්
James Taylor - ජේම්ස් ටේලර්



Jonathan Trott - ජොනතන් ට්‍රොට්














Wicket-keepers
කඩුළු රකින්නෝ
Jonny Bairstow - ජොනී බෙයාර්ස්ටෝ
Jos Buttler - ජොස් බට්ලර්
















Matt Prior - මැට් ප්‍රියර්



All Rounders
තුන් ඉරියව් ක්‍රීඩකයෝ
Moeen Ali - මොයින් අලි
Ravi Bopara - රවි බෝපරා



Scott Borthwick - ස්කොට් බෝර්ත්වික්
Tim Bresnan - ටිම් බ්‍රෙස්නන්




Ben Stokes - බෙන් ස්ටෝක්ස්
Chris Woakes - ක්‍රිස් වෝක්ස්



Luke Wright - ලූක් රයිට්














Pace Bowlers
වේග පන්දු යවන්නෝ
James Anderson - ජේම්ස් ඇන්ඩර්සන්
Jade Dernbach - ජේඩ් ඩර්න්බැක්



Steven Finn - ස්ටීවන් ෆින්
Chris Jordan - ක්‍රිස් ජෝඩාන්



Boyd Rankin - බොයිඩ් රැන්කින්
Chris Tremlett - ක්‍රිස් ට්‍රෙම්ලට්



Spin Bowlers
දඟ පන්දු යවන්නෝ
Danny Briggs - ඩැනී බ්‍රිග්
Simon Kerrigan - සයිමන් කෙරිගන්



Monty Panesar- මොන්ටි පෙන්සර්
Stephen Parry - ස්ටෙපන් පැරී



James Tredwell - ජේම්ස් ට්‍රෙඩ්වල්














India
ඉන්දියාව - ජාතික කණ්ඩායමට අයත් ක්‍රීඩකයින් -29 යි.

Captain and Wicket-keeper
නායක/ කඩුළු රකින ක්‍රීඩක
Mahendra Singh Dhoni - මහේන්ද්‍ර සිං දෝනි













Vice-captain and Middle-order Batsman
උපනායක හා මැදපෙළ පිතිකරු
Virat Kohli - විරාට් කෝලි













Opening Batsmen
ආරම්භක පිතිකරුවෝ
Shikhar Dhawan - ශිකාර් දවාන්
Gautam Gambhir - ගෞතම් ගම්බීර්




Virender Sehwag - විරේන්ද්‍ර ෂෙවාග්
Murali Vijay - මුරලි විජේ















Middle-order Batsmen 
මැද පෙල පිතිකරුවන්
Cheteshwar Pujara - චෙතේශ්වර් පූජාර
Ajinkya Rahane - අජින්ක්‍යා රෙහනා













Suresh Raina - සුරේශ් රයිනා
Ambati Rayudu - අම්බති රායුදු















Rohit Sharma - රෝහිත් ෂර්මා













All Rounders
තුන් ඉරියව් ක්‍රීඩකයෝ
Stuart Binny - ස්ටුවර්ට් බිනී
Ravindra Jadeja - රවීන්ද්‍ර ජඩේජා

















Yuvraj Singh - යුවරාජ් සිං














Wicket-keepers
කඩුළු රකින්නෝ
Dinesh Karthik - දිනේශ් කාර්තික්
Wriddhiman Saha - රිදිමන් සහා
















Pace Bowlers
වේග පන්දු යවන්නෝ
Varun Aaron - වරුන් ආරොන්
Zaheer Khan - සහීර් ඛාන්







Bhuvneshwar Kumar - බුවනේශ්වර් කුමාර්
Vinay Kumar - විනෙයි කුමාර්















Mohammed Shami - මොහොමඩ් ෂාමි
Ishant Sharma - ඉෂාන් ෂර්මා

















Mohit Sharma - මෝහිත් ෂර්මා
Jaydev Unadkat - ජේදෙව් උනද්කත්















Umesh Yadav - උමේෂ් යාදෙව්













Spin Bowlers
දඟ පන්දු යවන්නෝ
Ravichandran Ashwin - රවිචන්ද්‍රන් අශ්වින්
Amit Mishra - අමිත් මිශ්රා





Pragyan Ojha - ප්‍රායන් ඕජා
Harbhajan Singh - හර්බජාන් සිං
















Pakistan
පාකිස්ථානය - ජාතික කණ්ඩායමට අයත් ක්‍රීඩකයින් -42 යි.

Test and ODI Captain; Middle-order Batsman

ටෙස්ට් හා එක්දින නායක/ මැදපෙළ පිතිකරු
Misbah-ul-Haq - මිස්බා උල් හක්













Twenty20 Captain; All Rounder
20යි 20 නායක/ තුන් ඉරියව් ක්‍රීඩක
Mohammad Hafeez - මොහොමඩ් හෆීස්













Opening Batsmen
ආරම්භක පිතිකරුවෝ
Nasir Jamshed - නසීර් ජම්ෂේ
Ahmed Shehzad - අහමඩ් ෂේසාර්ඩ්














Taufeeq Umar - තෆීක් උමාර්
Imran Farhat - ඉම්රාන් ෆරාට්














Khurram Manzoor - කුරාම් මන්සූර්
Shan Masood - ශාන් මෂූඩ්
















Imran Nazir - ඉම්රාන් නසිර්
Sharjeel Khan - ෂාජිල් ඛාන්















Middle-order Batsmen 
මැද පෙල පිතිකරුවෝ
Younus Khan - යූනුස් ඛාන්
Azhar Ali - අසාර් අලි

















Asad Shafiq - අසාද් ශෆික්
Fawad Alam - ෆවාඩ් අලාම්
















Haris Sohail - හැරිස් සොහේල්
Sohaib Maqsood - ෂොයිබ් මසූඩ්















Shoaib Malik - ෂොයිබ් මලික්
Faisal Iqbal - ෆයිසාල් ඉක්බාල්















Wicket-keepers
කඩුළු රකින්නෝ
Kamran Akmal - කම්රන් අක්මාල්
Adnan Akmal - අද්නන් අක්මාල්
















Umar Akmal - උමාර් අක්මාල්
Sarfraz Ahmed - සෆ්රාස් අහමඩ්

















All Rounders
තුන් ඉරියව් ක්‍රීඩකයෝ
Shahid Afridi - ශහිඩ් අෆ්රිඩි
Umar Amin- උමාර් අමින්














Hammad Azam - හමාඩ් අසාම්













Pace Bowlers
වේග පන්දු යවන්නෝ
Umar Gul - උමාර් ගුල්
Junaid Khan - ජුනෙයිඩ් ඛාන්














Mohammad Irfan - මොහොමඩ් ඉර්ෆාන්
Rahat Ali - රහත් අලි



Ehsan Adil - ඒසන් අදිල්
Asad Ali - අසාද් අලි
















Anwar Ali - අන්වර් අලි
Wahab Riaz - වහබ් රියාස්
















Aizaz Cheema - අයිසස් චීමා
Sohail Tanvir - සොහේල් තන්විර්















Bilawal Bhatti - බිලාවල් බත්ති
Usman Khan Shinwari - උස්මාන් ඛාන් ශින්වරි
















Spin Bowlers
දඟ පන්දු යවන්නෝ
Saeed Ajmal - සයිඩ් අජ්මල්
Abdur Rehman - අබ්දුර් රෙමන්
















Raza Hasan - රාසා හසන්
Zulfiqar Babar - සුල්ෆිකාර් බාබර්
















Yasir Shah - යසීර් ෂා













Australia
ඕස්ට්‍රේලියාව - ජාතික කණ්ඩායමට අයත් ක්‍රීඩකයින් -35 යි.

Test and ODI Captain; Middle-order Batsman
ටෙස්ට් හා එක්දින නායක/ මැද පෙල පිතිකරු
Michael Clarke - මයිකල් කලාර්ක්













Twenty20 Captain; and ODI Vice -captain; Lower Middle-order Batsman
20යි 20 නායක/ එක්දින උප නායක/ පහළ මැද පෙල පිතිකරු
George Bailey - ජෝර්ජ් බෙයිලි













Test Vice -Captain; Wicket-keeper
ටෙස්ට් උප නායක/ කඩුළු රකින ක්‍රීඩක
Brad Haddin - බ්‍රැඩ් හැඩින්













Opening Batsmen
ආරම්භක පිතිකරුවෝ
Phillip Hughes - පිලිප් හියුස්
Chris Rogers - ක්‍රිස් රොජර්ස්
















David Warner - ඩේවිඩ් වෝනර්
Nic Maddinson - නික් මෙඩින්සන්















Shane Watson - ෂේන් වොට්සන්













Higher Middle-order Batsmen 
ඉහළ මැද පෙල පිතිකරුවන්
Alex Doolan - ඇලෙක්ස් ඩූලාන්
Aaron Finch - ඒරෝන් ෆින්ච්

















Usman Khawaja - උස්මාන් කවජා
Shaun Marsh - ෂෝන් මාෂ්
















Lower Middle-order Batsmen 
පහළ මැද පෙල පිතිකරුවන්
Adam Voges - ඇඩම් වෝජස්
Steven Smith - ස්ටීවන් ස්මිත්















Wicket-keepers
කඩුළු රකින ක්‍රීඩක
Matthew Wade - මැතිව් වේඩ්













All Rounders
තුන් ඉරියව් ක්‍රීඩකයෝ
Ashton Agar - ඇෂ්ටන් ආගර්
James Faulkner - ජේම්ස් ෆෝක්නර්















Moises Henriques - මොයිසස් හෙන්රික්ස්
Mitchell Marsh - මිචෙල් මාෂ්

















Glenn Maxwell - ග්ලෙන් මැක්ස්වල්
Nathan Coulter-Nile - නේදන් කොල්ට නෙයිල්















Ben Cutting - බෙන් කටින්
Dan Christian - ඩෑන් ක්‍රිස්ටියන්

















Pace Bowlers
වේග පන්දු යවන්නෝ
Mitchell Johnson - මිචෙල් ජොන්සන්
Jackson Bird - ජැක්සන් බර්ඩ්

















Josh Hazlewood - ජොෂ් හැසල්වූඩ්
Clinton McKay - ක්ලින්ටන් මැකායි

















James Pattinson - ජේම්ස් පැටින්සන්
Peter Siddle - පීටර් සිඩ්ල්















Mitchell Starc - මිචෙල් ස්ටාක්
Ryan Harris - රයන් හැරිස්

















Spin Bowlers
දඟ පන්දු යවන්නෝ
Fawad Ahmed - ෆාවඩ් අහමඩ්
Xavier Doherty - ක්ෂේවියර් ඩෝටි















Nathan Lyon - නේදන් ලයන්
James Muirhead - ජේම්ස් මුවර්හෙඩ්
















South Africa
දකුණු අප්‍රිකාව - ජාතික කණ්ඩායමට අයත් ක්‍රීඩකයින් -25 යි.

Test and ODI Captain; Batsman;Wicket-keeper 

ටෙස්ට් හා එක්දින නායක/ පිතිකරු/කඩුළු රකින ක්‍රීඩක
AB de Villiers - ඩි විලියර්ස්













Twenty 20 Captain and Batsman
20යි 20 නායක/ පිතිකරු
Francois du Plessis - ෆ්‍රැන්සියස් ඩු ප්ලෙසිස්













Batsmen
පිතිකරුවෝ
Hashim Amla - හෂිම් අම්ලා
Jean-Paul Duminy - ජෝන් පෝල් ඩුමිනි

















David Miller - ඩේවිඩ් මිලර්
Alviro Petersen - ඇල්විරෝ පීටර්සන්

















Dean Elgar - ඩීන් එල්ගා
Colin Ingram - කොලින් ඉන්ග්‍රම්















Farhaan Behardien - ෆාර්හාන් බෙහර්ඩින්
Henry Davids - හෙන්රි ඩේවිඩ්ස්















Wicket-keepers
කඩුළු රකින්නෝ
Quinton de Kock - කුවින්ටන් ඩි කොක්













All Rounders
තුන් ඉරියව් ක්‍රීඩකයෝ
Jacques Kallis - ජැක් කාලිස්
Ryan McLaren - රයන් මැක්ලර්න්
















Robin Peterson - රොබින් පීටර්සන්
Albie Morkel - ඇල්බී මෝකල්















Beuran Hendricks - බෙරන් හෙන්රික්ස්













Pace Bowlers
වේග පන්දු යවන්නෝ
Morne Morkel - මෝර්නි මෝ(ර්)කල්
Wayne Parnell - වේන් පානෙල්















Vernon Philander - වර්නන් පිලැන්ඩර්
Dale Steyn - ඩේල් ස්ටෙයින්















Lonwabo Tsotsobe - ලොන්වබෝ ටොට්සොබේ
Rory Kleinveldt - රෝරි ක්ලෙන්වෙල්ඩ්















Kyle Abbott - කීල් ඇබෝට්













Slow Bowlers
මදවේග පන්දු යවන්නෝ
Imran Tahir - ඉම්රාන් තහිර්
Aaron Phangiso - ආරොන් පන්ගිසෝ











New Zealand
නවසීලන්තය - ජාතික කණ්ඩායමට අයත් ක්‍රීඩකයින් -37 යි.

Captain and Middle-order Batsman 

නායක/ මැද පෙල පිතිකරු
Brendon McCullum - බ්‍රෙන්ඩම් මැකලන්













Opening Batsmen
ආරම්භක පිතිකරුවෝ
Peter Fulton - පීටර් ෆුල්ටන්
Martin Guptill - මාටින් ගප්ටිල්















Hamish Rutherford - හමීෂ් රද(ර්)ෆඩ්
Daniel Flynn - ඩැනියල් ෆ්ලින්

















Jesse Ryder - ජෙසී රයිඩර්













Middle-order Batsmen 
මැද පෙල පිතිකරුවන්
Dean Brownlie ඩීන් බ්‍රව්න්ලි
Colin Munro - කොලින් මොන්රෝ
















Ross Taylor
- රොස් ටේලර්
Kane Williamson - කේන් විලියම්සන්
















Neil Broom නීල් බෘෘම්
Rob Nicol - රොබ් නිකොල්















Aaron Redmond - ඒරොන් රෙඩ්මන්ඩ්













Wicket-keepers
කඩුළු රකින්නෝ
Tom Latham - ටොම් ලැදම්
BJ Watling - බී ජේ වෝල්ටිං

















Luke Ronchi - ලූක් රොන්චි













All Rounders
තුන් ඉරියව් ක්‍රීඩකයෝ
Corey Anderson - කෝරි ඇන්ඩර්සන්
Grant Elliott - ග්‍රාන්ට් එලියට්















Nathan McCullum - නේදන් මැකලම්
Anton Devcich - ඇන්ටන් ඩෙවිච්

















James Franklin - ජේම්ස් ෆ්රෑන්ක්ලින්
James Neesham - ජේම්ස් නිශම්
















Daniel Vettori - ඩැනියල් විටෝරි













Pace Bowlers
වේග පන්දු යවන්නෝ
Trent Boult - ට්‍රෙන්ට් බෝල්ට්
Doug Bracewell - ඩග් බ්‍රේස්වෙල්















Mitchell McClenaghan - මිචෙල් මැක්ලෙනගන්
Kyle Mills - කායිල් මිල්ස්

















Tim Southee - ටිම් සවුති
Neil Wagner - නීල් වැග්නර්















Hamish Bennett - හැමිෂ් බෙනට්
Andrew Ellis - ඇන්ඩෘෘ එලිස්















Matt Henry - මැට් හෙන්රි
Adam Milne - ඇඩම් මිල්න්

















Spin Bowlers
දඟ පන්දු යවන්නෝ
Bruce Martin - බෲස් මාටින්
Ronnie Hira - රොනී හීරා

















Jeetan Patel - ජීතන් පටෙල්
Ish Sodhi - ඉෂ් සෝදි
















West Indies
බටහිර ඉන්දීය කොදෙව් - ජාතික කණ්ඩායමට අයත් ක්‍රීඩකයින් -28 යි.

Test and ODI Captain; All Rounder

ටෙස්ට් හා එක්දින නායක/ තුන් ඉරියව් ක්‍රීඩක
Darren Sammy - ඩැරන් සැමී













Test and ODI Vice-captain; Wicket-keeper
20යි 20 උප නායක/ ටෙස්ට් හා එක්දින උප නායක/ කඩුළු රකින ක්‍රීඩක
Dwayne Bravo - ඩ්වේන් බ්‍රාවෝ













Opening Batsmen
ආරම්භක පිතිකරුවෝ
Johnson Charles - ජොන්සන් චාල්ස්
Chris Gayle - ක්‍රිස් ගේල්

















Kieran Powell - කෙරන් පවෙල්
Lendl Simmons - ලෙන්ඩ්ල් සිමන්















Middle-order Batsmen 
මැද පෙල පිතිකරුවන්
Darren Bravo - ඩැරන් බ්‍රාවෝ
Shivnarine Chanderpaul - ශිවනාරින් චන්ද්‍රපෝල්















Narsingh Deonarine - නර්සිං ඩියෝනාරින්
Kirk Edwards - කර්ක් එඩ්වඩ්ස්















Marlon Samuels - මාලන් සැමුවෙල්
Ramnaresh Sarwan - රාම්නරේෂ් සර්වන්















Wicket-keepers
කඩුළු රකින්නෝ
Denesh Ramdin - දිනේශ් රාම්දින්
Devon Thomas - ඩෙවන් තෝමස්

















All Rounders
තුන් ඉරියව් ක්‍රීඩකයෝ
Kieron Pollard - කිරෝන් පොලාඩ්
Andre Russell - ඇන්ඩෘ රසල්















Dwayne Smith - ඩ්වේන් ස්මිත්













Pace Bowlers
වේග පන්දු යවන්නෝ
Tino Best - ටිනෝ බෙස්ට්
Fidel Edwards - ෆිඩල් එඩ්වඩ්ස්















Shannon Gabriel - ෂැනන් ගේබ්රියල්
Jason Holder - ජේසන් හෝල්ඩර්

















Ravi Rampaul - රවි රැම්පෝල්
Kemar Roach - කිමා රොච්















Krishmar Santokie - ක්‍රිෂ්මා සැන්ටොකී













Spin Bowlers
දඟ පන්දු යවන්නෝ
Samuel Badree - සැමුවෙල් බැඩ්රි
Sunil Narine - සුනිල් නැරයින්















Veerasammy Permaul - වීරසාමි පෙරුමාල්
Shane Shillingford - ෂේන් ෂිලිංෆෝඩ්
















Bangladesh
බංග්ලාදේශය - ජාතික කණ්ඩායමට අයත් ක්‍රීඩකයින් -23 යි.

Wicket-keeper and Captain

නායක/ කඩුළු රකින ක්‍රීඩක
Mushfiqur Rahim - මුස්ෆිහුර් රහීම්













Vice-captain; All Rounders
උප නායක/ තුන් ඉරියව් ක්‍රීඩක
Mahmudullah - මහමුදුල්ලාහ්













Opening Batsmen
ආරම්භක පිතිකරුවෝ
Imrul Kayes - ඉම්රුල් කේයිස්
Tamim Iqbal - තමිම් ඉක්බාල්
















Junaid Siddique - ජුනයිඩ් සිද්ධික්
Nazimuddin - නසිමුදින්















Middle-order Batsmen 
මැද පෙල පිතිකරුවන්
Anamul Haque - අනාමුල් හක්
Shuvagata Hom - ෂුවගතා හොම්















Jahurul Islam - ජහුරාල් ඉස්ලාම්













All Rounders
තුන් ඉරියව් ක්‍රීඩකයෝ
Shakib Al Hasan - ශකිබ් අල් හසාන්
Nasir Hossain - නසීර් හොසේන්
















Naeem Islam - නයීම් ඉස්ලාම්
Alok Kapali - ආලොක් කපාලි















Farhad Reza - ෆහඩ් රේසා








Pace Bowlers
වේග පන්දු යවන්නෝ
Nazmul Hossain - නස්මුල් හොසේන්
Rubel Hossain - රබෙල් හොසේන්















Shahadat Hossain - ෂහදත් හොසේන්
Shafiul Islam - ෂාෆියුල් ඉස්ලාම්

















Abul Hasan - අබුල් හසාන්
Mashrafe Mortaza - මෂ්රාෆේ මෝතාසා

















Spin Bowlers
දඟ පන්දු යවන්නෝ
Abdur Razzak - අබ්දුර් රසාක්
Sohag Gazi - සොවග් ගාසි

















Elias Sunny - එලියස් සනී















Zimbabwe
සිම්බාබ්වේ - ජාතික කණ්ඩායමට අයත් ක්‍රීඩකයින් -29 යි.

Captain and Middle-order Batsman 

නායක/ මැද පෙල පිතිකරු
Brendan Taylor - බ්‍රෙන්ඩන් ටේලර්













Vice-captain and Middle-order Batsman 
නායක/ මැද පෙල පිතිකරු
Hamilton Masakadza - හැමිල්ටන් මසකඩ්සා













Opening Batsmen
ආරම්භක පිතිකරුවෝ
Chamunorwa Chibhabha - චමුනෝවා චිබ්බාබා
Vusimuzi Sibanda - වුසිමුසි සිබන්ඩා
















Tinotenda Mawoyo - ටිනොටෙන්ඩා මාවෝයෝ













Middle-order Batsmen 
මැද පෙල පිතිකරුවන්
Charles Coventry - චාර්ල්ස් කවෙන්ට්‍රි
Malcolm Waller - මැල්කම් වෝලර්
















Cephas Zhuwao - කෙපාස් සුවාවෝ
Craig Ervine - ක්‍රෙග් අර්වින්
















All Rounders
තුන් ඉරියව් ක්‍රීඩකයෝ
Elton Chigumbura - එල්ටන් චිගුම්බුරා
Keith Dabengwa - කීත් ඩබෙන්වා


















Stuart Matsikenyeri - ස්ටුවර්ට් මට්සිකෙන්යේරි
Sean Williams - සීන් විලියම්ස්















Greg Lamb - ග්‍රෙග් ලෑම්බ්
Keegan Meth - කීගන් මෙත්















Wicket-keepers
කඩුළු රකින්නෝ
Regis Chakabva - රෙගිස් චකබ්වා
Friday Kasteni - ෆ්‍රයිඩේ කස්තේනි















Forster Mutizwa - ෆොස්ටර් මුටිස්වා













Pace Bowlers
වේග පන්දු යවන්නෝ
Chris Mpofu - ක්‍රිස් මෝෆු
Kyle Jarvis - කිල් ජාවිස්















Tawanda Mupariwa - තවන්දා මුපාරිවා
Brian Vitori - බ්‍රයන් විටෝරි
















Ed Rainsford - එඩ් රේන්ස්ෆෝඩ්
Njabulo Ncube - ඥබුලෝ කියුබ්



























Spin Bowlers
දඟ පන්දු යවන්නෝ
Prosper Utseya - ප්‍රොස්පර් උත්සෙයා
Ray Price - රේ ප්‍රයිස්















Graeme Cremer - ග්‍රේම් ක්‍රීමර්
Timycen Maruma - ටිම්සෙන් මරුමා

















Natsai Mushangwe - නට්සයි මුෂන්වේ


Thursday, January 23, 2014

Operation Daybreak හෙවත් රයින්හාඩ් හයිඩ්‍රිච් ඝාතනය

Operation Daybreak හෙවත් රයින්හාඩ් හයිඩ්‍රිච් ඝාතනය



මෑත අතීතයේ සිදුවූ සත්‍ය සිදුවීම් - 08
World major events in recent history in Sinhala. Most of them were based for Hollywood movies.
බොහෝවිට හොලිවුඩ් සිනමාවට නැගී ඇති ලෝකයේ මෑත අතීතයේ සිදුවී ඇති ත්‍රාසජනක සත්‍ය කථා...සිංහලෙන්...
පරිවර්තනය-අයෝම ජයසිංහ
Ayoma Jayasinghe  -  ayolanka@gmail.com

ඔපරේෂන් ඩේ බ්‍රේක් යනු දෙවන ලෝක යුධ සමයේ සිදුවූ ඔපරේෂන් ඇන්ත්‍රොපොයිඩ් නම් මෙහෙයුම අළලා 1975දී නිපදවූ හොලිවුඩ් චිත්‍රපටයකි. 1942දී චෙක් ජනරජයේ අගනුවර වන ප්‍රාග් නුවරදී රයින්හාඩ් හයිඩ්‍රිච් නම් ජර්මානු ජනරාල්වරයෙකු ඝාතනය කිරීමට සැළසුම් කිරීම ඇන්ත්‍රොපොයිඩ් මෙහෙයුම ලෙස හඳුන්වයි.

මෙම චිත්‍රපටය මා පාසල් යන අවධියේ ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය වනවිට නරඹා ඇත්තෙමි. චිත්‍රපටය රසවින්දත් එහි නියම පසුබිම එදා දැන නොසිටියෙමි. පසුගිය දිනක ඒ පිළිබඳව ගවේෂණය කිරීමේදී චිත්‍රපට කතාවටත් වඩා එහා ගිය අපූරු රසවත්, දුක්මුසු, ඓතිහාසික මෙන්ම ඉතිහාසය සම්බන්ධයෙන් අප දැනසිටිය යුතු කතාවක් ඇතිබව පසක් වුනෙමි. මා ලත් දැනුම, අත්දැකීම හා රසය මේ කියවන ඔබටත් ඇතිකිරීම මගේ අරමුණයි. අනුවේදනීය කතාවක්වූ මෙය චිත්‍රපටයටත් වඩා රසවත් කතාවක් බව මගේ හැඟීමයි.

ජර්මනිය විසින් 1939 සැප්තැම්බර් 1 දින (මෙම දිනය දෙවන ලෝක යුද්ධය ආරම්භවූ දිනය ලෙස සැලකේ) ආක්‍රමණය කළ මුල්ම රට පෝලන්තය වුවත් යුද්ධය ආරම්භවීමට පෙර (1939 මාර්තු) යටත් කරගත් එක් රටක් වූයේ චෙකොස්ලෝවැකියාවයි.

ප්‍රාග් නුවර වධකයා ලෙස විරුදාවලිය ලත් රයින්හාඩ් හයිඩ්‍රිච්ව ඝාතනය කිරීම


1939දී ජර්මනිය විසින් මෙසේ චෙකොලොස්වැකියාව යටත් කරගැනීමෙන් පසු එම රජයේ සිටි නායකයෝ රැසක්ම එරටින් පළා ගියහ. ඔවුන් ඒකරාශීවී රටින් පිටත එනම් ප්‍රංශයේ පැරිස් නුවර තාවකාලික ආණ්ඩුවක් පිහිටුවා ගත්හ. එම කමිටුවේ නායකත්වය දැරුවේ චෙක් රජයේ හිටපු ජනාධිපති “එඩ්වඩ් බේන්ස්” (Edvard Beneš)ය. ප්‍රංශය පිහිටියේ ජර්මනියට යාබදව නිසා ජර්මනියේ යුධ තර්ජනය ප්‍රංශයටද දැණුනෙන් කමිටුවේ නායකයින් 1940දී ප්‍රංශය හැරදමා එංගලන්තයේ ලන්ඩන් නුවරට සේන්දු විය. ජර්මනියට යටත්වූ තම මව්බිම යළි අත්පත් කරගැනීමට විවිධ ක්‍රියා මාර්ග ගනු ලැබූයේ එංගලන්තයේ පිහිටි මෙම කමිටුව හෙවත් තාවකාලික ආණ්ඩුව විසිනි.

මේ අතර 1941 සැප්තැම්බරයේදී ජර්මනියේ ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් විසින් රයින්හාඩ් හයිඩ්‍රිච් එවකට බොහිමියාව හා මොරාවියාව ලෙස හැඳින්වූ චෙකොලොස්වැකියාවේ නියෝජ්‍ය ආරක්ෂක ප්‍රධානියා ලෙස පත් කරන ලදී.


චෙක් සිලේසියාව, බොහිමියාව හා මොරාවිය එකතුවී යුද්ධයෙන් පසු චෙකොස්ලෝවැකියාව බවට පත්විය.

චෙකොලොස්වැකියාවේ නියෝජ්‍ය ආරක්ෂක ප්‍රධානියා ලෙස රයින්හාඩ් හයිඩ්‍රිච් පත් කරන ලද බව චෙක් රජයේ පුවත්පතක් වාර්තා කළේ මේ අයුරිනි.

**(රයින්හාඩ් හයිඩ්‍රිච් යනු 1942 ජනවාරි 20 දින ජර්මනියේ බර්ලින් නුවර පැවති “වැන්සේ” (Wannsee) නම් සමුළුවට සහභාගීවූ යුධ නිලධාරියෙකි. එය යුදෙව්වන්ට කළ යුත්තේ කුමක්දැයි සාකච්ඡා කෙරුණු රහසිගත සමුළුවකි. එහිදී යුදෙව් සංහාර සංකල්පය (Holocaust) ඉදිරිපත්කළ කීපදෙනාගෙන් කෙනෙකි රයින්හාඩ්.)

රයින්හාඩ් හයිඩ්‍රිච්ගේ නිල ඡායාරූපය 

හයිඩ්‍රිච් පවුලේ සාමාජිකයෝ කුඩා කාලයේදී. ඉදිරියෙන් වාඩිවී සිටින්නේ හේන්ස් හයිඩ්‍රිච්, මැද රයින්හාඩ් හයිඩ්‍රිච් සහ දකුණේ මාරියා හයිඩ්‍රිච්. බුද්ධිමත් පෙනුමක් ඇති මේ හුරුබුහුටි කුඩා දරුවා 20වන සියවසේ වඩාත් දරුණු පුද්ගලයෙකු වනබව එදා කිසිවකුත් නොසිතන්නට ඇත.

කෲර පාලකයෙකු ලෙස සැලකූ රයින්හාඩ් හයිඩ්‍රිච් ඝාතනය කිරීම සඳහා පළමු තීරණය ගත්තේ එංගලන්තයට රැස්වූ ඉහත කී කමිටුවයි. ඒ සඳහා සකස්කළ මූලික සැලැස්මට එංගලන්ත රජයේ පූර්ණ සහයෝගය ලැබිණි. චෙක් හමුදාවේ හිටපු සාජන්වරුන් දෙදෙනෙකු මේ නිර්භීත මෙහෙයුම සඳහා තෝරා ගන්නා ලදී. ඔවුන් නමින් “ජෑන් කුබිස්” (Jan Kubis) හා “ජෝසෆ් ගැබික්” (Josef Gabcik) වූහ. මෙහෙයුමේ සංකේත නාමය වූයේ “ඇන්ත්‍රොපොයිඩ්”ය. (Operation Anthropoid)

ජෑන් කුබිස් හා ජෝසෆ් ගැබික්


ජෑන් කුබිස්

ජෝසෆ් ගැබික්


1941 දෙසැම්බර් 28 රාත්‍රී 10 ට පමණ ඝාතකයින් දෙදෙනා ඇතුළු භටයින් 7 දෙනෙකු රැගත් එංගලන්ත රාජකීය ගුවන් හමුදාවට අයත් “හැලිෆැක්ස් ” ( Halifax) බෝම්බ හෙලන ගුවන් යානය අඳුරේම චෙක් දේශය බලා පිටත්විය. පැය කීපයකින් එය චෙකොලොස්වැකියාවේ ගම්බද ප්‍රදේශයක ඉහළ අහසේ දිස්විය. කුබිස්  හා ගැබික් සමග මෙහෙයුමට පැමිණි මුළු ගණන හත් දෙනෙකි. ඔවුන් සියල්ලෝම පැරචුට් වලින් ගොඩබැස්සේ ප්‍රාග් නුවරට නුදුරින්වූ ගම්මානයක් වන “නෙවිස්ඩි” (Nehvizdy) වලටය. කුබිස්  හා ගැබික් තම ආරක්ෂක වාසස්ථානය ලෙස තෝරගෙන තිබුණේ ප්‍රාග් නුවර බිස්කුප්කෝවා (Biskupcova) වීදියේ පිහිටි මොරවැක් පවුල ජීවත්වූ මහල් නිවාසයයි. එම පවුලේ අයද ඔවුන්ගේ සැලැස්ම දැන සිටි නිසා මෙම සාජන්වරු දෙදෙනාට රහසින් උදව් කළහ. නිවසේ ගෘහ මූලිකයා “ඇලෝයිස් මොරවැක්”( Alois Moravec) මහතාය. ඔහුගේ භාර්යාව “මාරි මොරවැක්” (Marie Moravec) වූ අතර පුත්‍රයා අතා මොරවැක් (Ata Moravec) විය. ඊළඟ මාසයේදී දියත් කිරීමට නියමිත මෙහෙයුම සඳහා සූදානම් වීමට ප්‍රාග් නුවර බිස්කුප්කෝවා (Biskupcova) වීදියේ පිහිටි මෙම වාසස්ථානය ඔවුන්ට කදිම තෝතැන්නක් විය.

ජර්මන් නියෝජ්‍ය ආරක්ෂක ප්‍රධානි රයින්හාඩ් හයිඩ්‍රිච් තම නිවස පිහිටි පැනෙන්ස්කේ බ්‍රෙසානි (Penenske Brezany) වල සිට කාර්යාලය පිහිටි ප්‍රාග් නුවරට සිය මෝටර් රථයෙන් ගමන් කිරීම දෛනිකව සිදුවිය. කුබිස්  හා ගැබික් සිය ප්‍රහාරය සහා සුදුසුම ස්ථානය ලෙස තෝරාගෙන තිබුණේ ප්‍රාග් නුවර කර්ච්මෙයර් වීදියේ වංගුව පිහිටි ස්ථානයයි. එය රයින්හාඩ් පැමිණෙන ගමන් මාර්ගයයි. (අද මෙම මාර්ගය හා ගොඩනැගිලි ප්‍රතිසංස්කරණයේදී වෙනස්වී ඇත.) සාමාන්‍යයෙන් රයින්හාඩ් සිය රියැදුරු ක්ලීන් සමග මෝටර් රථයෙන් ගමන්ගන්නේ අධික වේගයෙනි. නමුත් මෙම අධික වංගුවේදී රථයේ වේගය අඩු කිරීමට සිදුවන බව කුබිස්  හා ගැබික් දැන සිටියහ.

1942 මැයි 26 - රයින්හාඩ් හයිඩ්‍රිච් සහභාගිවූ අවසන් උත්සවය. මෙහි දැක්වෙන්නේ එදින සවස බිරිය ලීනා ද සමග සිය පියාගේ සංගීත ප්‍රසංගයට සහභාගිවන අයුරුය.

දිනය 1942 මැයි 27 දාය. එදා රයින්හාඩ් ගමන් කරමින් සිටියේ එදින බර්ලින් නුවරදී හිට්ලර්ව මුණගැසෙන බලාපොරොත්තුව ඇතිවය. එම වංගුවේදී එතැනින් ගමන් කරමින් තිබූ ට්‍රෑම් රථයක් හදිසියේම නතරවුණි. ඒ කුබිස්  හා ගැබික්ට ආවරණයක් වෙමින් ඔවුන්ට සහයෝගයක් ලබාදීමටය. කුබිස් අතේ සම් බෑගයක් විය. එහි රුවා තිබුණේ යුධ ටැංකි නාශක අත් බෝම්බ 2කි. අනෙක් සගයා වන ගැබික්ගේ වම් අතේ වූ වැහි කබායෙන් වසාගෙන තිබුණේ ස්ටෙන් වර්ගයේ තුවක්කුවකි.  මෝටර් රථය වංගුව පසුකරනවාත් සමග ගැබික් මාර්ගයට පැන තුවක්කුවේ කොකා ගැස්සුවේය. නමුත් රයින්හාඩ්ගේ වාසනාවටදෝ ගිනි අවිය පත්තු නොවීය. බියට පත්වූ ගැබික් නැවත නැවතත් තුවක්කුවේ ට්‍රිගරය ඇද්දේය. මෙහෙයුම නිෂ්ඵලවූ බව දැනගත් ඔහු තුවක්කුව බිම දමා වීදි දිගේ දුවමින් පැනයන්නට විය. ගැබික් පසුපස රථයේ රියැදුරු ක්ලීන් ලුහුබැඳ ගියේය. රියැදුරු ක්ලීන්ට තුවාල කළ ගැබික් පලායාමට සමත් විය. මේ අතර ගැබික්ගේ ප්‍රයත්නය අසාර්ථක බව දැනගත් ඒ අසලම රැකසිටි කුබිස් සිය අවසාන උත්සාහය ලෙස තම බෑගයේවූ අත් බෝම්බයේ පින් එක කඩා එය ඒ වනවිටත් රථයේ සිටි රයින්හාඩ් වෙත දමා ගැසීය. රථයේ පැත්තක වැදුනු බෝම්බය පුපරායාමෙන් බරපතල තුවාල ලැබූ රයින්හාඩ් රථයෙන් එළියට විසිවිය. ඔහු අමාරුවෙන් නැගිට කුබිස් පසුපස ටික දුරක් ලුහුබැන්දේ තම අතේවූ පිස්තෝලයෙන් කුබිස්ට වෙඩි තබමින්ය. නමුත් ඔහු නැවත ඇද වැටුණේ දුර්වලවීම නිසාය. බෝම්බය පුපුරායාමෙන් බෝම්බකරුවූ කුබිස්ටද තුවාල වුවත් ඔහු තම පාපැදියෙන් පලායන්නට සමත් විය. එම පාපැදිය බාටා සපත්තු සාප්පුව ඉදිරිපිට හැරදමා ගොස් තිබී පසුව හමුවි ඇත. (බාටා සපත්තු එතරම්ම පැරණි බව දැනගත්තේ මෙම ලිපිය විමර්ශනය කිරීමේදිය. බාටා කම්හල ආරම්භ කරල තියෙන්නේ චෙකොලොස්වැකියාවේ “ස්ලින්” Zlin නුවරදී 1894දී “තෝමස් බාටා” Tomas Bata නම් පුද්ගලයෙකු විසින්.) කුබිස් අවසානයේ නැවතුනේ “නොවැක්” (Novak) පවුලට අයත් ආරක්ෂිත නිවස්නයකය. ඒ වනවිටත් කුබිස්  හා ගැබික් දෙදෙනාම සිතාගෙන සිටියේ තම වෑයම අසාර්ථක වූ බවය. නමුත් බෝම්බයෙන් රයින්හාඩ්ට වූ හානිය ඔවුන් දැන සිටියේ නැත.

ප්‍රහාරයෙන් පසු ලබාගත් ඡායාරූපයක්.(සත්‍ය ඡායාරූපයකි) මෙහි ප්‍රහාරයට ලක්වූ මෝටර් රථයත්, නවතා ඇති ට්‍රෑම් රථයත් පැහැදිලිව දැක්වේ.

ප්‍රහාරය සිදුවූ ස්ථානය (වංගුව) දැක්වෙන මේ ඓතිහාසික ඡායාරූපය ගන්නා ලද්දේ දෙවන ලෝක යුද්ධය ආරම්භවීමටත් පෙරය.

එම ස්ථානයම අද පෙනෙන අයුරු. අදින් වසර 72කට පෙර සිදුවූ සියල්ල දැන් වෙනස්වී ඇත.

ප්‍රහාරයට ලක්වූ මෝටර් රථයේ සමීප ඡායාරූපයක්.(සත්‍ය ඡායාරූපයකි) ප්‍රහාරයෙන් පසු පරීක්ෂණ සහා ලබාගත් ඡායාරූපයකි.

එවැනි තවත් ඡායාරූපයක්

ලෝකයේ මුල්ම බාටා සප්පුව එදා (සත්‍ය ඡායාරූපයකි)

තුවාල වී සිටි රයින්හාඩ් අසලට පැමිණ උදව් කළේ චෙක් ජාතික කාන්තාවකි. ඇයගේ උදව්වෙන් වෑන් රථයක නංවාගත් රයින්හාඩ්ව අසළ පිහිටි “බුලොව්කා” (Bulovka) රෝහලට ඇතුලත් කළ අතර ඔහුගේ තත්වය බරපතල බව එක්ස්-රේ ඡායාරූප මගින් පෙන්නුම් කෙරිණි. රථයේ පතුරුවලට හා බෝම්බයේ කැබලි වැදීමෙන් ඔහුගේ පිලාවට තුවාල සිදුවී තිබුණි.

“බුලොව්කා”රෝහල 1931දී  විවෘත කළාට පසු ගන්නා ලද ඡායාරූපයක්

එදින රාත්‍රී 9 ට ජර්මන් භටයින් 10,000 ක් විසින් ඝාතකයින් සොයා ඒ අවට නිවාස 36,000ක් පමණ සෝදිසි කිරීම ආරම්භ කරන ලදී. 1942 ජූනි 04 පාන්දර 4.30 ට “ප්‍රාග් නුවර වධකයා” නමින් හැඳින්වූ 38 හැවිරිදි රයින්හාඩ් හයිඩ්‍රිච්ගේ අවසන් හුස්ම පොද වාතලයට මුසුවිය.

1942 ජූනි 7 ප්‍රාග් නුවර අති උත්කර්ෂවත් ලෙස අවමංගල උත්සවය පැවැත්වූ අතර දෙවන අවමංගල උත්සවයක් පැවැත්වූයේ ජර්මනියේ බර්ලින් නුවරදීය. එයට ආඥදායක අඩොල්ෆ් හිට්ලර්ද සහභාගි විය. අවමංගල උත්සව සභාවේදී හිට්ලර් මියගිය රයින්හාඩ්ට ගෞරව දැක්වූ අතර දෝෂාරෝපණයද කළේය. ඒ රයින්හාඩ් තම ආත්මාරක්ෂාව පිළිබඳව දැක්වූ නොසැලකිල්ල ගැනය.

හයිඩ්‍රිච්ගේ අවමංගල උත්සවයේදී ඔහුගේ පුතුන් දෙදෙනා වන හයිදර් හා හීනෝව අස්වසන්නේ ආඥාදායක හිට්ලර්ය. ළමයින් දෙදෙනාට මැදිව ඉන්නේ හිම්ලර්ය.

1942 ජූනි 9 දින බර්ලිනයේ පැවැති අවමංගල උත්තමාචාර පෙරහැර


රයින්හාඩ්ගේ දේහය ජර්මනියේ හමුදා සුසාන භුමියේ මිහිදන් කෙරිණි. ඔහු වෙනුවෙන් ඔහුට ප්‍රහාරය එල්ලවූ ස්ථානයේ ස්මාරකයක් ඉදිවිණි.

රයින්හාඩ් වෙනුවෙන් ඉදිකළ ස්මාරකය. 1945දී යුද්ධයෙන් පසු මෙය විනාශ කරන ලදී.

**(සුසාන‍ භූමියේ දේහය මිහදන් කළ ස්ථානයේ දැව සිහිවටනයක් සාදවා තිබුණත් රතු හමුදාව පැමිණීමෙන් පසු එය විනාශවූ නිසා අද එම ස්ථානය කුමක්දැයි කිසිවකුටත් සොයාගත නොහැකිවී ඇත. ස්මාරකයද යුද්ධය දිනූ කාලයේ (1945දී) චෙක් ජනතාව විසින් කඩා බිඳ දමන ලදී.

පළිගැනීම


ඝාතනයෙන් කෝපයටපත් හිට්ලර් එකට එක කිරීමක් ලෙස චෙක් රටේ ප්‍රාග් නුවර වැසියන් 10,000 ක් අහඹු ලෙස තෝරා මරා දැමීමට අණක් නිකුත් කළේය. නමුත් හිට්ලර්ගේ යුධ උපදේශක වූ හිම්ලර් එයට එරෙහිව කරුණු ඉදිරිපත් කළේය. ඔහු කියා සිටියේ චෙක් රට මේ අවස්ථාවේදී ජර්මනියේ කාර්මික පුරයක් බවට පත්ව ඇති නිසා එම තීරණය උචිත නොවන බවයි. එම නිසා විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට හිට්ලර් නියෝග කළේය. සිද්ධියට වඩාත් වග කිවයුත්තේ ලිඩ්සි (Lidice) හා ලෙසාකි (Ležáky) ගම්මාන බවට ජර්මන් බුද්ධි අංශ තහවුරු කළේය. චෙක් හමුදාවට අයත් කාර්යාල පිහිටියේත්, රයින්හාඩ් ඝාතකයින් මුලදී සැඟවී සිටියේත් ලිඩ්සි ගම්මානයේ බවට ඔවුන් කියා සිටියහ. ලෙසාකි ගම්මානයේදී විරෝධතාකරුවන්ට අයත් රේඩියෝ ට්‍රාන්ස්මීටරයක් අසුවීමෙන් එම ගම්මානයද සිද්ධියට හවුල්වුණා වියහැකි යැයි අනුමාන කරන ලදී.

මෙම රේඩියෝ ට්‍රාන්ස්මීටරය භාවිතා කොට ඇත්තේ දේශප්‍රේමීන් එංගලන්ත මූලස්ථානය සමග සම්බන්ධවීම සදහාය. (සත්‍ය ඡායාරූපයකි)


1942 ජූනි 9 දින මෙම කතාන්දරයේ තවත් වැදගත් දිනයකි. හිම්ලර්, කාල් හර්මන් හා නායක හිට්ලර් තිදෙන සාකච්ඡා කර යළිත් පළිගැනීමේ නියෝගයක් නිකුත් කළහ. 13,000 ක මිනිසුන් අත්අඩංගුවට පත්වූහ. ඔවුන්ගෙන් ඇතැමෙක් රටින් පිටුවහල් කෙරිණි. ඉතිරිවූවන් සිරගෙට යවන ලදී. ලිඩ්සි හා ලෙසාකි ගම්මානයේ සිටි අවුරුදු 16ට වැඩි පිරිමි සියල්ලන්වම වෙඩිතබා ඝාතනය කෙරිණි. ලෙසාකි ගම්මානායේ සිටි කාන්තාවන් සියල්ලන්වද මරා දැමිණි.  ලිඩ්සි ගම්මානයේ කාන්තාවන් සිව්දෙනෙකු හැර ඉතිරි සියළු ගැහැණුන් රැඳවුම් සිරකඳවුරකට යවන ලදී. කාන්තාවන් සිව්දෙනා සිටියේ ගැබ්ගෙනය. ඔවුන්ව බලයෙන් රෝහලට (රයින්හාඩ් මියගිය රෝහල) රැගෙන ගොස් ගබ්සා කර නැවතත් රැඳවුම් සිරගෙට ගෙනයන ලදී. ගම්මාන වල සිටි ළමයින් ගණනාවක් ජර්මන් සංස්කෘතියට හරවාගැනීම හෙවත් ජර්මන්කරණය (Germanisation) සඳහා තෝරාගනු ලැබූහ. ඉතිරි ළමයින් 81 දෙනෙක් විෂ වායුගාර වලදී ඝාතනය කෙරිණි. ගම්මාන දෙකම ගිනිතැබූ අතර ඒවා නටබුන්වූ පසු බිමට සමතලා කෙරිණි. මෙම පළිගැනීම නිසා 1,300 කගේ පමණ අහිංසක ජීවිත නිරපරාදේ නැතිවිය.
ලිඩ්සි ගම්මානය ගිනි තබා බිමට සමතලා කෙරුණු අයුරු. මෙය සිදුවූයේ රයින්හාඩ්ගේ අවමංගල්‍යය සිදුවූ දිනට පසුදින එනම් 1942 ජූනි 10 දාය.

ලිඩ්සි ගම්මානයේ පිරිමින් මරා දමා ඇති අයුරු  

කුමන්ත්‍රණකරුවන්ගේ ඉරණම 

මේ අතර තුවක්කකරුවූ ජෝසෆ් ගැබික් වෙනත් ආරක්ෂක නිවස්නයක්වූ “ෆාෆෙක්” (Fafek) පවුලට අයත් නිවසක තම පෙම්වතියවූ “ලිබොස්ලාවා” (Liboslava) සමග සැඟවී සිටියේය. විවධ ස්ථානවල සැඟවී සිටි ප්‍රහාරයේ නියමුවන් සත්දෙනා නැවත එකට එකතුකිරීම සිදුකොට ඇත්තේ ඔවුන්ට අතහිතදුන් දේශප්‍රේමී ගම්වැසියන් පිරිසය. ඒ ඔවුන්ට රටින් පැනයාමේ මගක් හෙළිකර දීමටය.

දින කිපයකට පසු ප්‍රාග් නුවර රෙස්ලෝවා වීදියේ පිහිටි සාන්ත සිරිල් මෙතෝදිස්ත දේවස්ථානයේ (Ss. Cyril and Methodius Cathedral ) රැකවරණය ලැබීමට ජෑන් කුබිස්ටත් ජෝසෆ් ගැබික්ටත් ඔවුන් සමග පැමිණි අනෙක් පැරෂුට් භටයින් පස්දෙනා වන වැල්සික්, ඔපල්කා, ස්වාක්, බබ්ලික්, හා ජාන් හර්බික්ට (Valcik, Opalka, Svarc, Bublik and Jan Hruby) සිදුවිය. ඔවුන් එම දේවස්ථානයේ සැඟවුණේ එහි බිම්ගෙය (Crypt) තුළය. (පැරණි දේවස්ථානවල එවැනි බිම්ගෙයක් ඇත්තේ මියගිය ප්‍රභූවරුන්ගේ සිරුරු, වටිනා ධාතු හා සොහොන් කොත් තැන්පත් කිරීම සඳහාය.)

ගෙස්ටාපෝ හෙවත් ජර්මන් රහස් පොලීසිය රයින්හාඩ්ගේ ඝාතකයන් අල්ලා ගැනීමට තොරතුරක් දෙන කෙනෙකුට මාක් මිලියනයක මුදල් ත්‍යාගයක් ලබාදෙන බව ප්‍රකාශයට පත් කළේය. කැරල් කූඩා (Karel Curda) නම් පුද්ගලයා මෙහෙයුමට සම්බන්ධවූ 7 දෙනා සමග එංගලන්තයේදී පුහුණුව ලැබූ තවත් පැරෂුට් භටයෙකි. මෙහෙයුමට කෙළින්ම සම්බන්ධ නොවුවත් ඔහු සිටියේ වෙනත් කණ්ඩායමකය. රයින්හාඩ් ඝාතනය වීමත් සමග ඔහුද තම මව සමග ප්‍රාග් නුවරින් පලාගොස් වෙනත් ස්ථානයක සැඟව ගත්තේය. නමුත් ඔහු ගෙස්ටාපෝ පොලිසියට හසුවිය. එහිදී මාක් මිලියනක තෑගි මුදලට ඇතිවූ තණ්හාව නිසා කැරල් කූඩා ඉතා අමානුෂික ලෙස තම සගයින් පාවා දුන්නේය. ඔහු ගෙස්ටාපෝ මූලස්ථානය (Pecek Palace) වෙත ගොස් රයින්හාඩ්ගේ ඝාතකයන් සැඟවී සිටිතියි අනුමාන කළ ආරක්ෂිත නිවස්න පිළිබඳ සියළු තොරතුරු හෙළි කළේය. විශේෂයෙන් මොරවැක් පවුල වාසය කළ සිස්කෝ (Zizkov) වල පිහිටි මහල් නිවාසය පිළිබඳ හේ හෙළි කළේය. ජූනි 17 දින අළුයම 5 ට ගෙස්ටාපෝ පොලීසිය එම ගොඩනැගිල්ල වට කළහ. ඔවුන් මොරවැක් පවුලේ සාමාජිකයින් ඉවතට රැගෙන එන ලදී. එම අවස්ථාවේදී වැසිකිළියට යාමට අවසර ඉල්ලූ මාරි මොරවැක් මහත්මියට ඒ සඳහා අවසරය ලබාදුන්නේය. එහිදී සඟවාගෙන තිබූ සයනයිඩ් කරලක් ගිලදමා ඇය සිය දිවි හානිකරගත්තාය. (සයනයිඩ් කරල කොටින්ට පෙර පාවිච්චි කළ උදවිය ඉඳල තියෙනව නේද?) ඇගේ සැමියා වන මොරවැක් මහතාවත් ඔහුගේ පුත්‍රයා වන “අතා මොරවැක්”වත් ගෙස්ටාපෝ මූලස්ථානය වෙත රැගෙන යන ලදී. එහිදී අතා මොරවැක්ට දිනක් පුරාම අමානුෂික ලෙස දස වධ දී තිබේ. එහෙත් ඔහු කිසිදු තොරතුරක් ලබාදීම ප්‍රතික්ෂේප කළේය. මත්ස්‍ය ටැංකියක් ලෙස භාවිතා කරන වීදුරු බඳුනක බහාලූ තම මවගේ හිස ඔහුට පෙන්වීමෙන් පසු මෙහෙයුමට සම්බන්ධවූ සගයින් දැන් සිටින ස්ථානය පැවසීමට තරම් ඔහුගේ මානසික මට්ටම අවුල් විය. මේ නිසා පැරෂුට් භටයින් මේ මොහොතේ සැඟව ඉන්නා ස්ථානයන් හා රෙසෙල්වා වීදියේ පිහිටි දේවස්ථානය පිළිබඳ සියළු තොරතුරු හෙළි කිරීමට ඔහුට සිදුවිය.


පසුදින එනම් ජූනි 18 අළුයම වන විට දේවස්ථානය තුළ සිටි හත් දෙනාගෙන් සිව්දෙනෙක් බිම්ගෙය තුල නින්දේ පසුවන විට අනෙක් තිදෙනා දේවස්ථානයේ බැල්කනියේ ඔත්තු බලමින් සිටියහ. බැල්කනියේ සිටි ඔපල්කා, කුබිස් හා ස්වාක් යන තිදෙනාට වීදි දිගේ තමන් වෙතට එන භටයින්ගේ හ ඇසුණි. මේ වනවිට ගෙස්ටාපෝ පොලීසිය හා එස්.එස්. භටයින් (ජර්මන් හමුදාව හඳුන්වන්නේ එසේය.) 800ක් පමණ දේවස්ථානය වටකොට යන එන සියළු මං අහුරා තිබිණි. හමුදා භටයින් ඉදිරි දොරටුවෙන් දේවස්ථානයට ඇතුළුවනවාත් සමග අට්ටාලයේ සිට ඔවුන් වෙත වෙඩි වරුසාවක් එල්ල විය. පැය දෙකක් යනතුරු එස්.එස්. භටයින් තමන් වෙත පැමිණීම වළක්වාලමින් පැරෂුට් භටයින් අභීතව සටන් කළහ. දෙපාර්ශ්වයම වෙඩි හුවමාරු කරගත් නිසා එය අතිශය දරුණු සටනක් විය. මෙම ශබ්දයට අවදිවූ බිම්ගෙය තුළ හුන් සිව්දෙනා ඉහළ මාලයේ තම සගයින් දිවි පරදුවට තබා සටන් කරන බව අවබෝධ කර ගත්හ. ඔවුන්ද සටනට සූදානම් වූහ. එක්වරම බැල්කනිය දෙසින් පැමිණි වෙඩි නතරවී නිෂ්ශබ්දතාවක් ඇතිවිය. පටු පියගැට පෙළක් දිගේ ඉහළ මාලයේ බැල්කනිය වෙත ලඟාවූ එස්.එස්. භටයින්ට පැරෂුට් භටයින් තිදෙනා ලේ විලක වැටි සිටින අයුරු දැකගත හැකි විය. බලාපොරොත්තු කඩවූ සෙයක් ලෙයින් නැහැවී තිබූ ඔවුන්ගේ මුහුණුවලින් දිස්විය. ඔවුන්ගෙන් ඔපල්කා හා ස්වාක් පණපිටින් සතුරන්ට යටත් වීමට අකමැතිව දෝ ඔවුන්ගේ පණ ඔවුන් විසින්ම නසාගෙන තිබිණි. නමුත් ග්‍රෙනේඩ් බෝම්බයකින් බරපතල ලෙස තුවාල ලබා බිම වැටී සිටි ජෑන් කුබිස්ට ඒ වනවිටත් පණනල රැඳී ඇතිබව දැනගත් එස්.එස්. භටයින් ඔහු වහා රෝහල වෙත ගෙන ගියහ. ජර්මන් හමුදාව ඔවුන්ව නොමරා ජීව ග්‍රහයෙන් අල්ලා ගැනීමට වඩා කැමැත්තක් දැක්වීමට හේතුවූයේ ඔවුන්ගෙන් කුමන්ත්‍රණයේ සියළු තොරතුරු ලබාගැනීමේ අපේක්ෂාවක් තිබූ නිසාය. නමුත් ඔවුන්ගේ එම අපේක්ෂාව බො කරමින් රෝහලට ඇතුලත් කර ම වේලාවකින් ජෑන් කුබිස්ද අවසන් ගමන් ගියේය. දේවස්ථානය තුළ සටන හමාර විය.

දේවස්ථානයේ පූජකතුමා අල්ලාගත් භටයෝ අනෙක් පැරෂුට් භටයින් ඉන්නා තැන එතුමාගෙන් විමසූහ. පූජකතුමාට දැඩි බලපෑමක් සිදුකළ නිසා එතුමාට සත්‍ය හෙළි කිරීමට සිදුවිය.ලබාගත් තොරතුරු මත දේවස්ථානයේ බිම්ගෙය තුළ තවත් සිව්දෙනෙක් සැව ඉන්නා බව එස්.එස්. භටයින්ට දැනගත හැකිවිය. ඔවුන් ජීව ග්‍රහයෙන් අල්ලා ගැනීමට උත්සාහ කළ හමුදාව ඒ සහා සාම නියෝජිතයින්ගේ සහාය ලබාගත්තත් එය අසාර්ථක විය. ඒ වෙනුවට දේශප්‍රේමීන්ගේ පිළිතුර වූයේ දරුණු වෙඩි ප්‍රහාරයකි. ඔවුන් අපි කවදාවත් යටත් නොවන චෙක් ජාතිකයෝ බව දැනගනින් යැයි ඔවුන් බිම්ගෙය තුළ සිට කෑ ගැසූහ. ගොඩනැගිල්ලේ පිටත සිට දේවස්ථානයේ බිම්ගෙය යාකෙරෙන වා කවුළුවක් විය. පටු සිදුරක්වූ ඒ තුළින් කිසිවෙකුටත් රිංගා යා නොහැක.


 එම සිදුර අද.(එළියේ සිට පෙනෙන අයුරු)

එම සිදුර අද.(දේවස්ථානය තුළ සිට පෙනෙන අයුරු)


මෙම සිදුරෙන් බිම්ගෙය තුළට ජලය පිරවීමට සිතූ එස්.එස්. නිලධාරීහු ප්‍රාග් නුවර ගිනි නිවන හමුදාව කැඳවා සිදුර තුලට ජල නළ එළූහ.

එස්.එස්.භටයින් බිම්ගෙයි කවුළුව තුළින් ජලය විදින ආකාරය.(සත්‍ය ඡායාරූපයකි)

සිදුරෙන් කදුළු ගෑස්ද ඇතුලට විසි කළහ. ඇතුලට වැටුණු කඳුළු ගෑස් උණ්ඩ ආපසු අහුලාගත් දේශප්‍රේමීන් සිදුර තුළින් ඒවා ආපසු එස්.එස්. භටයින් වෙත දමා ගැසූහ. බිම්ගෙය තුළ ජලය පිරවුණේ ඉතා සෙමිනි. මේ නිසා හමුදා අණදෙන නිලධාරියා බිම්ගෙයට පහරදීමට තීරණය කළේය. දේවස්ථානය උඩුමහලේ සිට බිම්ගෙයට යාමට ඇති මග වසා දමා තිබූ නිසා එය සොයමින් එස්.එස්. භටයින් ඉහළ මාලය පීරන්නට වූහ. අවසානයේ ඔවුන් එය සොයාගත්හ. කාපට් වලින් වසා සවා තිබූ යමක් අවුරා තිබුණේ ගල් තහඩුවකිනි. එය වෙඩි බෙහෙත් දමා පුපුරුවා හල භටයින්ට දැකගත හැකිවූයේ බිම්ගෙය දක්වා පහළට දිවෙන ප්‍රධාන තරප්පු පෙළයි. ඒ දිගේ පහළට බසින්නට වූයේ කණ්ඩායම් වශයෙනි. දරුණු වෙඩි ප්‍රහාරයකට ලක්වූ ඔවුන්ගෙන් කීපදෙනෙක් මැරී වැටෙන්නට වූහ. පැරෂුට් භටයින් සටන් කළේ සිංහයින් මෙනි. මධ්‍යයනය වනවිට වෙඩි හ නැවතුනත් අතරින් පතර ඉදහිට වෙඩි හවල් දෙක තුනක් ඇසුණි. තත්වය විමසා බැලීමට එක් සොල්දාදුවෙක් පමණක් ඉදිරියට යවන ලදී. ඔහු මොහොතින් ආපසු පැමිණ අන්‍යයන්ට ප්‍රීතියෙන් කෑගසා කීවේ වැඩේ ඉවරයි කියාය. බිම්ගෙය තුල සටන මෙසේ නිමාවට පත්විය. යටත්වීමට කැමති නොවූ දේශප්‍රේමී චෙක් සොල්දාදුවෝ සිව්දෙනා මෙහිදී තමාසතු රිවෝල්වරවලින් එකිනෙකාට වෙඩි තබාගෙන දිවිනසාගෙන තිබුණි. පැය 7ක් තිස්සේ එස්.එස්. භටයින් සමගවූ සටනින් පසු ඔවුන් සියළු දෙනා දිවි තොරකරගෙන තිබුණේ ඔවුන් සතු අවසාන උණ්ඩ වලිනි. සටනින් එස්.එස්. භටයෝ 14 දෙනෙක් මරුමුවට පත්වූ අතර 21 දෙනෙක් තුවාල ලැබූහ.


ජෑන් කුබිස්ගේ මළ සිරුර

රයින්හාඩ් ඝාතනයෙන් හා මෙම සටනින් පසු සිද්ධියට වගකිව යුතු අය හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් බුරුතු පිටින් ඝාතනය කිරීම ඇරඹුණි. දේවස්ථානයේ පූජකතුමා වන ගොරාස්ඩ් බිෂොප්තුමා ද (Bishop Gorazd) ඒ අතර විය. අතා මොරවැක්ට වදදී තොරතුරු ලබාගත් පසු ඝාතනය කරන ලදී. ඔහුගේ පියා වදකාගාර කවුරකදී මරුමුවට පත්විය. කුබිස් හා ගැබික්ට රැකවරණය දුන් පවුල්වල සාමාජිකයින් සියල්ලන්ම ඝාතනය විය. ඒ අතර කලින් සහන් කළ  ජෝසෆ් ගැබික්ගේ පෙම්වතියවූ “ලිබොස්ලාවා” ද විය. රයින්හාඩ් ඝාතනයෙන් පසු අළුත් ඝාතකාගාර 3ක් පිහිටුවන ලදී.
මොරවැක් මහත්මියගේ පුතුන් දෙදෙනා. පිංතූරයේ වම්පස ඉන්නේ වදදී තොරතුරු ලබාගත් පසු මරා දැමුණු අතා මොරවැක්ය.(වලැස්තිමී මොරවැක්)  දකුණු පස සිටින බාල පුත් මිරොස්ලාව් මොරවැක්ය. ගුවන් නියමුවෙකුවූ බාල පුත් ගුවන් අනතුරකදී 1944 ජූනි 7 දින ජීවිතක්ෂයට පත්විය.

දේවස්ථානයේ පූජක ගොරාස්ඩ් බිෂොප්තුමා
1942 සැප්තැම්බර් 4 දින ඝාතනය කරන ලදී.

ඝාතනය කරන ලද ජෝසෆ් ගැබික්ගේ
පෙම්වතිය - ලිබොස්ලාවා

**යුද්ධයෙන් පසු රයින්හාඩ් හයිඩ්‍රිච්ගේ වැන්දඹුවවූ ලීනා හයිඩ්‍රිච්ට විශ්‍රාම වැටුපක් ගෙවීමට ජර්මන් අධිකරණය තීන්දු කළේය. රයින්හාඩ්ට දරුවන් සතර දෙනෙකි. 1933 උපන් ක්ලවුස් හා 1934 උපන් හයිදර් පුතණුවෝ වූහ. 1939 උපන් සිල්කි දියණියකි. රයින්හාඩ්ගේ ඝාතනයෙන් පසු එනම් 1942 උපන්නේ මාර්ති නම් දියණියකි. නමුත් හීනෝ නම් පුතෙකද ඔහුට සිටි බව ඇතැම් ඡායාරූපවල දැක්වේ. මෙය පැහැදිලි නැත. වැඩිමල් පුතු ක්ලවුස් 1943දී (වයස 10දී) රිය අනතුරකින් මියගිය බව සඳහන්වේ. 1944 වනවිට ලීනා තම සැමියාට අත්වූ ඉරණම ගැන බියවී තම හයිදර් පුතුව හිට්ලර්ගේ ග්‍රහණයෙන් ගලවා ගැනීමට සමත්වූවාය. යුද්ධයෙන් පසු ජර්මනියේ ෆෙමාන් දූපතේ පදිංචිවූ ඇය හෝටලයක් පවත්වාගෙන ගියාය. නැවත විවාහවූ ලීනා හයිඩ්‍රිච් 1985 අගෝසතු 14 අභාප්‍රාප්ත වී ඇත. මියයන විට ඇගේ වයස 74 කි. ඇය ජීවත්ව සිටියදී රූගත කරන ලද දුලබ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක් යූටියුබයේ ඇත. http://www.youtube.com/watch?v=Qb3fufsgDYY  



 ලීනා හා රයින්හාඩ්. පුතු ක්ලවුස්ද මෙහි වේ.

රයින්හාඩ් මියගිය පසු 1943දී ලීනා තම දරුවන් වන ක්ලවුස්,හයිදර්,මාර්ති හා අළුත උපන් සිල්කි සමග

යුද්ධයෙන් පසු


සගයින්ව පාවාදුන් තැනැත්තා වන කැරල් කූඩා යුද්ධයෙන් පසු දිවිනසා ගැනීමට තැත්කළ අතර එය වළැක්වීමට සමත්වූ චෙක් ජනතාව රාජද්‍රෝහීවීම මත ඔහුව එල්ලා මරන ලදී.

එසේම කළින් සහන් කළ පරිදි දෙවන ලෝක මහා යුද්ධයේදී ජර්මනිය විසින් යටත් කරගත් යුරෝපා රටවලින් ජර්මනියට එල්ලවුනු විරෝධතා ගැන සැලකූ විට චෙක් රජයෙන් නාසි ජර්මනියට එල්ලවුනු වැදගත්ම ප්‍රහාරය නියෝජ්‍ය ආරක්ෂක ප්‍රධානි රයින්හාඩ් හයිඩ්‍රිච් ඝාතනය බව යුධ ඉතිහාසඥයන්ගේ මතයයි. චෙක් ජනරජයේ ජනතාව මෙන්ම ලෝකයේ සාමයට ලැදි ජනතාව ජෑන් කුබිස් හා ජෝසෆ් ගැබික් යන දෙදෙනා ඝාතකයින් ලෙස නොව යුධ වීරයින් ලෙස මලින් පුදයි. ඔවුන්ගේ සටන සිදුවූ ප්‍රාග් නුවර සාන්ත සිරිල් මෙතෝදිස්ත දේවස්ථානය අද ඔවුන් සිහිපත් කරන කෞතුකාගාරයක් ලෙස පවත්වාගෙන යනු ලැබේ. එසේම සටනට උරදුන් අනෙක් වීරයන් පස්දෙනා හා ඔවුන්ට උදව්කළ නිසා තම ජීවිතය පූජාකළ නිවැසියන් හා දහස් ගණන් ගම්වාසින්ද අද වීරයින් ලෙස සිහි කෙරේ. 

සිහිවටන හා ස්මාරක



 ලිඩ්සි ගම්මානයේ සිටි ළමුන් 81 දෙනෙකු ඝාතකාගාරයේදී මරාදැමුණු නිසා ඔවුන්ව සිහිකිරීමට අද ලිඩ්සි ගම්මානයේ ඉදිකර ඇති ස්මාරකය. මෙය දකින කාගෙත් හද කම්පාවනු නොඅනුමානය.

කෞතුකාගාරයේ ඇතුලත පිහිටුවා ඇති සටනින් දිවිදුන් භටයින්ගේ ඡායාරූප

දැන් කෞතුකාගාරයක් බවට පත්ව ඇති දේවස්ථාන බිම්ගෙය


බිම්ගෙයි ඇතුල් පැත්තේ බිත්තියේ සිට එළියට (පැනයාම සදහා) යාම සදහා බාගෙට සිදුරු කරන ලද උමං කට. තමන් ඉන්නා තැන එස්.එස්. භටයින් දැනගත් පසු මෙම උමග හෑරීම නතර කොට තිබේ.


ප්‍රාග් නුවර මියගිය දේශප්‍රේමින් වෙනුවෙන් ඉදිකර ඇති ස්මාරකය


දේවස්ථානය පිටතින් බැලූවිට බිම්ගෙයි සිදුරට ඉහළින් පිහිටුවා ඇති ප්‍රහාරය සමරන සමරු ඵලක‍ය. මෙහි වම්පස රූපයෙන් සටනින් මියගිය පැරෂුට්භටයින් නියෝජනය වන අතර වම්පස රූපයෙන් මියගිය බිෂෝප්තුමා නියෝජනය කෙරේ.

කෞතුකාගාරයේ ඇති මියගිය ප්‍රධාන දේශප්‍රේමී භටයින් දෙදෙනාගේ පිළිරූ

දේවස්ථානයේ පිටත සිට පෙනෙන බිම්ගෙයි කවුළුව. එළියේ සිටි එස්.එස්.භටයින්  බිම්ගෙයි තුළ කොටුවී සිටි දේශප්‍රේමීන්ට එල්ළකළ (1942 සටනේදී ) වෙඩි පහරවල් අදටත් දක්නට ඇති බව ඔබට මෙම ඡායාරූපයේදී පැහැදිලිව දැකගත හැක.

බිම්ගෙයි කවුළුව අසල අවුරුදු පතා වීරයින් සිහිකිරීමේදී ජනතාව විසින් පහන් දල්වා පුෂ්පෝපහාර කර තිබෙන අයුරු

ප්‍රාග් නුවර යුධ වීරයින් සිහිකිරීමේ 70 වන සංවත්සරය යෙදී තිබුණේ 2012 ජූනි 18 දිනය.  සාන්ත සිරිල් මෙතෝදිස්ත දේවස්ථානය තුල පැවති මෙම අනුස්මරණ උත්සවයට විශාල ජනතාවක් පැමිණියහ.

මේවාත් බලන්න

Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර

Alive (එලයිව්) “පණපිටින් ”/ “ජීවතුන් අතර ” 1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින ...