Saturday, September 30, 2017

Illustrator - Tutorial - ඇඩෝබි ඉලස්ට්‍රේටර් - මූලික පාඩම් මාලා - 01 - වෘත්තයක් වටා වස්තූන් පිටපත් කිරීම


Adobe Illustrator - Basic Tutorial - 

How To Duplicate Objects Around A Circle

ඇඩෝබි ඉලස්ට්‍රේටර් - මූලික පාඩම් මාලා - 01 - වෘත්තයක් වටා වස්තූන් පිටපත් කරගන්නා අන්දම.

Adobe Illustrator මෘදුකාංගය ලංකාවේ මුද්‍රණ ක්ෂේත්‍රයේ ඉතා ජනප්‍රිය මෙවලමකි. මේ මගින් ඉතා අලංකාර හා නිවැරදි ලෙස මාධ්‍යරූප හෙවත් ග්‍රැෆික්ස් රූප නිර්මාණය කරගත හැකිය. මේ පිළිබඳව උනන්දුවක් දක්වන අයට සරල පාඩම් මාලාවක් නොමිලේ ගෙන ඒමට සිතුවෙමි. මූලික මෙවලම් කීපයක් භාවිතා වන මේ පළමු පාඩමෙන් වෘත්තයක් වටා නිවැරදි ආකාරයට වෙනත්  වස්තුවක පිටපත් ලබාගන්නේ කෙසේද යන්න කියා දෙයි. ලාංඡන නිර්මාණයේ යෙදෙන අයට මෙය ඉතා ප්‍රයෝජනවත් වේ යැයි සිතමි.

Adobe Illustrator මෘදුකාංගය දන්නා ප්‍රවීණ අයටත් එයට අත්පොත් තබන්නට සැරසෙන ආධුනික අයටත් යන දෙකොටසටම ගැලපෙන අයුරින් මෙම පාඩම සකසා ඇත.

මේ අභ්‍යාසය සඳහා Adobe Illustrator version CS6 හෝ version CC වඩාත් යෝග්‍ය වේ. එයට අඩු සංස්කරණ සඳහා ද මෙය පරීක්ෂා කර බැලිය හැක.

පියවර 1 – Illustrator විවෘත කර අළුත් පිටුවක් විවෘත කරන්න. ක්‍රමය - Key board වල Ctrl බට්න් සමග N බට්න් එක ප්‍රෙස් කරන්න. (Ctrl+N) එවිට පහත සංවාද සටහන විවෘත වේ.

එහි ඇති අගයන් රූපයේ පරිදි වෙනස් කර OK කරන්න.


එවිට හරි හතරැස් Art board එකක් විවෘත වෙයි. දැන් ඇත්තේ මේ මත ඔබේ නිර්මාණය ගොඩනැගීමයි. Tool Pellet එකට අවධානය යොමු කරන්න.

පියවර 2 – Key board වල 'L' ප්‍රෙස් කරන්න. එවිට ඉලිප්ස (වෘත්ත අඳින) tool එක select වෙයි.

පියවර 3 - Key board එකේ fill එක කළුපැහැයට හරවා stroke එක “නැති කරන්න”

රූපයේ පෙනෙන පරිදි විය යුතුයි.


පියවර 4 – කර්සරය Art board එක මැද click කරගෙන ඉන්න. එහෙත් මවුසය රිලීස් කරන්න එපා. (මෙයට කියන්නේ click and hold කියාය.) මවුසය click කරගෙන ඉඳිද්දීම Key board එකේ Shift බට්න් එක සහ Alt බට්න් දෙකම එකවර ප්‍රෙස් කරගෙන ඉන්න. එයත් රිලීස් කරන්න එපා. දැන් මවුසයේ කර්සරය වම් පසට ඇදගෙන යන්න. එවිට දිගත් පළලත් සමාන කළු පැහැති වෘත්තයක් නිර්මාණය වී එය විශාල වී යයි. එහි විශ්කම්භය ඔබට කැමති ප්‍රමාණයකට පැමිණි පසු සියල්ල රිලීස් කරන්න.

පියවර 5 – අපගේ පාඩමට අනුව එහි විශ්කම්භය දැන් වෙනස් කළ යුතුය. ක්‍රමය - පළමුව Key board එකේ V ප්‍රෙස් කර හෝ Tool Pellet එකේ උඩම ඊතලය (Selection tool එක) click කර නැවත අපගේ වෘත්තය click කරන්න. මේ කරන්නේ වෘත්තය select වී නොමැති නම් එය කිරීම ස‍ඳහාය. (දැනටමත් වෘත්තය select වී ඇත්නම් මෙය කළයුතු නොවේ.)


පියවර 6 – Art board එකේ උඩ බාර් එකේ Width සහ Height කොටුවල අගයන් (select වී ඇති වෘත්තයේ දිග, උස) අපගේ පාඩමට අනුව වෙනස් කිරීමයි දැන් කරන්න යන්නේ. එයට පෙර එම කොටු දෙක මැද ඇති දම්වැල් පුරුක ලොක් කිරීම කළ යුතුය. (නැතහොත් වෘත්තයේ අසමාන දිග සහ උසක් සහිතව එය ඉලිප්සයක් බවට පත්වේ.) රූපය බලන්න.



ක්‍රමය - පළල අගයට (W සඳහා) 300 ඇතුලත් කර Keyboard එකෙන් 'Enter' කරන්න. එවිට ඉබේම උසත් 300 බවට පත්වේ.

පියවර 7 – වෘත්තය දැන් Art board එකේ හරි මැදට ගෙන ඒමයි කරන්න යන්නේ. ක්‍රමය - පළමුව වෘත්තය select කරන්න. Art board එකේ උඩ බාර් එකේ Align to Artboard ටූල් එක කර දිගහැරගන්න. එහි පහළම ඇති "Align to Artboard" වදන select කරන්න. රූපය බලන්න.


පසුව එතැනම ඇති "Vertical Align Center" සහ "Horizontal Align Center" යන බට්න් දෙක පිළිවෙලින් ප්‍රෙස් කරන්න. එවිට ඔබගේ වෘත්තය Art board එකේ හරියටම මැදට සමපාත වෙයි. රූපය බලන්න.

පියවර 8 – දැන් අප නිර්මාණය කරන්න යන්නේ, වෘත්තය වටා දිවෙන අනෙක් කුඩා Object එකය. මේ සඳහා කුඩා වෘත්තයක් හෝ කුඩා ත්‍රිකෝණයක් ඇඳගත හැකිය. අපේ පාඩම සඳහා කුඩා ත්‍රිකෝණයක් අඳිමු. ක්‍රමය - Tool Pellet එකේ ජ්‍යාමිතික රූප අඳින බට්න් එක ප්‍රෙස්කරගෙනම ඉන්න. (අප කලින් වෘත්තය ඇන්දේත් මෙම ස්ථානයේ ඇති රූප බට්න් එකකිනි.) එවිට මූලික රූප අඳින බට්න් ලැයිස්තුවක් පහළට දිග හැරේ. එහි පහළ තරු සළකුණ දරණ බට්න් එක (Star Button) select කරන්න.


දැන් කර්සරය Art board එක මතට සුමටව ඇදගෙන ගොස් එකවර ප්‍රෙස් කරන්න. එවිට Star Button සඳහා වන සංස්කරණ කොටුව විවෘත වෙයි. රූපය බලන්න.

එහි Points සඳහා 3 ඇතුලත් කර OK කරන්න. එවිට ඔබට පහසුවෙන් ත්‍රිකෝණයක් ලබාගත හැකිය. එය යට පැත්තට හැරී තිබුණොත් උඩු පැත්තට හරවන්න. ක්‍රමය - පළමුව Transform පැලට් එක විවෘත කරවාගන්න. එය විවෘත වී නොමැති නම් විවෘත කරන ආකාරය මෙසේය. Window Transform හෝ Keyboard එකෙන් නම් Shift බට්න් සමග F8 ප්‍රෙස් කරන්න. එවිට පහසුවෙන් Transform පැලට් එක විවෘත වෙයි. ත්‍රිකෝණය select වී නොමැත්නම් එය select කරගෙන සිටින්න. දැන් පැලට් එකේ වම් උඩ කොනේ ඇති කුඩා බට්න් එක ප්‍රෙස් කරන්න. එවිට ලැයිස්තුවක් දිගහැරේ. රූපය බලන්න.



ලැයිස්තුවේ තුන්වැනි වදන එනම් Flip Vertical තෝරන්න. එවිට ත්‍රිකෝණය උඩ යට නිසි පරිදි මාරුවෙයි. පහත පරිදි



පියවර 9 – ත්‍රිකෝණය අපගේ පාඩමට අනුව සයිස් කිරීම. ක්‍රමය - ත්‍රිකෝණය select කරන්න. පියවර 6 හි ඇති ආකාරයට Height කොටුවේ ඇති අගය පමණක් වෙනස් කරන්න. අගය 50 ලෙස type කර Keyboard 'Enter' කරන්න. 

පියවර 10 – දැන් ත්‍රිකෝණය, වෘත්තයට උඩින් වෘත්තයට ගෑවෙන නොගෑවෙන ආකාරයට දළ වශයෙන් පිහිටුවන්න. රූපයේ පරිදි.


දැන් මේ ත්‍රිකෝණයත් Art board එකේ Vertical Center ලයින් එකට සමපාත කළයුතුය. ක්‍රමය - ත්‍රිකෝණය select කර පියවර 7 හි දැක්වූ අකාරයට "Vertical Align Center" පමණක් තෝරාගත යුතුය. (*** මෙහිදී "Horizontal Align Center" යන්න තෝරා නොගත යුතුය.) එවිට ත්‍රිකෝණයත් වෘත්තයත් Art board එකේ හරි මැදට Align වෙයි. එහෙම කරන්නෙ නැතුව මේ පාඩම ඉදිරියට ගෙන යා නොහැක.

දැන් අප නිසි පරිදි Object දෙකම නිර්මාණය කර අවසන්ය. ඊළඟට ඇත්තේ වැඩි දෙනෙක් නොදන්නා රසවත් කොටසයි.

පියවර 11 – මුලින්ම අපට කරන්නට තිබෙන්නේ ත්‍රිකෝණයේ ගුරුත්ව කේන්ද්‍රය, වෘත්තයේ ගුරුත්ව කේන්ද්‍රය හා සමපාත කිරීමයි. ඒ සඳහා වන පෙලගැස්මයි මේ.

මෙහිදී පළමුව වෘත්තයත්, ත්‍රිකෝණයත් deselect කරන්න. එනම් කිසිවක් 
select කරන්න එපා. 
(කිසිවක් select වී ඇත්නම් කර්සර් එක Art board එකේ හිස් පසුබිම මත කිරීමෙන් මෙය සිදුකළ හැක.) 
Tool Pellet එකේ Rotate බට්න් එක click කරන්න.


එය නැවත double click කරන්න. එවිට Rotate සඳහා වන සංස්කරණ කොටුව විවෘත වේ. එහි Angle සඳහා '0' යොදා OK කරන්න. (0 දැනටමත් යෙදී ඇත්නම් මෙය නොසලකා හරින්න.)



පියවර 12 – ත්‍රිකෝණය පමණක් select කරන්න. තිරයේ උඩ මෙනු බාර් එකේ View Outline තෝරාගැනීම හෝ Keyboard එකේ Ctrl සමග Y ප්‍රෙස් කළයුතු වේ. (Ctrl + Y). දැන් මුළු තිරයම වෙනස් වේ. වෘත්තයේත් , ත්‍රිකෝණයේත් Outline දර්ශනය වෙයි. මෙසේ කිරීමට හේතුව ඔබට පාඩම ඉදිරියට යාමේදී පැහැදිලි වෙයි. මෙහිදී ත්‍රිකෝණයේ Outline එකත් select වී පවතියි. රූපය බලන්න. 


(*** වෘත්තයේ මධ්‍ය ලක්ෂය බලාගැනීම සඳහායි සියළු Objects, "Outline View" එකට හරවන්නේ)

ත්‍රිකෝණය select වී තිබෙද්දිම, Tool Pellet එකේ Rotate බට්න් එක ප්‍රෙස් කරන්න. එවිට ත්‍රිකෝණයේ ගුරුත්ව කේන්ද්‍රය ඒ මැද ලා පැහැයෙන් දිස්වේ. රූපය බලන්න.


පියවර 13 – ත්‍රිකෝණයේ ගුරුත්ව කේන්ද්‍රය වෘත්තයේ ගුරුත්ව කේන්ද්‍රයට ගෙනයාම කල්පනාකාරීව කළයුතුය. දැන් key board එකේ Alt බට්න් එක ප්‍රෙස් කරගෙන තියෙද්දීම වෘත්තයේ මැද ඇති ලක්ෂය මත කර්සරය තබා click කරන්න. මෙහිදී ක්‍රියාවන් දෙකක් සිදුවේ. ත්‍රිකෝණයේ ගුරුත්ව කේන්ද්‍රය, වෘත්තයේ ගුරුත්ව කේන්ද්‍රය මත සමපාත වීම සහ පියවර 11 දක්වා ඇති Rotate සඳහා වන සංස්කරණ කොටුව විවෘත වීමයි. රූපය බලන්න.


     

එහි Angle සඳහා අපේ පාඩමට අනුව '20' යොදා copy බට්න් එක click කරන්න. එවිට පහත රූපයේ පරිදි විය යුතුය.

මෙහිදී අළුතින් නිර්මාණය වූ ත්‍රිකෝණය select වී ඇති අයුරු ඔබට පෙනේ. දැන් නැවතත් මෙනු බාර් එකේ View Outline තෝරන්න. එවිට Preview යටතේ රූපය යථා පරිදි පහත දැක්වෙන ලෙස දිස්වේ. අළුත් ත්‍රිකෝණය තවමත් select තත්වයේ පවතී.

පියවර 14 – (අවසාන පියවර) - key board එකේ Ctrl බට්න් එක දිගටම ප්‍රෙස් කරගෙන සිටින ගමන් D බට්න් එක වරින් වර click කරගෙන යන්න. සිදුවන්නේ කුමක්දැයි ඔබට පෙනේ.
මේ ආකාරයට ඕනෑම වෘත්තයක් වටා ඔනෑම ජ්‍යාමිතික වස්තුවක් සමමිතිකව භ්‍රමණය කර අළුත් නිර්මාණයක් බිහිකර ගත හැක.



****සමමිතික බව ආරක්ෂා කිරීමට පියවර 13 දැක්වූ ආකාරයට Rotate සංස්කරණ කොටුවේ Angle අගයට යෙදිය යුත්තේ හැමවිටම 360, ඉතිරි නැතිව බෙදන්න පුළුවන් සංඛ්‍යාවක් පමණි. උදාහරණ ලෙස, 10, 12, 15, 18, 20 ආදී අගයන්

වෘත්තයක් වටා වස්තූන් කරකැවීම Illustrator හිදී විවිධ ක්‍රම වලට සිදුකළ හැකිය. ඉහත දක්වා ඇත්තේ ඉන් එක් ක්‍රමයක් පමණි.

පාඩම සැකසීම - අයෝම ජයසිංහ 2017 සැප්තැම්බර්
Tutorial by Ayoma Jayasinghe -2017 September










2 comments:

  1. ස්තුතියි.කොමෙන්ටුවට. මෙවැනි පාඩම් සරලව කියාදීමට හරි අපහසුයි. සෑහෙන්න වෙලාවක් යනවා හදාගන්න. කිසිම ආර්මථික වාසියක් නැතිව මගේ තෘප්තියටයි මේ දැනුම බෙදා දෙන්නෙ. කව්රුහරි ප්‍රයෝජන ගනී කියා හිතුනා.

    ReplyDelete

මේවාත් බලන්න

Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර

Alive (එලයිව්) “පණපිටින් ”/ “ජීවතුන් අතර ” 1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින ...