Tuesday, October 3, 2017

Adobe Illustrator - Basic Tutorial – 2 Create a Vector Lotus Flower ඉලස්ට්‍රේටර් - මූලික පාඩම් මාලා - 02 - නෙළුම් මල් මෝස්තර රටාවක් නිර්මාණය කිරීම


ඇඩෝබි ඉලස්ට්‍රේටර් - මූලික පාඩම් මාලා - 02 - නෙළුම් මල් මෝස්තර රටාවක් නිර්මාණය කිරීම.


මෙවර ඉදිරිපත් කරන්නේ අලංකාර ලෙස නිර්මාණය කරගත හැකි මල් මෝස්තර රටාවකි. පළමු පාඩමේ දැක්වූ ආකාරයට වඩා වෙනස්ම ටෙක්නික්ස් භාවිතා කරන නිසා ලාංඡන නිර්මාණයේ යෙදෙන අයට මෙය ඉතා ප්‍රයෝජනවත් වේ යැයි සිතමි.

පියවර 1 – Illustrator විවෘත කර අළුත් පිටුවක් විවෘත කරන්න. ක්‍රමය - Key board වල Ctrl බට්න් සමග N බට්න් එක ප්‍රෙස් කරන්න. (Ctrl+N) එවිට පහත සංවාද සටහන විවෘත වේ.


එහි ඇති අගයන් රූපයේ පරිදි වෙනස් කර OK කරන්න
එවිට හරි හතරැස් Art board එකක් විවෘත වෙයි. දැන් ඇත්තේ මේ මත ඔබේ නිර්මාණය ගොඩනැගීමයි. Tool Pellet එකට අවධානය යොමු කරන්න.

පියවර 2 – Key board වල 'L' ප්‍රෙස් කරන්න. එවිට ඉලිප්ස (වෘත්ත අඳින) tool එක select වෙයි.

පියවර 3 - Tool Pellet එකේ fill එක “නැති කර” stroke එක දාන්න. 


රූපයේ පෙනෙන පරිදි විය යුතුයි.

පියවර 4 – කර්සරය Art board එක මැද click කර පහලට ඇද දළ වශයෙන් රූපයේ පෙනෙන පරිදි ඉලිප්සයක් ඇදගන්න. එය ප්‍රමාණයෙන් ටිකක් කුඩාවට ඇදගන්න. එවිට එය select වී ඇත්නම් එහි හතර වටේටම Edit කරන්න පුළුවන් ලක්ෂ හතරක් ඇති වන බව ඔබ දැනටමත් දන්නා කරුණකි. 

පියවර 5 – Key board වල 'P' ප්‍රෙස් කරන්න. එවිට (පෑනෙන් රූප අඳින) Pen tool එක select වෙයි.

එය ප්‍රෙස්කරගෙනම ඉන්න. එවිට පෙන් ටූල් වලට අදාල අනෙක් බට්න්ස් ලැයිස්තුවක් ලෙස පහළට දිග හැරේ. එහි පහළම ඇති ඇන්කර් පොයින්ට් බට්න් එක (Convert anchor point tool) select කරන්න. එහෙම නැත්නම් එක්වරම Keyboard එකේ (Shift+C) ප්‍රෙස් කරන්නත් පුළුවන්.

පියවර 6 – දැන් කර්සරය පහත රූපයේ පරිදි ඉලිප්සයේ උඩ ලක්ෂයත්, පහළ ලක්ෂයත් පිළිවෙලින් click කරන්න.


එවිට ඉලිප්සයේ උඩත් යටත් වක්‍රාකාර හැඩය අහෝසි වී උල් හැඩයක් ගනී. හරියට ගහක කොලයක් වගේ.

පියවර 7 – අපි දැන් මේ රූපයේ එහිම පිටපතක් ගනිමු. පළමුව Key board එකේ 'V' ප්‍රෙස් කරන්න. කර්සරයෙන් නැවත රූපයට click කරන්න. මෙහෙම කරන්නේ නිවැරදිව රූපය යළි select කිරීම සඳහාය.

දැන් Key board එකේ Alt බට්න් එක ප්‍රෙස් කරගෙන ඉඳිද්දීම කර්සරය රූපයේ දාරයක් වෙත ගෙන යන්න.( click කරන්න එපා.) එවිට කර්සරයේ ඊතලයේ හැඩය වෙනස්වන බව (ඩබල් ඊතලයක් සටහන් වේ) ඔබට පෙනේ. දැන් රූපයේ දාරයක් click කර Art board එක දිගේ පහලට ඇදගෙන යන්න. (මෙයට කියන්නේ click and Drag කියාය.) සියල්ල රිලීස් කරන්න. එවිට ඉබේම කලින් ඇඳ තිබූ රූපයේ පිටපතක් පහසුවෙන්ම නිර්මාණය වේ. රූපය බලන්න.

පසුව ඉහත දැක්වූ ආකාරයට රූප දෙකම එකක් යට එකක් සිටින පරිදි (තුඩට තුඩ හරියටම ගෑවෙන්න) පිහිටුවා ගන්න.

පියවර 7 – ඊළඟට රූප දෙකම එකවර select කරන්න. (රූප දෙකම ආවරණය පරිදි කොටුවක් ඇඳීමෙන් මෙය කළ හැක) ඊළඟට Key board එකේ Ctrl බට්න් සමග "G" ප්‍රෙස් කරන්න. එවිට රූප දෙකම තනි ගොනුවක් හෙවත් ගෲප් බවට පත්වේ. එහි නව ගුරුත්ව කේන්ද්‍රය රූප දෙක ස්පර්ශ වන ස්ථානයේ පිහිටයි. මුළු රූපයම Art board එකේ මධ්‍ය ලක්ෂයට සමපාත කරන්න. (එය නිවැරදිව කරන ආකාරය අංක 1 පාඩමේ පියවර 7 හි දැක්වේ.)

පියවර 8 – අප දැන් යන්නේ පාඩමේ සිත් ගන්නා සුළු කොටසටයි. රූපය select තත්වයේ තිබෙද්දීම මෙනු බාර් එකේ Effects ප්‍රෙස් කරන්න. මේ ආකාරයට යන්න Effects > Distort & Transform > Transform. පහත රූපය බලන්න.


එවිට පහත සංවාද කොටුව (Dialog Box) විවෘත වෙයි.


ඉහත රතුවෙන් දක්වා ඇති ස්ථානයන් පමණයි අප වෙනස් කරන්න යන්නේ. එහි Angle සඳහා '15' යොදා Preview බට්න් එකට හරියක් " √" දාන්න. එවිට ගුරුත්ව කේන්ද්‍රය වටා රූපයේ එක් භ්‍රමණයක් ඔබට පහත රූපයේ පරිදි දැකගත හැකිය. දැන්ම 'OK' කරන්න එපා.
සංවාද කොටුවේ "Copies" ඉදිරියේ ඇති හිස් කොටුව තුල ඇති "0" ළඟ කර්සරය click කරන්න. දැන් Key board එකේ ඊතල තුනේ සෙට් එකේ ඉහළ ඊතලය (Up Arrow Button) වරින් වර click කරගෙන යන්න. සිදුවන්නේ කුමක්දැයි ඔබට පෙනේ. සියළු මල්පෙති නිර්මාණය වූ පසු සංවාද කොටුව 'OK' කරන්න. ඔබේ මල් පෙති මෝස්තර රටාව පහත පරිදි විය යුතුය.
මේ මල් පෙති රටාව Select කළත්, Deselect කළත්, Select වන්නේ එක ඩබල් මල් පෙත්තක් පමණි. මෙසේ තිබෙද්දී පාඩම ඉදිරියට ගෙනයාම කළ නොහැක. මේ නිසා මුළු රූපයම අපට අවනත තත්වයට ගෙන යායුතුය. මේ සඳහා යමක් කළ යුතුය. 

පියවර 9 – මෙනු බාර් එකේ Object මෙනුව දිගහැර Expand Appearance යන්න තෝරන්න. (Object > Expand Appearance) එවිට අපගේ ඉලක්කය සැපිරේ. රූපය දිගටම Select තත්වයේ තබන්න .

පියවර 10 – දැන් තිබෙන්නේ මෙය වර්ණ ගැන්වීමයි. පළමුව වර්ණ පැලට්ටුව ලබාගත යුතුය. මේ සඳහා Windows > Swatches මාර්ගයේ ගොස් එම පැලට් එක විවෘත කරවා ගන්න.

මෙවැනි රූපයක වර්ණ යෙදීමට විශේෂ ක්‍රමයක් සහ විශේෂ ටූල් එකක් යොදා ගනී. Key board එකේ "K" ප්‍රෙස් කරන්න. එවිට Tool Pellet එකේ අදාල ටූල් එක එනම් "Live Paint Bucket" ටූල් එක Select වෙයි. 


කර්සරය සිගරට් කොටයක් වැනි රූපයකට හැරවී ඇති බව පෙනේ. දැනට Select වී ඇති රූපය මතට කර්සරය ගෙනයන්න. (click කරන්න යන්න එපා) මලෙහි කොටස් වෙන වෙනම Select වීමට ආසන්න බව ඔබට වැටහේවි. ඒ එක්කම කර්සරය Swatches වල ඔබ කැමති පාටකට (වර්ණ පැලට් එකේ) click කරන්න. දැන් කරසරයට අවශ්‍ය වර්ණය උරාගෙන ඇත. මල් මෝස්තරයේ ඔනෑම කොටසක් තුලට කර්සරය click කරන්න. ඔබ ලබාගත් වර්ණය එහි සටහන් වෙයි. රටාවකට මෙන් මල් පෙති කොටස් පාට කරන්න. පහත පරිදි.


ඔබට මේ ආකාරයට වර්ණ 3 ක් යොදා මල් මෝස්තරය පාට කළ හැකිය.


අමතර වශයෙන් මේ මල් මෝස්තරට තව අංග එක්කිරීමෙන් ඔබට එය තවත් ලස්සන කළ හැකිය. පහත පරිදි මලට යටින් Gradient ක්‍රමයට වර්ණයෙන් කළ වෘත්තයක් යොදා ඇත. 


මෙය තවත් ලස්සන කිරීමට මේ පාඩමේ මුල දැක්වූ ඩබල් මල් පෙත්ත ආකාරයේ පහත පරිදි වෙනස්ම හැඩයක් නිර්මාණය කරගත හැකිය.

(මෙවැනි හැඩයක් නියම ක්‍රමයට ඇඳගත යුතු ආකාරය අවශ්‍ය අයට කියාදෙන්න මා ලෑස්තියි.) එම හැඩය Gradient ක්‍රමයට වර්ණ ගැන්වූ පසු



එහි කොපියක් ගෙන පහත ආකාරයට සකසා ගෲප් කර පසුව Art board එකට සර්ව සමමිතික කරගන්න. පහත පරිදි


මෙම කොටස මල්මෝස්තර රටාවට යටින් තැබීමට අමතක කරන්න එපා. පහත පරිදි

දැන් අළුත් ඩබල් මල් පෙත්තට පියවර 8- හි දැක්වූ Rotate ටෙක්නික් යොදන්න. එවිට පහත පරිදි දර්ශනීය රටාවක් ලබාගත හැකිය.


මේ ක්‍රමයටම නිර්මාණය කරන ලද තවත් මල් මෝස්තරයක්.


ඊළඟ පාඩමෙන් පහත දක්වා ඇති ත්‍රිමානව දර්ශනය වන ලස්සන සොෆ්ට් ටෝයි (Soft Toy) එකක් නිර්මාණය කරගන්නා අන්දම බලාපොරොත්තුවන්න.

මෙය අන්තර්ජාලයේ තිබූ පාඩමක් ඇසුරින් මා විසින් නිර්මාණය කළ ලද්දකි.

පාඩම සැකසීම - අයෝම ජයසිංහ 2017 සැප්තැම්බර්
ayolanka@gmail.com

1 comment:

මේවාත් බලන්න

Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර

Alive (එලයිව්) “පණපිටින් ”/ “ජීවතුන් අතර ” 1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින ...