Friday, December 6, 2013

ජනප්‍රිය සිංහල ගුවන්විදුලි ගීත වලට පාදකවූ ජනප්‍රිය හින්දි චිත්‍රපට ගීත

ORIGINS OF POPULAR SINHALA RADIO SONGS 
(HINDI SONGS WITH YOUTUBE LINKS)
සම්පාදනය - අයෝම ජයසිංහ

ජනප්‍රිය සිංහල ගුවන්විදුලි ගීත වලට පාදකවූ ජනප්‍රිය හින්දි චිත්‍රපට ගීත යූටියුබ් ලින්ක් සමග



මෙන්න ඒ ආශ්‍රිත තවත් හින්දි චිත්‍රපට ගී ලැයිස්තු දෙකක්.
(සිංහල පැරණි චිත්‍රපට ගීතවල මුල් හින්දි ගීත) http://ayoma-jayasinghe.blogspot.com/2014/01/old-sinhala-movie-songs.html

(සිංහල ජනප්‍රිය චිත්‍රපට ගීතවල මුල් හින්දි ගීත) http://ayoma-jayasinghe.blogspot.com/2013/10/blog-post.html


ජනප්‍රිය හින්දි චිත්‍රපටවල තිබූ ජනප්‍රිය ගීතවල තනු අනුසාරයෙන් ඇතැම් සිංහල ගුවන්විදුලි ගීතද එක්තරා කාලයක නිෂ්පාදනය විය.මා වෙත ලැබුණු එවැනි ගීතලැයිස්තුවකින් වඩාත්ම ජනප්‍රිය සිංහල ගීත 35ක් තෝරා ඉදිරිපත් කරමි. ඒ සමග එහි හින්දි ගීතයද, ගායනා කළ හා රඟපෑ ශිල්පීන්ද ඔබට රස විඳීම සඳහා හින්දි ගීතයේ යූ ටියුබයද, යන විස්තර සොයාගෙන එයට ඇතුලත් කළෙමි. ඒවා මේ ගැන අධ්‍යයනය කරන්නෙකුටද උපකාරී වේ. මෙහි සදොස් තැන් ඇතොත් ඒවා නිවැරදි කිරීමට ඔබගේ සහයෝගයද අපේක්ෂා කරමි.




01.

සිංහල ගීතය-

කල්යාණියෙ ඔබ නෑසූ කතාවක් කියන්නම්

සිංහල ගීතය ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා

හින්දි ගීතය- චල් කේ තෙරිආ කොන්සේ (Chhalke Teri Aankhon Se)

හින්දි චිත්‍රපටය - ආර්සෝ (Arzoo) වර්ෂය - 1965

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - රාජේන්ද්‍ර කුමාර්/ සධානා

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=Qs5d8NGO6no




02.

සිංහල ගීතය-

ඔබ වේවා වේවා පහන මගේ

සිංහල ගීතය ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා

හින්දි ගීතය- තෙරි ප්‍යාරී ප්‍යාරී සූරත කෝ
(Teri Pyaari Pyaari Surat Ko)

හින්දි චිත්‍රපටය - සාසුරල් (Sasural) වර්ෂය - 1961

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - රාජේන්ද්‍ර කුමාර්/ සරෝජා දේවී

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය

- http://www.youtube.com/watch?v=CZnKuXO0oAk





03.

සිංහල ගීතය-

එගොඩහ යන්නෝ - මෙගොඩහ යන්නෝ 
තව කවුරුද එන්නේ

සිංහල ගීතය ගායනය - ෂෙල්ටන් පෙරේරා

හින්දි ගීතය- සන් මෙරේ බන්දූ රූ (Sun Mere Bandhu Ru)

හින්දි චිත්‍රපටය - සුජාතා (Sujatha) වර්ෂය - 1959

හින්දි ගීතය ගායනය- එස්.ඩී. බර්මන්

හින්දි ගීතයේ රංගනය - සුනිල් දත්/නූතාන්

හින්දි සංගීතය - එස්.ඩී. බර්මන්

හින්දි ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=g9eppdrcyHI




04.

සිංහල ගීතය-

අඩු කුලේ කියාලා අසරණයා

සිංහල ගීතය ගායනය - ඒ.ජේ. කරීම්

හින්දි ගීතය- ජිල් තුජේ දයා තා රකෙනේකෝ (Dil Tujhe Dia Tha Rakhneko)

හින්දි චිත්‍රපටය - මල්හාර් (Malhar) වර්ෂය - 1951

හින්දි ගීතය ගායනය- මුකේශ් (ගායක මුකේශ් විසින් නිෂ්පාදනය කරන ලද එකම චිත්‍රපටය මෙයයි.)

හින්දි ගීතයේ රංගනය - අර්ජුන් බක්ෂි (ඔහුගේ දියණිය ජෝති බක්ෂි Jyoti Bakshi නම් නිළියකි. ඇයද අකාලයේ මියගිය අතර හුදකලාව මියගිය අඩක් නරක් වූ ඇගේ සිරුර ඇගේ නවාතැනේ තිබියදී
සොයාගත් බව වාර්තා වල දැක්වේ.) /ශම්මි (දැන් ඇය ශම්මි ආන්ටි නමින් හඳුන්වයි.)

හින්දි සංගීතය - රොෂාන්

හින්දි ගීතයේ යූ ටියුබය -

http://www.youtube.com/watch?v=EWuuhv9PKUw



05.

සිංහල ගීතය-

හිනැහේවී බෝනික්කා ඇස් නලවා බලබලා

සිංහල ගීතය ගායනය - මල්ලිකා කහවිට

හින්දි ගීතය- සප්නෝකී දෝ බන්දී (Sapnon Ki Dor Bandhi)

හින්දි චිත්‍රපටය - ඝාර් සන්සාර් (Ghar Sansar) වර්ෂය - 1958

හින්දි ගීතය ගායනය- ආශා බෝස්ලෙ

හින්දි ගීතයේ රංගනය - නාගිස්

හින්දි සංගීතය - රවි

හින්දි ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=QgFisKnWDtA


06.

සිංහල ගීතය-

සෝබන චන්ද්‍රා නැග එනවා

සිංහල ගීතය ගායනය - කාන්ති වක්වැල්ල

හින්දි ගීතය- බූලෙනෙ වාලේ යාදන ආ (Bhoolne Wale Yaad Na Aa)

හින්දි චිත්‍රපටය - අනෝකි ආදා (Anokhi Aada) වර්ෂය - 1948

හින්දි ගීතය ගායනය- මුකේශ්

හින්දි ගීතයේ රංගනය - සුරේන්ද්‍ර

හින්දි සංගීතය - නෞෂාඩ් අලි

හින්දි ගීතයේ යූ ටියුබය



07.

සිංහල ගීතය-

සැප නෑ අහෝ මේ ලෝකයේ

සිංහල ගීතය ගායනය - රුක්මනී දේවී

හින්දි ගීතය- බලමා බඩා නා දානරේ (Balma Bada Nadan Re)

හින්දි චිත්‍රපටය - අල්බෙලා (Albela) වර්ෂය - 1951

හින්දි ගීතය ගායනය- ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - බගවාන්/ ගීතා බාලි

හින්දි සංගීතය - සී. රාමචන්ද්‍ර

හින්දි ගීතයේ යූ ටියුබය -

http://www.youtube.com/watch?v=HC5QQCEKWTI



08.

සිංහල ගීතය-

අද හඬනවා හිමියනි යසෝදරා

සිංහල ගීතය ගායනය - රුක්මනී දේවී

හින්දි ගීතය- මෙරා සුන්දර් සප්නා බීත් ගයා (Mera Sunder Sapna Beet Gaya)

හින්දි චිත්‍රපටය - දෝ බායි (Do Bhai) වර්ෂය - 1947

හින්දි ගීතය ගායනය- ගීතා දත්

හින්දි ගීතයේ රංගනය - කමිනි කෞෂාල්

හින්දි සංගීතය - එස්.ඩී. බර්මන්

හින්දි ගීතයේ යූ ටියුබය -

http://www.youtube.com/watch?v=zaka9-uC0S4



09.

සිංහල ගීතය-

කරුණා මුහුදේ නාමු ගිලීලා

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්/ රාජලක්ෂ්මී

සිංහල සංගීතය- මොහොමඩ් ගවුස්

හින්දි ගීතය- තුම්නේ මුජිකෝ ප්‍රෙම් සීකායා (Tumhi Ne Mujhko Prem Seekhaya)

හින්දි චිත්‍රපටය - මන්මෝහන් (Manmohan) වර්ෂය - 1936
(මෙය පැරණිම චිත්‍රපටයකි)

හින්දි ගීතය ගායනය- සුරේන්ද්‍ර/ බිබෝ 
(බිබෝ හින්දි සිනමාවේ ප්‍රථම සංගීත අධ්‍යක්ෂවරියද වේ. ඇය 1934දී ඇඩ්ලි ජහන්ගිර් චිත්‍රපටයට සංගීතය සැපයුවාය.)

හින්දි ගීතයේ රංගනය - සුරේන්ද්‍ර/ බිබෝ

හින්දි සංගීතය - අශොක් ගෝස්

හින්දි ගීතයේ යූ ටියුබය -

http://www.youtube.com/watch?v=Q2kO0ynMJ68



10.

සිංහල ගීතය-

මා ඔබේ සකුන්තලා

සිංහල ගීතය ගායනය - සුජාතා අත්තනායක

හින්දි ගීතය- නා කොයි උමං හයි (Na Koi Umang Hai)

හින්දි චිත්‍රපටය - කටි පතං (Kati Patang) වර්ෂය - 1970

හින්දි ගීතය ගායනය- ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - රාජේශ් ඛන්නා/ ආශා පරේක්

හින්දි සංගීතය - ආර්.ඩී. බර්මන්

හින්දි ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=enn7jX2-vIQ



11.

සිංහල ගීතය-

සත්‍යයි ඔබේ දර්ශනේ

සිංහල ගීතය ගායනය - සුජාතා අත්තනායක

හින්දි ගීතය- සත්‍යම් ශිවම් සුන්දරම් (Satyam Shivam Sundaram)

හින්දි චිත්‍රපටය - සත්‍යම් ශිවම් සුන්දරම් (Satyam Shivam Sundaram) වර්ෂය - 1978

හින්දි ගීතය ගායනය- ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - ශෂී කපූර්/ සීනට් අමාන්

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරේලාල්

හින්දි ගීතයේ යූ ටියුබය -

http://www.youtube.com/watch?v=BdU3qP5EYoY




12.

සිංහල ගීතය-

පායා ඇයි හිනැහෙන්නේ - නිල් ගුවනේ තරු රාශී

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල

සිංහල සංගීතය- මොහොමඩ් සාලි

හින්දි ගීතය- අජි කිබ්ලා (Toote Hue Khwabon Ne)

හින්දි චිත්‍රපටය - මධුමතී (Madhumati) වර්ෂය - 1958

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - දිලිප් කුමාර්/ වෛජයන්තිමාලා

හින්දි සංගීතය - සලීල් චෞද්රි

හින්දි ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=xkjfF11k7ls



13.

සිංහල ගීතය-

සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝලා

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල

හින්දි ගීතය- බකම බකම (Bakkamma Bakkama)

හින්දි චිත්‍රපටය - ශත්රානි (Shatrani) වර්ෂය - 1969

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි/ ශර්ධා

හින්දි ගීතයේ රංගනය - ශෂීකලා / රාජේන්ද්‍ර කුමාර්

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය -

http://www.youtube.com/watch?v=aAJ4asMYepc



14.

සිංහල ගීතය-

වයන්න සිතාරේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල

සිංහල සංගීතය- එම්.කේ.රොක්සාමි

හින්දි ගීතය- බදන් පෙ සිතාරේ (Badan Pe Sitare Lapete)

හින්දි චිත්‍රපටය - ප්‍රින්ස් (Prnice) වර්ෂය - 1969

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - ශම්මි කපූර්/වෛජයන්ති මාලා

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=MkABeVCv4lw



15.

සිංහල ගීතය-

අඬන්නෙ ඇයි සුදු මැණිකේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල

සිංහල සංගීතය- එම්.කේ.රොක්සාමි

හින්දි ගීතය- තුමාර චාහෙන වාලා (Tum Haara Chaahanewala)

හින්දි චිත්‍රපටය - කහින් දින් කහින් රාත්(Kahin Din Kahin Raat) වර්ෂය - 1968

හින්දි ගීතය ගායනය- මහේන්ද්‍ර කපූර්/ ආශා බොස්ලි

හින්දි ගීතයේ රංගනය - බිස්වාජිත්/

හින්දි සංගීතය - ඕ.පී.නයියාර්

හින්දි ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=nspiSdUFoNg


16.

සිංහල ගීතය-

මල් හී ගෙන එයි මල් සරා

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල

හින්දි ගීතය- ලා කෝහෙයා හා දිල් වලේ (Laakhon Hain Ya Haa)

හින්දි චිත්‍රපටය - කිස්මත්(Kismat) වර්ෂය - 1968

හින්දි ගීතය ගායනය- මහේන්ද්‍ර කපූර්

හින්දි ගීතයේ රංගනය - බිස්වාජිත්

හින්දි සංගීතය - ඕ.පී.නයියාර්

හින්දි ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=IU9FoPrst0c



17.

සිංහල ගීතය-

පෙර ඇගෙයි මගෙයි කතන්දරේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල

හින්දි ගීතය- ස වෙරේ වලි ගඩී සේ (Savere Wali Gaadi Se)

හින්දි චිත්‍රපටය - ලාත් සාබ් (Laat Saab) වර්ෂය - 1967

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි/ ආශා බෝස්ලි

හින්දි ගීතයේ රංගනය - ශම්මි කපූර්

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=QStCnvJ0CJU



18.

සිංහල ගීතය-

අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල

සිංහල සංගීතය- එම්.කේ.රොක්සාමි

හින්දි ගීතය- අජි ඒසා මෝකා (Aji Aisa Moka)

හින්දි චිත්‍රපටය - ඇන් ඊවිනින් ඉන් පැරිස් (An Evening in Paris) වර්ෂය - 1967

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - ශම්මි කපූර්

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=2zGp3kLdsFk



19.

සිංහල ගීතය-

රත්තරන් පෙම් පුරාණේ හි සිතුවම් මකා

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල

හින්දි ගීතය- තුම් අගර් සාති දේ නේකා වාදා කරෝ (Tum Agar Saathh Dene Ka)

හින්දි චිත්‍රපටය - හම්රාස් (Hamraaz) වර්ෂය - 1967

හින්දි ගීතය ගායනය- මහේන්ද්‍ර කපූර්

හින්දි ගීතයේ රංගනය - සුනිල් දත්/මුම්ටාස්

හින්දි සංගීතය - රවි

හින්දි ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=XXICci7VtbU



20.

සිංහල ගීතය-

එපා එන්න කියලා මොකෝ මැණිකෙ කිව්වේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල

හින්දි ගීතය- අජී හම්සෙ බචේ කර් (Aj Hamse Bachkar)

හින්දි චිත්‍රපටය - ආර්සෝ (Arzoo) වර්ෂය - 1965

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - රාජේන්ද්‍ර කුමාර්/ සධානා

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=LFzTQ1qJyag


21.

සිංහල ගීතය-

ආදර මධුර අතීතේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල

හින්දි ගීතය- කොයි ජබ රාහන පායේ (Ko Jab Rah Na Paye)

හින්දි චිත්‍රපටය - දෝස්ති (Dosti) වර්ෂය - 1964

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - සුධීර් කුමාර්

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරේලාල්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=SYAgl9nDoY8



22.

සිංහල ගීතය-

මම ආදරේ කියන්නම් ඔබ ගැනම සිත බලන්නම්

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල

හින්දි ගීතය- මෙන් ප්‍යාරකා දිවානා (Main Pyar Ka Deewana)

හින්දි චිත්‍රපටය - අයි මිලාන් කී බෙලා (Ayee Milan Ki Bela) වර්ෂය - 1964

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - රාජේන්ද්‍ර කුමාර්

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=l40H2fIDcYI



23.

සිංහල ගීතය-

කඳුලැල් සලා දෙනෙත් පියවිලි නෑවිලා ඔබේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල

හින්දි ගීතය- ඉතිනී හසින් ඉතිනි (Itnee Haseen Itni Jawan Raat Kya Karen)

හින්දි චිත්‍රපටය - ආජ් ආර් කාල් (Aaj Aur Kaal) වර්ෂය - 1963

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - සුනිල් දත්

හින්දි සංගීතය - රවි

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=wxPOBc-Gjbk



24.

සිංහල ගීතය-

රන් තිලකා පොඩි සුමනා මුතු ශීලා කළු මැණිකා

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල

හින්දි ගීතය- අජි කිබ්ලා (Aji Qibla)

හින්දි චිත්‍රපටය - පිර් වොහී දිල් ලයා හූන් (Phir Wohi Dil Laya Hoon) වර්ෂය - 1963

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - ජෝයි මුකර්ජි/ ආශා පරේක්

හින්දි සංගීතය - ඕ.පී. නයියාර්

හින්දි ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=UP3Nq-Zh8Xk


25.

සිංහල ගීතය-

මේ නොනිමෙන දිවි ගමනේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල
හින්දි ගීතය- අයෙ මේරෙ දිලේ නාදන් (Aye Mere Dil e Nadan)

හින්දි චිත්‍රපටය - ටවර් හවුස් (Tower House) වර්ෂය - 1962

හින්දි ගීතය ගායනය- ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - ශකිලා

හින්දි සංගීතය - රවි

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=ui0fPCpl7g0



26.

සිංහල ගීතය-

ආනන්ද සාගරේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල

හින්දි ගීතය- සෝ සාල් පෙහේලී (Saul Saal Pehle)

හින්දි චිත්‍රපටය - ජබ් ප්‍යාර් කිසි සේ හෝතාහයි (Jab Pyar Kisi Se Hota Hai) වර්ෂය - 1961

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - දේව් ආනන්ද්/ ආශා පරේක්

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=eOQe3JHi7rA



27.

සිංහල ගීතය-

මා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල

හින්දි ගීතය- මේ සින්ද ගීක සා (Main Zindagi Ka Sa)

හින්දි චිත්‍රපටය - හුම් දෝනෝ (Hum Dono) වර්ෂය - 1961

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - දේව් ආනන්ද්

හින්දි සංගීතය - ජයදේව්

හින්දි ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=ZwDvIZA-H9A



28.

සිංහල ගීතය-

නින්ද නේන රාත්‍රියේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල

හින්දි ගීතය- චෝද වින්ක චාදු හෝ (Chaudhvin Ka Chand)

හින්දි චිත්‍රපටය - චෝද වින්ක චාන්ද් (Chaudhvin Ka Chand) වර්ෂය - 1960

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - ගුරු දත්/වහීදා රාමන්

හින්දි සංගීතය - රවි

*මොහොමඩ් රාෆිගේ මුල් කටහඬ මෙහිදී ඔබට ඇසිය හැක.

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=5Ud2rsMT5ng



29.

සිංහල ගීතය-

ලස්සනයි බලන්න ඔයාගේ මල් සිනා

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල

හින්දි ගීතය- යාර චුල්බුලා හේ (Yaar Chulbula Hai)

හින්දි චිත්‍රපටය - දිල් දෙකේ දේකෝ (Dil Deke Dekho) වර්ෂය - 1959

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි/ ආශා බෝස්ලි

හින්දි ගීතයේ රංගනය - ෂම්මි කපූර්/ ආශා පරේක්

හින්දි සංගීතය - ඌෂා ඛන්නා/සොනික්

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=qdeR1EhNAm8



30.

සිංහල ගීතය-

පනවාගේ හිටියාට වෙන්වීලා ගියදාට

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල
දෙමළ ගීතය- උන්නයි කන්දු නානාද (Unnai kandu naa naada )

දෙමළ චිත්‍රපටය - කල්යාන පරිසු (Kalyana Parisu) වර්ෂය - 1959

දෙමළ ගීතය ගායනය- පී.සුෂීලා

දෙමළ ගීතයේ රංගනය - සරෝජා දේවී

දෙමළ සංගීතය - ඒ.එම්.රාජා

දෙමළ ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=n3WnsDpHwA0



31.

සිංහල ගීතය-

බලා ඉන්නවානේ - බලා උන්නෙ සැමදා

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල

හින්දි ගීතය- බලා කර්නෙ වාලේ (Bhala Karne Wale)

හින්දි චිත්‍රපටය - ඝාර් සන්සාර් (Ghar Sansar) වර්ෂය - 1958

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය -බාල්රාජ් සහිනි/ නාර්ගිස්

හින්දි සංගීතය - රවි

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=elI8-QFiCT0



32.

සිංහල ගීතය-

අනංගයා මං අනංගයා

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල

හින්දි ගීතය- යෙහී තොහේ වෝ (Yehi To Hai Woh)

හින්දි චිත්‍රපටය - සොල්වා සාල් (Solva Saal) වර්ෂය - 1958

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - දේව් ආනන්ද්/ වහීදා රාමන්

හින්දි සංගීතය - එස්.ඩී. බර්මන්

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=Lq3EGSmngQ4



33.

සිංහල බයිලා ගීතය-

හායි හූයි බබි ආච්චිගෙ බයිසිකල් එක

සිංහල ගීතය ගායනය - වොලී බැස්ටියන්

ඉංග්‍රීසි ගීතය- Repasz Band March

ඉංග්‍රීසි ගීතය ගායනය- හැරී ජේ. ලින්කන් (1929)

ඉංග්‍රීසි ගීතයේ නූතන සංධවනිය අඩංගු

යූ ටියුබය - http://www.youtube.com/watch?v=nUcPaaKOokA




34.

සිංහල බයිලා ගීතය-

බිව්ව නේද වදකහ සුදිය

සිංහල ගීතය ගායනය - වොලී බැස්ටියන්

ඉංග්‍රීසි ගීතය- I've Got a Lovely Bunch of Coconuts

ඉංග්‍රීසි ගීතය ගායනය- ෆ්‍රෙඩ් හෙතර්ටන් (Fred Heatherton) (1944)

ඉංග්‍රීසි ගීතයේ නූතන සංධවනිය අඩංගු

යූ ටියුබය - http://www.youtube.com/watch?v=nf670orHKcA





35.

සිංහල ගීතය-

පාවෙන පීරිසියක් උඩ නැගලා (කුරුමිට්ටෝ)

සිංහල ගීතය ගායනය - සුනිල් පෙරේරා ඇතුළු ජිප්සීස්

ඉංග්‍රීසි ගීතය- The Smurf Song -1978

ඉංග්‍රීසි ගීතය ගායනය- Father Abaham and the Smurfs

ඉංග්‍රීසි ගීතය අඩංගු රූපවාහිනී වීඩියෝවේ


යූ ටියුබය - http://www.youtube.com/watch?v=kWbMikrZ91U



6 comments:

  1. ඉතාම අපූරු ගැළපීමක්. බෙහෙවින් ස්තුතියි ඔබට.

    ReplyDelete
    Replies
    1. ප්‍රමාදවී ඔබේ ප්‍රතිචාරයට ප්‍රතිචාර දැක්වීම ගැන සමාවන්න. ස්තුතියි.

      Delete
  2. චන්දනගේ ලින්ක් එක දිගේ ආවේ. අපි පොඩි කාලේ නිතර මේ සිංදු ඇහුණා. දැන් ඇහෙන්නේ නෑ. ඔයාගේ මතක් කිරීමට ස්තුතියි. ඉදිරියේදී මේ බ්ලොග් එකට කට්ටිය එයි.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ හින්දි ගීතත් සිංහල ගීතත් කොච්චර මිහිරිද? අද වුණත් හොඳ ඒවා ඉඳහිට බිහිවෙනවා. බොහෝ ඒවා සතියකින් බැහැල යනවා. උදාහරණයක් විදියට එන්න නංගි එන්න මල්ලි නැගිටලා සිදුව ගන්න. ඒක ආපු අලුත පුදුම විදයට ජනප්‍රිය වුන ගීතයක්. අද ඒක තරුණ පරපුරේ කිසි කෙනෙක් ගායනා කරන්නෙ නැහැ. කවුරුහරි ගායනා කරනව ඇහුනොත් ඔහුට විහිළු කරනව ඕක පරණයිත ලේටස්ට් එකක් කියන්නකො කියල. නමුත් මෙරේ සප්නො කී රානි වගේ හින්දි ගීතයක් හෝ සිතුම් සඳ ආදරේ උදාවේදෝ වැනි ගීතයක් අවුරුදු ගණනාවක් ගියත් කාගෙත් මුවග රැව්දෙනවා.

      Delete
  3. විශිෂ්ටයි. නැවතත් මෙවැනි ලිපි ලියන්න. අපි ඉතාමත් ආසාවෙන් කියවනවා. ඔබට ජය

    ReplyDelete
  4. හරිම අපූරුයි.මමත් හින්දි ගීත වලට හරිම ප්‍රිය කරනව. හින්දි තනුවලට ගැයුණු සිංහල ගීත හොයන්න පුදුම ආසාවක් තියෙනව මටත්. මේටික දැක්කම හරිම සතුටක් දැනුනෙ. ගොඩක්ම ස්තූතියි...🙏🙏🙏

    ReplyDelete

මේවාත් බලන්න

Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර

Alive (එලයිව්) “පණපිටින් ”/ “ජීවතුන් අතර ” 1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින ...