Wednesday, October 30, 2013

ජනප්‍රිය සිංහල චිත්‍රපට ගීත වලට පාදකවූ ජනප්‍රිය හින්දි චිත්‍රපට ගීත

ORIGINS OF POPULAR SINHALA FILM SONGS 
(HINDI SONGS WITH YOUTUBE LINKS)

ජනප්‍රිය සිංහල චිත්‍රපට ගීත වලට පාදකවූ ජනප්‍රිය හින්දි චිත්‍රපට ගීත යූටියුබ් ලින්ක් සමග



මෙන්න තවත් ඒ ආශ්‍රිත හින්දි ගීත ලැයිස්තු දෙකක්. 
(සිංහල ජනප්‍රිය ගුවන් විදුලි ගීතවල මුල් හින්දි ගීත) http://ayoma-jayasinghe.blogspot.com/2013/12/blog-post.html


(සිංහල පැරණි චිත්‍රපට ගීතවල මුල් හින්දි ගීත) http://ayoma-jayasinghe.blogspot.com/2014/01/old-sinhala-movie-songs.html


සිංහල චිත්‍රපටයේ ස්වර්ණමය යුගය ලෙස ඇතැම් විචාරකයන් විසින් හඳුන්වනු ලබන්නේ 60 හා 70 දශකයන්ය. එයට හේතුව ඒ කාලයට සාපේක්ෂව විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සිනමා ශාලාවලට ගෙන්වා ගැනීමට සිනමා කර්මාන්තයේ නියුතුවූවන් සමත් වූ බැවිනි. එකල සිංහල චිත්‍රපට ජනප්‍රිය වීමට හේතු ගණනාවක් බලපෑවේය. අද මෙන් රූපවාහිනිය, අන්තර්ජාලය, ස්මාට්ෆෝන් වැනි මාධ්‍ය නොතිබූ එම යුගයේ ජනතාවට විනෝදාස්වාදය සඳහා ගුවන්විදුලියට අමතරව තිබූ එකම ප්‍රබල මාධ්‍යය වූයේ සිනමාවයි. ජනතාව බොහෝ ආදරය කළ ප්‍රවීණ නළු නිළියන් එම චිත්‍රපටවල රඟපෑම තවත් හේතුවකි. කතා තේමාව දුර්වල තත්වයක තිබුණත් එම චිත්‍රපට ජනප්‍රිය වීමට බලපෑ තවත් ප්‍රධාන කරුණක් වූයේ මධුර මනෝහර ගී තනු වලින් පෝෂිත ගීත සමුදායයි. එම ගීතනු එතරම්ම අපේ හදවත් වලට කා වැදෙන්නට යම් සුවිශේෂී කරුණක් බලපෑවේය. එනම් එම යුගයේ ඉන්දියාවේ නිපදවූ හින්දි චිත්‍රපට සඳහා නිර්මාණයවූ සුමධුර ගී තනු ලංකාවේ චිත්‍රපට ගී සඳහා බලපෑමක් ඇති කළ බැවිනි. 

මා මතුවට විස්තර කරන්නේ එකල ජනප්‍රිය වූ මෙම සිංහල චිත්‍රපට පසුබිම් ගීත ගැනය. බෝහෝ දෙනා දන්නා පරිදි මෙම ගීත වැඩිහරියක් හින්දි කොපි වේ. එනම් එම ගීතවල තනු එකල හින්දි චිත්‍රපටවල ජනප්‍රිය වූ හින්දි ගීතවල තනුම වේ. හින්දි තනුවට සිංහල පදමාලාව යොදාගැනීමෙන් කදිම තනුවක් සහිත නව සිංහල ගීතයක් බිහිකිරීම එකල බහුල ලෙස අපේ චිත්‍රපට කර්මාන්තයේදී සිදුවිය. මේ සඳහා දායකවූවන් කිහිපදෙනෙක් අපේ සිහියට නැගේ. හින්දි තනු වලට ගැලපෙන සිංහල වචන යොදා සැකසීමට උපන්හපන්කම් දැක්වූවන් අතර පෙරටම සිටින්නේ ගීත රචක කරුණාරත්න අබේසේකරයන්ය. ඔහු ලියූ ගීත වැඩිහරියක් ගායනා කළේ එච්.ආර්.ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, සුජාතා අත්තනායක, මිල්ටන් පෙරේරා වැනි ගායක ගායිකාවන්ය. ඒ අනුව එම බෝහෝ සිංහල ගීතවලට අනුරූප මුල් හින්දි ගීයක් බැගින් පවතී. 

සිංහල ගීය ඔබ නිතර අසා ඇතත් එහි මුල් හින්දි ගීය ඇතැම් විට ඔබ අසා නැතුවා විය හැක. අන්තර්ජාලය පීරද්දී එවැනි ගීත ලැයිස්තුවක් මට ලැබිණි. මෙම ලැයිස්තුව පරීක්ෂා කරද්දී මම මවිතයට පත්වීමි. අපි අපේම ගීත නිර්මාණ කියා මෙතෙක් සිතාගෙන සිටි ගීත සිය ගණනක්ම හින්දි හෝ ද්‍රවිඩ, පකිස්ථාන් එහෙම නැත්නම් බීට්ල්ස් වැනි විදේශ මූලාශ්‍ර වලින් අනුකරණය කළ ඒවාය. ඒ අනුව එම යුගයේදී ලංකාවේ ආර් මුත්තුසාමි, පී.එල්.ඒ. සෝමපාල, ආර්.ඒ. චන්ද්‍රසේන, එස්. දක්ෂිණමූර්ති, බී.එස්. පෙරේරා, ටී.එෆ්. ලතීෆ්, මොහොමඩ් සාලි, එම්.කේ. රොක්සාමි වැනි සංගීතඥයින් විසින් මුල් හින්දි ගීයේ තනුව ලබාගෙන දේශීය වාදන ශිල්පීන් ලවා නැවත සංගීතය නිර්මාණය කර අපේ සිංහල ගීත වලට එකතුකර තිබෙන බව පැහැදිලි වේ. මුල් ගී තනු නිර්මාණය කර ඇත්තේ ඉන්දියාවේ ප්‍රකට සංගීතඥයින් වන ශන්කර් ජායිකිෂන්, ලක්ෂ්මීකාන්ත් ප්‍යොරේලාල්, ආර්.ඩී. බර්මන්, එස්.ඩී. බර්මන්, ඕ.පී.නයියාර්,නෞෂාඩ් අලි,කල්යාන්ජි ආනන්ජි වැන්නවුන් විසිනි. 

එම මුල් හින්දි ගීත ශ්‍රවණය කිරීමට හෝ නැරඹීමට අද අපට හැකිද? එක්තරා කාලයක ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් මෙවැනි සිංහල හා හින්දි ගීත වැඩසටහන් ප්‍රචාරය වූවා අපට මතකය. රවිලාල් විමලධර්මයන් හා රංජිත් එදිරිසිංහයන් වැන්නන් මහත් කැපවීමකින් එවැනි වැඩසටහන් රසිකයන් වෙත ගෙන ආහ. රූපවාහිනී නාලිකාවකින් හෝ ගුවන්විදුලි නාලිකාවකින් ඉඳහිට ඒවා ප්‍රචාරය හෝ විකාශය වුවත් තරගකාරී ලෝකයක ජීවත්වන අපට ඒවා රසවිඳීමට පහසු කාලයක් වෙන්කරගත හැකිද ? කිසිසේත්ම නොහැක. හේතුව අපට අවශ්‍ය වූ වේලාවක ඒවා ප්‍රචාරය හෝ විකාශය නොවන නිසාය. පහසුවෙන් පැරණි හින්දි ගීත වලට සවන්දීමට මෙන්ම එම මුල් ගීත අඩංගු හින්දි චිත්‍රපටවල වීඩියෝ දර්ශන සමගින් එය රසවිඳීමටද දැන් ඔබට අවස්ථාව ලැබී තිබේ. ඒ යූටියුබය හරහාය. 

මා වෙත ලැබුණු තුන්සීයයක් පමණවූ ගීත ලැයිස්තුවෙන් වඩාත්ම ජනප්‍රිය සිංහල ගීත 84 ක් තෝරා ඔබට ඉදිරිපත් කරමි. ඒ සමග එහි හින්දි ගීතයද, එහි යූ ටියුබයද, ගායනා කළ හා රඟපෑ ශිල්පීන්ද, සිංහල හා හින්දි සංගීත අධ්‍යක්ෂවරුන් දෙදෙනාද යන විස්තර මහත් ආයාසයකින් සොයාගෙන එයට ඇතුලත් කළෙමි. ඒවා මේ ගැන අධ්‍යයනය කරන්නෙකුටද උපකාරී වේ. මෙහි සදොස් තැන් ඇතොත් ඒවා නිවැරදි කිරීමට ඔබගේ සහයෝගයද අපේක්ෂා කරමි.


01.

සිංහල ගීතය-

මධුර යාමේ - සුහද සාමේ

සිංහල ගීතය ගායනය - ආර්. මුත්තුසාමි / සුජාතා අත්තනායක

සිංහල චිත්‍රපටය - සිතක මහිම (වර්ෂය - 1965)

සිංහල ගීතයේ රංගනය - අසෝක පොනනම්පෙරුම / රීටා රත්නායක

සිංහල සංගීතය - ආර්. මුත්තුසාමි

හින්දි ගීතය- ආජ ආජරේ-තුජිකො මේරා ප්‍යාර් පුකාරේ

(Aa Ja Aa Ja Re - Tujhko Mera Pyar Pukare)

හින්දි චිත්‍රපටය - ගුම්රා (GUMRAH) (වර්ෂය - 1963)

හින්දි ගීතය ගායනය - මහේන්ද්‍ර කපූර් / ආශා බෝස්ලි

හින්දි ගීතයේ රංගනය - සුනිල් දත් / මාලා සිංහ

හින්දි සංගීතය - රවි

හින්දි ගීතයේ යූ ටියුබය -

http://www.youtube.com/watch?v=o-IVg8Zedng



02.

සිංහල ගීතය-

පෙර ආත්මයක එක රාත්‍රියක මධු කුසලානෙ දෙතොලේ රැදෙව්වේ ඒ ඔබයි සොදුරේ ඔබයි මිහිරේ

සිංහල ගීතය ගායනය - මිල්ටන් පෙරේරා - සුජාතා අත්තනායක

සිංහල චිත්‍රපටය - ?

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය -

හින්දි ගීතය- මෙරා ප්‍යාර්බි තු හයි (mera pyar bhi tu hai)

හින්දි චිත්‍රපටය - සාති (Saathi) වර්ෂය - 1968

හින්දි ගීතය ගායනය- මුකේෂ් / සුමන් කල්යාන්පූර්

හින්දි ගීතයේ රංගනය - වෛජයන්ති මාලා / රාජේන්ද්‍ර කුමාර්

හින්දි සංගීතය - නෞෂාඩ්

හින්දි ගීතයේ යූ ටියුබය -
hhttps://www.youtube.com/watch?v=iXprkd-pA_M


03.

සිංහල ගීතය-

කලක් තිස්සේ සිතක් පතුලේ

පිපී රන්වන් මලක් පිපුණේ


සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල- ඇන්ජලින් ගුණතිලක

සිංහල චිත්‍රපටය - තුෂාරා (වර්ෂය - 1973)

සිංහල ගීතයේ රංගනය - විජය කුමාරතුංග / මාලනී ෆොන්සේකා

සිංහල සංගීතය -

හින්දි ගීතය- මුජේ තේරී මොහාබතකා සහාරා (Mujhe Teri Mohabbat Ka Sahara)

හින්දි චිත්‍රපටය - ආප් අයේ බහාර් අයී (Aap Aaye Bahar Aayee)
වර්ෂය - 1971

හින්දි ගීතය ගායනය- මොහමඩ් රාෆි/ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - සධානා ශිවදාසනී / රාජේන්ද්‍ර කුමාර්

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරේලාල්

හින්දි ගීතයේ යූ ටියුබය 

https://www.youtube.com/watch?v=Qv1idZity_c



04.

සිංහල ගීතය-

ආවා පෙම්වතා යන්නේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල- ඇන්ජලින් ගුණතිලක

සිංහල චිත්‍රපටය - ස්වීප් ටිකට් (වර්ෂය-1965)

සිංහල ගීතයේ රංගනය - සුදේශ් ගුණරත්න / විජිත මල්ලිකා

සිංහල සංගීතය -

හින්දි ගීතය- ආජා ආ බහාර් (Aaja Aai Bahar)

හින්දි චිත්‍රපටය - රාජ් කුමාර් (Raj Kumar) වර්ෂය - 1964

හින්දි ගීතය ගායනය- ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - සධානා ශිවදාසනී / ෂම්මි කපූර්

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=lgN9PURVpHw



05.

සිංහල ගීතය-

රාං කුරුල්ලෝ රෑනේ උන් ඒ රාං කිරිල්ලී කොයි

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල

සිංහල චිත්‍රපටය - (කැසට් හෝ ගුවන්විදුලි ගීතයකි?)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය -

හින්දි ගීතය- ප්‍යාර් දිවානා හෝතා හයි (Pyar Deewana Hota Hai)

හින්දි චිත්‍රපටය - කාති පතන් (Kati Patang) වර්ෂය - 1970

හින්දි ගීතය ගායනය- කිෂෝර් කුමාර්

හින්දි ගීතයේ රංගනය - රාජේෂ් ඛන්නා / ආශා පරේක්

හින්දි සංගීතය - ආර්.ඩී. බර්මාන්

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=lslZptXok8o



06.

සිංහල ගීතය-

මහද නමැති වන බඹරා

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල

සිංහල චිත්‍රපටය -

සිංහල ගීතයේ රංගනය -

සිංහල සංගීතය -

හින්දි ගීතය- දිල් ක බන්වා කරේ පුකාර් (Dil Ka Bhanwar Kare Pukar)

හින්දි චිත්‍රපටය - තෙරේ ගා කේ සම්නේ (Tere Ghar Ke Samne) වර්ෂය - 1963

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - දේව් ආනන්ද් / නූතාන්

හින්දි සංගීතය - එස්.ඩී. බර්මාන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=pa97AQ0SyLs



07.

සිංහල ගීතය-

මේ ජීවනයේ මුළු සංසාරේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල

සිංහල චිත්‍රපටය - ඔන්න බබෝ බිල්ලෝ එනවා

සිංහල ගීතයේ රංගනය - ගාමිණී ෆොන්සේකා

සිංහල සංගීතය -

හින්දි ගීතය- යේ ජීවන් හේ (Yeh Jeevan Hai, Is Jeevan Ka)

හින්දි චිත්‍රපටය - ප්‍යොර් කා ගාර් (Pyar Ka Ghar) වර්ෂය - 1972

හින්දි ගීතය ගායනය- කිෂෝර් කුමාර්

හින්දි ගීතයේ රංගනය - ජයා බහදුරී/ අනිල් දවාන්

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරේලාල්

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=VnaLbRHE1PM



08.

සිංහල ගීතය-

සරා ගොයිය හරි මිනිහා

සිංහල ගීතය ගායනය - රුක්මනී දේවි

(මෙය ගුවන්විදුලි හෝ ග්‍රැමපෝන් ගීතයක් විය හැක)

හින්දි ගීතය- දි කා හල්සු නෙදිල් වලා (Dil ka haal sune dil waala)

හින්දි චිත්‍රපටය - ශ්‍රී 420 (Shri 420) වර්ෂය - 1955

හින්දි ගීතය ගායනය- මන්නාඩේ

හින්දි ගීතයේ රංගනය - රාජ් කපූර්

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=uBlBBJWBSQw



09.

සිංහල ගීතය-

කොල කඩ කඩ බොරුවට දෙනවා

සිංහල ගීතය ගායනය - රුක්මනී දේවි

(මෙය ගුවන්විදුලි හෝ ග්‍රැමපෝන් ගීතයක් විය හැක)
හින්දි ගීතය- උඩෙ ජබජබ සුෆෙන් තේරී (Ude Jab Jab Zulfen Teri)

හින්දි චිත්‍රපටය - නයා දවුර් (Naya Daur) වර්ෂය - 1957

(මෙය කළු සුදු චිත්‍රපටයක් වුවත් 2007 දී තාක්ෂණික ක්‍රම මගින් වර්ණ චිත්‍රපටයක් ලෙස පරිවර්තනය කෙරිණි)

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි / ආශා බෝස්ලි

හින්දි ගීතයේ රංගනය - දිලිප් කුමාර් / වෛජයන්තිමාලා

හින්දි සංගීතය - ඕ.පී. නයියාර්

හින්දි ගීතයේ යූ ටියුබය 
https://www.youtube.com/watch?v=Hr6SAJ5CfYc



10.

සිංහල ගීතය-

රෑ දවල් මල් හැගුම් සිරි පානා

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල / ඇන්ජලින් ගුණතිලක

සිංහල චිත්‍රපටය - ආදරේ හිතෙනව දැක්කම (1972)
සිංහල ගීතයේ රංගනය - විජය කුමාරතුංග / මාලිනී ෆොන්සේකා

සිංහල සංගීතය -
හින්දි ගීතය-සින්ද ගී ඒක් සෆර් (Zindagi Ek Safar Hai Suhana)

හින්දි චිත්‍රපටය - අන්දාස් (Andaz) වර්ෂය - 1971

හින්දි ගීතය ගායනය- කිෂෝර් කුමාර්

හින්දි ගීතයේ රංගනය - රාජේශ් ඛන්නා / හේමා මාලිනී

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=W3YaUx2VhFA




11.

සිංහල ගීතය-

සිතුම් පැතුම් සඳ ආදරේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල- ඇන්ජලින් ගුණතිලක

සිංහල චිත්‍රපටය - අභිරහස (1971)
සිංහල ගීතයේ රංගනය - විජය කුමාරතුංග / ස්වර්ණා කහවිට

සිංහල සංගීතය -
හින්දි ගීතය- ජනම් ජනම් කා සාති හේ (Janam Janam Ka Saath Hai)

හින්දි චිත්‍රපටය - අන්දාස් (Andaz) වර්ෂය - 1971

හින්දි ගීතය ගායනය- මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - ෂම්මි කපූර් / බබිතා කපූර්

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=70rmTY1Kf1k



12.

සිංහල ගීතය-

ඈත රටෙහි ජපානේ

සිංහල ගීතය ගායනය - ධර්මදාස වල්පොල

සිංහල චිත්‍රපටය - ?(මෙය ගුවන් විදුලි ගීතයක් ලෙස පෙනේ)
සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය -
හින්දි ගීතය- මේරා ජෝතා හෙ ජපානි (Mera Joota Hai Japani)

හින්දි චිත්‍රපටය - ශ්‍රී 420 (Shri 420) වර්ෂය - 1955

හින්දි ගීතය ගායනය- මුකේෂ්

හින්දි ගීතයේ රංගනය - රාජ් කපූර්

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=5wjGc1zGWBc



13.

සිංහල ගීතය-

ලෝ අම්බලමේ ඉඳලා එනවා - 
මේ පාර සොයා ආගන්තුකයා

සිංහල ගීතය ගායනය - ජික්කි (පසු කාලයේ -කලාවතී)

සිංහල චිත්‍රපටය - ?
සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය -
හින්දි ගීතය- දෝ දින් කෙලියේ (Do din ke liye)

හින්දි චිත්‍රපටය - බදාල් (Badal) වර්ෂය - 1951

හින්දි ගීතය ගායනය- ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - මධුබාලා

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=9Ps2H8zzl74



14.

සිංහල ගීතය-

සඳ මෝදුවෙලා අහසේ
සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල / ඇන්ජලින් ගුණතිලක

සිංහල චිත්‍රපටය - අප්සරා

සිංහල ගීතයේ රංගනය - ගාමිණි ෆොන්සේකා / වීණා ජයකොඩි?

*( එච්.ආර්. ජෝතිපාල සමග ලතා වල්පොලද මෙම ගීතයම
    ගායනා කර ඇත)

සිංහල සංගීතය -

හින්දි ගීතය- Diwana Hua Badal

හින්දි චිත්‍රපටය - කාෂ්මීර් කි කාලි (Kashmir Ki Kali) (වර්ෂය - 1964)

හින්දි ගීතය ගායනය - මොහොමඩ් රාෆි / ආශා බෝස්ලි

හින්දි ගීතයේ රංගනය - ෂම්මි කපූර් / ෂර්මිලා තාගෝර්

හින්දි සංගීතය - ඕ.පී. නයියාර්

හින්දි ගීතයේ යූ ටියුබය -


15.

සිංහල ගීතය-

ඝන අන්ධකාරයෙන් මිදී

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල / සුජාතා අත්තනායක

සිංහල චිත්‍රපටය - ?

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය -

හින්දි ගීතය-කොර කා ගස්තා යෙමන් මෙරා (Kora Kagaz Tha Ye Man Mera)

හින්දි චිත්‍රපටය - ආරාධනා (Aradhana) (වර්ෂය - 1969)

හින්දි ගීතය ගායනය - කිෂෝර් කුමාර් / ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - රාජේෂ් ඛන්නා / ෂර්මිලා තාගෝර්

හින්දි සංගීතය - එස්.ඩී. බර්මාන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=ql1-jjEPErw



16.

සිංහල ගීතය-

ආදරයෙන් වෙන්වීලා

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල / ඇන්ජලින් ගුණතිලක

සිංහල චිත්‍රපටය - ?

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය -
හින්දි ගීතය- Roop Tera Mastana

හින්දි චිත්‍රපටය - ආරාධනා (Aradhana) (වර්ෂය - 1969)

හින්දි ගීතය ගායනය - කිෂෝර් කුමාර් / ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - රාජේෂ් ඛන්නා / ෂර්මිලා තාගෝර්

හින්දි සංගීතය - එස්.ඩී. බර්මාන්

හින්දි ගීතයේ යූ ටියුබය -
17.

සිංහල ගීතය-

සමන් මල් පියල්ලේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල

සිංහල චිත්‍රපටය - ?

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය -

හින්දි ගීතය-‍ජොවාදා කියාවෝ (jo wada kiya wo nivana padega)

හින්දි චිත්‍රපටය - ටජ් මහල් (Taj Mahal) (වර්ෂය - 1963)

හින්දි ගීතය ගායනය - මොහොමඩ් රාෆි / ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - ප්‍රදීප් කුමාර්/ බීනා රවි

සංගීතය - රොෂාන්

හින්දි ගීතයේ යූ ටියුබය -

18.

සිංහල ගීතය-

මාලිගාවේ මහ රැජිණී

සිංහල ගීතය ගායනය - සුජාතා අත්තනායක

සිංහල චිත්‍රපටය - ධීවරයෝ (වර්ෂය - 1964)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - එම්.කේ. රොක්සාමි

දෙමළ ගීතය- කාට්ට රානි කොට්ටයිලෙයි - Kaatu Rani Kottaiyile
දෙමළ චිත්‍රපටය - තයයි කතා තනයන්- Thayai Katha Thanayan (වර්ෂය - 1962)

දෙමළ ගීතය ගායනය - පී. සුෂීලා

දෙමළ ගීතයේ රංගනය - බී.සරෝජා දේවී

දෙමළ සංගීතය - කේ.වී. මහාදේවන්

දෙමළ ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=vTPMXh5RKAM



19.

සිංහල ගීතය-

හිතේ දුකක් නැති මිනිහා

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල

සිංහල චිත්‍රපටය - සිතක මහිම (වර්ෂය - 1965)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ආර්. මුත්තුසාමි

හින්දි ගීතය- දිල් තේරා දීවානා හයි සනම් (Dil Tera Deewana Hai Sanam)

හින්දි චිත්‍රපටය - දිල් තේරා දීවානා (Dil Tera Deewana) (වර්ෂය - 1962)

හින්දි ගීතය ගායනය - මොහොමඩ් රාෆි / ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - ෂම්මි කපූර් / මාලා සිංහ

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=JwnXbIDm_EE



20.

සිංහල ගීතය-

විනෝද වෙන්න

සිංහල ගීතය ගායනය - මිල්ටන් පෙරේරා/ ස්වර්ණා කහවිට

සිංහල චිත්‍රපටය - යටගිය දවස (වර්ෂය - 1965)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ආර්. මුත්තුසාමි
හින්දි ගීතය- සරා සම්බාලිනා මෙරා ජාන් (Zara Sambhalna Meri Jaan)

හින්දි චිත්‍රපටය - ආයා තෝෆන් (Aaya Toofan) (වර්ෂය - 1964)

හින්දි ගීතය ගායනය - මුකේෂ් / ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - රංගන හා වාදක කණ්ඩායමක්

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=HWDjf7L7Ef8



21.

සිංහල ගීතය-

සැතපෙන කල විඳ නිදි සුවේ
සිංහල ගීතය ගායනය - සුජාතා අත්තනායක

සිංහල චිත්‍රපටය - අල්ලපු ගෙදර (වර්ෂය - 1965)

සිංහල ගීතයේ රංගනය - ක්ලැරිස්ද සිල්වා

සිංහල සංගීතය - ආර්. මුත්තුසාමි
දෙමළ ගීතය- කන්නම් එන්නුම් (Kannan Ennum )

දෙමළ චිත්‍රපටය - වෙනිර අදයි (Vennira Adai) (වර්ෂය - 1965)

දෙමළ ගීතය ගායනය - පී. සුෂීලා

දෙමළ ගීතයේ රංගනය - ජයලලිතා(හිටපු තමිල්නාඩු මහඇමතිනි)/ශ්‍රී කාන්ත්

දෙමළ සංගීතය - එම්.එස්.විශ්වනාදන් හා ටී.කේ.රාමමූර්ති

දෙමළ ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=maf5T9fC_J4



22.

සිංහල ගීතය-

චන්ද්‍රා මෙ රෑ පාය ආවා

සිංහල ගීතය ගායනය - එච්.ආර්. ජෝතිපාල/ සුජාතා අත්තනායක

සිංහල චිත්‍රපටය - සත පනහ (වර්ෂය - 1965)

සිංහල ගීතයේ රංගනය - ගාමිණී ෆොන්සේකා/ මාලිනි ෆොන්සේකා

සිංහල සංගීතය - ආර්. මුත්තුසාමි
හින්දි ගීතය- චන්දා සෙ හෝගාවො ප්‍යාරා (Chanda Se Hoga Wo Pyaara)

හින්දි චිත්‍රපටය - මේන් බි ලද්කි හූන් (Main Bhi Ladki Hoon) (වර්ෂය - 1965)

හින්දි ගීතය ගායනය - පී.බී. ශ්‍රී නිවාසන්/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - මීනා කුමාරි/ධර්මේන්ද්‍ර

හින්දි සංගීතය - චිත්‍රගුප්ත

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=qh7hS8sqpjc



23.

සිංහල ගීතය-

මල්සරාට ප්‍රේම ලෝකෙ

සිංහල ගීතය ගායනය - සුජාතා අත්තනායක

සිංහල චිත්‍රපටය - සත පනහ (වර්ෂය - 1965)

සිංහල ගීතයේ රංගනය - සන්ධ්‍යා කුමාරි

සිංහල සංගීතය - ආර්. මුත්තුසාමි
හින්දි ගීතය- සුන්ලෙ මේරි පයාල් (Sun Le Meri Payal Ke Geet)

හින්දි චිත්‍රපටය - සසුරාල් (Sasuraal) (වර්ෂය - 1961)

හින්දි ගීතය ගායනය - ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - බී.සරෝජා දේවී

හින්දි සංගීතය - ෂන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=V_8fjVUYCuY



24.

සිංහල ගීතය-

හොඳ සිරියාවයි අකාසේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල / ඇන්ජලින් ගුණතිලක

සිංහල චිත්‍රපටය - ස්වීප් ටිකට් (වර්ෂය - 1965)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගීතය- ජබ්සේ බනි හයි (Jabse Bani Hai Yeh Duniya)

හින්දි චිත්‍රපටය - ආඕ ප්‍යාර් කරෙන් (Aao Pyaar Karen) (වර්ෂය - 1964)

හින්දි ගීතය ගායනය - මහේන්ද්‍ර කපූර්/ ඌෂා ඛන්නා

හින්දි ගීතයේ රංගනය - ජෝ මුකර්ජි / සයිරා බානු

හින්දි සංගීතය - ඌෂා ඛන්නා (ඉන්දියානු සංගීත ඉතිහාසයේ ප්‍රථම සංගීත අධ්‍යක්ෂවරිය)

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=CWTvbV4TFXk



25.

සිංහල ගීතය-

ආවා පෙම්වතා යන්නේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල / සුජාතා අත්තනායක

සිංහල චිත්‍රපටය - ස්වීප් ටිකට් (වර්ෂය - 1965)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගීතය- ආජා.. අයෙ බහාර් (Aaja Aye Bahar)

හින්දි චිත්‍රපටය - රාජ් කුමාර් (Rajkumar) (වර්ෂය - 1964)

හින්දි ගීතය ගායනය - ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - ෂම්මි කපූර්/ සධානා

හින්දි සංගීතය - ෂන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=vM9jszm63RM



26.

සිංහල ගීතය-

මේ ලෝකේ සියල්ලෝ හිනාවෙන්නෙ ඇයිදෝ
සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල

සිංහල චිත්‍රපටය - ස්වීප් ටිකට් (වර්ෂය - 1965)

සිංහල ගීතයේ රංගනය - ජෝ අබේවික්‍රම

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගීතය- මුජේ දුනියවාලෝ (Mujhe Duniyawalo Sharabi Na Samjho)

හින්දි චිත්‍රපටය - ලීඩර් (Leader) (වර්ෂය - 1964)

හින්දි ගීතය ගායනය - මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - දිලිප් කුමාර්/ වෛජයන්ති මාලා

හින්දි සංගීතය - නෞෂාඩ්

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=kAgcmS4sir0



27.

සිංහල ගීතය-

සිනහ රැලි නැගෙනා

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල / සුජාතා අත්තනායක

සිංහල චිත්‍රපටය - ස්වීප් ටිකට් (වර්ෂය - 1965)

සිංහල ගීතයේ රංගනය - ජෝ අබේවික්‍රම/ විජිත මල්ලිකා

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
දෙමළ ගීතය- නෙන්ජත්තයි අලි කොන්ජම් (Nenjatthai Alli Konjam)

දෙමළ චිත්‍රපටය - කතලික්ක නෙරමිල්ලෙයි (Kathalikka Neramillai) (වර්ෂය - 1964)

දෙමළ ගීතය ගායනය - කේ.ජේ. ජේසුදාස්/ එල්.ආර්.ඊශ්වරී/ පී.සුශීලා

දෙමළ ගීතයේ රංගනය - මුතුරාමන්/ කාංචනා/ රවිචන්ද්‍රන්/ රාජ්ශ්‍රී

දෙමළ සංගීතය - එම්.එස්.විශ්වනාදන් හා ටී.කේ.රාමමූර්ති

දෙමළ ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=3jzBY944yXw



28.

සිංහල ගීතය-

තරුණ නෙත් ජයමංගලේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල

සිංහල චිත්‍රපටය - ඇතුල්වීම තහනම් (වර්ෂය - 1966)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගීතය- තුම්සෙ ආචා කෝනහේ (Tumse Achchha Kaun Hai)

හින්දි චිත්‍රපටය - ජාන්වාර් (Jaanwar) (වර්ෂය - 1965)

හින්දි ගීතය ගායනය - මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - ෂම්මි කපූර්/ රාජ්ශ්‍රී

හින්දි සංගීතය - ෂන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=xfduTblUbD4



29.

සිංහල ගීතය-

මල් සුගන්ධේ

සිංහල ගීතය ගායනය - සුජාතා අත්තනායක/ මොහිදීන් බෙග්

සිංහල චිත්‍රපටය - කිංකිණි පාද (වර්ෂය - 1966)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගීතය- කා සෙ කුලුදුනි යාහ මාරී (Ka Se Kul Duniya Hamaari)

හින්දි චිත්‍රපටය - චන්දි කී දිවාර් (Chandi Ki Deewar) (වර්ෂය - 1964)

හින්දි ගීතය ගායනය - ආශා බෝස්ලේ ඇතුළු පිරිස

හින්දි ගීතයේ රංගනය - ?

හින්දි සංගීතය - එන්.දත්තා

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=dPz2DPVjpeA



30.

සිංහල ගීතය-

ආවා සොයා ආදරේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල / ඇන්ජලින් ගුණතිලක

සිංහල චිත්‍රපටය - සුදු දුව (වර්ෂය - 1966)

සිංහල ගීතයේ රංගනය - ගාමිණී ෆොන්සේකා/ මාලිනී ෆොන්සේකා

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගීතය- ජාවා ජවා හුස්නෙ කේ (Jawa Jawa Husne Ke)

හින්දි චිත්‍රපටය - ඇඩ්වෙන්චර් ඔෆ් රොබින්හුඩ් (Adventure of Robinhood) (වර්ෂය - 1965)

හින්දි ගීතය ගායනය - මෙහොමඩ් රාෆි/ ආශා බෝස්ලෙ

හින්දි ගීතයේ රංගනය - ප්‍රශාන්ට්/පාර්වින් චෞද්රි

හින්දි සංගීතය - ජී.එස්.කෝලි

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=wAoKwNtGjfo



31.

සිංහල ගීතය-

නැන්දගෙ තුරුල්ලේ

සිංහල ගීතය ගායනය - සුජාතා අත්තනායක

සිංහල චිත්‍රපටය - සුදු දුව (වර්ෂය - 1966)

සිංහල ගීතයේ රංගනය - ගාමිණී ෆොන්සේකා/ මාලිනී ෆොන්සේකා

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
දෙමළ ගීතය- අතයි මඩි මෙතයඩි (Athai Madai)

දෙමළ චිත්‍රපටය - කර්පගම් (Karpagam) (වර්ෂය - 1963)

දෙමළ ගීතය ගායනය - පී.සුශීලා

දෙමළ ගීතයේ රංගනය - ?

දෙමළ සංගීතය - එම්.එස්.විශ්වනාදන් හා ටී.කේ.රාමමූර්ති

දෙමළ ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=T6XAdv2DIEo



32.

සිංහල ගීතය-

ආනන්ද මේ රෑ

සිංහල ගීතය ගායනය - හරූන් ලන්ත්‍රා/ සුජාතා අත්තනායක

සිංහල චිත්‍රපටය - සුදු දුව (වර්ෂය - 1966)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගීතය- ආගර් මේ පූචෝන් (Agar Main Puchhoon Jawab Doge)

හින්දි චිත්‍රපටය - ශිකරි (Shikari) (වර්ෂය - 1963)

හින්දි ගීතය ගායනය - මෙහොමඩ් රාෆි/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - අජිත්/ රාගිනි

හින්දි සංගීතය - ජී.එස්.කෝලි

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=LWQn7AvtAzs



33.

සිංහල ගීතය-

ගලනා සීත ජලේ

සිංහල ගීතය ගායනය - ලතා වල්පොල

සිංහල චිත්‍රපටය - අක්ක නගෝ (වර්ෂය - 1968)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගීතය- හොමෙනී ප්‍යාර් කියා (Ho Main Ne Pyar Kiya)

හින්දි චිත්‍රපටය - ජි දෙශ් මෙන් ගංගා (Jis Desh Men Ganga Behti Hai) (වර්ෂය - 1960)

හින්දි ගීතය ගායනය - ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - රාජ් කපූර්/ ලලිතා පවා

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=WFYk_I0ICAE



34.

සිංහල ගීතය-

ආදරේ සිහිනයකි

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල / ඇන්ජලින් ගුණතිලක

සිංහල චිත්‍රපටය - ප්‍රවේසම් වෙන්න (වර්ෂය - 1969)

සිංහල ගීතයේ රංගනය - ටෝනි රණසිංහ/ සෝනියා දිසානායක

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගීතය- ප්‍යාර් කි බාත් (Pyaar Ki Baat Nigaahon)

හින්දි චිත්‍රපටය - ඇඩ්වෙන්චර් ඔෆ් රොබින්හුඩ් (Adventure of Robinhood) (වර්ෂය - 1965)

හින්දි ගීතය ගායනය - මහේන්ද්‍ර කපූර්/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - ප්‍රශාන්ට්/පාර්වින් චෞද්රි

හින්දි සංගීතය - ජී.එස්.කෝලි

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=kpXB7m0FGxU



35.

සිංහල ගීතය-

හලෝ මිස් කොයිබද යන්නේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල

සිංහල චිත්‍රපටය - ප්‍රවේසම් වෙන්න (වර්ෂය - 1969)

සිංහල ගීතයේ රංගනය - ටෝනි රණසිංහ/ සෝනියා දිසානායක

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගීතය- චෙහෙරේ පෙගිරී (Chehro Pe Giri)

හින්දි චිත්‍රපටය - සුරාජ් (Suraj) (වර්ෂය - 1966)

හින්දි ගීතය ගායනය - මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - රාජේන්ද්‍ර කුමාර්/ වෛජයන්ති මාලා

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=trKD0fI0Noc



36.

සිංහල ගීතය-

හොඳ හොඳ ළමයින් අපි වාගේ

සිංහල ගීතය ගායනය - ඉන්ද්‍රානි සේනාරත්න

සිංහල චිත්‍රපටය - ප්‍රවේසම් වෙන්න (වර්ෂය - 1969)

සිංහල ගීතයේ රංගනය -

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගීතය- සාත් සමුන්දර් පාර සී (Saat Samundar Paar Se)

හින්දි චිත්‍රපටය - ටක්දීර් (Taqdeer) (වර්ෂය - 1967)

හින්දි ගීතය ගායනය - සුලක්ෂණ පණ්ඩිත්/ ලතා මංගේෂ්කාර්/ ඌෂා ඛන්නා

හින්දි ගීතයේ රංගනය - ශලනි මධුකාර් ඇතළු පිරිස

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරෙලාල්

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=nSE02xgZn5E



37.

සිංහල ගීතය-

ආදරේ හිතෙනව දැක්කම

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල / ඇන්ජලින් ගුණතිලක

සිංහල චිත්‍රපටය - දැන් මතකද (වර්ෂය - 1970)

සිංහල ගීතයේ රංගනය -

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගීතය- ආජකල් තේරේ මේරේ (Aaj Kal Teri Mere)

හින්දි චිත්‍රපටය - බ්‍රහ්මචාරී (Brahmachari) (වර්ෂය - 1966)

හින්දි ගීතය ගායනය - මොහමඩ් රාෆි / සුමන් කල්යාන්පූර්

හින්දි ගීතයේ රංගනය - ෂම්මි කපූර් / මුම්ටාස්

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=tg8sUHPeJC0



38.

සිංහල ගීතය-

අහා අහා ආදරණීය සිනාවේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල / ඇන්ජලින් ගුණතිලක

සිංහල චිත්‍රපටය - හතර දෙනාම සූරයෝ (වර්ෂය - 1971)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගීතය- අහා අහා ආයෙ සුහානා සෆර් (Aha Aha Aa Yeh Suhaana Safar)

හින්දි චිත්‍රපටය - සුහානා සෆර් (Suhaana Safar) (වර්ෂය - 1970)

හින්දි ගීතය ගායනය - මොහමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - ශෂි කපූර්

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරෙලාල්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=NAlDIhrK_lw



39.

සිංහල ගීතය-

මේ දෑස මගේ පින්වන්තයි

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල

සිංහල චිත්‍රපටය - හතර දෙනාම සූරයෝ (වර්ෂය - 1971)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගීතය- දේ කාහ තෙරී ආකෝමේ (Dekha Hai Teri Aankhon Ho)

හින්දි චිත්‍රපටය - ප්‍යාර් හි ප්‍යාර් (Pyar Hi Pyar) (වර්ෂය - 1969)

හින්දි ගීතය ගායනය - මොහමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - රාජේෂ් ඛන්නා

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=J5BcIw_lel0



40.

සිංහල ගීතය-

සුදුසු රැල්ල වැල්ල පෙරලී ගීත ගයයි

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල / ඇන්ජලින් ගුණතිලක

සිංහල චිත්‍රපටය - අභිරහස (වර්ෂය - 1971)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගීතය- ගුන්ගුන් රැහේ හේන් බවර් (Gungun Rahe Hain Bhawre)

හින්දි චිත්‍රපටය - ආරාධනා (Aradhana) (වර්ෂය - 1969)

හින්දි ගීතය ගායනය - මොහමඩ් රාෆි/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - රාජේෂ් ඛන්නා/ ෂර්මිලා තාගෝර්

හින්දි සංගීතය - එස්.ඩී.බර්මන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=yTktbXFZP6o



41.

සිංහල ගීතය-

සුදුපාට මීදුම් ගලාලා

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල / ඇන්ජලින් ගුණතිලක

සිංහල චිත්‍රපටය - එදත් සූරයා අදත් සූරයා (වර්ෂය - 1972)

සිංහල ගීතයේ රංගනය - ගාමිණි ෆොන්සේකා/ මාලිනි ෆොන්සේකා

සිංහල සංගීතය - එම්.කේ.රොක්සාමි
හින්දි ගීතය- කෝ හේජෝ සප්නෝ මේ ආයා (Kaun Hai Jo Sapnon Mein Aaya)
හින්දි චිත්‍රපටය - ජු ගයා ආස්මාන් (Jhuk Gaya Aasman) (වර්ෂය - 1968)

හින්දි ගීතය ගායනය - මොහමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - රාජේන්ද්‍ර කුමාර්

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=exD5okdopWc



42.

සිංහල ගීතය-

කොහි යන්නේ බඳ නලවාලා
සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල

සිංහල චිත්‍රපටය - එදත් සූරයා අදත් සූරයා (වර්ෂය - 1972)

සිංහල ගීතයේ රංගනය - ගාමිණි ෆොන්සේකා/ මාලිනි ෆොන්සේකා

සිංහල සංගීතය - එම්.කේ.රොක්සාමි
හින්දි ගීතය- කහ ජල්දියේ - ඉදර්තො ආඕ (Kahan Chal Diye Idhar To Aao)
හින්දි චිත්‍රපටය - ජු ගයා ආස්මාන් (Jhuk Gaya Aasman) (වර්ෂය - 1968)

හින්දි ගීතය ගායනය - මොහමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - රාජේන්ද්‍ර කුමාර්/සයිරා බානු

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=7kp58VS5RJM



43.

සිංහල ගීතය-

මේ සුබ උපන්දිනේ

සිංහල ගීතය ගායනය - ලතා වල්පොල

සිංහල චිත්‍රපටය - එදත් සූරයා අදත් සූරයා (වර්ෂය - 1972)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - එම්.කේ.රොක්සාමි
හින්දි ගීතය- ඕ මයි ලව් (Oh My Love)
හින්දි චිත්‍රපටය - නයිට් ඉන් ලංඩන් (Night in London) (වර්ෂය - 1967)

හින්දි ගීතය ගායනය - මොහමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - බිස්වාජිත්/ මාලා සිංහ

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරෙලාල්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=i_1q6BWLAOI



44.

සිංහල ගීතය-

අහා හැඩයි රූපේ බෝනික්කි වාගේ
සිංහල ගීතය ගායනය - එම්.එස්. ප්‍රනාන්දු / ඇන්ජලින් ගුණතිලක

සිංහල චිත්‍රපටය - එදත් සූරයා අදත් සූරයා (වර්ෂය - 1972)

සිංහල ගීතයේ රංගනය - ඇන්තනි සී. පෙරේරා/ අග්‍රා සජීවනී

සිංහල සංගීතය - එම්.කේ.රොක්සාමි
හින්දි ගීතය- යහා වහා සාරේ (Yahan Wahan Sare)
හින්දි චිත්‍රපටය - ආන් මිලෝ සජ්නා (Aan Milo Sajna) (වර්ෂය - 1970)

හින්දි ගීතය ගායනය - කිෂෝර් කුමාර්

හින්දි ගීතයේ රංගනය - රාජේශ් ඛන්නා/ ආශා පරේක්

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරෙලාල්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=Xe9diddiqOU



45.

සිංහල ගීතය-

ජීවිතේ තරුණ කාලේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල

සිංහල චිත්‍රපටය - අද මෙහෙමයි (වර්ෂය - 1972)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගීතය- යේ ෂා මසතානී (Yeh Shaam Mastani)
හින්දි චිත්‍රපටය - කති පටං (Kati Patang) (වර්ෂය - 1970)

හින්දි ගීතය ගායනය - කිෂෝර් කුමාර්

හින්දි ගීතයේ රංගනය - රාජේශ් ඛන්නා/ ආශා පරේක්

හින්දි සංගීතය - ආර්.ඩී. බර්මාන්

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=_sZg4EUB3IM



46.

සිංහල ගීතය-

නිල් අහසේ උමතු වලා - ගීතය1
සිංහල ගීතය1 ගායනය - එච්.ආර්.ජෝතිපාල

සිංහල ගීතයේ1 රංගනය - විජය කුමාරතුංග/ සුමනා අමරසිංහ

නිල් අහසේ රැස් විහිදා - ගීතය 2

සිංහල ගීතයේ2 රංගනය -ලාල් මෙන්ඩිස් (ළමා)/ ප්‍රියන්ති ද සේරම් (ළමා)

සිංහල ගීතය2 ගායනය - රෝස් තිලකරත්න

සිංහල චිත්‍රපටය - මේ දෑස කුමටද (වර්ෂය - 1972)

සිංහල සංගීතය - ටී.එෆ්. ලතීෆ්
හින්දි ගීතය- මේ හූන් ගන්වා (Main Hoon Ganwar)
හින්දි චිත්‍රපටය - ගන්වාර් (Gunwaar) (වර්ෂය - 1970)

හින්දි ගීතය ගායනය - මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - රාජේන්ද්‍ර කුමාර් ඇතුළු පිරිස

හින්දි සංගීතය - නෞෂාඩ් අලි

හින්දි ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=aiq2rd3Gatc



47.

සිංහල ගීතය-

අලෝකේ අතීතේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල

සිංහල චිත්‍රපටය - මේ දෑස කුමටද (වර්ෂය - 1972)

සිංහල ගීතයේ රංගනය - විජය කුමාරතුංග/ දොන් සිරිසේන/ සුමනා අමරසිංහ

සිංහල සංගීතය - ටී.එෆ්. ලතීෆ්
හින්දි ගීතය- හුම් සේ තෝ අචේ තෙරී (Hum Se To Achhi Teri Payal)
හින්දි චිත්‍රපටය - ගන්වාර් (Gunwaar) (වර්ෂය - 1970)

හින්දි ගීතය ගායනය - මොහොමඩ් රාෆි/ ආශා බෝස්ලෙ

හින්දි ගීතයේ රංගනය - රාජේන්ද්‍ර කුමාර්/ වෛජයන්ති මාලා

හින්දි සංගීතය - නෞෂාඩ් අලි

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=PlEBN9JpNSc



48.

සිංහල ගීතය-

ඝන අන්ධකාරයෙන් මිදී..
සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල/ සුජාතා අත්තනායක

සිංහල චිත්‍රපටය - මේ දෑස කුමටද (වර්ෂය - 1972)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ටී.එෆ්. ලතීෆ්
හින්දි ගීතය- කොර කා ගස්තා (Kora Kaghaz Tha)
හින්දි චිත්‍රපටය - ආරාධනා (Aradhana) (වර්ෂය - 1969)

හින්දි ගීතය ගායනය - කිෂෝර් කුමාර්/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - රාජේෂ් ඛන්නා/ ෂර්මිලා තාගෝර්

හින්දි සංගීතය - එස්.ඩී. බර්මන්

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=ql1-jjEPErw



49.

සිංහල ගීතය-

සෝබාව හංගා..

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල

සිංහල චිත්‍රපටය - මේ දෑස කුමටද (වර්ෂය - 1972)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ටී.එෆ්. ලතීෆ්
හින්දි ගීතය- අවුලාද වාලෝ (Aulad Walon)
හින්දි චිත්‍රපටය - ඒක් පූල් දෝමාලි (Ek Phool Do Mali) (වර්ෂය - 1969)

හින්දි ගීතය ගායනය - මොහොමඩ් රාෆි/ ආශා බෝස්ලෙ

හින්දි ගීතයේ රංගනය - බාල්රාජ් සාහ්නි

හින්දි සංගීතය - රවි

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=-_78zM1freY



50.

සිංහල ගීතය-

දෝතින් දෝතයි

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල/ ඇන්ජලින් ගුණතිලක

සිංහල චිත්‍රපටය - සුහද පැතුම (වර්ෂය - 1973)

සිංහල ගීතයේ රංගනය - තිස්ස විජේසුරේන්ද්‍ර/ මාලිනි ෆොන්සේකා

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගීතය- දෝ මස්තානී දෝ දීවානී (Do Mastane Do Deewane)
හින්දි චිත්‍රපටය - මේන් සුන්දර් හූන් (Main Sunder Hoon) (වර්ෂය - 1971)

හින්දි ගීතය ගායනය - කිෂෝර් කුමාර්/ ආශා බෝස්ලෙ

හින්දි ගීතයේ රංගනය - මෙහෙමුඩ් අලි/ලීනා චන්දවකර් (ඇය ඉන්දීය සුපිරි ගායක කිෂෝර් කුමාර්ගේ බිරිඳය)

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=bFa5xSAiYDU



51.

සිංහල ගීතය-

ජීවිතයේ කාන්තාරේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල/ ඇන්ජලින් ගුණතිලක

සිංහල චිත්‍රපටය - සුහද පැතුම (වර්ෂය - 1973)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගීතය- කන්චී රේ කන්චී රේ (Kanchi Re)
හින්දි චිත්‍රපටය - හරේ රාමා හරේ ක්‍රිෂ්ණා (Hare Rama Hare Krishna) (වර්ෂය - 1971)

හින්දි ගීතය ගායනය - කිෂෝර් කුමාර්/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - දේව් ආනන්ද්/ සීනාට් අමාන්(දේව් ආනන්ද් අධ්‍යක්ෂණය කරමින්ම රඟපෑ චිත්‍රපටයකි)

හින්දි සංගීතය - ආර්.ඩී. බර්මන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=FOXkYrP3D2g



52.

සිංහල ගීතය-

ආලෝකේ බිහිවී නැතිවෙයිදෝ

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල

සිංහල චිත්‍රපටය - සුහද පැතුම (වර්ෂය - 1973)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගීතය- ආනේ සේ උසේකේ (Aane Se Uske)
හින්දි චිත්‍රපටය - ජීනි කි රා (Jeene Ki Raah) (වර්ෂය - 1971)

හින්දි ගීතය ගායනය - මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - ජිතේන්ද්‍ර (රවී කපූර්)

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරෙලාල්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=4qwFpKmYH4k



53.

සිංහල ගීතය-

මීදුම් ගලා කන්දේ
සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල/ ඇන්ජලින් ගුණතිලක

සිංහල චිත්‍රපටය - තුෂාරා (වර්ෂය - 1973)

සිංහල ගීතයේ රංගනය - විජය කුමාරතුංග/ මාලිනි ෆොන්සේකා

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගීතය- සාරේ සමානේ පේ (Sare Zamne Pe )
හින්දි චිත්‍රපටය - ජීනි කි රා (Aap Aye Bahar Ayee) (වර්ෂය - 1971)

හින්දි ගීතය ගායනය - මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - රාජේන්ද්‍ර කුමාර්/ සධානා ශිවදාසනී

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරෙලාල්

හින්දි ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=mPmMXG5407Y



54.

සිංහල ගීතය-

ඕ හෝ තුෂාරා

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල

සිංහල චිත්‍රපටය - තුෂාරා (වර්ෂය - 1973)

සිංහල ගීතයේ රංගනය - විජය කුමාරතුංග/ මාලිනි ෆොන්සේකා

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
පාකිස්ථාන් ගීතය (උර්දු) - කො කො කො රීනා (Ko Ko Ko Reena )
පාකිස්ථාන් චිත්‍රපටය - ආර්මාන් (Armaan) (වර්ෂය - 1966)

පාකිස්ථාන් ගායනය - අහමඩ් රුෂ්ඩි

පාකිස්ථාන් ගීතයේ රංගනය - වහීඩ් මුරාඩ්

පාකිස්ථාන් සංගීතය - සොහාලි රානා

පාකිස්ථාන් ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=6_UaZY1T0Gw


55.

සිංහල ගීතය-

මා හද ඔබේ දයාවී

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල

සිංහල චිත්‍රපටය - තුෂාරා (වර්ෂය - 1973)

සිංහල ගීතයේ රංගනය - විජය කුමාරතුංග/ මාලිනි ෆොන්සේකා/සමන්ලතා හෙට්ටිආරච්චි?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
පාකිස්ථාන් ගීතය (උර්දු) - දිල් තුම්කො දේදියා හේ (Dil Tum Ko Dey Dia Hay )
පාකිස්ථාන් චිත්‍රපටය - නසීබ් අප්නා අප්නා (Naseeb Apna Apna) (වර්ෂය - 1970)

පාකිස්ථාන් ගායනය - අහමඩ් රුෂ්ඩි

පාකිස්ථාන් ගීතයේ රංගනය - වහීඩ් මුරාඩ්/ ශබ්නම්

පාකිස්ථාන් සංගීතය - ලාල් මොහොමඩ් ඉක්බාල්

පාකිස්ථාන් ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=KYJnrtFVi1U



56.

සිංහල ගීතය-

ජීවනයේ මීවනයේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල/ ඇන්ජලින් ගුණතිලක

සිංහල චිත්‍රපටය - තුෂාරා (වර්ෂය - 1973)

සිංහල ගීතයේ රංගනය - විජය කුමාරතුංග/ මාලනී ෆොන්සේකා

සිංහල සංගීතය - පී.එල්.ඒ.සෝමපාල
හින්දි ගීතය - මාන් ජායියේ මාන් ජායියේ (Maan Jaie Maan Jaiye) 
හින්දි චිත්‍රපටය - හිමාත් (Himmat) (වර්ෂය - 1960)

හින්දි ගායනය - මොහොමඩ් රාෆි/ ආශා බෝස්ලෙ

හින්දි ගීතයේ රංගනය - ජිතේන්ද්‍ර/ මුම්ටාස්

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරේලාල්

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=NgbthYZrU4Q



57.

සිංහල ගීතය-

මගේ නාමලී බැඳි ආදරේ

සිංහල ගීතය ගායනය - හරූන් ලන්ත්‍රා

සිංහල චිත්‍රපටය - ගොපළු හඩ (වර්ෂය - 1973)

සිංහල ගීතයේ රංගනය - ටෝනි රණසිංහ

සිංහල සංගීතය - ආර්. මුත්තුසාමි
හින්දි ගීතය - මුජේ දාදෙ දිල් කප තානනා (Mujhe Dard-e-Dil ka Patana )
හින්දි චිත්‍රපටය - අකාශ් දීප් (Akashdeep) (වර්ෂය - 1965)

හින්දි ගායනය - මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - ධර්මේන්ද්‍ර/ නන්දා

හින්දි සංගීතය - චිත්‍රගුප්ත

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=SqyyEuoZ3pc



58.

සිංහල ගීතය-

අහසේ ලියූවත් පොළොවෙ ලියූවත්

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල

සිංහල චිත්‍රපටය - සිනාවයි ඉනාවයි (වර්ෂය - 1973)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ටී.එෆ්. ලතීෆ්
හින්දි ගීතය - අකියා මිලාකේ ජිය බරමාකේ (Akhiyan Milake )
හින්දි චිත්‍රපටය - රට්ටන් (Rattan) (වර්ෂය - 1944)(දෙවන ලෝක යුද්ධයට පෙර නිෂ්පාදනය වූවකි)

හින්දි ගායනය - සෝරාබායි අඹල වාලි (ඉතා පැරණි ගායිකාවකි)

හින්දි ගීතයේ රංගනය - අමිර් භානු/ ස්වර්ණලතා

හින්දි සංගීතය - නෞෂාඩ් අලි

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=iej5o-yxdXo



59.

සිංහල ගීතය-

මේ ගී කාටදෝ

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල

සිංහල චිත්‍රපටය - හොඳයි නරකයි (වර්ෂය - 1973)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගීතය - තුම් බින් ජඔ කහාන් (Tum Bin Jaoo Kahan )
හින්දි චිත්‍රපටය - ප්‍යාර් කා මෝසම් (Pyar Ka Mausam) (වර්ෂය - 1969)

හින්දි ගායනය - මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - ශෂී කපූර්/ ආශා පරේක්

හින්දි සංගීතය - ආර්.ඩී. බර්මන්

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=Ta89As3Nru0



60.

සිංහල ගීතය-

රත්තරන් සඳක් පායන්නයි

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල

සිංහල චිත්‍රපටය - දාහකින් එකෙක් (වර්ෂය - 1973)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගීතය - බාර බාර දින යේ ආයේ (Baar Baar Din Ye Aayay )
හින්දි චිත්‍රපටය - ෆාස් (Farz) (වර්ෂය - 1967)

හින්දි ගායනය - මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - ජිතේන්ද්‍ර/ බබිතා කපූර්

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරෙලාල්

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=Jn9_6yINCy4



61.

සිංහල ගීතය-

මල් වැහි සීතල මල් වැස්සේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල/ ඇන්ජලින් ගුණතිලක

සිංහල චිත්‍රපටය - හොඳට හොඳයි (වර්ෂය - 1973)

සිංහල ගීතයේ රංගනය - ගාමිණි ෆොන්සේකා/ මාලිනි ෆොන්සේකා

සිංහල සංගීතය - එම්.කේ. රොක්සාමි
හින්දි ගීතය - දිල් උසෙ දෝ (Dil Use Do )
හින්දි චිත්‍රපටය - අන්දාස් (Andaz) (වර්ෂය - 1971)

හින්දි ගායනය - මොහොමඩ් රාෆි/ සුලක්ඛනා පණ්ඩිත්

හින්දි ගීතයේ රංගනය - ෂම්මි කපූර්/ හේමා මාලනී

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=BKdUnqGcO-Y



62.

සිංහල ගීතය-

මේ මාමා පොඩිකාලේ බෝනික්කා වාගේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල/ ඇන්ජලින් ගුණතිලක

සිංහල චිත්‍රපටය - හොඳට හොඳයි (වර්ෂය - 1973)

සිංහල ගීතයේ රංගනය - ගාමිණි ෆොන්සේකා/ මාලිනි ෆොන්සේකා

සිංහල සංගීතය - එම්.කේ. රොක්සාමි
හින්දි ගීතය - රේ මාමා රේ මාමා රේ (Re Mama Re Mama Re )
හින්දි චිත්‍රපටය - අන්දාස් (Andaz) (වර්ෂය - 1971)

හින්දි ගායනය - මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - ෂම්මි කපූර්

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=Gm1WnWVXYzQ



63.

සිංහල ගීතය-

ආසිරි වේවා

සිංහල ගීතය ගායනය - ලතා වල්පොල

සිංහල චිත්‍රපටය - කල්යාණි ගංගා (වර්ෂය - 1974)

සිංහල ගීතයේ රංගනය - ශ්‍රියානි අමරසේන/ ඔස්වල්ඩ් ජයසිංහ

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගීතය - මේන් තෙරි ප්‍රේම් දිවානි (Main Teri Prem Diwani )
හින්දි චිත්‍රපටය - රිවාස් (Rivaaz) (වර්ෂය - 1972)

හින්දි ගායනය - සුමන් කල්යාන්පූර්

හින්දි ගීතයේ රංගනය - ?

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=A2G59Sa7bE4





64.

සිංහල ගීතය-

කව්ද ඔබ කව්රුන්දෝ

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල

සිංහල චිත්‍රපටය - ශාන්ති (වර්ෂය - 1974)

සිංහල ගීතයේ රංගනය - එච්.ආර්.ජෝතිපාල

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
පකිස්ථාන් ගීතය - තුම්හි හෝ මේබූ මෙරේ (Tumhi Ho Mehboob Merey )
පකිස්ථාන් චිත්‍රපටය - අයිනා (Aina) (වර්ෂය - 1966)

පකිස්ථාන් ගායනය - මසූඩ් රානා

පකිස්ථාන් ගීතයේ රංගනය - මොහොමඩ් අලි/ දීබා බෙගම්

පකිස්ථාන් සංගීතය - තසාදක් හුසේන් හෝ මන්සූර් අශ්රෆ් වේ (මත භේදයක් ඇත.)

පකිස්ථාන් ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=uVRA3QxQ2yo



65.

සිංහල ගීතය-

මලකින් මලකට පියඹා

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල/ ඇන්ජලින් ගුණතිලක

සිංහල චිත්‍රපටය - ශාන්ති (වර්ෂය - 1974)

සිංහල ගීතයේ රංගනය - ඔස්වල්ඩ් ජයසිංහ/ නීටා ප්‍රනාන්දු

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගීතය - රිම් ජිම් රිම් ජිම් දේකෝ (Rim jhim Rim jhim Dekho)
හින්දි චිත්‍රපටය - ෂේසාඩා (Shehzada) (වර්ෂය - 1972)

හින්දි ගායනය - කිෂෝර් කුමාර්/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - කරන් දේවන්/ රකී ගල්සාර්

හින්දි සංගීතය - ආර්.ඩී.බර්මන්

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=MwebjExmQh4



66.

සිංහල ගීතය-

පැතුවා සේ අප දෙදෙනා

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල/ ඇන්ජලින් ගුණතිලක

සිංහල චිත්‍රපටය - ඔන්න බබෝ බිල්ලෝ එනවා (වර්ෂය - 1974)

සිංහල ගීතයේ රංගනය - ගාමිණි ෆොන්සේකා/ ස්වර්ණා කහවිට

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගීතය - කිත්නා ප්‍යාර වාදා (Kitna Pyaara Vaada)
හින්දි චිත්‍රපටය - කැරවෑන් (Caravan) (වර්ෂය - 1971)

හින්දි ගායනය - මොහොමඩ් රාෆි/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - ජිතේන්ද්‍ර/ ආශා පරේක්

හින්දි සංගීතය - ආර්.ඩී.බර්මන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
https://www.youtube.com/watch?v=FBi4fJEpRkY



67.

සිංහල ගීතය-

ඇහුනදෝ ඇහුනාදෝ

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල/ ඇන්ජලින් ගුණතිලක

සිංහල චිත්‍රපටය - ඔන්න බබෝ බිල්ලෝ එනවා (වර්ෂය - 1974)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගීතය - රෙහෙන දෝ රෙහෙනාදෝ (Rehne Do Rehne Do)
හින්දි චිත්‍රපටය - රකවාලා (Rakhwala) (වර්ෂය - 1971)

හින්දි ගායනය - මොහොමඩ් රාෆි/ ආශා බෝස්ලෙ

හින්දි ගීතයේ රංගනය - ධර්මේන්ද්‍ර/ ලීනා චන්දවකර්

හින්දි සංගීතය - කල්යාන්ජි ආනන්ජි

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=hd4HJDuZOUM



68.

සිංහල ගීතය-

මම ගන්නෙමි කරකාර බන්දාල

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල

සිංහල චිත්‍රපටය - හිත හොඳ මිනිහෙක් (වර්ෂය - 1975)

සිංහල ගීතයේ රංගනය - ගාමිණි ෆොන්සේකා/ හියුගෝ ප්‍රනාන්දු/බී.එස්.පෙරේරා ඇතුළු පිරිස

සිංහල සංගීතය - ආර්.මුත්තුසාමි
දෙමළ ගීතය - අඩි එන්නඩි රක්කම්මා (Adi Ennadi Rakkamma)
දෙමළ චිත්‍රපටය - පටිකඩ පට්ටනම (Pattikada Pattanama) (වර්ෂය - 1972)

දෙමළ ගායනය - ටී.එම්. සෞන්දරාජන්

දෙමළ ගීතයේ රංගනය - ශිවාජි ගනේෂන්/ ජයලලිතා

දෙමළ සංගීතය - එම්.එස්.විශ්වනාදන්

දෙමළ ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=oTrnnGnZVAM



69.

සිංහල ගීතය-

හද සල් ගසේ එතෙනා වැල

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල/ සුජාතා අත්තනායක

සිංහල චිත්‍රපටය - රත්තරන් අම්මා (වර්ෂය - 1975)

සිංහල ගීතයේ රංගනය - ගාමිණි ෆොන්සේකා/ ශ්‍රියානි අමරසේන

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගීතය - අනුකානො කෝන් මේ (Ankhon Ankhon Mein)
හින්දි චිත්‍රපටය - මහල් (Mahal) (වර්ෂය - 1969)

හින්දි ගායනය - කිෂෝර් කුමාර්/ ආශා බෝස්ලෙ

හින්දි ගීතයේ රංගනය - දේව් ආනන්ද්/ආශා පරේක්

හින්දි සංගීතය - කල්යාන්ජි ආනන්ජි

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=Qz3H2odmYEU



70.

සිංහල ගීතය-

අතීත දිවියේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල

සිංහල චිත්‍රපටය - රත්තරන් අම්මා (වර්ෂය - 1975)

සිංහල ගීතයේ රංගනය - ගාමිණි ෆොන්සේකා

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගීතය - හකීන් කාලෝ මුජේ මොහාබත් (Yakeen Karlo Mujhe Mohabbat)
හින්දි චිත්‍රපටය - යකීන් (Yakeen) (වර්ෂය - 1969)

හින්දි ගායනය - මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - ධර්මේන්ද්‍ර/ ශර්මිලා තාගෝර්

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=xBBSGmu1CqQ



71.

සිංහල ගීතය-

අල්ලේ රේඛා විහිදා ශාඛා

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල

සිංහල චිත්‍රපටය - රත්තරන් අම්මා (වර්ෂය - 1975)

සිංහල ගීතයේ රංගනය - ජෝ අබේවික්‍රම සමග නිළියක් (තහවුරු කළ නොහැකි විය.)

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගීතය - රෙක ඕ රේකා (Rekha O Rekha)
හින්දි චිත්‍රපටය - අධිකාර් (Adhikar) (වර්ෂය - 1971)

හින්දි ගායනය - මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - ඩෙබ් මුකර්ජි/ නන්දා

හින්දි සංගීතය - ආර්.ඩී.බර්මන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=JnSRyB8NEmY



72.

සිංහල ගීතය-

පහන් තිරේ ඇවිලෙන්නේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල/ ඇන්ජලින් ගුණතිලක

සිංහල චිත්‍රපටය - සූරයා සූරයාමයි (වර්ෂය - 1975)

සිංහල ගීතයේ රංගනය - ගාමිණි ෆොන්සේකා/ මාලිනි ෆොන්සේකා?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගීතය - රෙක ඕ රේකා (Tujhmen Hoon Main)
හින්දි චිත්‍රපටය - අධිකාර් (Rivaaj) (වර්ෂය - 1972)

හින්දි ගායනය - මොහොමඩ් රාෆි/ ආශා බෝස්ලෙ

හින්දි ගීතයේ රංගනය -සංජීව් කුමාර්/ මාලාසිංහ

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=UB4ViJETJmo



73.

සිංහල ගීතය-

සිනහවෙන් හෝ කතාවෙන් බෑ

සිංහල ගීතය ගායනය - මොහිදීන් බෙග්

සිංහල චිත්‍රපටය - දමයන්ති (වර්ෂය - 1975)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගීතය - මෙරේ ජීවන් කොර කාගස් (Mere Jeevan Kora Kagaz)
හින්දි චිත්‍රපටය - කොර කාගස් (Kora Kagaz) (වර්ෂය - 1974)

හින්දි ගායනය - කිෂෝර් කුමාර්

හින්දි ගීතයේ රංගනය - ජයා බහදූරි

හින්දි සංගීතය - කල්යාන්ජි ආනන්ජි

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=81v-RHKZbiw

*(කිෂෝර් කුමාර් සජීව ප්‍රසංගයක මෙම ගීය ගයන අයුරු දැක්වෙන දුලබ වීඩියෝවක් - https://www.youtube.com/watch?v=o-CwXxgXIFs


74.

සිංහල ගීතය-

පන්දම් අල්ලා

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල

සිංහල චිත්‍රපටය - කව්ද රජා (වර්ෂය - 1976)

සිංහල ගීතයේ රංගනය - ගාමිණි ෆොන්සේකා/ මාලිනි ෆොන්සේකා

සිංහල සංගීතය - එම්.කේ.රොක්සාමි
හින්දි ගීතය - දිල් කෝ දේකෝ (Dil Ko Dekha)
හින්දි චිත්‍රපටය - සචා ජෝතා (Sacha Jhoota) (වර්ෂය - 1970)

හින්දි ගායනය - කිෂෝර් කුමාර්

හින්දි ගීතයේ රංගනය - රාජේශ් ඛන්නා/ මුම්ටාස්

හින්දි සංගීතය - කල්යාන්ජි ආනන්ජි

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=CoN9LbZS27E



75.

සිංහල ගීතය-

රන්වන් පහන කෝ

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල

සිංහල චිත්‍රපටය - කව්ද රජා (වර්ෂය - 1976)

සිංහල ගීතයේ රංගනය - ගාමිණි ෆොන්සේකා/ මාලිනි ෆොන්සේකා

සිංහල සංගීතය - එම්.කේ.රොක්සාමි
හින්දි ගීතය - කිල් තෙහෙ ගුලිය හා (Khilte Hain Gul Yahan)
හින්දි චිත්‍රපටය - ශාමිලී (Sharmilee) (වර්ෂය - 1971)

හින්දි ගායනය - කිෂෝර් කුමාර්

හින්දි ගීතයේ රංගනය - ශෂී කපූර්/ රකී ගල්සර්

හින්දි සංගීතය - එස්.ඩී. බර්මන්

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=HBgKPyi1aXA




76.

සිංහල ගීතය-

ආරාධනා සංසාරයේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල/ සුජාතා අත්තනායක

සිංහල චිත්‍රපටය - නීලා (වර්ෂය - 1977)

සිංහල ගීතයේ රංගනය -

සිංහල සංගීතය - එම්.කේ.රොක්සාමි
දෙමළ ගීතය - කාතෝඩුදාන් නාන් පාඩුවේන් (Kathoduthan Naan Paaduven)
දෙමළ චිත්‍රපටය - වෙල්ලි විශා (Velli Visha) (වර්ෂය - 1972)

දෙමළ ගායනය - එල්.ආර්. ඊශ්වරී

දෙමළ ගීතයේ රංගනය - ජෙමිනි ගනේෂන්/ වනිශ්‍රී

දෙමළ සංගීතය - වී.කුමාර්

දෙමළ ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=xYD5qqBqjKw



77.

සිංහල ගීතය-

හර්දේ රස මාලිගේ

සිංහල ගීතය ගායනය - සුජාතා අත්තනායක

සිංහල චිත්‍රපටය - සකුන්තලා (වර්ෂය - 1977)

සිංහල ගීතයේ රංගනය - ටෝනි රණසිංහ/සන්ධ්‍යා කුමාරි

සිංහල සංගීතය - එම්.කේ.රොක්සාමි
හින්දි ගීතය - ධිරෙ ධීරේ මචල් (Dheere Dheere Machal)
හින්දි චිත්‍රපටය - අනුපමා (Anupama) (වර්ෂය - 1966)

හින්දි ගායනය - ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - ධර්මේන්ද්‍ර/ ශෂිකලා

හින්දි සංගීතය - හේමන්ත් කුමාර්

හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=e3RiMIAZ1vY



78.

සිංහල ගීතය-

ගිම්හානේ හද නිවුනා

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල/ ඇන්ජලින් ගුණතිලක

සිංහල චිත්‍රපටය - සුදු පරෙවියෝ (වර්ෂය - 1977)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - ටී.එෆ්. ලතීෆ්
හින්දි ගීතය - ජීවන් හයි එක් සප්නා (Jeevan Hai Ek Sapna)
හින්දි චිත්‍රපටය - හනිමූන් (Honeymoon) (වර්ෂය - 1973)

හින්දි ගායනය - කිෂෝර් කුමාර්/ ආශා බෝස්ලෙ

හින්දි ගීතයේ රංගනය - අනිල් දවාන්/ ලීනා චන්දවකර් ඇතුළු පිරිස

හින්දි සංගීතය - ඌෂා කන්නා

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=G0QzJ8W9cwA



79.

සිංහල ගීතය-

නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල/ ඇන්ජලින් ගුණතිලක

සිංහල චිත්‍රපටය - චිං චිං නෝනා (වර්ෂය - 1977)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - එම්.කේ.රොක්සාමි
හින්දි ගීතය - චුරාලියා හයි තුම්නේ (Chura Liya Hai Tumne)
හින්දි චිත්‍රපටය - යාදොන් කී බාරාත් (Yaadon Ki Baaraat) (වර්ෂය - 1973)

හින්දි ගායනය - මොහොමඩ් රාෆි/ ආශා බෝස්ලෙ

හින්දි ගීතයේ රංගනය - ධර්මේන්ද්‍ර/ සීනට් අමන්

හින්දි සංගීතය - ආර්.ඩී.බර්මන්

හින්දි ගීතයේ යූ ටියුබය - 
http://www.youtube.com/watch?v=ZjwxslN8y7w



80.

සිංහල ගීතය-

ළඳේ ළඳේ ළඳේ

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල/ ඇන්ජලින් ගුණතිලක

සිංහල චිත්‍රපටය - ටිකිරා (වර්ෂය - 1978)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - එම්.කේ.රොක්සාමි
හින්දි ගීතය - සීමා සීමා සීමා (Seema Seema Seema)
හින්දි චිත්‍රපටය - සලාකෙන් (Salaakhen) (වර්ෂය - 1975)

හින්දි ගායනය - කිෂෝර් කුමාර්/ ආශා බෝස්ලෙ

හින්දි ගීතයේ රංගනය -ශෂි කපූර්/ සුලක්ඛනා පණ්ඩිත්

හින්දි සංගීතය - රවීන්ද්‍ර ජේන්

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=jKOPPzMq2lk



81.

සිංහල ගීතය-

විස්කි කඩේ පූසා

සිංහල ගීතය ගායනය - බන්දු සමරසිංහ

සිංහල චිත්‍රපටය - පෙරලිකාරයෝ (වර්ෂය - 1986)

සිංහල ගීතයේ රංගනය - බන්දු සමරසිංහ

සිංහල සංගීතය - සෝමපාල රත්නායක
හින්දි ගීතය - මෙරේ අන්ගෙන මේන් (Mere Angene Main)
හින්දි චිත්‍රපටය - ලවාරිස් (Lawaaris) (වර්ෂය - 1981)

හින්දි ගායනය - අමිතාභ් බච්චන්

හින්දි ගීතයේ රංගනය - අමිතාභ් බච්චන්

හින්දි සංගීතය - කල්යාන්ජි ආනන්ජි

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=rQyoubJ4q8I



82.

සිංහල ගීතය-

දිය කිඳුරිය සේ සාගරේ 

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල

සිංහල චිත්‍රපටය - ඔබටයි ප්‍රියේ ආදරේ (වර්ෂය - 1987)

සිංහල ගීතයේ රංගනය - විජය කුමාරතුංග/ ගීතා කුමාරසිංහ

සිංහල සංගීතය - සරත් ද අල්විස්
හින්දි ගීතය - දෙහෙරා හයි ජා (Chehra Hai Ja)
හින්දි චිත්‍රපටය - සාගර් (Saagar) (වර්ෂය - 1985)

හින්දි ගායනය - කිෂෝර් කුමාර්

හින්දි ගීතයේ රංගනය - රිෂී කපූර්/ ඩිම්පල් කපාඩියා

හින්දි සංගීතය - ආර්.ඩී.බර්මන්

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=_mzdkxnU4mU



83.

සිංහල ගීතය-

ඔබේ පෙම් වදන්

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල

සිංහල චිත්‍රපටය - හොඳ හොඳ සෙල්ලම් (වර්ෂය - 1990)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - සෝමපාල රත්නායක
හින්දි ගීතය - ආයේ පුලොන් කී රානි (Aye Phoolon Ki Rani)
හින්දි චිත්‍රපටය - අර්සූ (Arzoo) (වර්ෂය - 1965)

හින්දි ගායනය - මොහොමඩ් රාෆි

හින්දි ගීතයේ රංගනය - රාජේන්ද්‍ර කුමාර්/ සධානා ශිවදාසනී

හින්දි සංගීතය - ශන්කර් ජායිකිෂන්

හින්දි ගීතයේ යූ ටියුබය -
https://www.youtube.com/watch?v=svpl_Q6p9QI


84.

සිංහල ගීතය-

දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත

සිංහල ගීතය ගායනය - එච්.ආර්.ජෝතිපාල/ ඇන්ජලින් ගුණතිලක

මෙහි සිංහල පැරණි ගීය 1961 දී එච්.ආර්.ජෝතිපාල හා රුක්මණිදේවී විසින් ගයනු ලැබීය.

සිංහල චිත්‍රපටය - මල්සර දෝනි (වර්ෂය - 1992)

සිංහල ගීතයේ රංගනය - ?

සිංහල සංගීතය - මෙල්රෝයි ධර්මරත්න
හින්දි ගීතය - බීත් ගයි හායි ආදි රාත් (Beet Gayi Hai Aadhi Raat)
හින්දි චිත්‍රපටය - නාච් නගින් බජේ බීන් (Nache Nagin Baje Been) (වර්ෂය - 1960)

හින්දි ගායනය - මොහොමඩ් රාෆි/ ලතා මංගේෂ්කාර්

හින්දි ගීතයේ රංගනය - චන්ද්‍රසේකර්/ හෙලන්

හින්දි සංගීතය - චිත්‍රගුප්ත

හින්දි ගීතයේ යූ ටියුබය -


අන්තර්ජාලයේ වෙබ් අඩවි ගණනාවක් ඇසුරින් කරුණු එක්තැන්කොට සැකසුවෙමි. මෙම ලැයිස්තුවේ සමහර තැන්වල හිස්තැන් ඇත්තේ ඇතැම් කරුණු නිවැරදිව සොයාගැනීමට දුෂ්කරවූ බැවිනි.

අයෝම ජයසිංහ - රූපවාහිනී සංස්ථාව

Tuesday, October 29, 2013

Thalangama - තලන්ගම

ජෝර්ජ් අපගෙ මහ රජා
මේරි බිසව ගුණ කඳා
ලංකාවම රැක දිදී
වැජඹෙත් සෙත් සිරි සැදී..





“ඉස්කෝලෙදි උදේට මෙහෙම කියලා තමයි අපි පොතපතේ වැඩ පටන් ගන්නේ. සුද්දන්ගේ ආණ්ඩුවනේ. 1948 අවුරුද්දට කලින් ඉපදුනු අපි සැවොම බ්‍රිතාන්‍ය ජාතිකයෝ. උප්පැන්න සහතිකයේ තියෙන්නේ එහෙමයි. මගේ නමත් ජෝර්ජ් එඩිමන්ඩ් ජයසිංහ. තාත්තා ජෝර්ජ් ඇල්බට් ජයසිංහ. මගේ මේ ඉංග්‍රීසි නමට මම ආස වුණේම නැහැ. මගේ තාත්තා නැතිවුණේ 1955දී. තාත්තා නැති වුණත් හරි තාත්තත් එක්කම මම මගේ ඉංග්‍රීසි පන්නයේ නමත් වළ දැම්මා. 1936දී මම ඉපදෙන කොට මට ලැබුණු ජෝර්ජ් එඩ්මන්ඩ් ජයසිංහ නම 1955දී තලන්ගම ජයසිංහ විදිහට මාරු වුණේ ඔන්න ඔය විදිහටයි. ”

දේශීය සන්නිවේදන ක්ෂේත්‍රයේ චිත්‍රකතා භාවිතය හරහා නමක් දිනා සිටින ප්‍රමුඛ පුද්ගලයකු ලෙස තලන්ගම ජයසිංහ මෙරට කාගේත් මතකයේ රැඳී ඇතුවාට සැක නැත.රුවින් නොහඳුනන නමුත් ‘තලන්ගම’ කියූ සැණින් ‘ජයසිංහ’ නාමයත් අගට එකතු වී ක්ෂණිකව ‘තලන්ගම ජයසිංහ’ යන නාමය මතක් වීමට තරම් ලාංකීය හදවත් තුළ ඔහු ජීවත් වෙමින් සිටී. පුවත්පත්, චිත්‍ර කතාව හා කාටුන් කලාව ජීවිතය කරගත් තලන්ගම ජයසිංහ, ජෝර්ජ් එඩ්මන්ඩ් නමින් බැහැරව තමන්ගේ උපන් ගමේ නමින් පෝෂණය වූ රහස මෙසේය.

“මම උපන් තලන්ගම ග්‍රාමයට මම හරිම ආදරෙයි. ඉස්සර පොඩිකාලේ අපි දියවන්නා ඔයේ එහා ඉවුරේ ඉඳලා මෙහා ඉවුරට පීනන්නේ පුදුම විනෝදයෙන්. මගේ පවුලේ ගෑනු ළමයි තුන්දෙනයි පිරිමි ළමයි දෙන්නයි. මම පාසල් ගියෙත් ගමේම තිබුණු විද්‍යවර්ධන බෞද්ධ මිශ්‍ර පාසලට. සවස එක වෙද්දී ඉස්කෝලේ වැඩ ඉවරයි. ඊට පස්සේ සවස තුනට පටන් ගන්නවා බොරැල්ලේ හේවාවිතාරණ විදුහලේදී ඉංග්‍රීසි පන්තිය. පැලවත්තේ ඉඳලා බොරැල්ලට බස් ගාස්තුව සත 15යි. මේ පන්තිය රෑ 7, 8 වෙනකම් තියෙනවා. අයියයි මමයි දෙන්නත් එක්ක රෑට පන්තිය ඉවර වෙලා ඊට පස්සේ කඩයක් ළඟට වෙලා රේඩියෝ එක අහනවා. එදා තිබුණු ලොකුම සන්නිවේදන මාධ්‍යය රේඩියෝව.

අපේ තාත්තා ඉංග්‍රීසි, සිංහල භාෂා දෙකම දන්න උගත් පුදගලයෙක්. අපේ අම්මා ඊට හාත් පසින්ම වෙනස්. අම්මා අකුරු දන්නෙම නෑ. ඒ වුණාට තමන් දන්නෙ නෑ කියලා අම්මා කාටවත් පෙන්නන්නෙ නෑ. ඒ මදිවට ගමේ මිනිස්සු අම්මාට කියන්නෙ ‘ඉස්කෝලෙ හාමිනේ’ කියලා. ඉස්සර ගමේ අය ටෙලිග්‍රෑම් කියවන්න ගේන්නේ අපේ අම්මා ළඟට. එතකොට අම්මා කියනවා ‘දැන් මගේ ඇස් පේනවා හොඳටම මදි, මෙන්න මේක පුතාට කියලා කියවගන්න’ කියලා. අපි මේවා දිහා බලලා අම්මාගේ වැඩ ගැන හිත යටින් හිනාවෙනවා. හැබැයි මනෝමයෙන් ගණන් හදන්න නම් ඇය හරිම දක්ෂයි. 

අපේ තාත්තට තිබුණා පොත් පුරවපු පරණ පෙට්ටියක්. මේ පෙට්ටියෙ තිබුණෙ නැති පොතක් නෑ. උම්මග්ග ජාතකය, පූජාවලිය, සද්ධර්මරත්නාවලිය, ගුත්තිලය. ඊට අමතරව ඩබ්.ඒ. සිල්වාගේ නවකතා, මාර්ටින් වික්‍රමසිංහ, පියදාස සිරිසේන වගේ අයගේ නවකතා හැම එකක්ම වගේ තිබුණා. අපේ තාත්තා හැමදාම රෑට භූමිතෙල් කුප්පි ලාම්පුවක් ළගට අරන් අම්මාට ඇහෙන්න මේ හැම පොතක්ම කියවනවා. මේ හේතුව නිසා අවුරුදු 4,5 වෙද්දී මමත් මේ පොත් සේරම කියවලා ඉවරයි. ඇයි තාත්තා කියවනවා මමත් අහගෙනනේ ඉන්නේ. ”

තලන්ගම ජයසිංහ පාසල් යාම ආරම්භ කළේ වයස අවුරුදු තුනේදී. ආරියදාසට අවුරුදු 10ක් වුණාට තලන්ගමත් ආරියදාසත් ඉගෙන ගත්තේ එකම පන්තියේ. “ආරියදාස චිත්‍ර අඳින්න දක්ෂයා. හැබැයි අඳින්නේ ගමේ ඉන්න චන්ඩින්ට හරියන චිත්‍ර. කිනිස්ස වටේ එතුණු නාගයාගේ රූපය, තරු, ගුරුළු රූප වගේ පච්චවලට හරියන රූප තමයි සේරම. හැබැයි ඒ අතර බුද්ධ රූප, දේව රූපත් නැතුවාම නෙවෙයි.” ආරියදාසගේ හැකියාව තලන්ගමගේ හිත චිත්‍ර අඳින්න නැඹුරු කරවීමට සමත් වුණා.

“ආරියදාස චිත්‍ර අඳිනවා දැක්කම මටත් ආස හිතුණා චිත්‍ර අඳින්න. මම ආරියදාසට කියනවා මගේ පිටේ චිත්‍ර අඳින්න කියලා. ඒවා පාටත් කර ගන්නවා කාබන් පැන්සල්වලින්. මේවා බලාගෙන දවසක් මමත් ඇන්දා බුද්ධ රූපයක්. ඇඳලා හේවාවිතාරණ ඉස්කෝලෙට අරගෙන ගියා. ඒක දැකපු අය කිව්වෙ මූ බොරුවක් කරන්නෙ. කවුද ඇඳපු එකක් ගෙනත් පෙන්නනවා කියලා. ඔන්න මගේ චිත්‍රවලට මගේ හැකියාවට හා හා පුරා කියලා ලැබුණු ප්‍රතිචාරය. එදා මට තරහා ගියා හොඳටම.

පසු කාලෙ වෙද්දී මම ළමා සගරාවලට කවි ලිව්වා. චිත්‍ර ඇන්දා. අපරාදෙ කියන්න බෑ යවන යවන හැමදේම සඟරාවේ පළවුණා. මේ අඳින චිත්‍රවල කාටුන් හුරුව තිබුණේ. චිත්‍රයට යටින් කවි පදයකුත් ලියනවා. මේ හැමදේම පළ වෙනවා. මුලදී මම පාවිච්චි කළේ තලන්ගම තිලක ජයසිංහ කියලා. පස්සේ තිලක නම අතහැරියා. දවසක් ගියා මම බාබර් සාප්පුවට. ඉස්සර හිටිය බාබර්ලා සේරම ඉන්දියානු ජාතිකයෝ. මම මේ කියන්නේ 1940 ගණන්වල සිද්ධියක්. බාබර් හොද කලා රසිකයෙක්. සාප්පුව වටේම දිලිප් කුමාර් කියන නළුවාගේ පින්තූර එල්ලලා. ඒ අතරේ වෙස් මූණක් දාගත්තු යකෙකුගේ මූණකුත් තිබුණා. බාබර් දන්නවා මම චිත්‍ර අඳිනවා කියලා. ඒ ගමන මට අර යක් මූණ පෙන්නලා කියනවා ‘අර හූනියම් යකාව මට ඇඳලා දෙන්න’ කියලා. මමත් නිකම් හිටියේ නෑ. පුළුවන් උපරිමයෙන් ලස්සනට ඇන්දා. බාබර්ට චිත්‍රය හොදට හිතට ඇල්ලුවා. එයා ඒක රාමු කරලා බිත්තියේ එල්ලුවා. ඔන්න ඊට පස්සේ නම් මං ගැන යහපත් ප්‍රතිචාර එන්න ගත්තා. මේ එක්කම මම මරදානේ ‘ටෙක්නිකල් කොලේජ්’යන්න ගත්තා වැඩිදුරටත් චිත්‍ර විෂය හදාරන්න. ”

අපොස සාමාන්‍ය පෙළ පන්තිය තෙක් පාසල් අධ්‍යාපනය ලද තලන්ගම ජයසිංහ රජයේ ලලිත කලා ආයතනයට පස් අවුරුදු පාඨමාලාවක් සඳහා සම්බන්ධ වුණේ 1951දී. එහිදී අධ්‍යාපනය ලද මුල් මාස තුන පසුවීමත් සමග තලන්ගමගේ දක්ෂතාව තේරුම් ගත් ගුරුවරු ඔහුට උසස්වීම් දෙකක් ලබා දුන්නේ වාර දෙකකදීම පන්තියක් පසුකර පන්තියකට යාමට ඉඩ සලසා දෙමිනි.

“චිත්‍ර, මූර්ති, මැටි හා ලාකඩ කියන විෂයන් හතරම මම මෙහිදී හැදෑරුවා. ඊට අමතරව නිවාස සැලසුම පිළිබඳවත් ඉගෙන ගත්තා. මේ මගේ ගේත් මගේම සැලසුමට අනුව ගොඩනැගුණේ.”

ගෙයි හතර අතටම අපේ ඇස් දිවගියේ ඔහුගේ දක්ෂතාව පිළිබඳව යම් මිනුමක් ලබාගැනීමේ අරමුණින්. ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව ගැඹුරු හැදෑරීමක් අප සතු නොවුවත් බැලූ බැල්මට ඉතාමත් අලංකාරවූත් හුරුබුහුටි වූත් නිවසේ හැඩරුව අපේ සිත් පැහැර ගත්තා.

“මගේ තාත්තා නැති වුණේ මේ කාලෙදී. හේවුඩ් එකේ ඉගෙන ගන්න ගමන් වෙළෙඳ දැන්වීම් ආයතනයක අමතර රස්සාවකට ගියේ ජීවත්වෙන්න ඉගෙන ගන්න සල්ලි ඕන නිසා. මේ වෙද්දි නංගිලා දෙන්නත් ඉගෙන ගන්නවා. එයාලගෙ ඒ කටයුතු බලන්න වුණෙත් මට. පඩිය රුපියල් 125යි. එතැනින් තව තැනකට ගියා. එතැනින් ලැබුණේ රුපියල් 150යි. මේ වගේ මම දැන්වීම් ආයතන පහක වැඩ කළා. මේ අතරේ තමයි 1956දී සිළුමිණ පත්තරේට චිත්‍ර ශිල්පියෙක් අවශ්‍යයි කියන දැන්වීම දැක්කේ. මේ වෙද්දි මගේ වයස අවුරුදු 19යි. අවිත් තිබුණු ඉල්ලුම්පත් ගණන 400කට වැඩියි. කොහොමහරි පත්තරයක වැඩ කරන්න තිබුණු ආසාවටම රුපියල් 250ක් වැනි වැටුපකට මම මේ රස්සාව තෝරාගත්තේ 400ක් වැනි අයදුම්කරුවන් අතරින් මාව තෝරාගෙන තිබුණ සතුටත් හිත ඇතිව. ”

1957දී එලෙස ලේකහවුස් ආයතනයේ සිළුමිණ පත්‍රයට සම්බන්ධ වූ තලන්ගම ජයසිංහ ඇටසැකිල්ල නමින් සිය දෙවන චිත්‍රකතාව නිර්මාණ කරනු ලැබුවා. චිත්‍රකතා කලාවේ ආරම්භය ඔහු ලබා ගනුයේ දිනමිණ පත්‍රයට තම මුල්ම චිත්‍රකතාව ‘චිත්‍රා’ නිර්මාණය කරමිනි. ඒ 1954 අවුරුද්දයි. පණට පණ, මිනිස් දඩයම, මා ආලය කළ තරුණිය, සුදු සහ කළු, කල්හාරී, වියරු මුහුද අප හඳුනාගත් ඔහුගේ ජනප්‍රියතමවූ චිත්‍රකතා අතරින් කිහිපයකි.

“අවුරුදු 42ක් ලේක්හවුස් ආයතනයේ වැඩකළා. 1998 වසරේදී මට එම ආයතනයෙන් ඉවත්වෙන්න කිව්වා. ඒ වෙද්දි මම අවුරුදු 18ක් මධුර පත්‍රෙය් කර්තෘ. මගේ ඒ ප්‍රතික්ෂේප වීම මම සතුටින් භාර ගත්තා. 2005 අවුරුද්ද වෙනකම් සිළුමිණ පත්‍රයට චිත්‍රකතා ඇන්දා. මේ වෙද්දි මම චිත්‍රකතා 72ක් නිර්මානය කරලා තියෙනවා. තාත්තා මියගිය පසු මම භාවිත කල තලන්ගම ජයසිංහ නමත් එක්ක ගොඩාක් දුර ආවා. මට අනිත් අය අතර කැපිලා පේන්න ඕන විදිහේ නමක් නෙමෙයි ඕන වුණේ. මගේ පහසුවට, භාවිතයේ පහසුවට කෙටි නමක් හා නියම හුරුවේ සිංහල නමකුයි මට ඕන වුණේ. ”



2013-10-24 දිනපතා රිවිර පත්‍රයේ ‘දිවි මංපෙත’ අතිරේකයට චාමිණී ගම්මන්පිල ලියූ ලිපියක් ඇසුරිනි.

Thursday, August 22, 2013

අන්තරයාකාරී (සකස්කළ) ආහාර වර්ග 7 ක් - 7 Most Unhealthy Processed Foods You Need To Avoid



7 Most Unhealthy Processed Foods You Need To Avoid

ඔබ විසින් පරිභෝජනය නොකළ යුතු සෞඛ්‍යයට වඩාත්ම අන්තරයාකාරී (සකස්කළ) ආහාර වර්ග 7 ක් ගැන දැනුවත් වන්න

සකස්කළ ආහාර (පිසීමක් අවශ්‍ය නොවන මිලදී ගත් සැණින් පරිභෝජනය කළ හැකි හෙවත් ක්ෂණික ආහාර) අනුභවය අද පරිභෝගිකයාගේ ඉතා ජනප්‍රිය අංගයක් වී ඇත. එයට හේතුව කාලය ඉතිරිවීමත්, කාර්යබහුලකම නිසාත් සහ ආහාර පිසීමට නොදන්නා හා අහාර පිසීමට අකමැති ජනතාවක් බිහිවීම නිසාත් ය. වෙළඳපලේ ඇති සකස්කළ ආහාර බොහොමයක මිල අඩුවට සඳහන් කොට ඇත. එනමුත් එම මිළටම එය නිවසේ පිළියෙල කරන්නට ගියවිට වැඩි වියදමක් දැරීමට සිදුවේ. අඩු මිලට පහසුවෙන් රසවත්ව ක්ෂණිකව ආහාර ලබාගත හැකි නිසා සකස්කළ ආහාර ජනප්‍රිය වීම අරුමයක් නොවේ. ඔබ මෙසේ අඩුමිලට ක්ෂණික ආහාර ලබාගත්තත් ඒවා තුළ අධික මිලක් සැඟවී පවතී. ඔබ සිතන්නේ ඒ කුමක් කියාද? සෞඛ්‍යයට ඉතා අහිතකර සංඝටක ඒවා තුළ ඇති නිසා ඔබ ඒවා පරිභෝජනය කිරීමෙන් ඔබ රෝගීවීමෙන් පසු ප්‍රතිකාර සඳහා ඔබට අධික මුදලක් වැයවීම එහි තේරුමයි.

ආහාර විද්‍යාඥයන්ට අනුව සකස්කළ ආහාර අති බහුතරයක් සෞඛ්‍යයට අහිතකරවීම අද වනවිට රහසක් නොවේ. සාමාන්‍යයෙන් සකස්කළ ආහාරවල පෝෂණීය ගුණය හීනය. විශේෂයෙන් ඔක්සිහාරක හා විටමින් අඩුය. නමුත් ඒවා වල කැලරි ප්‍රමාණය අධිකය. තවද රසායනාගාරවල කෘතිමව නිපදවන සංඝටක එම ආහාරවල අඩංගුව තිබිය හැකි නිසා ඒවා මිනිස් ශරීරයට ඉතා අහිතකර විය හැක. ඔබේ ආහාර වට්ටෝරුවෙන් සකස්කළ ආහාර ඉවත් කිරීම ඔබට ඉතා අපහසු විය හැක. නමුත් ඔබ ඔබගේ සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දෙන්නේ නම් මෙම ආහාර අකමැත්තෙන් වුවද පරිභෝජනයෙන් ඉවත් කළ යුතුය. පහත දක්වා ඇත්තේ අද වන විට සෞඛ්‍යයට බලවත් තර්ජනයක්ව පවතින සකස්කළ ආහාර වර්ග 7 ක ලැයිස්තුවකි.


01-චිකන් නගට්ස්



හොට් ඩෝග්ස් මෙන් චිකන් නගට්ස් ද ආහාර කර්මාන්තයේ දැවැන්ත නිෂ්පාදනයක් බවට පත්වී ඇත. එය ප්‍රෝටීන් අධික ආහාරයක් ලෙස ඔබ සිතුවත් 50 % කට වඩා එහි ඇත්තේ ප්‍රෝටීන් වලට වඩා කාබෝහයිඩ්රේට් හා මේද ය. තව මතක තබාගත යුතු කරුණක් වන්නේ මෙහි පිරවුමෙහි සහ පිටත හමුවන මෙම කාබෝහයිඩ්රේට් ශරීර සෞඛ්‍යයට ඉතා අහිතකර විශේෂයක් බවයි. බොහෝවිට චිකන් නගට්ස් බදිනු ලබන්නේ ගැඹුරු තෙලෙහිය. මෙම තෙල් බෝහෝවිට අසංතෘප්ත වර්ගයේ මේදය. අසංතෘප්ත වර්ගයේ මේද මගින් අපගේ ශරීරයේ සෛල පටක විකෘතිවීමක් ඇති කරයි. මෙමගින් ටයිප් 2 වර්ගයේ දියවැඩියාව වැනි පරිවෘත්තික රෝගාබාධ ඇතිවිය හැක. එපමණක් නොව චිකන් නගට්ස්වල ශරීරයට අහිතකර රසකාරක හා කල්තබාගැනීමේ ද්‍රව්‍ය අඩංගු විය හැක. ඒවායින් කීපයක් නම් MSG හෙවත් Monosodium glutamate (මොනො සෝඩියම් ග්ලූටමේට්) සහ TBHQ හෙවත් Tertiary butylhydroquinone (ටර්ටරි බතිල් හයිඩ්‍රොකෝන්)


02- සෝඩා පොප් (පැණි බීම වර්ග)





සෝඩාවල කිසිම පෝෂ්‍යදායි ගුණයක් නැත. එහි කැලරි ද නැත. වැඩිපුරම ඇත්තේ ඔබට හානිකරන සංඝටක වේ. එහි සීනි අඩංගු නම් එහි එතරම් වරදක් නැතත් අද ඒවා රස කිරීමට වැඩිපුරම මුසු කොට ඇත්තේ කෘතිම සීනි වර්ගයක් වන අධි සාන්ද්‍ර ෆරුක්ටෝස් නම් පැණි විෂේශයකි (හයි ෆරුක්ටෝස් කෝන් සිරප් -HFCS). ඒවා සීනි වලට වඩා ශරීරයට හානිදායකය. HFCS ද්‍රව්‍යය මිනිසාගේ අක්මාව තුවාල කිරීමට සමත් අතර (සීනි භාවිතයට වඩා) කඩිනමින් රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය ඉහළ දැමීමටද සමත්ය.


සෝඩා පැණි බීමවල බලගතු අම්ල ජනිත කළහැකි සංඝටක පවතී. අප මුදල් දී ඒවා අපගේ ශරීරයට දමාගනී. ශරීරය තුලදී අම්ල ඇතිවීමෙන් සාමාන්‍ය pH අගයේ තිබූ ශරීරය ආම්ලික පරිසරයක් සහිත ශරීරයක් බවට පත්වේ. ආම්ලික පරිසරයකදී පිළිකා සෛල පහසුවෙන් වර්ධනය විය හැක. ආම්ලික ශරීරයක් ඇති කෙනෙකුට ප්‍රතිශක්ති ක්‍රියාවලිය දුර්වලවීමෙන් පහසුවෙන් වෛරස් හා බැක්ටීරියා ආසාදනයන්ට ද ලක්විය හැක.

03- හොට් ඩෝග්ස් සහ එවැනි සකස්කළ මාංශ ආහාර




හොට්ස්ඩෝග්ස් , දශක ගණනාවක් පුරා අමෙරිකානු ආහාර වේලේ ප්‍රධාන අංගයක් ලෙස පවතී. අමෙරිකාවේ ජාතික හොට්ස්ඩෝග්ස් හා සොසේජස් කවුන්සිලයේ වාර්තාවලට අනුව වසරකට අමෙරිකානුවන් හොට්ස්ඩෝග්ස් බිලියන 20 ක් අනුභව කරයි.(බිලියන 1ක් යනු මිලියන දහසකි. එනම් 1යි බිංදු 9 ක් ඇති සංඛ්‍යාවකි - 1,000,000,000 එය අපේ ව්‍යවහරයෙන් පවසනවා නම් කෝටි 100 කි. ඒ අනුව බිලියන 20 ක් යනු කෝටි 2000 ක් බව සිතන්න) තවද එම වාර්තාවෙන් වැඩිදුරටත් ස‍ඳහන් කරන්නේ අමෙරිකානු නිවාසවලින් 95% ක්ම හොට්ස්ඩෝග්ස් පරිභෝජනය කරන බවයි.

වෙළෙඳපලේ විකිණීමට ඇති හොට්ස්ඩෝග්ස් හා එවැනි සකස්කළ මාංශ ආහාරවල වැඩිපුරම ඇත්තේ කුමන සංඝටකදැයි ඔබ දන්නේද? අධිකව යෙදූ ලුණු, MSG, සෝඩියම් නයිට්‍රේට්, කල්තබාගැනීමේ ද්‍රව්‍ය, කෘතිම රසකාරක ද්‍රව්‍ය, ලාබදායි ලෙස සැකසූ සෙඛ්‍යාරක්ෂිත නොවූ මැද පිරවුම් යනාදියයි. නිෂ්පාදනයේදී මාංශ වෙන් කෙරෙන්නේ යන්ත්‍රානුසාරයෙනි. බොහෝ පාරිභෝගිකයන්ට මෙම නිෂ්පාදනවල පෝෂ්‍යදායි ගුණය ගැන වැටහීමක් නැත. යන්ත්‍රානුසාරයෙන් මාංශ වෙන්කිරීමේදී ඒවා දැඩි උෂ්ණත්වයකට හා පීඩනයකට යටත්වන නිසා ඒවාවල පෝෂ්‍යදායිබව වියැකී යයි. උදාහරණයක් ලෙස මාංශවල ඇති ප්‍රෝටීන් ද මෙම අධිකාර්මික ක්‍රියාව නිසා විකෘතිභාවයට පත්වේ.

04- කුකීස් විස්කෝතු, කේක්, ස්පන්චි හා ක්‍රැකර්ස් වර්ග




කුකීස් විස්කෝතු, කේක්, ස්පන්චි හා ක්‍රැකර්ස් වර්ග මෙසේ එක කාණ්ඩයකට ගොනුකළේ ඒ සෑම ආහාරයකින්ම සිදුවිය හැකි හානිය එක සමාන වන නිසාය. අධිකව සීනි හා ලුණු අඩංගු එම අහාරවල ඊටත් වඩා අධිකව ඇත්තේ අසංතෘප්ත මේදයයි. මිල අධික සොඛ්‍යාරක්ෂිත මේද වලට වඩා අසංතෘප්ත මේද ලාබදායි නිසා එවැනි ආහාර නිෂ්පදනයේදී ඒවා එකතුවෙයි. තවද අසංතෘප්ත මේද යෙදීමට තවත් හේතුවක් වන්නේ නරක් නොවී කල්තබාගැනීමටත් පදම ලබාගැනීමටත් එයින් පහසුවන නිසාය. යම් ආහාර නිෂ්පාදනයක අසංතෘප්ත මේදය කොපමණ ඇත්දැයි ඔබට එහි ලේබලයෙන් බලාගත හැකිය. යම් නිෂ්පාදනයක් සිල්ලර ප්‍රමාණයෙන් පාරිභෝගිකයාට ලබාදෙන විට එහි අසංතෘප්ත මේදය ග්රෑම් 0.05 කට වඩා අඩුවෙන් ඇත්නම් එහි අසංතෘප්ත මේදය නොමැති ලෙස ලේබල් වල දැක්වීමට අමෙරිකානු ආහාර පාලක මණ්ඩලය මගින් ආහාර නිෂ්පාදකයින්ට අවසර ලබා දී තිබේ. ආහාර වෙලෙන්දන් පාරිභෝගිකයින් රැවටීමට මෙම නීතියම උපයෝගී කරගෙන තිබේ. උදාහරණයක් ලෙස විස්කෝතු ඇසුරුමක අසංතෘප්ත මේදය හානිදායක ප්‍රමාණයක ඇත්නම් එහි එක් විස්කෝතුවක ඇති ප්‍රමාණය ගණනය කිරීමේදී එය ග්රෑම් 0.05 කට වඩා අඩුවිය හැක. එවිට වෙළඳුන් ඇසුරුමේ ලේබලයේ දක්වන්නේ එක් විස්කෝතුවක අඩංගු ද්‍රව්‍ය සඳහන් කොට එහි අසංතෘප්ත මේදය නොමැත යන්නයි. ඕනෑම ආහාර නිෂ්පාදනයක අසංතෘප්ත මේදය ඇත්දැයි ඔබට සැකහැර දැනගත හැකි තවත් ක්‍රමයක් මෙසේය. එහි අඩංගු ද්‍රව්‍ය ලැයිස්තුවේ hydrogenated හෝ partially hydrogenated යන වදන් ඇතුලත් නම් එම ආහාරයේ අනිවාර්යෙන්ම අසංතෘප්ත මේද අඩංගුවේ. අසංතෘප්ත මේද මගින් අපගේ ශරීරයේ සෛල පටක විකෘතිවීම හා ටයිප් 2 වර්ගයේ දියවැඩියාව වැනි රෝගබාධ ඇතිවිය හැකි බව මීට ඉහතද දක්වා ඇත.

05- උදෑසන ආහාරයට ගන්නා සෙරීල්ස්




විකිණිමට ඇති බොහෝ උදෑසන සෙරීල්ස් ආහාරවල “විටමින් හා ඛණිජවලින් ස්වයංපෝෂිතයි” යනුවෙන් සඳහන් කර ඇත්තේ ඇයිද කියා ඔබ දන්නවාද? එසේ නොවන්නේ නම් කිසිවෙක් එම ආහාර මිලදී නොගනු ඇත. ගුණයෙන් අඩු කෘත්‍රිම විටමින් එහි අඩංගු නිසා විටමින් වලින් ස්වයංපෝෂිතයි යැයි සඳහන් කිරීමට නිෂ්පාදකවරුන්ට හැකිවී තිබේ. බොහෝ සෙරීල්ස් ආහාරවල සීනි හෝ අධි සාන්ද්‍ර ෆ්රුක්ටෝස් කෝන් සිරප් අඩංගු වේ. ඔවුන් කෝන් යොදාගන්නේ නම් ඒවා අනිවාර්යයෙන්ම ජානවලින් නිපදවූ මිලෙන් අඩු කෝන් විශේෂයක් විය යුතුය. නිෂ්පාදන වියදම අඩුවීමෙන් අධික ලාභයක් ලැබීම ඔවුන්ගේ පරමාර්ථය වන බැවිනි. යුරෝපයේ මෑතක සිදුකළ පර්යේෂණ වලදී ජානවලින් නිපදවූ කෝන් ආහාරයට ගැනීමෙන් මීයන්ගේ මොළයේ ගෙඩි (ටියුමර්) ඇතිවන බව සොයාගෙන තිබේ. (මෙය මිනිසාට රතු එළියකි) මේ පිළිබඳ පර්යේෂණ කිරීම දැන් සීමා සහිතවී තිබේ. එයට හේතුව මහා පරිමාණ සමාගම්, පර්යේෂණ කරන විද‍්‍යාඥයින්ට විරුද්ධව නඩු දමා තර්ජනය කිරීමයි. කෙසේ වෙතත් ජානමය කෝන් ආහාරයට ගත් ඇතැම් ගවපට්ටි හා ගොවිපළ සතුන් රෝගීවූ බවට හෝ මියගිය බවට සිද්ධීන් ගණනාවක් වාර්තාවී ඇත.

06- ග්‍රැනෝලා බාර්ස්
-(මේවා ඕස්ට්‍රේලියා, නවසීලන්ත හා උතුරු අමෙරිකාවේ ජනප්‍රිය රසකැවිල්ලක් වන අතර එය රටකජු, කජු, පොරි , මුද්දරම්පලම්,බැදපු පීනට්ස්, ආමන්ඩ්,තල ඇට, සූර්යකාන්ත ඇට වැනි ද්‍රව්‍ය සමග ලුණු හා කෝන් සිරප් මිශ්‍ර කොට සාදාගනී.ශ්‍රී ලංකාවේ සුපිරි වෙළඳසැල්වල විකිණීමට තිබේ)





වඩාත්ම අනතුරුදායක ආහාර වර්ග 7 ලැයිස්තුවට ග්‍රැනෝලා බාර් අයත්වීම කෙරෙහි ඔබ පුදුමයට පත්වනු ඇත. එයට හේතුව ඒවා වෙළඳපලට එන්නේ වඩාත්ම පෝෂ්‍යදායි ආහාරයක් ලෙස කියාය. බොහෝ මිනිසුන් සිතන්නේ ද එය රසවත්, සෙඛ්‍යයට හිතකර අහාරයක් කියාය.නමුත් සත්‍ය තත්වය එයට හාත්පසින්ම වෙනස්ය. දෙමාපියන් තම දරුවන්ට ග්‍රැනෝලා බාර් රැගෙන දුන්නත් එහි චොකලට් බාර් එකක ඇති පෝෂණීය ගුණයවත් නැත. දවටනයේ හෝ ලේබලයේ හෝ ඒ පිළිබඳ දැක්වෙන වෙළෙඳ දැන්වීමේ කුමන දේ පැවසුවත් ඇත්තවශයෙන්ම එහි වැඩිපුරම අඩංගුව ඇත්තේ ශරීරයට අහිතකර අධි සාන්ද්‍ර ෆ්රුක්ටෝස් කෝන් සිරප් ය. ඔබ මෙය විශ්වාස නොකරනවා නම් ඔබ ඕනෑම සුපිරි වෙළඳ සැලකට ගොස් විවිධ වෙළඳ නම් වලින් එන ග්‍රැනෝලා බාර් ගෙන එහි දවටනයේ මෙම හානිකර ද්‍රව්‍ය අඩංගු නොවන්නේ දැයි සැකහැර බලාගන්න. තවද ග්‍රැනෝලා බාර්වල අසංතෘප්ත මේදය හා සෝඩියම්ද අඩංගු වේ.

07- සෑදූ අහාර රසගන්වනයන් (Pre- Made Condiments)
(කෝඩියල් වර්ග, ජෑම් වර්ග, අබ පේස්ට් , සෝස් වර්ග, චිලී පේස්ට්, කෙචප් වර්ග, චට්නි වර්ග, විනාකිරි වර්ග යනාදිය මෙම කාණ්ඩයට අයත්ය.)




මෙම ආහාර රසගන්වනයන් වලට බොහෝවිට අධි සාන්ද්‍ර ෆ්රුක්ටෝස් කෝන් සිරප් අඩංගු කර ඇත. තම නිෂ්පාදන අඩු වියදමකින් රසගැන්වීම සඳහා වෙළෙඳ ආයතන ඒවා යෙදාගනී. තවද අසංතෘප්ත මේද හා MSG වැනි කෘතිම රසකාරක ද ඒවාට ඇතුලත් කරයි. ශරීරයට අහිතකර කල්තබාගැනීමේ ද්‍රව්‍ය හා වර්ණක ද මේවායෙහි අඩංගුය. ඔබ නැවුම් එළවළු ගෙන පෝෂ්‍යදායි සලාදයක් පිළියෙල කලා යැයි අපි සිතමු. එය වඩා රසවත් කිරීමට වෙළඳපළෙන් ගත් සෝස් වර්ගයක් ඒ මත දැමූවිට මුළු ආහාරයම ශරීරයට අහිතකර ආහාරයක් බවට පත්වේ. මේ තත්වයෙන් මග හැරීමට ගත යුතු හොඳම මග වනුයේ ඉහත සඳහන් ආහාර රසගන්වනයන් හැකිනම් නිවසේදීම සාදා ගැනීමට පුරුදුවීමයි.

උපුටා ගැනීම
http://www.watchfreeks.com/48-chef-s-corner/35203-7-most-unhealthy-processed-foods-you-can-eat.html

අන්තර්ජාලය ඇසුරින් පරිවර්තනය කොට ඉදිරිපත්කළේ
අයෝම ජයසිංහ
Ayoma Jayasinghe  -  ayolanka@gmail.com
Sri Lanka Rupavahini Corporation













Thursday, May 30, 2013

ශිරෝමි ප්‍රනාන්දු සහ ශිරෝමාලා ප්‍රනාන්දු





ශිරෝමි ප්‍රනාන්දු සහ ශිරෝමාලා ප්‍රනාන්දු යනු ලංකාවේ ළමා ගායිකාවන් වී සිටි දෙදෙනෙක්ද? නැතහොත් ඒ නම් දෙකින් පෙනී සිටියේ එක් ගායිකාවක්ද?


70 දශකයේ ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි ළමා ගීත ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රියවූ ගී රාශියක් ගැයූ ගායිකාවක් පිළිබඳ තොරතුරු සොයා ඔබවෙත ගෙන ඒමට යෑමේදී මාවෙත ඇතිවූ ප්‍රධාන ගැටලුවකි ඉහත දැක්වූයේ. 1970 යනු මා 2 වසර පංතියේ ඉගෙනුම ලැබූ කාලයයි. 1970 සිට 1976 කාලය තෙක් ගුවන්විදුලියෙන් සවස් යාමයේ කුඩා අප දෙසවනට නිතර අසන්නට ලැබුණේ සුමධුර ළමාගීත සමුදායක්ය. එකල සමස්ත ශ්‍රී ලාංකික දරුවෝ මේ ගීත ආදරයෙන් වැළඳගත්හ. එයට හේතුව එම ගීතවල තිබූ ආදර්ශවත් පදමාලාවත්, හදවත්වලට කාවදින තනු නිර්මාණයත් සුමධුර හා ළයාන්විත හඬින් ගායනා කළ හැකි දක්ෂ ළමා ගායක ගායිකාවන් පිරිසත් නිසා බව අවිවාදයෙන් පැවසිය හැකිය. එයට ගෞරවය හිමිවිය යුත්තේ එම ගීත ලියූ, තනු නිර්මාණය කළ හා සංගීතය සැපයූ වැඩිහිටි කලාකරුවන් පිරිසට හා ළමා ගායක ගායිකාවන් පිරිස ලෝකයට දායාද කල ඔවුන්ගේ දෙමාපිය හා භාරකරුවන්ටය.



මේ ළමා ගීත රාශියෙන් “කොන්ද නමාගෙන- හැරමිටි ගහගෙන” යන අත්තම්මා තෙනෙකු ගැන කියවෙන ගීතය අතිශයින් ජනප්‍රිය වූ ගී වලින් එකක් බවට පත්වී තිබුණි. එම ගීතය හැඳින්වීමේදී ගායනය - ශිරෝමි ප්‍රනාන්දු ලෙස ගුවන්විදුලියෙන් ප්‍රචාරය වුණා මතකය. ඇයගේ තවත් ජනප්‍රිය ගීතයකි “පොඩිකාලේ දඟකෙරුවාම - නටමින් කරදර කෙරුවාම”.



නමුත් 1976 න් පසුව පාසලේ ඉහළ පන්තිවලට යෑමේදී ළමා ගීත ගුවන් විදුලියෙන් ප්‍රචාරයවීම තරමක් අඩුවූයෙන් ශිරෝමි ප්‍රනාන්දුගේ ගීතද අඩුවී ගියේය. ඇගේ අලුත් ගීතද නිර්මාණය නොවුනි. 1977 දී ආණ්ඩු පෙරලියක්ද විය. කලකට පසු වැඩිහිටියන් අපට පැවසුවේ ශිරෝමි ප්‍රනාන්දු රට හැරදමා ගොසින් කියාය. කාලය සෙමින් ගෙවී ගියේය. ඇගේ ගීත අපේ කුඩා කාලයේ පමණක් ඇසුණු ගීත ලෙස මතකයේ තැන්පත් විය. එම ගීත අද පවා කලාතුරකින් ප්‍රචාරය වනවා විය හැකිය. නමුත් අද සිටින ළමා පරපුරට පවා එම මුල් ගීත අසන්නට හැකියාවක් නැත. එයට හේතුව රූපවාහිනී මාධ්‍යයට අද ළමා පරපුර ඇබ්බැහිවීම නිසා නිවසක ගුවන්විදුලි යන්ත්‍රයක් ක්‍රියාත්මක නොවීමත්, අධ්‍යාපන තරගයට අසුවී සිටින ඔවුනට ගීත ඇසීමට කාලයක් නොමැතිවීමත්, රජයේ ගුවන්විදුලි නාලිකාවට අමතරව සිය ගණනක් පුද්ගලික එෆ්.එම්. නාලිකා තිබීම මගින් එම කුමන නාලිකාවක කුමන මොහොතක අසවල් ළමා ගී වැඩසටහන ප්‍රචාරය වන්නේ දැයි කිසිවෙක් නොදැන සිටීමත්ය.



ඉතිං වර්තමානය වනවිට ඔබට මෙම මුල් ගීත ඒ ආකාරයෙන්ම ඕනෑම මොහොතක අන්තර්ජාලයේ ඇති ගීත වෙබ් අඩවි කීපයක් මගින් පහසුවෙන්ම ශ්‍රවණය කල හැකිය. (miyuru gee සහ sinhalajukebox වැනි වෙබ් අඩවි) මා විසින් මෑතකදී එසේ ළමා ගීයක් ශ්‍රවණය කළෙමි. මසිත නැවත අතීතයට දිවගියේය. ශිරෝමි ප්‍රනාන්දු ගැන ඔබට ලියන්නට සිත්වී ඒ ගැන කරුණු සොයන්නට විවිධ වෙබ් අඩවි පීරන්නට වීමි. එහිදී වැදගත් කරුණක් සොයාගත හැකිවිය.



එනම් එකම කාලවකවානුවක (එනම් 70 දශකයේ ළමා ගී පිටියේ) බැලූ බැල්මට එක සමාන නම් දෙකක් සහිත ළමා ගායිකාවන් දෙදෙනෙක් එකසේ ජනප්‍රියව ළමා ගීත රාශියක් ගැයූ බවයි. ඔවුන් දෙදෙනා නම් ශිරෝමි ප්‍රනාන්දු සහ ශිරෝමාලා ප්‍රනාන්දුයි. ශිරෝමි ප්‍රනාන්දු ගැන උපුටා ඇති ඇතැම් වෙබ් අඩවි වල ඇගේ නම ඉදිරියෙන් වරහන් තුළ “ශිරෝමාලා ප්‍රනාන්දු” ලෙස සටහන් වී තිබුණි. එයින් මේ දෙදෙනා එක් පුද්ගලයෙක් ලෙස වැරදි අර්ථයක් හැඟවෙයි. තවත් කරුණක් වූයේ මේ දෙදෙනා ගැන ලියැවුණු වෙබ් අඩවි තනිව ගත්විට මෙනමින් තවත් පුද්ගලයෙකු ක්ෂේත්‍රයේ සිටින බවක් ඒවා වල කිසිවිටක සඳහන් නොවීමයි. එක් ගායිකාවක් ගැන ලියන්නට සැරසුණද දැන් ඔවුන් දෙදෙනා ගැනම ලිවිය යුතුයැයි සිතුණි. මින් මතු දිග හැරෙන්නේ එයයි....

ශිරෝමි ප්‍රනාන්දු

1960 දශකය අගභාගයේ දී ගායන ලොවට පිවිසි ශිරෝමි ප්‍රනාන්දු ගැයූ ගී ඇසූ අයගේ හදවත්වල අදටත් එම ගීත රැව් පිළිරැව් දෙනබව කිව යුතුය. “බේබි ශිරෝමි” ලෙසද කා අතරත් ජනප්‍රිය වූ ඇගේ ගීත විශේෂයෙන් අවුරුදු 12 න් පහළ ළමුන් වෙත රැල්ලක් මෙන් ඇදී ගියේය. ඇයව ගායන ලොවට හඳුන්වා දී ඇත්තේ ඇගේ මාමාවරුන් පිරිසකි. ඒ වෙන කවුරුවත් නොව ඒ කාලයේ කණ්ඩායම් ගීත ලොවේ හිනිපෙත්තට නැග හුන් “ධර්මරත්න සහෝදරයෝ” නම් එකම පවුලේ සහෝදරයින්ගෙන් සැදුම්ලත් සංගීත කණ්ඩායමයි. මෙහි සාමාජිකයින් රොනල්ඩ්, මැක්ස්වල්, ක්‍රිස්ටි හා මෙල්රෝයි නම් විය. මෙල්රෝයි ධර්මරත්න කණ්ඩායමේ බාලයා මෙන්ම නායකයාද වූ අතර ඔහු තම ඥාති දියණිය වන ශිරෝමි ප්‍රනාන්දු ගායන ලොවට කැන්දන් ආවේය. එවිට ඇගේ වයස අවුරුදු 11 ක් විය. මේ නිසා ශිරෝමි ප්‍රනාන්දු ගැයූ බොහෝ ගීතවල පදමාලාව හා සංගීතය මෙල්රෝයි ධර්මරත්නගේය.



මෙල්රෝයි ධර්මරත්න (මිල්ටන් මල්ලවආරච්චි ගයන මේ මැයිගහ යට ගීතය නිර්මාණය කළේද ඔහුය)


සාමාජිකයන් සතරදෙනෙකු සිටි ධර්මරත්න සහෝදරයෝ කණ්ඩායම මෑත කාලයේ ප්‍රසංගයක් පැවැත්වූ අයුරු. මෙහිදී එක් සාමාජිකයෙකු (රොනල්ඩ්) මෙහි නොමැත්තේ ඔහු මේ වනවිට මෙලොව හැරගොස් සිටි නිසාය.

මෙල්රෝයිගේ සංගීතයෙන් ඔප් නැංවුනු ශිරෝමිගේ “කොන්ද නමාගෙන” ගීතය අතිශයින් ජනප්‍රිය විය. ඒ සමගම ඇගේ “පොඩිකාලෙ දඟකෙරුවාම (පෙම්බර අම්මා)” “සකල බුජං” “ආකාසේ රැස්විහිදා (හඳහාමි)” යන ගීත ද එකසේ ජනප්‍රිය විය. මෙහි “ආකාසේ රැස්විහිදා” ගීතය ශිරෝමි විසින් “ආදරේ හිතෙනව දැක්කම” චිත්‍රපටයේ රඟපාමින් ගායනා කළාය. වරක් ඇය ලියුකේමියා රෝගයෙන් මියයමින් සිටි ඇගේ යෙහෙළියක් වෙනුවෙන් විශේෂ ගීයක් ගායනා කලාය. මෙම දුක්මුසු ගීයෙන් බොහෝ දෙනෙකුගේ හදවත් හැඬවිණි. මෙම ගීය ගැයුවේ ශිරෝමිට ලියුකේමියා රෝගය වැළඳී ඇති නිසා යැයි වැරදීමකින් සිතූ ඇතැම් දෙනා කොටහේනේ පිහිටි ඇගේ නිවසට ද ගොඩවන්නට විය.

කාලය මෙසේ ගෙවී යද්දී ඈ ළමා ගායිකාවක්ව සිටි සමයේම ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවෙක්ද ඇගේ රසිකයෙක් වී සිටියේය. හේ නමින් සුනිල් වැලිකල විය. ඇගේ භාවපූර්ණ කටහඬට මත්වී සිටි ඔහු කෙසේ හෝ ඇගේ නිවසටම ගොස් ඈ හමුවීමට තරම් අවස්ථාවක් උදාකර ගත්තේය. ඔහු ඇයට රසික මිතුරු සමාජයක් ආරම්භ කිරීමට යෝජනා කළේය. මේ කටයුත්තට ඇගේ මාමවරුන්ද කැමති විය. කෙසේ හෝ අවසානයේදී මෙම “ශිරෝමි රසික සමාජයේ” සභාපති වූ සුනිල් වැලිකල 1980 දී ඇගේ අතිනත ගත්තේය. ඔවුනට චමිල් හා හෂී නමින් පුතෙකු හා දියණියක ලැබිණි.


ශිරෝමි ප්‍රනාන්දු හා සුනිල් වැලිකල

සුනිල් ඇගේ ගායන හැකියාවට බාධා නොකල නිසා ඇය තවත් ගීත රාශියක්ම එළි දැක්වූවාය. ඇගේ සැමියා වැවිලිකරුවෙකු වූ නිසා වැවිලි ක්ෂේත්‍රයේ සුහද හමුවලදී හා සාද වලදී ඈ තම ගී ගායනා කලාය. “සූරිය ලේබලය” යටතේ ඈ ඇගේ මුල් ගී නැවත තැටිගත කලාය. එකල අතිශය ජනප්‍රිය ප්‍රවීන ගායකයකුව සිටි වූ ක්ලැරන්ස් විජයවර්ධනයන් ද “සූරිය ලේබලය” යටතේ ගී ගායනා කල නිසා ශිරෝමිද ඒ තත්වයේම සිටි ගායිකාවක් බවට පත්වූවාය. 1987 දී ශිරෝමි තම ආදරණීය සැමියා හා දරුවන් දෙදෙනා සමග කැනඩාවේ පදිංචියට ගියහ. මෙරටදී වැවිලිකරුවෙකුව සිටි සුනිල් කැනඩාවට ගියපසු බැංකුවක රැකියාව කළේය.

කැනඩාවේදී ඔවුන් ගතකළ අවුරුදු 16 ක සුන්දර ජීවිතය එක්වරම අඳුරුවූයේ කිසිවෙක් අපේක්ෂා නොකළ පරිදිය. 2003 සැප්තැම්බර් 10 දින ශිරෝමිගේ සැමියා වන සුනිල් හදිසියේ අසනීපවී ඔහුගේ දෙනෙත් කහපැහැ ගැන්විණි. වෛද්‍ය පරීක්ෂණ ගණනාවකට භාජනය කිරීමෙන් අනතුරුව ඔහුට ලියුකේමීයා රෝගය වැළඳී ඇතැයි වෛද්‍යවරු පැවසූහ. ශිරෝමි ඇගේ කුඩා කාලයට සිය මතකය ගෙන ගියාය. තම මිතුරියගේ ලියුකේමියා රෝගය වෙනුවෙන් ඈ ගැයූ ගීය එක්වරම ඈට සිහිවිය. දින කීපයකට පසු සුනිල්ට තරමක් සුව වූ සෙයක් දක්නට ලැබුණෙන් ඔහුව වෙනත් වාට්ටුවකට මාරු කෙරිණි. එහෙත් අවාසනාවකට මෙන් ඔහුට එහිදී නිව්මෝනියාව වැළඳුණි. නැවතත් ඔහුව කළින් සිටි වාට්ටුවට මාරු කෙරුණි. එහිදී වරක් ශිරෝමිගේ හොඳම රසිකයෙකුව සිටි හා ඉන්පසුව ඇගේ ආදරණීය ස්වාමි පුරුෂයා බවට පත්වූ සුනිල් වැලිකල මහතා වසර 48 ක් දිවි ගෙවා 2003 සැප්තැම්බර් 22 දින සදහටම දෙනෙත් පියාගත්තේය. ඔහු අසනීපව සිටි කාලය දින දොළහකි. ශිරෝමිට හොඳ ස්වාමියෙක් මෙන්ම දරුවනට හොඳ පියෙක්ද අහිමිවිය.


(***ඉහත විස්තරය මා උපුටා ගත්තේ The Island පුවත්පතේ 2003/10/12 leisure වෙබ් පිටුවේ පළව තිබූ ලිපියක් අනුසාරයෙනි. මෙය ලියා ඇත්තේ ප්‍රසාද් ගුණවර්ධන ය. ශිරෝමිගේ මාමාවන මෙල්රෝයි ධර්මරත්න ප්‍රසාද්ගේ පුවත්පත් කාර්යාලයට පැමිණ මෙම තොරතුරු ප්‍රසාද්ට පවසා තිබුණි. මෙහි විශේෂත්වය වන්නේ ප්‍රසාද් හා මියගිය සුනිල් වැලිකල ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ වසර කීපයක්ම එකට ඉගෙනගත් මිතුරන් වීමය. ප්‍රසාද් හා සුනිල් මිතුරන් බව මෙල්රෝයි දැනගත්තේත් එදායිලු. ඔහුගේ ලිපියේ තමාට හොඳ මිතුරෙකුත් නැතිවුනා යැයිද හෙතෙම පවසා තිබිණි.)


සුනිල් වැලිකල සමග ගත් පවුලේ ඡායාරූපයක්

දියණිය හෂී සමග ශිරෝමි වැලිකල (ප්‍රනාන්දු)


වැලිකල පවුලේ වර්තමාන තොරතුරු බික්
දියණිය - හෂී වැලිකල (ඇය ශ්‍රී ලංකාව හැර යනවිට වයස අවුරුදු 3 කි. පියා මියයන විට වයස අවුරුදු 16 කි.)  
පුතා - චමිල් වැලිකල
සහ ශිරෝමි වැලිකල මහත්මිය (පෙර පාසල් ගුරුවරියක ලෙස සේවය කර ඇත.)
පවුලේ සාමාජිකයින් එක්වී සුනිල් වැලිකල සිහිවීම පිණිස කැනඩාවේ වාර්ෂිකව ලේ දන්දීමේ සායනයක් සංවිධානය කර පවත්වාගෙන යයි. දියණිය - හෂී වැලිකල විසින් කැනඩා-ශ්‍රි ලංකා සමාජය යනුවෙන් වෙබ් අඩවියක්ද පවත්වාගෙන යයි.

ශිරෝමාලා ප්‍රනාන්දු




ශිරෝමාලා පුනාන්දු ද ශිරෝමි ප්‍රනාන්දු මෙන් එකම කාලවකවානුවක ළමා ගී ලොවට පෑයු තරුවකි. එදා ළමා පරපුර අතර මෙන්ම අද ළමා පරපුර අතරේද එකසේ ජනප්‍රිය “හිංචි පිංචි හාවා යද්දි තනිවෙලා” ගීය එදා ශිරෝමාලා පුනාන්දු ගායනා කළවිට ඇගේ වයස අවුරුදු 7 කි. ගුවන්විදුලියේ ළමා ගී ජනප්‍රිය වූ කාලයේදී ළමා මුවග රැව්දුන් ඇය ගායනා කළ තවත් ගීයකි, “කොටු වැටිච්ච පුංචි සරම” එසේම “චූටි දුවේ සුදු රන් කැටියා” , “මුල් අකුරට මගෙ හෝඩි පොතේ” , “රණ මොනරෝ” , සහ “ලස්සනයි පි‍්‍රයංකරයි උපන්න රට මගේ” යන ගීතද ඇය ගායනා කලාය.




ශිරෝමාලා කුඩා කාලයේ



ඇයට කුඩා කාලයේදීම ගීත නිර්මාණය කරදී ඇත්තේ සිය පියා වන කැමිලස් ප්‍රනාන්දු නම් ප්‍රවීන සංගීතඥයා විසිනි. පියාගේ වියෝවෙන් පසු ඇය සංගීත ක්ෂේත්‍රයෙන් තරමක් ඈත්වුනු බව ඇය වරක් මාධ්‍ය වෙත පවසා තිබුණි.



ගුවන්විදුලියේ හඳමාමා වැඩසටහනට ඇය මුලින්ම ගීයක් ගායනා කලාය. සිය පියාගේ තනුවකට අනුව “චූටි දුවේ සුදු රන් කැටියා” නම් ඒ ගීය ගායනා කරන විට ඇයට අවුරුදු 6 ක් පමණ විය. එය එකල ජනප්‍රිය තැටි ලේබලයක්වූ “සරස්වතී” යටතේ තැටිගත වූ ගීත 4 කින් එකකි. දළුගම පිහිටි සරසවි ශබ්දාගාරය තුල තැටිගතවුණු එම ගී ගැන ශිරෝමාලා පැවසුවේ මෙවැන්නකි.


“දළුගම තිබූ සරසවි ශබ්දාගාරයේදී තමයි ගීත පටිගත කළේ. රෑ එළිවෙන තුරුම මට දුක් විඳගෙන ඒ ගීත ගයන්න සිදුවුණා. මට නිදිමත වෙනකොට තාත්තා මගේ ඇස් දෙකේ වතුර ගානවා. කොහොම හරි ඊට පස්සේ සංගීත සංදර්ශනවල ගීත ගයද්දී ඒ ගීත වලට හුඟක් හොඳ ප්‍රතිචාර ලැබෙන්න ගත්තම හරිම සතුටක් දැනුණා. එච්.ආර්. ජෝතිපාල, එම්.එස්. ප්‍රනාන්දු, ලතා වල්පොල වැනි ප්‍රවීණ ගායක ගායිකාවන්ගෙන් ලැබුණු අගය කිරීම සහ ආදරය ඒ දවස්වල මට විශාල ශක්තියක් වුණා.”




මේ 1960 දශකයේ අග භාගයේදී මහනුවර පැවැති සංගීත ප්‍රසංගයකට යන අතරතුරේදී ගන්නා ලද ඡායාරූපයක්. ගීත රචක චන්ද්‍රලාල් තේවහෙට්ටිගේ, ජේ. ඒ. රොම්ලස් පෙරේරා, ලක්ෂ්මන් රුද්‍රිගු, මිල්ටන් පෙරේරා ගායන ශිල්පීන් සමඟින් ළමා ගායිකා ශිරෝමාලා ප්‍රනාන්දු සහ ක්ලෝඩ් ද සොයිසා.


පියාගේ වියෝවෙන් පසු පූර්ණකාලීනව සංගීත ක්ෂේත්‍රයේ සිටීමට නොහැකි වුවත් ඉඳහිට සංගීත ප්‍රසංගවල ඇය ගීත ගායනා කළාය. 1980 මැයි 17 වැනිදා ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් ලෙසින් ඇය වෙලින්ටන් ප්‍රනාන්දු සමඟ විවාහවිය. එවිට ඇගේ වයස අවුරුදු දාසයකි. විවාහයෙන් චමිලා, චමීර, යුරංග නම් දරුවන් ලැබී ඇය මවක වූවාය. පවුලේ කටයුතු වලට වැඩි වගකීමක් දැරීමට සිදුවූ හෙයින් එයද තම සංගීත දිවිය ඉදිරියට ගෙන නොයාමට හේතුවිය. චමිලා දුවටද දැන් දියණියක් සිටින නිසා ශිරෝමාලා පුනාන්දු දැන් මිත්තණියක වී සිටී.



අසූව දශකයේ අග භාගයේදී නැවත ගීත ගායනයට එක් වෙමින් “මල් වසන්තයේ” නමින් ගීත ඇල්බමයක් ශිරෝමාලා නිකුත් කළා ය. එහි අඩංගු වූ ඇය ගායනා කළ “වාසනා සිනා” , “සුමුදු පෙති තලා” සහ “මල් වසන්තේ හිඳින්න මා ළඟින් ඔයා” වැනි ගීත එවකට ගුවන් විදුලියේ වෙළෙඳ සේවයේ නිතර ඇසුණු ගීත විය.



විදේශීය මාර්ග උපදේශකයෙකු ලෙස කටයුතු කරන සැමියා නිතර විදේශ ගත වීම නිසාත් ජපානයෙන් වාහන ගෙන්වා අලෙවි කරන සිය ව්‍යාපාරයේ කටයුතු බහුල වීම නිසාත් නැවතත් ශිරෝමාලාට ගීත ගායනයෙන් ඈත් වීමට සිදුවිය.



මේ දිනවල ඇය සිය ව්‍යාපාරයේ කටයුතුවල නියුතු වී සිටින අතර සිය මිණිබිරිය වන මෙනුලි සමඟ සුවිශේෂ කටයුත්තකට සූදානම් වෙමින් සිටී. ඒ පිළිබඳ ශිරෝමාලා පැවසුවේ මෙලෙසින් ය.



“මා ගායනා කරපු ළමා ගීත වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ළමා ගීත බව මේ රටේ හැම කාලෙකටම අයත් ගීත රසික ජනතාව පිළිගෙන තිබෙනවා. මුදල් කෑදරකමින් එම ගීත විකෘති කර විනාශ කරන පිරිසක් ඉන්නවා. මා තවම ජීවත්ව ඉන්නා බව වත් ඔවුන් හිතන්නේ නැහැ.



“මගේ මිණිබිරිය මෙනුලි මගේ ගීත හොඳින් ගායනා කරනවා. මෙනුලි ගායනා කරන මා ගැයූ ළමා ගීත සියල්ල සමඟ අලුත් ළමා ගීත කිහිපයක් ඇතුළත් ගී ඇල්බමයක් නිකුත් කිරීමට කටයුතු මේ දිනවල කරගෙන යනවා.”



“සැබැවින්ම දරුවන්ට ගායනා කිරීමට හැකි ඔවුන්ට සුදුසු ළමා ගීත පමණක් ඇතුළත් වන මෙම ගීත ඇල්බමයේ අපේ ප්‍රවීණ පද රචක කරුණාරත්න අබේසේකර ලියූ ගීත මෙන්ම සංගීතවේදී වික්ටර් දළුගම තනු නිර්මාණය කළ ගීත සමඟ රසබර ළමා ගීත රාශියක් වීම විශේෂයක් වේවි. ඒ වගේම ඉදිරියේදී මගේ පුතා යුරංග සමඟ ගයන ගීතයක මියුසික් වීඩියෝවක් නිර්මාණය කිරීමට ද බලාපොරොත්තුවෙන් ඉන්නවා.”



“පෞද්ගලික ජීවිතයේ කාර්ය බහුලකම නිසා පූර්ණ කාලීනව ගීත ගායනය නොකළාට ලැබෙන ආරාධනා අනුව සුදුසු අවස්ථා තෝරා ගෙන තවමත් මම ගීත ගායනා කරනවා. මට මේ හැකියාව පුංචි කාලයේදීම දෙවියන්ගෙන් ලැබුණු ආශිර්වාදයක්. ඉතින් ජීවත් වනතුරු ගීත ගයන්නේ නැතුව ඉන්න නම් කවදාවත් මට බැරි වේවි. ”



පවුලේ සාමාජිකයින් සමග


(2011 පෙබ. 06 දින සිළුමිණ පුවත්පතේ රසඳුන වෙබ් පිටුවට ජෝජ් රොබ්සන් ද සිල්වා ලියූ ලිපියක් ඇසුරිනි)

මේවාත් බලන්න

Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර

Alive (එලයිව්) “පණපිටින් ”/ “ජීවතුන් අතර ” 1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින ...